Sunday, August 29, 2021

covid පිළිබඳ වැදගත් තොරතුරු

 


එක්සත් ජනපදයේ, CDC centre for disease control and prevention නමැති ආයතනය විසින් ්‍රසිද්ධ කරන ලද පරීක්ෂණ කිහිපයක ප්‍රතිඵල දැක ඒවා අපගේ මිතුරන්ටත් දැනගැනීමට සැලැස්වීම සුදුසු බව මට හැඟුනි. ඒ නිසාම එම රීක්ෂණයන්හි ප්‍රථිඵල පරිවර්තනය කර පහතින් ලියා තබන්නෙමි.


මෙයින් පළමු වැන්න සහ  තුන්වැන්න මට යම් පුද්ගලිකව දැනෙන දෙයක් බැවින් මෙම ලියවිල්ල පරිවර්තනය කිරීමට මට සිතුනු තවත් හේතුවක් වූ බව ද කියනු කැමැත්තෙමි.


බාබර් සැලූන් එකක බාබර් සහ ගනුදෙනුකරුවා අතර ඔවුන්ගේ සේවය සලසන අවස්ථාවේ covid වැනි රෝගයක් බෝවීමට ඉතාමත් පහසු තැනක් බව නොකිවමනාය. covid පැමිණි මුල් කාලයේ සිටම මම මගේ නිවසේදීම කොන්ඩය සම්පූර්ණයෙන්ම බූ ගා දැමීමට තීරණය කරන ලද්දේ ද මේ නිසාය.


මේ සිද්ධියේදී බාබර් වරුන් දෙදෙනෙකු, ඔවුනට තරමක්  රෝග ලක්ෂණ තිබියදී දින අටක් තුළ එකසිය තිස් නම දෙනෙකුට සේවා සපයා ඇත. එක් ගනුදෙනුකරුවකු ට ගත කර ඇති කාලය විනාඩි 15 කි. මේ 139 දෙනාගෙන් පරීක්ෂණයට භාජනය කරගැනීමට හැකිවූ හැට හත් දෙනෙකුට රෝගය බෝ වී නොමැති බව සොයා ගැනුනු අතර, මේ සැලුන් එකේදී එම නගරයේ නීතිරීති වලට අනුව සියලුම දෙනා සෑම වේලාවකම මුහුණු ආවරණ පැළඳ සිට ඇත.


බීජිං නගරයේ covid ආසාධිතයන් සිටි පවුල් 124ක,  ආසාදිතයින් දිගටම මුහුණු ආවරණ පාවිච්චි කළ නිසා පවුලේ අනෙක් අයට රෝගය පැතිරීම සියයට හැත්තෑ නමයකින් අඩුවී ඇති බව තවත් විශ්ලේෂණයකින් පෙන්වා දී ඇත.

එක්සත් ජනපදයේ යුධ නෞකාවක් වන තියඩෝර් රූස්වෙල්ට් නෞකාව, තුළ සිදුවූ කොවිඩ් ආසාදනය පැතිරීම පිළිබඳ සිද්ධිය මුහුණු ආවරණ වල ආරක්ෂාව පිළිබඳ තවත් හොඳ විශ්ලේෂණයක් අපට දෙයි.. යුද නෞකාවක වායුසමනය කරන ලද කුඩා කාමර සහ ජීවත්වන අවකාශයන් ඇති ස්ථානයක වුවද, මුහුණු ආවරණ පැළඳි නිසා රෝගය පැතිරීම සඳහා ඇති අවදානම 70% කින් අඩු වී ඇති බව පසුව කරන ලද විශ්ලේෂණ වලින් පෙනීගොස් ඇත.


එසේම චීනයේ සිට කැනඩාව බලා පැමිණි මගී ගුවන් යානයක කැනඩාවට පැමිණි පසු එක් මගියෙකු covid ආසාදිතයකු බව සොයාගෙන ඇත. එම ගුවන් යානයේ සිටි අනෙක් මගීන් දවස් දාහතරක් පරීක්ෂාවට භාජනය කරන ලද අතර ඔවුන් කිසිවෙකුටත් කොවිඩ්  අසාධනය වී නැත. වායුසමනය කරන ලද එතරම් කුඩා අවකාශයකත් , එලෙස රෝගය පැතිරී නොමැති වීම පුදුම සහගතය. එහෙත් ඔහුගේ මුළු ගමනම ආසාදිතයා මුහුණු වැස්මක් පැළඳ සිට ඇත. 


මේ සෑම උදාහරණයකින්ම අපට පෙනෙන්නේ, මුහුණු ආවරණ හරියට පාවිච්චි කිරීමෙන් පමණක්ම මෙම රෝගය පැතිරීම බොහෝ දුරට අඩු කර ගත හැකි බව ය. එසේම මේ රෝගය මිනිස් සංහතියට බරපතළ ලෙස ්‍රශ්න ඇති කරන්නත් නිසා, අප මෙම රෝගය පිළිබඳව නිරීක්ෂණය කරන; විශේෂයෙන්ම එහි පැතිරීම පිළිබඳව, විශ්ලේෂණයන් සිදු කර  ප්‍රසිද්ධ කිරීම, ඉතාමත් වැදගත් එසේම අත්‍යවශ්‍ය කාරණයක් බව පෙනෙයි. 

නමුත් අපේ රටේ එවැනි විශ්ලේෂණයන් සිදුකර ඒවා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමක් දක්නට ලැබෙන්නේ ම නැති තරම් ය.


මෙය අපේ ඇති ලොකු අඩුපාඩුවකි. ඒ අතරම මෙම ආයතනය විසින් මෙම ප්‍රසිද්ධ කිරීම්වලට සුව පැමිණ ඇති එක් නිගමනයක් පහත පරිදිය.


