Wednesday, June 15, 2022

සිංගප්පූරුවේ වැසියෝ 4

 https://lakshmanillangakoon.blogspot.com/2022/06/3.html?m=1


මෙම අපොස සාමාන්‍ය පෙළ සමාජ අධ්‍යයන පාඩමේ කියා තිබුනේ, නිවැරදි ඉංග්‍රීසි කතා කරන  පවුල්, සිංග්ලිශ් කතා කරන පවුල් වලට වඩා ඉහළ සමාජය තත්වයකට අයත් වන බවය. මෙයට අමතරව, golf  සහ ටෙනිස් ක්‍රීඩා කරන, වීදි කෑම නොකා මිල අධික ආපනශාලා වලින් කෑම ගන්නා අය වඩා හොඳ සමාජ කණ්ඩායමකට අයත් වන බවත් basket බෝල් වැනි ක්‍රීඩාවන්හි යෙදෙන්නන්, වීදි කෑම කන්නන්, පාසැල් නිවාඩු කාලයට පිටරට සංචාරයේ නොයන්නම් සමාජයේ පහල කණ්ඩායමකට අයත් වන බවත් මෙම පාඩමේ කියා තිබුණි.

ලෝකයේ දෙවනියට පොහොසත් රට නිසා මේ කියන සමහර දේවල් ඒ සමාජ ක්‍රමයට ගැලපෙන්න ටත් පුළුවන.




මෙම පාඩම පිළිබඳව එරට සමාජ මාධ්‍ය වල, ප්‍රසිද්ධ කතා බහක් ඇති වී ඇත්තේ එයින් සමාජයේ බොහෝ පිරිසකට අසාධාරණයක් සහ අවමානයක් සිදුවන බව පවසමිනි. කෙසේ වුවත් තමන්ගේ ජනතාව හරි ඉංග්‍රීසියෙන් කතා කිරීමට යොමු කිරීම රජය තවදුරටත් තදින්ම කරගෙන යනු පෙනේ.

මෙම පාඩමේ තිබෙන කෑම ගැන කතා කරන විට මට සිංගප්පූරුවෙ ආහාර පුරුදු සහ ආහාර ගැනීමේ ක්‍රම, පිළිබඳව සොඳුරු මතකයන් බොහෝ ගණනක් සිහියට නැඟුණි. 

අප නැවතී සිටි හෝටලය බජට් හෝටලයක් වු අතර බොහෝ බජට් හෝටල් මෙන්ම එයද පිහිටා තිබුණේ ිංගප්පූරුවේ ඉන්දියානුවන් වැඩිපුර වාසය කරන ප්‍රදේශය වන ලිට්ල් ඉන්දියා නැමැති කොටසේය. 

ලංකාවෙන් සිංගප්පූරුව වෙත සංචාරයක් සඳහා යන හැම දෙනෙකුම පාහේ දන්නා, මොහොමඩ් මුස්තාපා සාප්පු සංකීර්ණය පිහිටා තිබෙන්නේ ද මෙම ප්‍රදේශයේය. වරෙක මම මෙම සාප්පුවට ගිය විට මගේ පැරණි මිතුරෙකු වන කීර්ති මුදලිගේ මුණ ගැසීම ද සතුටට කාරණයක් විය.

අප මුල් දවසේ උදේ අවදි වී හෝටලයෙන් උදය ආහාරය නොදෙන නිසා එළියට ගොස් ඒ අසල, තිබූ දකුණු ඉන්දියානු ආපන ශාලාවකට ගොස් තෝසේ ආහාරයට ගත්තෙමු. මෙම තෝසේ මිලට ගැනීමේදී අපගේ පෙනුමෙන් දකුණු ඉන්දියානුවන්  මෙන් පෙනුනද ඒ ආහාර පිළිබඳව කිසිම දැනුමක් නොමැති බව දුටු නිසා එතැන සිටි පුද්ගලයකු මගෙන් " තෙළඟා......,"

යනුවෙන් මම අන්ද්‍රා ප්‍රදේශයේ වැසියෙකු දැයි විමසා සිටියේය.

උදෑසන වුවද බොහෝ දකුණු ඉන්දියානුවන් එම හෝටලයේ ආහාර ගන්නා විට බියර් කෑන් ලඟ තබාගෙන ඒවා පානය කරමින් ආහාර ගන්නා බව නිරීක්ෂණය කළෙමු. සමහරවිට ඒ නොයෙකුත් කම්කරු සේවයන් හි යෙදෙන පුද්ගලයන් බව බාහිරින් පෙනෙන්නට තිබුණි. අප උදය ආහාරය ගෙන උමං දුම්රියෙන් පොංගෝල්  නැමැති දුම්රිය ස්ථානය වෙත ගොස් දහවල් සහ රාත්‍රී ආහාර, දියණියගේ නිවසින් ලබා ගත්තෙමු. 

පසුදින උදයේ නැගිට ළඟම තිබෙන ආපන ශාලාව පසුකර ඊළඟ විදියේ දුටු තවත් ආපනශාලාවක් වෙත ගියෙමු. ඒ ආපණශාලාව සුළු වශයෙන් මිල වැඩි වුවද අප එම ස්ථානය වඩා ප්‍රිය කළෙමු. සාමාන්‍යයෙන් දෙදෙනෙකුට තෝසේ දෙක බැගින් සහ කරි තුන් වර්ගය, සීමාවක් නොමැතිව, ආහාරයට ගැනීමට සිංගප්පූරු ඩොලර් අටක් පමණ වැය විය. එය ලංකාවේ මුදලින් නම්, රුපියල් දෙදාහක් පමණ වෙයි. 

මෙම ආපන ශාලාවේ අයිති කාරිය වූයේ ඉන්දියාවේ චෙන්නායිහි කාන්තාවක් වූ අතර ඇය අපත් සමඟ බොහෝ කුළුපග වූවාය. අපගෙන් ඒ පිළිබඳව නොඅසාම අප ශ්‍රී ලාංකිකයන් බව දැනගත් ඇය අපට විශේෂ සැලකීමක් දක්වන්නට උනන්දු වූ බවක් පෙනුණි. ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික පරිහානිය පිළිබඳවද ඇය ඉතාමත් කණගාටුවෙන් කතා කළාය. ඊළඟ කොටස අනිද්දා

2 comments:

  1. එංගලන්තයේ රග්බි සහ පාපන්දු ක්‍රීඩා කරන සමාජ පන්ති සහ ලංකාවේ සමාජ පන්ති එකිනෙකට වෙනස් බව අසා තියෙනවා. එංගලන්තයේ තොරතුරු නොදනිමි. ලංකාවේ නම් රගර් ගහන පාසල් සහ ෆුට්බෝල් ගහන පාසල් වෙනස්.

    ReplyDelete
  2. නුවර ට්‍රිනිටි අය ගහන්නෙ රගර් සිල්වෙස්ටෙර් දර්මරාජ ෆුට් බෝල්.ඒකයි ගෑනු ලමයි වගයක් දවසක කියලා තියෙන්නෙ " අර ට්‍රිනිටි බෝයිස්ලා වගයකට සිල්වෙස්ටර් කොල්ලො වගයක් හොඳටම ගහනවා" කියලා

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...