Sunday, July 23, 2017

අභිප්‍රාය සොයා ගැනීම වැදගත්ය.


ඇමෙරිකා එක්සත් ජනපදයේ අපරාධකරුවෙකු වැරදි කරුවෙකු යයි තීරණය කිරීමට පෙර  කරුණු තුනක් ඔප්පු විය යුතුය; ඒ අපරාධය කිරීමට තිබු උවමනාව, එසේත් නැත්නම් අභිප්‍රාය, අපරාධය කිරීමට අවකාශය තිබීම සහ අපරාධය කිරීමට හැකියාවයි. අනිත් කරුණු දෙකම ඔප්පු කලත් අභිප්‍රාය එසේත් නැත්නම් එම අපරාධය කිරීමෙන් අපරාධකරුට ලැබෙන වාසිය ඔප්පු කලේ නැත්නම් විත්තිකරුට ඇති චෝදනාව ඔප්පු වන්නේ නැත.

ඊයේ පෙරේදා යාපනයේදී විනිශ්‍යකරුවෙකුට ආරක්ෂාව දෙමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තැබීමද සිදුවීමට හේතුව පරීක්ෂා කිරීමට ඇති වඩාත්ම සුදුසු ක්‍රමයද එම ඇමෙරිකානු පරික්ෂාව දැයි මට සිතේ. ඒ එම පරික්ෂාව ආපස්සට ඉංජිනේරුකරණය කිරීමෙනි.

ඒ සඳහා අප මුලින්ම මේ සඳහා අභිප්‍රායන් හෝ ලබාගත හැකි වාසි  ලැයිස්තු ගතකර යුතුය. ඉන්පසු මේ අපරාධය සිදුවීමෙන් මෙවැනි වාසි ලැබිය හැක්කේ කුමන කණ්ඩායමකට දැයි අනුමාන කල හැක්කේය. මෙම වෙඩි තැබීම ඊයේ ප්‍රවෘත්ති වලදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක තැන කීවාක් මෙන් බීමත් කණ්ඩායමක් පොලිස් නිලධාරියාගේ ආයුධයම උදුරාගෙන කලේ නම් එය ස්ථානයේදී ඇතිවූ පොර බැදීමකින් වැන්නකින් සිදුවී නම් මේ සියලු පරික්ෂා වලින් වැඩක් නැති බවට අනතුරු ඇගවීමත් මගේ යුතු කමකි.

දැන් මෙම සිද්ධිය කුමන ප්‍රයෝජන ලබාගැනීම උදෙසා සිදුකලේදැයි සැකකළ හැකි ප්‍රයෝජන හෝ motives මොනවාද එක් එක් අභිප්‍රායන් වාසි වන්නේ කාටදැයි බලමු. 

                     වාසිය කුමක්ද: වාසි ලැබිය හැකි කණ්ඩායම්. 

  • යාපනයේ නීතියේ පාලනයක් නොමැති බව පෙන්වීමට - රජයට දැඩි ලෙස විරුද්ධ කණ්ඩායම්, LTTE හිතවාදී පිරිස්. 
  • යම් පුද්ගලයෙක් ඇත්තෙන්ම විනිශ්චයකරු මරාදැමීමට - ප්‍රශ්නය අනුව සිදු කල පුද්ගලයන්. 
  • ඔහුගේ ආරක්ෂකයනට වෙඩි තබා තුවාලකර විනිශ්චයකරු බය කිරීමට - ඔහු භයකර විත්තියට වාසිදැයි තීරණයක් ලබාගත හැකිවේ යැයි සිතන විත්තිකරුට පක්ෂ කණ්ඩායම්. 
  • මේ නඩුව යාපනේ ඇසීම ආරක්ෂක හේතු නිසා නුසුදුසු හෙයින් එය අනුරාධපුරයට හෝ කොළඹ ඇසීමට යොමු කිරීමට- යාපනයට නඩුව සදහා යාමට බිය නඩුවේ පාර්ශව කරුවන්.  
  • මේ විනිසුරු නඩුව ඇසුවහොත් විත්තිකරුට පාඩු සිදුවිය හැකියැයි සිතා ඔහු බයකර ඉවත් කර වෙනත් විනිසුරු වරයෙක් පත්කර ගැනීමට- විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්.  
  • යාපනයේ තවමත් LTTE හස්තයන් ක්‍රියාත්මක වන බව ලෝකයට විශේෂයෙන් ඩයස්පෝරාවට  පෙන්වීමට - LTTE හිතවාදී කණ්ඩායම් සහ ඩයස්පෝරාවෙන් මුදල් එකතු කරන්නන්. 