මෙවැනි දත්ත සඳහා පවත්වන ලද ආර්ථික විශ්ලේෂණය කිනුත් පසුව නිරීක්ෂණය වී ඇත්තේ, නියමිත ආකාරයට මුහුණු ආවරණ පැළඳීම 15% කින් වැඩි කරන්නේ නම්, lockdown කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවයි. 


අප මේ පිළිබඳව ද යම් අවධානයක් යෙදවීම කාලෝචිත බව හැඟේ.


Tuesday, August 24, 2021

අපූරු මිත්‍රයෙක් ගැන කතා

 

අපත් සමග නාවික හමුදාවේ සේවය කළ තරුණ නාවික නිලධාරියකු වසර දහයක පමණ සේවයකින් පසු ව නාවික හමුදාවෙන් ඉවත් විය. මෙම නිලධාරියා පසුව වෙළඳ නෞකා වල සේවය කර, විශාල මුදලක් රටට ඩොලර්වලින් උපයා දුන්නේය. ඔහු අවුරුදු කිහිපයක් එසේ සේවය කරන ආපසු ලංකාවට පැමිණ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුඛෝපභෝගී නිවාස කොළඹ ගොඩනංවන්නට පටන් ගත්තේය. 


මෙලෙස ඔහු විසින්ම සියලු සැලසුම් කර ඔහුගේම පුද්ගලික සුපරීක්ෂාව යටතේ ගොඩනැංවෙන නිවාස ව්‍යාපාරයක් ලෙස කරන්නට ඔහු පටන් ගත්තේය. 

වරකට ඔහු ගොඩ නංවන්නේ එක් නිවාසයක් පමණි, එම නිවාස තරමක ලාභයක් තබාගෙන , විකුණන ඔහු ටික කලක් නිදහසේ සිට ඉඩමක් සොයා මිලදීගෙන තවත් නිවාසයක් ගොඩ නංවයි.  මේ නිවාස කොතරම් සුඛෝපභෝගී ද යත්, ඔහු විසින් තනන ලද නිවාස කිහිපයකම, රූපවාහිනී වෙළෙඳ දැන්වීම් සඳහා පසුබිම ලෙස යොදාගෙන ඇත. උපේක්ෂා ස්වර්ණමාලි මන්ත්‍රී තුමියගේ පළමුවන ෙළඳ ප්‍රචාරක දැන්වීම ෂූට් කර ඇත්තේද ඔහුගේ නිවසකය. මෙවැනි වෙළඳ දැන්වීම් සඳහා නිවස යොදා ගැනීමට ලක්ෂ දෙකක පමණ මුදලක් ලැබුණ බවද ඔහු මට කීවේය. එලෙස වෙළඳ දැන්වීම් සඳහා පැමිණි නළු නිළියන්ගෙන්, පූජා උමාශංකර් මහත්මිය ඔහු දුටුඉතාමත් නිහතමානි සහ පොළොවේ පය ගසා ජීවත්වන, පුද්ගලයා බවත් ඔහු සිතයි.


ඒ කාලේ සිටම තිබුණු අපේ මිතුරුකම අපි වරින් වර දුරකථනයෙන් පවත්වාගෙන ගියෙමු. ඒ සංවාදවලින් 90% ක් පමණ ඔහුගේ කතාව වන අතර මමත් අමාරුවෙන් සියයට දහයක් පමණ ඇතුල් කර ගන්නෙමි. ඇත්තෙන්ම එසේ අනුපාතයකට කතා කිරීම සාධාරණය. ඒ ඔහුගේ අත්දැකීම් සහ එම අත්දැකීම් වල අමුතු භාවය මගේ අත්දැකීම් වල නොමැති නිසාය.

උදාහරණයකට වශයෙන් ඔහුගේ විනෝදාංශ අපට ගන්නට පුළුවන. ඔහුගේ එක් විනෝදාංශයක් වන්නේ බල්ලන් ඇති කිරීම ය. ගෙදර නොයෙකුත් වර්ගයේ බල්ලන් හදාගෙන ඇති අතර, ඒ බල්ලන්ට ඔවුහු නිවසේ කෑම පිළියෙළ කරද්දී ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා දෙගුණයක් පමණ පිළියෙල කරති. එසේ පිලියෙල කරන ලද ආහාර වලින් තමන්ගේ බල්ලන්ට කෑම ලබාදී ඉතිරි කෑම වාහනයේ දාගෙන ජුබිලි කණුව පැත්තේ පාරේ සිටින හරියට නිවාසයක් නොමැති බල්ලන් වෙත ගෙන ගොස් ඔවුනට ලබා දීම ඔහු සහ ඔහුගේ බිරිඳ පුරුද්දක් වශයෙන් කරගෙන යති. 

මෙයට සමාන මගේ අත්දැකීම එයට වඩා බොහෝ සරල වෙයි. අපේ ගෙදර සිටින්නේ rovar නැමැති එක බල්ලෙක් පමණි. ඌ දවස පුරාම මගේ පිටිපස්සේ වැටී සිටින අතර, අපි ඌට ආහාර ලෙස හදන්නේ එක බල්ලෙකුට ප්‍රමාණවත් තරම් පමණි. ගෙදර සිටින ජිමි නැමැති පූසාට මාළුවෙක් බැද බත් ටිකක් අනා දුන් විට ප්‍රමාණවත් වෙයි. මෙලෙස අප දෙදෙනා අතර බොහෝ අත්දැකීම් සංසන්දනය කර බලන විට, ඔහුගේ අත්දැකීම් රසයෙන් සහ ගුණයෙන් මගේ සරල අද්දැකීම් වලට වඩා පොහොසත් ය, වර්ණවත්ය ිචිත්‍රවත්ය.

