Saturday, September 25, 2021

ලංකාවේ epoch making රජවරු

 අපේ ඉතිහාසයේ රජවරු දෙසිය ගානක් සිටි බව කියනු ලැබේ. නොයෙකුත් කාලවලදී රජවරුන් යැයි කියාගන්නා ්‍රාදේශීය පාලකයනුත් ගණන් කළහොත් මෙය 500ක් පමණ වනු ඇත. 

මෙයින් සමහර රාජ්‍ය නායකයන්, යුගය වෙනස් කළ, එසේත් නැත්නම් රටේ අනාගතය වෙනස් කළ epoch-making ාජ්‍ය නායකයන් වෙති.     මෙයින් සමහර රජවරුන්; දුටුගැමුණු රජු වැනි, රටේ ඉතාමත් ප්‍රසිද්ධියට පත් ව, බොහෝ ජනයාගේ ආදරයට ගෞරවයට පත්ව ඇත. එහෙත් ඊටත් වඩා ඉතිහාසය වෙනස් කළ, සමහර එවැනි රජවරු, පිළිබඳව තරම් ප්‍රසිද්ධියක් ලැබී නැත. 

මෙයට හොඳම උදාහරණයක් වන්නේ, කන්ද උඩරට රජ කළ පළවෙනි විමලධර්මසූරිය රජතුමාය. කුඩා කල සිට පෘතුගීසීන් සමග හැදී වැඩුණු ඔහු, ඔවුන්ගෙන් රට බේරා ගැනීමට, කන්ද උඩරට රජ විය, ඔවුනට විරුද්ධව යුද්ධ කළේ නැත්නම්, ලංකාවේ අනිකුත් කොටස් මෙන් කන්ද උඩරට ද පහසුවෙන්ම පෘතුගීසීන් යටතට පැමිණීමට ඉඩ තිබුණි. 


ඇත්තෙන්ම එසේ නොවී බේරුණේ කොනප්පු බණ්ඩාර හෙවත් පලවෙනි විමලධර්මසූරිය රජතුමාගේ තැනට සුදුසු නුවණ සහ එඩිතර බව නිසාය. එතැනදී ඔහු නැගී සිටියේ නැත්නම්, මුළු ලංකාවම පෘතුගීසි කොලනියක් බවට පත්වනූ නොඅනුමානය. 



සීතාවක රාජසිංහ රජුගේ අගමැතිවරයා වූ , අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් නැමැති සීතාවක රාජසිංහ රජු මිය ගිය පසු , ජයවීර බණ්ඩාර රජු ලෙස නමක් පටබැඳ ගෙන විශාල සේනාවක් සමග පෘතුගීසීන් හා එකතු වු, සෙනෙවියා පෘතුගීසීන්ට ඇත්තෙන්ම එවැනි යෝජනාවක් ඉදිරිපත් කළේය. මෙම යෝජනාව ඉදිරිපත් කළේ ඔහු පෘතුගීසින් හා එක්ව ෙංකඩගල නුවර ආක්‍රමණය කර මහනුවර කඳවුරු බැඳ සිටියදී ය. මේ අවස්ථාවේ විමලධර්මසූරිය රජු මහනුවර එන් පසු බැස කඳු අතර සැඟවී සිටියේය.


ජයවීරගේ යෝජනාවෙන් කියැවුණේ, තමන්ට මහනුවර රාජවංශික දෝන කැතරිනා කුමරිය විවාහ කර ගන්නට ඉඩ දෙන ලෙස සහ එසේ විවාහ වෙන්නට ඉඩ දෙනවා නම්, තමන් පෘතුගීසීන් යටතේ කන්ද උඩරට සමන්ත වරයෙකු ලෙස කටයුතු කිරීමට කැමති බවයි.


එහෙත් ඔවුනුත් රාජාණ්ඩුවක් නිසාවෙන් රාජවංශයට මහත් ගෞරවයක් දැක්වූ පෘතුගීසීහු එම යෝජනාවට කැමැත්තක් දැක්වූයේ නැත. මෙම ප්‍රශ්නය දුරදිග ගොස් පෘතුගීසීන් අතින් ජයවීර බණ්ඩාර මැරුම් කෑවේය. මේ ප්‍රශ්නය දුරදිග යාමට, තවත් හේතුවක් වූයේ ජයවීර බණ්ඩාර සහ සැඟවී සිටින විමලධර්මසූරිය රජු අතර, යම් කුමන්ත්‍රණයක් සිදු වෙමින් තිබෙන බවට පෘතුගීසින් සැක කිරීමයි.


මෙයින් පසුව ජයවීරගේ සේනා පෘතුගීසීන් ගෙන් ඉවත්ව විමලධර්මසූරිය රජු හා එකතු වූ අතර ඔවුනට පෘතුගීසීන් කන්ද උඩරටින් පලවා හරින්නට හැකියාව ලැබුණි. 




