Friday, August 6, 2021

රිවිරැස චිත්‍ර කථාව සහ මැතිල්ඩා

 


මා කුඩා කල අපට ඉරිදා පත්තර ගෙනත් දුන්නේ මහත් ආශ්වාදයකි. ඉරිදා වෙනතුරු බලා සිටියේ මේ පුවත්පත් කියවීමට. විශේෂයෙන්ම ඒවාගේ තිබූ පිටුවක් පුරා දිවයන ග්‍රැෆික් එහෙමත් නැත්නම් චිත්‍ර කතා කියවන්නට අපි බොහෝ කැමැත්තක් දැක්වූ වෙමු. 

මේ සමහර කතා කොටස් වශයෙන් පළ වූ අතර සමහර ඒවා එදිනම අවසන් විය.

ගෙදර සාලේ බිම එලාගෙන ඒ පුවත්පත් කියවූ හැටි, තවමත් මතකයේ තිබේ.

ඒ කතා මම කියෙව්වේ වයස දහයටත් අඩු වයසක වුවද සමහර කතා, මට තාමත් මතක තිබීම පුදුම සහගතය.

එයින් එක් කතාවක වාහනයකින් පවුලක් ගමකට එයි. දෙමව්පියන් දෙදෙනෙකු සහ ජැන්ඩි පහට සැරසුණු තරුණයෙකු එයින් බැස ගෙදරකට යති. 

සාමාන්‍ය දුප්පත් ගෙදරක වයසක අම්මා කෙනෙක් සහ පුතෙකු මිදුලේ සිටිති. 

මුල් සිද්ධිය දෙස බලා සිටින අම්මා තම පුතාට ඒ පවුල පෙන්වා මෙසේ කියයි.

"අර දෙමව්පියෝ දෙන්නා ඔය ඇවිල්ලා ඉන්නේ හදාගත්ත ළමයෙකුත් එක්ක, අර තරුණයා පොඩි කාලේ හදාගන්න ගත්තේ ඔය ගෙදරින්, ඒ මිනිස්සුන්ට ඒ ළමයා දීපු මිනිහා මුලින් ආවෙ අපේ ගෙදරට, ඔයා එතකොට බොහොම පොඩියි, ඇවිල්ල මගෙන් ඇහුවා ඔයා හදාගන්න දෙන්න කැමතිද කියලා, මම බැහැයි කිව්වා, මම එහෙම කළා නම් අද අපි දෙන්න මෙතන මෙහෙම ඉන්නේ නැහැ" 


තරුණයා ටික වේලාවක් අමුත්තන් දෙස බලා සිට මෙසේ පිළිතුරක් දුන්නේය

"අපරාදේ අම්මට ඒ දවස් වල මම එහෙම ඉල්ලනකොට දෙන්නයි තිබුනේ" 

😣


මම පොඩි කාලේ ඒ කතාව කියවද්දිත් අම්මා ඒ කතාව තරුණයාට ඒ වෙලාවේ කීම හොඳ නැති බව සිතුනි, දැනුත් සිතේ. නමුත් අම්මලා බොහෝ සංවේදී කණ්ඩායමකි, දරිද්‍රතාවෙන් පෙළුණත් තම දරුවන්ට එක සේ ආදරේ කරති. වැඩියෙන් ආදරේ කරන්නේ දුප්පත් දරුවන්ටය.


මට මේ කතාව බොහෝ කාලයකට පසු මතක් උනේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගය සඳහා පෙනී සිටි, මැතිල්ඩා පිළිබඳ කතාව ඇසීමෙනි. ඇයත් එලෙස මහනුවර ඉපිද කුඩා කලම, හදා ගැනීමට දුන් බිලිඳියක බව කියනු ලැබේ. ඇය දැන් ලෝකයේ ඉතාමත් ධනවත්, සුළු පිරිසක් පමණක් කරන අශ්වයන් සම්බන්ධ ක්‍රීඩාවක ඔලිම්පික් යාමට තරම් තත්වයක සිටි.


ඇයට ඔලිම්පික් යාමට ඉඩ ඇහිරීමට තැත් කළ නොයෙකුත් සංවිධාන වලට විරුද්ධව බොහෝ අධික මුදලක් වියදම් කර ඇය නඩු මගට පවා බැස ඇත. 


මෙම සිද්ධිය දකින අප බොහෝ දෙනෙකුටත් අප කුඩා කාලයේ මෙලෙස හදාගන්නට දුන්නා නම් අගනේ යැයි සිතුණොත්, එහි වැරැද්දක් තිබිය හැකිද?මා කුඩා කල අපට ඉරිදා පත්තර ගෙනත් දුන්නේ මහත් ආශ්වාදයකි. ඉරිදා වෙනතුරු බලා සිටියේ මේ පුවත්පත් කියවීමට. විශේෂයෙන්ම ඒවාගේ තිබූ පිටුවක් පුරා දිවයන ග්‍රැෆික් එහෙමත් නැත්නම් චිත්‍ර කතා කියවන්නට අපි බොහෝ කැමැත්තක් දැක්වූ වෙමු. 