ඔහු කුඩා කාලයේ ඔහුගේ නෑදෑයෙකු විසින් වෙඩි තබන ලද කොටියෙකුගේ stuff කරන ලද සිරුරක් තිබී ඇත. යම්කිසි, සමහරවිට සුරංගනා කතාවක් වෙන්නට පුළුවන, කතාවක් පොඩි කාලයේ කියවූ අපේ වීරයා, මේ කොටියා තමන් තනියම කැලේ සංචාරය කරද්දී තමා විසින් වලිගයෙන් අල්ලා කරකවා ගසක ගසා, මරා දැමූ කොටියෙකු බව කියන්නට පටන් ගෙන ඇත. ටික කාලයක් යන විට ඔහුම මෙය සත්‍ය සිද්ධියක් යැයි සම්පූර්ණ හදවතින්ම පිළිගෙන, යම් කෙනෙක් එය එසේ නොවුණු බව කියන්නට උත්සාහ කළොත්, හඬා වැලපී මහත් කලබලයක් කළ බව ඔහුම මට කියා ඇත. 

තව කතා පසුවට


Monday, August 23, 2021

දුඹුරු බත් සහ කුරුඳු කෑම අගුණද


 


අපට බොහෝ කාලයක පටන් සුදු බත් වෙනුවට දුඹුරු බත් කන්නැ යි කියා ඇත. දුඹුරු බත්වල සුදු බත් වලට වඩා විටමින් ෆයිබර් ඛනිජ ලවණ තිබෙන බවත් ීරයට ඒවා අත්‍යවශ්‍ය නිසා දුඹුරු බත් කෑමෙන් අපට මහත් ප්‍රයෝජන ලැබෙන බව අප සිතා සිටියෙමු. නමුත් ඒ අතර එහි අපට ඉතාමත් අ ගුණදායක ආසනික් ද තිබෙන බව දැන් විද්‍යාත්මකව සොයාගෙන තිබේ.

ඉඳහිට වේලක් කන විට මෙවැනි ගුණදායක දේවල් ශරීරයට ලැබෙන නමුත් බත් නිතරම කන කෙනෙකුට ශරීරයට ලැබෙන ආසනික් ප්‍රමාණය ද වැඩි වෙන්නට පටන් ගනී. වැඩිපුර ආසනික් ආහාරයට ගැනීම හෘදයාබාධ වලට සහ පිළිකාවලට මුල් විය හැකි බවට කරුණු සොයාගෙන තිබේ.


අනෙක් බොහෝ ධාන්‍ය වලට වඩා වී ගස පොළොවෙන් ආසනික් උරාගනී. මෙලෙස උරාගන්නා ආසනික් දුඹුරු හාල්වල, සුදු හාල් වලට වඩා සියයට අසූවකින් වැඩි බව සොයාගෙන තිබේ. 


එලෙස වැඩිපුර ආසනික් තිබෙන්නේ සහල් ඇටයේ පිටත ස්ථරයේ වැඩිපුර ආසනික් තැන්පත් වන නිසාය. සුදු හාල් සෑදීමට, නම් දුඹුරු හාල් පිරිසිදු කරන විට එම ආසනික් අධික තට්ටුව ස්ථරය ඉවත් වෙයි.  කාබනික හා අකාබනික පොහොර යොදා ගොවිතැන් කළ ද මෙලෙස සහල්වල ආසනික් එකතුවීම වෙනස් වන්නේ නැත.


මේ නිසා දුඹුරු සහල් සතියකට වරක් දෙකක් කෑවට ්‍රශ්නයක් නැති වුව ද නිතරම ආහාරයට ගතහොත් එය සෞඛ්‍යයට අහිතකර වන්නට පුළුවන. මේ නිසා සහල් වෙනුවට සමහර ආහාර වේලවල් වලට යනයිඩ් අඩු වෙනත් ධාන්‍ය වර්ග ගැනීම අපේ සෞඛ්‍යයට බොහෝ හිතකර වෙයි.


කුරුඳු


අපි කෑම ගන්නා විට කුඩා කුරුඳු කැබැල්ලක් ආහාරයට දැමීමෙන් කිසි පාඩුවක් වෙන්නේ නැත, ඇත්තෙන්ම එයින් අපේ ආහාරයේ රසයට පොඩි කික් එකක් දෙයි. ඇත්තෙන්ම කුරුඳු කුඩු කුඩා හැන්දක් දෙකක්, දිනපතා ආහාර සමග ගැනීමෙන්, ශරීරයේ සීනි ප්‍රමාණය පාලනය කර ගැනීමට උදව් වනු ඇත. නමුත් සමහර ලාභ කුරුඳු වර්ග විශේෂයෙන්ම කැසියා නැමැති කුරුඳු වර්ගය මේස හැන්දකට වඩා දිනකට ආහාරයට ගතහොත්, එය වකුගඩු රෝග වලට මුල් විය හැකි බවට සොයාගෙන තිබේ. මේ එම කුරුඳු වර්ගයේ, තිබෙන coumarin නැවත  රසායනික ද්‍රව්‍ය නිසාය


නමුත් Ceylon cinnamon නමින් හැඳින්වෙන ලංකාවේ නිෂ්පාදනය කරන කුරුඳු ශරීරයේ සීනි පාලනය සඳහා පාවිච්චි කිරීමේ වරදක් නැති බව පරීක්ෂණ වලින් සොයාගෙන ඇත. ඒ අපේ කුරුඳු වර්ගයෙහි coumarin රසායනික ද්‍රව්‍ය කැසියා කුරුඳු වර්ගයේ තිබෙනවාට වඩා 60 ගුණයකින් අඩු නිසාය.


