Sunday, August 6, 2017

ඉංජිනේරු දුටුගැමුණු









මේ රුවන්වැලි මහා සැයට මුල්ගල් තැබීමේ උත්සවයයේ විස්තරයයි. 

මහල් දහයකින් යුත් ලෝවාමහා ප්‍රාසාදය සාදා අවසන් වූ පසු මේ ගොඩනැගීමට අතගසන දුටුගැමුණු රජු මේ  සා විශාල ( අඩි 338 ක් උස අඩි 951 භුමියෙහි විෂ්කම්බය ඇති ) ඉදිකිරීමකට එය දරා සිටිය හැකි පදනමක් තනන ආකාරය මෙහි විශේෂයෙන් කැපී පෙනේ. ඔහු යුද්දයට මෙන්ම ඉංජිනේරු විද්‍යාවට මහත් දක්ෂතාවයක් දක්වා ඇති වුවත් ඒ පිළිබඳව එතරම් අගය කිරීමක් පසුකලෙක සිදුවී නැති බව පෙනේ.


අවශ්‍ය  සියලු දෑ සපයා ගත් පසු, වෙසක් පොහොය දින සැයේ  වැඩ කටයුතු ආරම්භ කෙරිණි. ගැමුණු රජු දාගැබ ගොඩනැගීමට නියමිත භූමිය අඩි දහය හමාරක් ගැඹුරට හාරන්නට නියම කලේය. ඉන්පසු හේවායන් ලවා රවුම් ගල් ගෙන්නවා මිටි වලින් කඩා එම වලට දමා සමින් කරවූ සපත්තු ඇන්දවූ අලියන් ලවා පාගවා තද කලේය. ඉන්පසු ප්‍රාතිහාර්යකින්  ලැබුණු අහස් ගඟ වැටෙන තැන ඇති සියුම් මැටි එම ගල් මත හෙලා තද කලේය. එම මැටි මත ගඩොල් එලා ඉන්පසු පහත ආකාරයට ඒ ගඩොල් මත ස්ථර ගොඩනැගුවේ රිදී තහඩුව ඉහලටම වන පරිදිය.  


අඟල් 7 ක් ඝනකමෙන් යුක්ත වූ රිදී තහඩුවක් 
සූදුරු තෙල් සහ ආසනික් මිශ්‍රණයක් 
අඟල් 8 ක ඝනකමින් යුක්ත වූ තඹ තහඩුවක් 
කපිත්ත ගසේ (දිවුල්)   කිරි සහ රසදිය , පැණි වතුරේ දියකර   
කඳු මුදුනෙන් ලබා ගත් පලිඟු ගල් ස්ථරයක් 
සුවඳවත් මරුම්බා  (තෙත ගතිය ඉවත්කරන සුවඳවත් ද්‍රවයක්  ? )
ගැට ගසන ලද යකඩ කූරු ජාලයක් 
හිමාලයෙන් ගෙන එන ලද කුරුවින්ද පාෂාණ ( cinnabar ,මැණික් ගල් වර්ගයක්?)
රළු සිමෙන්ති ස්තරයක් 
ගඩොල් ස්තරය
සියුම් මැටි   
කැබලි වලට කඩා අලියන් විසින් පාගනලද කළුගල් ස්ථරය .  


මෙම අත්තිවාරම නිමවා ගැමුණු රජු සංඝයාට ආරාධනා කර, ඉතාමත් අලංකාර උත්සවයක් පැවැත්වූයේය. මෙම උත්සවය සදහා ඇඳුම් කරත්ත 1008 ක්ද, බොහෝ මුදල්ද, වෙඬරු, සීනි, වැනි තෑගි ජනතාවට බෙදා දීමට පිළියෙල කල බව පැවසේ. මෙම උත්සවයට නොයෙකුත් රට රාජ්‍ය    වලින් පැමිණි භික්ෂූන් ප්‍රමාණය  කොතරම් දැයි කිවහොත්, රහත් භික්ෂූන් පමණක් අනූහය කෝටියක් සිටිය බව පැවසේ. අත්තිවාරම දමා ඇති ස්ථානයට පැමිණි රජතුමා රිදී සහ රනින් කරන ලද නූලක් රැගෙන ඒ සදහා විශේෂයෙන් ලෑස්ති වී සිටිය අමාත්‍යවරයෙකුට  එම සේවකයන් සමග වෙහෙර සදහා සීමාව ලකුණු කරන ලෙස උපදෙස් දුන්නේය.  

