රාජ්‍ය සේවා වැටුප් සමීකරණය
සමීකරණයක් යනු සත්‍යය සම්බන්ධතාවයක් සංකේත මගින් පෙන්වා දීමයි. සමීකරණයක් මගින් පෙන්වා දෙන තුරු එම සම්බන්ධතාවය ගැන හැඟීමක් කෙනෙකුට තිබිය හැකි නමුත් එය විවෘතව පෙන්වා දීමට අපහසු වෙයි. එසේම හරියටම කොපමණ ප්‍රමාණයකින් එම සම්බන්ධය තිබෙනවාදැයි ෙනෙකුට විශේෂයෙන් අධ්‍යයනයක් නොකර දැනගන්නටත් යම් සම්බන්ධයක සමීකරණයක් තිබෙන්නේ නම් පුළුවන් වෙයි.
ඒ වාගේම යම් සම්බන්ධතාවයක් පිළිබඳව සමීකරණයක් තිබේනම් එම සම්බන්ධතාවය පිළිබඳව කෙනෙකුට අපව රවට්ටන්නට පුළුවන්කමක් නැත. මක්නිසාද අපට සමීකරණය වෙත ගොස් ඒ සමීකරණය සංකේතවලට නියමිත අගයන් යොදා සම්බන්ධතාවය හා පවතින අගයන් සත්‍ය දැයි අපට සොයාගැනීමට පුළුවන් නිසාය.
රජයේ වැටුප් පිළිබඳව බොහෝ ගැටළු සහගත තැන් දැන් ඇතිවී තිබේ. හෙදියන්ගේ වැටුප් වැඩි කරන විට ෛද්‍යවරු විරුද්ධ වන බවක් පෙනේ. එලෙසම රජයේ බොහෝ ආයතන සහ දෙපාර්තමේන්තුවල සේවය කරන්නන් ගේ වැටුප් කොහෙන් හෝ වෙනස් වූ විට වෙනස් නොවුනු පිරිස් මේ පිළිබඳව කලබලයට පත්වන බව පෙනේ.
සමහරවිට එකම සුදුසුකම්වලින් රැකියා වලට එකතු වන පිරිස් තමන් හා සමාන සුදුසුකම් ඇති ව තවත් ආයතනයක වෙනත් රැකියාවකට බැඳුණු කෙනෙකුට වැඩිපුර වැටුපක් ලැබීම පිළිබඳව අසතුටට පත් වෙයි. තමන් වැඩ කරන පැය ගණන වැඩි වූ විට ඊට වඩා අඩුවෙන් පැය ගණනක් වැඩ කරන සමාන සුදුසුකම් වලින් රැකියාවට බැඳුණු පිරිස් තමා හා සමාන වැටුපක් ගත්තොතින් සමහරුන් අසතුටට පත් වෙති. මෙලෙස නොයෙකුත් හේතූන් නිසා තමන්ට ලැබෙන වැටුප පිළිබඳව අසතුටට පත් වන රජයේ සේවකයන් බොහෝ අංශවල සිටිති. ඔවුහු සමහරවිට තමන්ටත් එලෙස වැඩි වැටුපක් හිමි විය යුතු යැයි සිතා අරගල කරති.
රජයටත් මේ පිළිබඳව හරි තීරණයකට එන්නට අපහසු බව පෙනේ. එසේ අපහසු වන්නේ වැටුප් වැඩි කිරීමක් සිදු කළ විට, තවත් ආයතනයක තවත් ස්ථානයක එසේ නැත්නම් එම ආයතනයේ කොහේ හෝ තැනක කෙනෙකුට ඒ පිළිබඳව අසතුටක් ඇති වීමට බොහෝ ඉඩකඩ තිබෙන නිසාය.
මට පෙනෙන විදියට නම් මේ පිළිබඳව ක්‍රියාත්මක කළ හැකි හොඳම රජයේ රැකියාවන් වල වැටුප් තීරණය කිරීම සඳහා සමීකරණයක් නිර්මාණය කිරීමයි.
මේ සමීකරණයේ කුමන සංඝටක තිබිය යුතුද?