ඇත්තෙන්ම ලංකාවේ බොහෝ ගෙවතු වල කුරුඳු ගස් අපිට දකින්නට පුළුවන. අපේ ගෙදර වත්තේ ගස් දෙකක් තිබේ. එහෙත් බොහෝවිට ලංකාවේ මිනිසුන් තමන්ගේ ගෙවත්තේ තිබෙන පුරුදු ගසෙන් කුරුඳු පොත්තක් ගෙන ව්‍යංජනවලට දානවට වඩා කඩෙන් කුරුඳු ටිකක් මිලදීගෙන ුස්සියේ පාවිච්චි කිරීම ප්‍රිය කරති. අපි ද මෙලෙස වත්තේ තිබෙන කුරුඳු ගසෙන් ආහාරයට කුරුඳු ටිකක් පාවිච්චි කිරීම පටන් ගත්තේ මෙයට අවුරුදු පහකට පමණ පෙර ය.


මේ නිසා ආහාර රසවත් කිරීමට හෝ ඇඟේ සීනි පාලනය කිරීමට කුරුඳු යොදා ගන්නවා නම් අප යොදා ගත යුත්තේ ceylon cinaman වර්ගයේ කුරුඳු බව මතක තබාගත යුතුය. 



Saturday, August 14, 2021

බිල් ගේට් අධ්‍යාපනයට උදව්කිරිම

 

බිල් සහ ඔහුගේ බිරිඳ වන මිලින්ඩා ගේට් 1994 සිට මේ දක්වා බිලියන 50 ක් නොයෙකුත් ප්‍රජා සේවාවන් සඳහා ලොව පුරා ලබා දී ඇත. එහෙත් ඔවුන් එම මුදල් ආවට ගියාට ලබාදෙන්නේ නැත. සතයට ගණන් බලති. ඒවායෙන් ලැබෙන ප්‍රයෝජනද ගණනින් වටිනාකමක් තිබිය යුතුය. 

අපේ ගුරුවරු සහ සමස්ත අධ්‍යාපන ක්‍රමවේදයම බොහෝ පරික්ෂාවකට ලක්ව ඇති අවධියකදී, වෙනත් රටවල අධ්‍යාපනය ගැන මෙවැනි කෙටි සටහනකින් වුවද බොහෝ දෑ උගත හැකිය.

අද, ඔබට ගුරුවරයෙකුට උදව් කළ හැක.

මෙම කාලය අධ්‍යාපනඥයකු වීමට පහසු කාලයක් නොවේ. හොඳම තත්වයන් යටතේ වුවද ගුරුවරයෙක් වීම අභියෝගාත්මක රැකියාවකි. එමෙන්ම වසංගතය විසින් පංති කාමරයක් තුල වැඩ කිරීම, අන් කවර දාටත් වඩා අපහසු කරන්නා වූ නව අභියෝග නිර්මාණය කර ඇත.

මම මෑතකදී බෘක් බ්‍රව්න්  මුණ ගැසුනෙමි. ඇය වොෂින්ටන් ප්‍රාන්තයේ  ‘ වසරේ ගුරුවරයා’ ය. මම ඇයව මුණ ගැසුනේ , පසුගිය වසර එක හමාර තුල ඇයගේ පන්ති කාමරයේ සිසුන් මෙම තත්වයට අනුගත වූයේ කෙසේ දැයි දැන ගැනීමටයි. ඇය උසස් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨයන් හට ජනවාර්ගික අධ්‍යාපනය හා ඉංග්‍රීසි භාෂාව උගන්වයි. ඇයගේ සිසුන්ගෙන් කොටසක්, පාසල් වැඩ කරන අතරතුර තම පවුල් වලට ආදායමක් උපයා දෙන ශ්‍රමිකයන්   විය. තමන්, ඔවුන් හට මෙම අපහසු අවස්ථාවට මුහුණ දීමට උදව් කිරීම සඳහා  පාසල් වැඩ කරගෙන යාමට අවශ්‍ය නම්‍යශීලී බව ලබා දීමට අවධානය යොමු කළ බව බ්රූක් පැවසුවාය. මගේ බ්ලොග් එකෙන් ඔබට බ්රූක් පිළිබඳව වැඩිදුරටත් කියවා ගත හැක.

වසංගතයේ සැබෑ තත්වයන්ට අනුගත වීමට බ්රූක් ගේ ඇති හැකියාව පිළිබඳව මම ඉතා පුදුමයට පත් වීමි. අපගේ වෙනස් වන යතාර්තයේ පන්තිකාමරයේ වැඩ සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම සඳහා වැඩිපුර උත්සහයක් දැරීමට සිදු වූ එකම ගුරුවරයා ඇය නොවුනත් ඇයට ලැබුන පිළිගැනීමට ඇය  සුදුසු වේ.

හුඟක් ගුරුවරුන්ට දැනටමත් ලැබී ඇති  ප්‍රමාණයට වඩා උදව්වක්  ලැබිය යුතුයි. පසුගිය අවුරුදු එක හමාරේ  එය තවත් තහවුරු වී ඇත. නව පාසල් වාරය සඳහා සූදානම් වීම සඳහා අවශ්‍ය පන්ති කාමර උපකරණ  වැඩි ගුරුවරු පිරිසක් හට ලබා ගැනීමට හැකි වන බව තහවුරු කිරීමට මම Donors choose හා සමඟ හවුල් කරුවකු ලෙස එක් වුනෙමි.

මේ දැන් සිට අද රෑ මධ්‍යම රාත්‍රී දක්වා  පන්තිකාමර ව්‍යාපෘතිය සඳහා/ ඔබ කැමති උපකරණ ඉල්ලීමක්  සඳහා ඔබ කරනා පරිත්‍යාග සඳහා මම 50% ක තල්ලුවක් ලබා දෙන්නෙමි. එහි තේරුම වන්නේ ඔබ $10 ක් පරිත්‍යාග කළහොත් මම අමතර $5 ක් එකෙතු කිරීමයි.

Donors choose හරහා ගුරුවරයෙකුට උදව් කිරීමට මා හා එක් වන්න. සෑම සතයක්ම සහය වේ.

