පූජිත් සහ මම එකම සහ පාසලේ එකම විශ්ව විද්‍යාලයේ. ඉගෙන ගත්තෙමු.
හේමසිරි සහ මම නවික හමුදාවෙ සේවය කළෙමු. අසූ ගණන්වල මුල් හරියේ කොළඹ වර්ජන රැල්ල කාලයේ අපි එකට රාජකාරි කළා මට මතකය.
මේ දෙදෙනාට ලැබුණු දඬුවම ගැන මම ඉතාමත් කණගාටුවෙමි. මෙම ශත වර්ෂයේ පමණක් නොව පසුගිය ශත වර්ෂයේද රාජකාරී පැහැර හැරීමකට මෙවැනි දඬුවමක් ප්‍රජාතන්ත්‍රවාදී රටක ලබාදී නොමැති බව පරීක්ෂා කළ විට ජෙමිනායි කීවේය.
කෙසේ නමුත් මෙවැනි අපරාධයක් සිදුවන්නට යන බවට පැහැදිලි තොරතුරු මේ දෙදෙනාට ම ලැබුණා යයි සාක්ෂි තිබුණු බව පැහැදිලිය. එසේ පැහැදිලි සාක්ෂි තිබුණේ නැත්නම් මෙවැනි දඬුවමක් කවදාවත් දෙන්නේ නැත.
මේ දෙදෙනාම රටේ ආරක්ෂාවේ වගකීම ක් පැවරුණු ඉහළම තලයේ නිලධාරීන් දෙදෙනෙකි. එසේ තොරතුරු ලැබුණා නම් එය වැළැක්වීමට කටයුතු කර නැත්නම් ඔවුන්ට දඬුවම් දීම සාධාරණය.
මෙලෙස තොරතුරු ලැබී ඒවා පිළිබඳව පැහැදිලි ක්‍රියාමාර්ග නොගත් තවත් නිලධාරීන් හෝ ාජ්‍ය පාලනයේ යෙදුනොවුන් සිටි බවක් එහෙන් මෙහෙන් අසන්නට ලැබෙයි. ඔවුන් පිළිබඳව සොයා බැලිය යුතුය. ඔවුන්ටද දඬුවම් දිය යුතුය.
මේක බහුතර තීන්දුවක් මිස ඒකමතික තීන්දුවක් නොවීම ප්‍රශ්නකාරීයි. බහුතර තීන්දු (දෙක) සහ සුළුතර තීන්දුව වෙන වෙනම සලකා බැලුවාම, මේ දෙකෙන් එකක් පමණක් නිවැරදි විය යුතුයි. අභියාචනයට මේ සුළුතර තීන්දුවම පාදක කර ගන්න පුළුවන්.
ReplyDeleteමෙම හේතුවටම මීට කලිනුත් වන්දි ගෙවන ලෙස දඬුවම් ලැබුනානේද?.
ReplyDeleteඑකම වරදට දෙපාරක් දඬුවම් කිරීම ගැන යම් මූල ධර්මයක් තිබේද?
මේ සම්බන්ධයෙන් වර්ණ රාජපක්ෂ තමන්ගේ වීඩියෝවෙන් හොඳ පැහැදිලි කිරීමක් කරලා තිබුණා.
ReplyDeleteඇත්තටම උසාවියක් දඬුවමක් නියම කරනකොට, ඒ දඬුවම කළ වරදට සරිලන, ප්‍රමාණාත්මක දඬුවමක් වෙන්න ඕන. කළ වරදට වඩා ලිහිල් වෙන්නත් බැහැ, අනවශ්‍ය ලෙස දැඩි වෙන්නත් බැහැ. ඒක තමයි සාධාරණත්වයේ මූලික සංකල්පය.
මෙම පුද්ගලයන් වරදක් කරලා තියෙනවා කියන එක ගැන විවාදයක් නැහැ. නමුත් මෙතන මතුවෙන සැබෑ ප්‍රශ්නය වන්නේ, ලබා දී තිබෙන දඬුවම ඒ වරදට සරිලනවාද කියන එකයි.
දඬුවම් ලබාදීමේ අරමුණ පළිගැනීම නෙවෙයි. වරදට වගකීම පෙන්වා දී, නැවත එවැනි වරදක් නොකරන ලෙස පුද්ගලයා යහපත් මාර්ගයට යොමු කර, නැවත සමාජයට එකතු කිරීමයි.
ඒ අරමුණ මේ දඬුවමෙන් ඉටු වෙනවාද, නැත්නම් එයින් වෙනත් අයහපත් ප්‍රතිඵල ඇති වෙනවාද කියන එක තමයි ගැඹුරින් සාකච්ඡා කළ යුතු කාරණය.
ඒ වගේම තවත් වැදගත් කාරණයක් තමයි, මේක ඒකමතික නඩු තීන්දුවක් නෙවෙයි. මෙය බෙදුණු තීන්දුවක්.
සුළුතර විනිසුරු මතය අනුව මොවුන් නිදහස් කළ යුතුයි කියන ස්ථාවරය දරලා තිබෙනවා. නමුත් බහුතර විනිසුරු මතය අනුව ඔවුන් වරදකරුවන් ලෙස තීරණය කරලා උපරිම දඬුවමක් නියම කරලා තියෙනවා.
ඒ නිසා මේ නඩුවේ නීතිමය කරුණු සම්බන්ධයෙන්ම විනිසුරුවරුන් අතර සැලකිය යුතු මතභේදයක් තිබුණු බව පේනවා. එවැනි තත්ත්වයක් තිබෙන විට, දඬුවමේ ප්‍රමාණාත්මකභාවය සහ එහි සාධාරණත්වය ගැන සංවාදයක් ඇති වීම අසාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒකත් සැලකිල්ලට ගත යුතු වැදගත් කාරණයක්.