මෙම අවස්ථාවේ බොහෝ දැනුම ඇති සිද්ධාර්ථ නැමැති හිමි නමක්, 
“අපගේ රජතුමා මේ තරම් විශාල ස්ථූපයක් හදන්නට පටන් ගත හොත් ඔහු එය අවසන් කර ගැනීමට පෙර මිය යාමට පුලුවන, එසේම ඒසා විශාල ස්ථූපයක් අනාගතයේ නඩත්තු කිරීමද ඉතාමත් අපහසු වනු ඇත”, යැයි සිතා ඒ සා විශාල වෙහෙරක්  සෑදීම නොකර එයට වඩා ප්‍රමාණයෙන්  අඩු චෛතියක් සෑදීමට උපදෙස් දුන්නේය. 
ඉන්පසු ගැමුණු රජු සෑය අත්තිවාරමේ මැද රිදී කළගෙඩි අට කුත්, රන් කළගෙඩි අට කුත්, එය වටා කළගෙඩි 1008 ක් වෘතාකාරයෙන් තැබුවේය. මෙම සෑම කළගෙඩියක් වටාම ඇඳුම් 108 ක් තැන්පත් කලේය. ඉන්පසු රන් ගඩොල් අටක් ගෙන අට දිශාවට තැන්පත් කලේය. පසුව අත්තිවාරමේ නැගෙනහිර දිශාවේ සුවඳ කවන ලද මැටි වලින් මුල් ගල තැබුවේය. ඉන්පසු තවත් ඇමතියන් හත් දෙනෙකු එලෙස මුල් ගල් තැබූහ. ඉන්පසු තවත් උත්සව මාලාවකින් රුවන්වැලි මහා සෑයට මුල් ගල් තැබීම අවසන් විය.

5 comments:

  1. වටිනා ලිපියක්. ලිපියේ සඳහන් පරිදිම ඔහුට රුවන්වැලි සෑය සාදවා නිමකිරීමට නොහැකි වූ අතර සද්දාතිස්ස කුමරු සුදු රෙදි කඩකින් කොත වසා ඔහුගේ සිත සනසවීම පිණීස පෙන්වන ලදී. ඔහුගේ මියයාමෙන් පසුව නැවත කොත පළඳා සෑයේ වැඩ නිම කරන ලද්දේ සද්දාතිස්ස රජු විසිනි.
    විචාරක දියණිය

    ReplyDelete
  2. රහත් භික්ෂූන් පමණක් අනූහය කෝටියක් සිටිය බව පැවසේ...පයනු චයනු පච...හොඳඑක !

    ReplyDelete
    Replies
    1. නැ බං දුටුගැමුණු කාලෙ කෝටියට බ්ංදු 3යි තිබුණෙ.

      Delete
  3. කුරුවින්ද = Cinnabar කියලා හිතුවෙ ඇයි?
    මර්කරි සල්ෆයිඩ් යොදා ගත්තද?

    ReplyDelete
  4. කුරුවින්ද පාෂාණ කියල ගයිගර් කියල තිබුන , මර්කරි කියල තමයි තිබුනේ , සමහරවිට සුළු වෙනස්කම් ඇති ,

    ReplyDelete

යුධ නැවක් මිලදී ගැනීමට හේතුවක් සෙවීම

ජාතියක ආරක්ෂාව ස්ථාපිත කිරීම ඕනෑම රජයක මුලික වගකීමකි. ජාතික ආරක්ෂාව යනු රජය එහි පාර්ලිමේන්තුවත් එකතුව තමන් සතුව තිබෙන දේශපාලන , රාජ්...