 

Bill Gates     

Wednesday, August 11, 2021

ගුරු වැටුප් ගැන මගේ අදහස

 ගුරු වැටුප් ගැන මගේ අදහස


මගේ අම්මා ගුරුවරියක වූවාය. ඒ කාලයේ සාමාන්‍යයෙන් ගුරුවරියන් ගමකට සිටියේ එක්කෙනෙක් නැත්නම් දෙන්නෙකි. අහල ගං හත අටක ගම්වැසියන් එම ගුරුවරිය පිළිබඳ දැනගෙන සිටියහ. 

අපේ ගෙදරට එකල කිව්වේ koralegedara කියාය. මගේ අම්මා ප්‍රසිද්ධව සිටියේ koralegedara ටීචර් කියාය. මගේ පියා ඇයට වඩා ටිකක් ඉහළ රජයේ රැකියාවක් කලද ඔහු ගැන දැන සිටියේ ලඟ ගෙවල් කිහිපයක මිනිසුන් පමණි. 

 අහල ගම් වල කෙනෙකු මා තවත් කෙනෙකුට හදුන්නා දුන්නේ koralegedara ටීචර් ගේ ලොකු පුතා යනුවෙනි. ඇය ඇයගේ අවුරුදු තිස් ගණනක් වූ සේවා කාලය තුළ සිරිමල්වත්ත ගුන්නෑපාන වලල arangala කෙන්ගල්ල pilawala වැනි රජයේ පාසැල් වල සේවය කළ බවත් මට මතකය.

1960 ගණන් වල අග ඩඩ්ලි සේනානායක මහතා පොල්ගොල්ල බැම්ම සඳහා මුල්ගල තැබීමට පැමිනි උත්සවය බලන්නට අපි ද පවුල පිටින් ගියෙමු.


උත්සවය අවසානයේ අපි තේ බීම සඳහා මහනුවර silverdale හෝටලයට ගියෙමු. එකල සාමාන්‍යයෙන් මහනුවර තේ බොන්නට තිබුණු ප්‍රසිද්ධ හෝටල් 2 silverdale සහ paiva හෝටලය විය. 



short eats කියූවිට රෝල්ස් පැටිස් සහ කට්ලට් දීසියක් ද සෝස් පොඩි බෝතලයක්ද ගෙනැවිත්  තැබීම එහි සිරිත විය. සාමාන්‍යයෙන් වැඩිහිටියන් කිරි තේ සහ ලමයින්ට අයිස්ක්‍රීම් ලබාදීම එකල සිරිත විය. මට මතක හැටියට silverdale හෝටලය ගාමිණී දිසානායක මහතාගේ පියාට අයිති විය. 

තේ බීම අවසන් කර එදින නගරයට පැමිණීමට ප්‍රධාන හේතුව මට සපත්තු දෙකක් ගැනීමට සපත්තු කඩයකට ගියෙමු. එහිදී එකල වෙළඳපොළට පැමිණ තිබූ ජනප්‍රිය සපත්තු වර්ගයක් වූ pointed shoes දෙකක් රුපියල් 30 ක ට අපි මිලදී ගත්තෙමු.


මට මේ රු.30 බව හොඳට මතක තිබෙන්නේ, මා ඒ කාලෙ පාඩම් කරන්නට හොර වුවහොත් තමන්ගෙ පඩියෙන් සියයට 10 ක් ගෙවා සපත්තු දෙකක් ඇරගෙන දුන්නේ වුවද මම පාඩම් නොකර සිටින බවට මගේ මව කියන්නට පුරුදු වී සිටි නිසාය. මේ නිසා ඒ කාලයේ ඇගේ පඩිය රුපියල් 300ක් වන්නට ඇති බවට අපට සිතන්නට පුළුවන. මෙය තවත් දුරට සාක්ෂාත් කර ගැනීමට මගේ මිතුරෙකු වන ආනන්ද ලැනරෝල් මහතා ගෙන් මම විමසා සිටියෙමි. ඒ ඔහු ද හැත්තෑ ගණන් වල  ගුරුවරයෙකු වී සිටි ඇති හෙයිනි ඔහුට ඒ කාලයේ රුපියල් දෙසිය 220ක පඩියක් ලැබුණු බව ඔහු මට කීවේය. 

ඒ කියන්නේ මෙහිදී උපකල්පනය කරන ලද වැටුප නිවැරදි විය යුතු බවයි. ඒ අතරම මට ඒ කාලයේ නොයෙකුත් වැඩ සඳහා අපේ ගෙදරට පැමිණි බාසුන්නැහේලා සහ ඔහුගේ ගෝලයන්ට ගෙවූ පඩි ගැන යම් මතකයක් තිබේ. 

මගේ එම මතකයන් ට අනුව එකල බාසුන්නැහේ කෙනෙකුගේ පඩිය රුපියල් පහක් පමණ විය. ගෝලයන්ගේ සහ කම්කරුවන් ගේ පඩිය රුපියල් දෙකයි 50 තුනයි 50 වාගේ විය.

එවිට ගුරුවරයෙක් ගේ මාසික පඩිය රුපියල් තුන්සිය යැයි සිතමු.

බාසුන්නැහේ කෙනෙකුගේ දවස් පඩිය රුපියල් පහක් වූයේ නම් ඔහු මාසයකට දවස් විසිදෙකක් වැඩ කළේ නම් ඔහුගේ මාසික වැටුප වන්නේ රුපියල් 110 කි. ඒ කියන්නේ ගුරුවරයෙකුගේ වැටුප මෙන් තුනෙන් එකකි. 