තමන් සමග සිටී, රාජ වංශිකයෙකු නොවන කෙනෙකු, තමන් පරදවා කන්ද උඩරට රජ වීම පෘතුගීසීන්ට මහත් ලැජ්ජාවක් සහ කෝපයක් ගෙන දුන්නේ ය. ඔවුහු පිටරටින් ද හමුදාවන් ගෙන්වා, දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින්ද මහත් හමුදාවක් හදාගෙන විමලධර්මසූරිය රජු පැරදවීමට අප්‍රතිහත ධෛර්යයකින් කටයුතු කළහ. 

එහෙත් බලන සහ දන්තුරේ දී ඇතිවූ අතිශය දරුණු සංග්‍රාම දෙකකින්, පෘතුගීසීන් සම්පූර්ණයෙන්ම පැරදවීමට විමලධර්මසූරිය රජුට හැකි විය. 

ඇත්තෙන්ම ඔවුන් මෙහිදී ඇතිවූ පරාජයන්, පෘතුගීසි බලය ආසියාවේ මේ ප්‍රදේශයේ අවසන් වන්නටත් ප්‍රධාන හේතුවක් වූයේ යැයි සිතිය හැක.


විමලධර්මසූරිය රජු ඉතිහාසයේ එම අවස්ථාවේ මතු වූයේ නැත්නම්, අනිවාර්යෙන්ම සම්පූර්ණ ශ්‍රී ලංකාව ම, පෘතුගීසි කොලනියක් වීමටත්, ඉන්පසු ඕලන්ද සහ ඉංග්‍රීසි අධිරාජ්‍යයන්ට අතිනත යාමටත්, පැහැදිලි ඉඩකඩක් තිබුණ බව පෙනේ.


ඉතිහාසය වෙනස් වූයේ නම් සිදුවන දෑ හොඳ දේවල් ද නරක දේවල් දැයි අපට සිතන්නට අපහසුය. සමහරවිට විමලධර්මසූරිය චරිතය එකල ඇති වූයේ නැත්නම්, අප දැන් බොහෝ දුරට සම්පූර්ණයෙන්ම වාගේ ක්‍රිස්තියානි රෝපීය චාරිත්‍ර වාරිත්‍ර වලින් යුතු එක් වීමට බොහෝ ඉඩකඩ තිබුණ බවත් පෙනේ.


6 comments:

  1. ලාංකික දෙමළ ජාතිවාදය ලන්දේසීන් විසින් බිහිකර ඉංග්‍රීසීන් විසින් බෞතීස්ම කල එකක්. එහි අරමුණ සිංහලයන්ට හිමිවියයුතු දේ අහිමි කිරීමයි.
    හොඳම උදාහරණයක් තමයි ලංකාව තුල සිංහල බසින් ඉගෙන ගෙන වෛද්‍ය වරයෙක්, නිතීඥයෙක්, ඉංජිනේරුවෙක් වෙන්න බෑ. ඔය ගැන එක සරසවි ඇදුරෙක් අපූරු කතාවක් කීවා.
    අපි සිංහලෙන් ඉගැන්නුවොත් දෙමළ ළමයින්ට තේරෙන්නේ නෑ. අපි දෙමලෙන් ඉගැන්නුවොත් සිංහල ළමයින්ට තේරෙන්නේ නෑ. ඉතින් අපි ඉංග්‍රීසියෙන් උගන්වනවා. එතකොට එකෙක්ටවත් තේරෙන්නේ නෑ.

    ලංකාව පූර්ණ පූර්ණ පෘතුග්‍රීසි යටත් විජිතයක් වුනා නම් මෙම මහා විපත අප ජාතියට වන්නේ නෑ.

    දෙමවන ලෝක යුද්දෙන් ජපන් අධීරාජ්‍යය සහ ජර්මානු ජාතික සමාජවාදීන් දිනුව නම් සිංහලයන්ට මීට වඩා වාසිවෙන්න තිබුනා.

    දැන් කලහැකි හොඳම දේ පුළුවන් තරම් චීන ගැත්ති වීමයි.

    ReplyDelete
    Replies
    1. ඉතිහාසෙ තැනක වෙනසක් වුනානම් වර්තමානය කොහොම වෙයිද කියල හිතන එක හරිම අමාරු කාරණයක්, හරියට ජීවිතය වගේ, මම මේ රස්සාවට ගියේ නැතුව කෘෂිකර්මය ඉගෙන ගත්ත නම් මොන වගේ තත්ත්වයක් වෙයිද කියලා හිතනවා වගේ, නේද

      Delete
  2. මහත්මයා...ඔය වගේම සටන් ලෝකේ පුරා ඇති වූනේ..පූද්ගලික කාරනා මත නේද

    ReplyDelete
    Replies
    1. දෙවිදිහටම වෙන්න ඇති නේද, සමහර විට පුද්ගලික කාරණා හේතුවෙන් සමහරවිට ඇත්තටම තමන්ගේ ජාතිය පරගැති ජාතියක් වෙන්නේ නැතුව ස්වාධිනව ඉන්න ඕන කියල හිතපු මිනිස්සු ඕන තරම් ඉන්න ඇති

      Delete
  3. තහනම් වචනය: දෝන කැතරිනා හෙවත් කුසුමාසන දේවි

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...