මේ සියලු හේතු කාරනා මේ අයුරින් තිබියදී නැවත පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියූ පරිදි සැකකරුවන් බිමත්ව සිටි බවත් ඔවුන් එක පවුලක සාමාජිකයන් වීමත්, පිස්තෝලය පොලිස් නිලධාරියාගෙන්ම උදුරාගැනිම සත්‍ය නම් ඇත්තෙන්ම වඩාත්ම සිදුවීමට  සම්භාවිතාවයක් ඇත්තේ, අප මුලින් සිතුවාක් මෙන්  එතැනදී ඇතිවූ යම් ක්ෂණික ආරාවුලක් විය හැක. එසේ සැක  කිරීමට කරුණු කිහිපයකි.


  • පිස්තෝලය උදුරගැනිමෙන් පෙනෙන්නේ සැකකරුවන් ආයුධ සන්නද්දව නොසිට ඇති බවය. 
  • මෙවැනි අපරාධයක් කිරීමට හිතාමතා පැමිණියේ නම් බිමත්ව පැමිණීමට ඉඩ අඩුවීම. 
  • විනිසකරුට වෙඩි තැබීමට කිසිම උත්සාහයක් ගෙන නොතිබීම. 

4 comments:

  1. විනිශ්චයකාර වරයාගේ හැසිරීම අනුව මට සිතුනේ ඔහුට වරදකාරී හැඟීමක් ඇති බවයි, අතරමඟදී දුටු රණ්ඩුවක් බේරන්න ඔහු පොලිස් නිලධාරියා යොමු කලා විය නොහැකිද?

    ReplyDelete
  2. Motive, Opportunity, and Means(MOM)කියන්නේ එක්සත් ජනපදයේ පමනක් නොවේ අධිකරන විද්‍යාවෙත් තිබෙන මූලධර්මයක්. බොහෝ දුරට එය ලංකාවේ අයටත් උගන්නනවා ඇති.

    crime scene reconstruction කියන්නෙත් ඒ වගේම ප්‍රසිද්ධ දෙයක්.

    ඒ වගේම මෙතැන බොහෝ කරුණු දැනට අපැහැදිලියි. ඒ නිසා ඒවා මත සලකා උපකල්පන කිරීම එතරම් නිවැරදි නෑ.

    නමුත් පොලීසිය, හෝ විනිසුරුවන් මෙවැනි අවස්ථාවලට මැදිහත් වීම එතරම්ම අසාමාන්‍ය නෑ. යන පාර අවහිර වෙන තරමට ආරවුලක් ඇති උනානම් මැදිහත් නොවී ඉන්න අමාරුයි. ඒ වගේම එහෙම දෙයක් මඟ හැර යාම සාධාරන නොවෙන්නත් පුලුවන්.

    ReplyDelete

ස්කිනර් සහ කිරිබණ්ඩා - 1

"තමුන්නැහැ හිතනවද බුට් සපත්තු දැම්මහම වැඩි වේගයකින් දුවන්ට පුළුවන් කියල?" ගිලිමලේ කිරිබණ්ඩා ආරච්චිල  සිනාසෙමින් ඇසුවේය. ...