දැන් සාමාන්‍යයෙන් බාසුන්නැහේ කෙනෙකුගේ වැටුප රුපියල් 2,500 ක් වෙයි, දවස් විසි දෙකක් වැඩ කළහොත් මාසික වැටුප රුපියල් පණස් පන්දාහක් වෙයි. මට පෙනෙන විදිහට ගුරුවරයෙකුගේ වැටුප ද දැන් රුපියල් 40,000 ක් පමණ වෙයි. ගුරුවරුන්ගේ සේවා කාලය වැඩි වී ජේෂ්ඨ වන විට පඩි වැඩි වුවත් බාසුන්නැහේලා ට එසේ වන්නේ නැත. ඒ නිසා මට පෙනෙන්නේ මේ මාසික වැටුප්  වර්තමානයේ එක හා සමාන තලයක තිබෙන බවය. 

හැට හැත්තෑ ගණන්වල තුනෙන් එකක් වූ බාසුන්නැහේලා ගේ පඩිය දැන් සමාන තලයට පැමිණ තිබේ.


ඒ කියන්නේ ගුරු වැටුප අවුරුදු හතළිහක් වැනි කාලයකදී, සංසන්දනාත්මකව තුන්ගුණයකින් පමණ අඩුවී තිබෙන බවය.


නමුත් ගණන් හදා බලන විට එසේ පෙනුනත් මෙහි තවත් බැලිය යුතු කෝණ කිහිපයක් තිබේ.

ඒවා හෙට බලමු

Sunday, August 8, 2021

ලක්ෂ්මන් ඉලංගකෝන්ගේ කෘෂි උපදේශ 2 අවසාන කොටස

 http://lakshmanillangakoon.blogspot.com/2021/08/2.html?m=1 සිට 


මා මුලින් සිතාගෙන සිටි ගණනට වඩා මෙය දෙගුණයක් පමණ වුවද දැන් මම මේ ගනුදෙනුව සඳහා සිර වූ බව මට පැහැදිලි විය. මම එයට එකඟ වී අඩු තරමේ මගේ හිත සාදා ගන්නට වත් ඔහුට මෙසේ කීවෙමි.

" හරි මම හයදාහක් දෙන්නම්,  හැබැයි ඒ ්‍රැගන් පෘට් ගහ කෙලින් කරන එකටත් එක්කයි"

මාත් දැන් මෙම ගනුදෙනුවට අසුවී ඇති බව ඔහු දැන ගත්තේය. " මහත්තයා පොල් ගහට 6000 ක් දෙන්න, මේ ගහේ වැඩේට අපිට තේ බොන්න කීයක් හරි දෙන්න" ඔහු කීවේය. 


කෙලින් කරන්නට අවශ්‍යව තිබූ පොල් ගස මුදුනට නැගී කෙනෙක් දිගාරින ලද කම්බියේ කෙළවරක් ඒ පොල් ගස මුදුනේ ගැට ගැසුවේය. එම කම්බි සාදාගන්නේ විදුලි මණ්ඩලය විසින් ඉවත් කරන ලද සන්නායක කම්බි වලින් බව මම පසුව දැන ගතිමි.

ඉන්පසු පොල් ගස හරවන්නට ඕනැ පැත්තේ තිබු තවත් පොල් ගසක මුල හරියේ කම්බියේ ගැටගසා බ්ලොක් එකකින්, ටිකෙන් ටික ද ොල් ගස  ඔලුව සාමාන්‍යයෙන්  අඩි හතක් අටක් පමණ ඇදෙන තුරු ඇද්ද හ. 

ඔහු ටිකෙන් ටික ට එම ඇදපු ප්‍රමාණය  ප්‍රමාණවත් දැයි මගෙන් විමසා සිටියේය. අවසානයේ පොල් ගසේ පටස් ගා ශබ්දයක් ඇසුණු විට තව ටිකක් ඇද්දොත් පොල් ගස කඩේ යැයි සැකයක් මට ඇතිවිය. ඒ නිසා අප පොල් ගස ඇදීම එතනින් නවතා කම්බි ගැට ගැසුවෙමු.


තවමත් අපිට අවශ්‍ය ප්‍රමාණය ඇදී නොමැති බව මා පෙන්වා සිටි විට ඔහු මට කීවේ, එක්වරම ඒතරම් ඇඳිය නොහැකි බවත්, තව මාස තුනකින් පමණ නැවත වරක් පැමිණ තවත් අඩි කිහිපයක් ඇදගැනීමට හැකියාව තිබෙන බවය. 


මේ කතාව මට ලියන්නට මුල්වූ සිද්ධිය ඇතිවන්නේ ඊළඟට ය. අපගේ ගෙදරට දකුණු පැත්තෙන් ගෙවත්තේ කෙළවර මහපාරට උඩින්, හොඳ පොල් පැලයක් පැළ වෙමින් තිබේ. මේ පොල් පැළය දැන් තිබෙන ස්ථානයේ අනතුරුදායක නොවුනද, පාර පැත්තට තිබෙන හිස් අවකාශය දෙසට ආලෝකය සොයමින් වර්ධනය වන බවක් පෙනෙන්නට ඇත. 


එසේ වර්ධනය වුවහොත් පාරට පොල්ගෙඩි වැටීමේ තර්ජනයක් ඇති හෙයින් එයද ගේ පැත්තට තරමක් ඇදගන්නට ඕනෑ බව මම පැවසුවෙමි. මේක ගසට කම්බි ගැට ගසන්නට ගියහොත්, කම්බිය බොහෝ පහතින් දමන්නට සිදු වන නිසා, මිදුලේ ඇවිදීමට අවහිරයක් සිදුවන බැවින් කම්බියක් ගැට ගසනවාට වඩා අමුතු ක්‍රමයකට පොල් ගස නවා ගන්නට පුළුවන් බව ඔහු මට පැවසීය.

ඒ බෝතලයක් ගැසීමෙනි. 