පළමුවන්න සංඝටකය බවට මට සිතෙන්නේ කුමන සුදුසුකම් සහිතව රැකියාවට බැඳුණේ ද යන බවයි, Q
දෙවන සංඝටකය විය යුත්තේ රැකියාවේ සතියකට එසේත් නැත්නම් දවසකට පැය කීයක් ඔහු හෝ ඇය සිටිය යුතුද යන්නයි, H
තුන්වැන්න, රැකියාවේ ඔහුගේ සේවා කාලය විය යුතුය Y
හතරවැන්න මා හිතන විදිහට විය යුත්තේ රැකියාවට විශේෂිත වූ අවදානමයි R
රැකියාව අතරතුර ලබාගන්නා පුහුණු සහ වෙනත් සුදුසුකම් පස්වන සංඝටක විය යුතුය. E
රාත්‍රී සේවාවන් කරන්නට සිදුවීම හයවන සංඝටකය විය යුතුය, N
විශේෂ දීමනාවක් නොලබා යම් අමතර රාජකාරි කරන්නට සිදුවීමද සංඝටකයක් විය යුතුය, A
x=2 y+3Z+A
දැන් අපි මෙවැනි සමීකරණයක් දෙස බලමු. මෙහි x යන අගය වැඩිවන්නට y z හෝ A වැඩි විය යුතුය. මෙහි x හි අගය වැඩිවීමට වැඩියෙන්ම බලපෑ හැකි වැඩිවීම z වෙයි. Z එකකින් වැඩි වුවහොත් X තුනකින් පමණ වැඩි වෙයි.
එහෙත් A සමග X ඒ තරම් වේගයෙන් වැඩි නොවේ. එහි අගය එකකින් වැඩි වන විට x හි අගය ද වැඩි වන්නේ එකකින් පමණි. ඒ කියන්නේ A හට සමීකරණයේ x වැඩිකරන්නට බලපාන්නට හැකි වන්නේය තරමක් අඩුවෙන් බව ය.
දැන් අපි මේ ගුණාංගයද මතක තබාගෙන රාජ්‍ය වැටුප් පලයන් සඳහා සමීකරණයක් නිර්මාණය කළ යුතුය.
එය මූලික වශයෙන් පහත සඳහන් ආකාර වෙයි.
Salary = Q+H+Y+R+E+N+A
මෙම සාධක කුමන ලෙසට අගය කළ යුතු දැයි තීරණය කරන්නට දැන් වේලාව පැමිණ තිබේ. උදාහරණයකට බැඳීමේදී සුදුසුකම් ඉතාමත් ඉහළ වටිනාකමක් ගත යුතු නම් එය 3Q වැනි වටිනාකමකින් සමීකරණයට ඇතුළුවන්නට පුළුවන. ඒ ආකාරයෙන්ම සමහර සාධක සඳහා ලොකු වටිනාකමක් නොතිබෙන්නට පුළුවන. උදාහරණයක් වශයෙන් රාත්‍රියේ වැඩ කරන්නට සිදු වීම සඳහා එතරම් වටිනාකමක් දෙන්නට අවශ්‍ය නැත්නම් එය N/3 වැනි අගයකින් සමීකරණයට පැමිණිය හැක්කේ ය. මෙලෙස සංඝටක සියල්ල කුමන ආකාරයෙන් වැටුපට බලපෑමක් ඇති කළ යුත්තේ දැයි සොයා බලා සියල්ලන්ගේම අනුදැනුම ඇතිව මෙම සමීකරණය සම්පූර්ණ කර ගන්නට පුළුවන.
ඉන්පසු ඕනෑම කෙනෙකුට තමන් රැකියාවක් තෝරා ගනිද්දී තමන් කුමන ආකාරයේ රැකියාවක් තෝරාගත යුත්තේ දැයි යන්න මෙම සමීකරණය දෙස බලා තීරණය කරන්නට පුළුවන. ඉන්පසු තමන් වැඩි කලක් සේවය කරන බව හෝ රාත්‍රියට වැඩ කරන බව හෝ තමන් ගෞරවයක් තිබෙන රාජකාරියක් කරන බව හෝ කියමින් කාටවත් අරගල කරන්නට හෝ පැමිණිලි කරන්නට පුළුවන්කමක් නැත.
දැන් අපි මේ සංකේතයන්ට ගැලපෙන වටිනාකම් ආදේශ කළ යුතුය.
හොඳ ප්‍රවේශයක් සර්.. Q වෙනුවෙන් සම්මත වැටුප් ශ්‍රේණි Q1. Q2, Q3 වගේ (NVQ වලට සමාන්තරව හෝ එවැනි ක්‍රමයකට) හදන්න පුළුවන්.. මගේ මතය අනුව Y,E හා R වෙනුවෙන් වැඩි වැඩිවීමක් විය යුතුයි. H වෙනුවෙන් මූලික පැය ගණනක් නිර්ණය කිරීමෙන් පසු අතිකාල දිය හැකිය.
ReplyDelete