මේ සමහර කතා කොටස් වශයෙන් පළ වූ අතර සමහර ඒවා එදිනම අවසන් විය.

ගෙදර සාලේ බිම එලාගෙන ඒ පුවත්පත් කියවූ හැටි, තවමත් මතකයේ තිබේ.

ඒ කතා මම කියෙව්වේ වයස දහයටත් අඩු වයසක වුවද සමහර කතා, මට තාමත් මතක තිබීම පුදුම සහගතය.

එයින් එක් කතාවක වාහනයකින් පවුලක් ගමකට එයි. දෙමව්පියන් දෙදෙනෙකු සහ ජැන්ඩි පහට සැරසුණු තරුණයෙකු එයින් බැස ගෙදරකට යති. 

සාමාන්‍ය දුප්පත් ගෙදරක වයසක අම්මා කෙනෙක් සහ පුතෙකු මිදුලේ සිටිති. 

මුල් සිද්ධිය දෙස බලා සිටින අම්මා තම පුතාට ඒ පවුල පෙන්වා මෙසේ කියයි.

"අර දෙමව්පියෝ දෙන්නා ඔය ඇවිල්ලා ඉන්නේ හදාගත්ත ළමයෙකුත් එක්ක, අර තරුණයා පොඩි කාලේ හදාගන්න ගත්තේ ඔය ගෙදරින්, ඒ මිනිස්සුන්ට ඒ ළමයා දීපු මිනිහා මුලින් ආවෙ අපේ ගෙදරට, ඔයා එතකොට බොහොම පොඩියි, ඇවිල්ල මගෙන් ඇහුවා ඔයා හදාගන්න දෙන්න කැමතිද කියලා, මම බැහැයි කිව්වා, මම එහෙම කළා නම් අද අපි දෙන්න මෙතන මෙහෙම ඉන්නේ නැහැ" 


තරුණයා ටික වේලාවක් අමුත්තන් දෙස බලා සිට මෙසේ පිළිතුරක් දුන්නේය

"අපරාදේ අම්මට ඒ දවස් වල මම එහෙම ඉල්ලනකොට දෙන්නයි තිබුනේ" 

😣


මම පොඩි කාලේ ඒ කතාව කියවද්දිත් අම්මා ඒ කතාව තරුණයාට ඒ වෙලාවේ කීම හොඳ නැති බව සිතුනි, දැනුත් සිතේ. නමුත් අම්මලා බොහෝ සංවේදී කණ්ඩායමකි, දරිද්‍රතාවෙන් පෙළුණත් තම දරුවන්ට එක සේ ආදරේ කරති. වැඩියෙන් ආදරේ කරන්නේ දුප්පත් දරුවන්ටය.


මට මේ කතාව බොහෝ කාලයකට පසු මතක් උනේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගය සඳහා පෙනී සිටි, මැතිල්ඩා පිළිබඳ කතාව ඇසීමෙනි. ඇයත් එලෙස මහනුවර ඉපිද කුඩා කලම, හදා ගැනීමට දුන් බිලිඳියක බව කියනු ලැබේ. ඇය දැන් ලෝකයේ ඉතාමත් ධනවත්, සුළු පිරිසක් පමණක් කරන අශ්වයන් සම්බන්ධ ක්‍රීඩාවක ඔලිම්පික් යාමට තරම් තත්වයක සිටි.


ඇයට ඔලිම්පික් යාමට ඉඩ ඇහිරීමට තැත් කළ නොයෙකුත් සංවිධාන වලට විරුද්ධව බොහෝ අධික මුදලක් වියදම් කර ඇය නඩු මගට පවා බැස ඇත. 


මෙම සිද්ධිය දකින අප බොහෝ දෙනෙකුටත් අප කුඩා කාලයේ මෙලෙස හදාගන්නට දුන්නා නම් අගනේ යැයි සිතුණොත්, එහි වැරැද්දක් තිබිය හැකිද? 

1 comment:

  1. සදහන් කර තිබෙන කතාව මා ද කියවා තිබෙනවා මට මතක විදිහට එය ඉන්දියානු කෙටි කතාවක පරිවර්තනයක්.

    මීට අවුරුදු කිහිපයකට ඉහත මගේ මිතුරෙකු ලියූ සිනමා තිර රචනයක කතාව පිළිබඳ සාකච්ඡාවක දී මට ඔය කතාව සිහිපත්වී ඔහුට කියා දුන්නා.

    -රසික සූරියආරච්චි

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...