ඔහු මගෙන් හිස් බෝතලයක් ඉල්ලා සිටියේය. මම ඔහුට හිස් වයින් බෝතලයක් දුන්නෙමි. එයට වතුර පුරවා මුඩිය වසා, ගසට නැඟ, ගස නැමෙන්නට ඕනෑ පැත්තට විරුද්ධ පැත්තේ ඉහළ ගොබයට කිට්ටුවෙන් අත්තක හිඩැස තුළට බෝතලය තබා ඔහු හැකි තරම් ඇතුලට තද කළේය. 


මෙලෙස බෝතලේ එලෙසට තබා තද කිරීමෙන්, ගොබය අපිට අවශ්‍ය පැත්තට නැමී, ගස අනතුරුදායක පැත්තට  වර්ධනය වීම නැවැත්විය හැකි බව ඔහු පැවසීය. කල්පනා කර බලන විට ඒ හොඳ අදහසක් බව මටද වැටහුනි. 

මම වැඩ තුනටම රුපියල් 6500ක් දී, හතර දෙනාටම තේ එකක්ද පිළිගැන්වූ වෙමි

 මේ මගේම කෘෂි උපදේශයක් නොවුනද, මෙය සියල්ලන්ගේ දැන ගැනීමට යොමු කරන්නට සිතුණේ, මෙවැනි අවශ්‍යතාවයන් කිසිම මුදලක් වැය නොකර, කර ගන්නට පුළුවන් බව පෙනුණු නිසාය. 

මෙම උපක්‍රමය ගැන, පසු වේලාවක මා සමඟ සාකච්ඡා කරමින් සිටී මගේ මිත්‍ර බද්දේගම ආනන්ද ලැනරෝල් නැමති බොහෝ පළපුරුදු වැවිලිකරු, මා විසින් මේ සම්බන්ධව පල කරන ලද ඡායාරූප දැක මට තවත් උපදේශයක් දුන්නේ ය. ඒ මේ කුඩා පොල් ගස් වල අතු අතර තිබෙන හනස්ස සහ වෙනත් අනවශ්‍ය කොටස් ඉවත් කරන ලෙසය, මක්නිසාද ඒවා ගසේ පිරී තිබෙන විට ගස් වල රතු කුරුමිණියන් සෑදීමේ ්‍රවණතාවයක් ඇති වන බැවිනි.

Friday, August 6, 2021

රිවිරැස චිත්‍ර කථාව සහ මැතිල්ඩා

 


මා කුඩා කල අපට ඉරිදා පත්තර ගෙනත් දුන්නේ මහත් ආශ්වාදයකි. ඉරිදා වෙනතුරු බලා සිටියේ මේ පුවත්පත් කියවීමට. විශේෂයෙන්ම ඒවාගේ තිබූ පිටුවක් පුරා දිවයන ග්‍රැෆික් එහෙමත් නැත්නම් චිත්‍ර කතා කියවන්නට අපි බොහෝ කැමැත්තක් දැක්වූ වෙමු. 

මේ සමහර කතා කොටස් වශයෙන් පළ වූ අතර සමහර ඒවා එදිනම අවසන් විය.

ගෙදර සාලේ බිම එලාගෙන ඒ පුවත්පත් කියවූ හැටි, තවමත් මතකයේ තිබේ.

ඒ කතා මම කියෙව්වේ වයස දහයටත් අඩු වයසක වුවද සමහර කතා, මට තාමත් මතක තිබීම පුදුම සහගතය.

එයින් එක් කතාවක වාහනයකින් පවුලක් ගමකට එයි. දෙමව්පියන් දෙදෙනෙකු සහ ජැන්ඩි පහට සැරසුණු තරුණයෙකු එයින් බැස ගෙදරකට යති. 

සාමාන්‍ය දුප්පත් ගෙදරක වයසක අම්මා කෙනෙක් සහ පුතෙකු මිදුලේ සිටිති. 

මුල් සිද්ධිය දෙස බලා සිටින අම්මා තම පුතාට ඒ පවුල පෙන්වා මෙසේ කියයි.

"අර දෙමව්පියෝ දෙන්නා ඔය ඇවිල්ලා ඉන්නේ හදාගත්ත ළමයෙකුත් එක්ක, අර තරුණයා පොඩි කාලේ හදාගන්න ගත්තේ ඔය ගෙදරින්, ඒ මිනිස්සුන්ට ඒ ළමයා දීපු මිනිහා මුලින් ආවෙ අපේ ගෙදරට, ඔයා එතකොට බොහොම පොඩියි, ඇවිල්ල මගෙන් ඇහුවා ඔයා හදාගන්න දෙන්න කැමතිද කියලා, මම බැහැයි කිව්වා, මම එහෙම කළා නම් අද අපි දෙන්න මෙතන මෙහෙම ඉන්නේ නැහැ" 


තරුණයා ටික වේලාවක් අමුත්තන් දෙස බලා සිට මෙසේ පිළිතුරක් දුන්නේය

"අපරාදේ අම්මට ඒ දවස් වල මම එහෙම ඉල්ලනකොට දෙන්නයි තිබුනේ" 

😣


මම පොඩි කාලේ ඒ කතාව කියවද්දිත් අම්මා ඒ කතාව තරුණයාට ඒ වෙලාවේ කීම හොඳ නැති බව සිතුනි, දැනුත් සිතේ. නමුත් අම්මලා බොහෝ සංවේදී කණ්ඩායමකි, දරිද්‍රතාවෙන් පෙළුණත් තම දරුවන්ට එක සේ ආදරේ කරති. වැඩියෙන් ආදරේ කරන්නේ දුප්පත් දරුවන්ටය.


මට මේ කතාව බොහෝ කාලයකට පසු මතක් උනේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගය සඳහා පෙනී සිටි, මැතිල්ඩා පිළිබඳ කතාව ඇසීමෙනි. ඇයත් එලෙස මහනුවර ඉපිද කුඩා කලම, හදා ගැනීමට දුන් බිලිඳියක බව කියනු ලැබේ. ඇය දැන් ලෝකයේ ඉතාමත් ධනවත්, සුළු පිරිසක් පමණක් කරන අශ්වයන් සම්බන්ධ ක්‍රීඩාවක ඔලිම්පික් යාමට තරම් තත්වයක සිටි.


ඇයට ඔලිම්පික් යාමට ඉඩ ඇහිරීමට තැත් කළ නොයෙකුත් සංවිධාන වලට විරුද්ධව බොහෝ අධික මුදලක් වියදම් කර ඇය නඩු මගට පවා බැස ඇත. 


මෙම සිද්ධිය දකින අප බොහෝ දෙනෙකුටත් අප කුඩා කාලයේ මෙලෙස හදාගන්නට දුන්නා නම් අගනේ යැයි සිතුණොත්, එහි වැරැද්දක් තිබිය හැකිද?මා කුඩා කල අපට ඉරිදා පත්තර ගෙනත් දුන්නේ මහත් ආශ්වාදයකි. ඉරිදා වෙනතුරු බලා සිටියේ මේ පුවත්පත් කියවීමට. විශේෂයෙන්ම ඒවාගේ තිබූ පිටුවක් පුරා දිවයන ග්‍රැෆික් එහෙමත් නැත්නම් චිත්‍ර කතා කියවන්නට අපි බොහෝ කැමැත්තක් දැක්වූ වෙමු. 

මේ සමහර කතා කොටස් වශයෙන් පළ වූ අතර සමහර ඒවා එදිනම අවසන් විය.

ගෙදර සාලේ බිම එලාගෙන ඒ පුවත්පත් කියවූ හැටි, තවමත් මතකයේ තිබේ.

ඒ කතා මම කියෙව්වේ වයස දහයටත් අඩු වයසක වුවද සමහර කතා, මට තාමත් මතක තිබීම පුදුම සහගතය.

එයින් එක් කතාවක වාහනයකින් පවුලක් ගමකට එයි. දෙමව්පියන් දෙදෙනෙකු සහ ජැන්ඩි පහට සැරසුණු තරුණයෙකු එයින් බැස ගෙදරකට යති. 

සාමාන්‍ය දුප්පත් ගෙදරක වයසක අම්මා කෙනෙක් සහ පුතෙකු මිදුලේ සිටිති. 

මුල් සිද්ධිය දෙස බලා සිටින අම්මා තම පුතාට ඒ පවුල පෙන්වා මෙසේ කියයි.

"අර දෙමව්පියෝ දෙන්නා ඔය ඇවිල්ලා ඉන්නේ හදාගත්ත ළමයෙකුත් එක්ක, අර තරුණයා පොඩි කාලේ හදාගන්න ගත්තේ ඔය ගෙදරින්, ඒ මිනිස්සුන්ට ඒ ළමයා දීපු මිනිහා මුලින් ආවෙ අපේ ගෙදරට, ඔයා එතකොට බොහොම පොඩියි, ඇවිල්ල මගෙන් ඇහුවා ඔයා හදාගන්න දෙන්න කැමතිද කියලා, මම බැහැයි කිව්වා, මම එහෙම කළා නම් අද අපි දෙන්න මෙතන මෙහෙම ඉන්නේ නැහැ" 


තරුණයා ටික වේලාවක් අමුත්තන් දෙස බලා සිට මෙසේ පිළිතුරක් දුන්නේය

"අපරාදේ අම්මට ඒ දවස් වල මම එහෙම ඉල්ලනකොට දෙන්නයි තිබුනේ" 

😣


මම පොඩි කාලේ ඒ කතාව කියවද්දිත් අම්මා ඒ කතාව තරුණයාට ඒ වෙලාවේ කීම හොඳ නැති බව සිතුනි, දැනුත් සිතේ. නමුත් අම්මලා බොහෝ සංවේදී කණ්ඩායමකි, දරිද්‍රතාවෙන් පෙළුණත් තම දරුවන්ට එක සේ ආදරේ කරති. වැඩියෙන් ආදරේ කරන්නේ දුප්පත් දරුවන්ටය.


මට මේ කතාව බොහෝ කාලයකට පසු මතක් උනේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගය සඳහා පෙනී සිටි, මැතිල්ඩා පිළිබඳ කතාව ඇසීමෙනි. ඇයත් එලෙස මහනුවර ඉපිද කුඩා කලම, හදා ගැනීමට දුන් බිලිඳියක බව කියනු ලැබේ. ඇය දැන් ලෝකයේ ඉතාමත් ධනවත්, සුළු පිරිසක් පමණක් කරන අශ්වයන් සම්බන්ධ ක්‍රීඩාවක ඔලිම්පික් යාමට තරම් තත්වයක සිටි.


ඇයට ඔලිම්පික් යාමට ඉඩ ඇහිරීමට තැත් කළ නොයෙකුත් සංවිධාන වලට විරුද්ධව බොහෝ අධික මුදලක් වියදම් කර ඇය නඩු මගට පවා බැස ඇත. 


මෙම සිද්ධිය දකින අප බොහෝ දෙනෙකුටත් අප කුඩා කාලයේ මෙලෙස හදාගන්නට දුන්නා නම් අගනේ යැයි සිතුණොත්, එහි වැරැද්දක් තිබිය හැකිද? 

ඩයස්පෝරාවෙන් ආයෝජන ගෙන්වා ගැනීම

 ඇමතිවරයෙක් ලංකාවට ආයෝජන ගෙන්වා ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට ගිය ගමනක පින්තූර  බොහෝ ගණනක් ෆේස්බුක් එකේ දැක්කෙමි.  මේවා දැකීමෙන් පසු මට මගේ අත්ද...