Friday, September 3, 2021

දෙවන රාජසිංහ රජු ලන්දේසීන්ට ලබා දුන් අපූරු තෑග්ග

 



දාහත්වන සියවසේ අවසාන කාලයේ ංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ ඕලන්ද පාලකයන් ට තම පාලන කටයුතු හා ව්‍යාපාර කටයුතු කරගෙනීමට කන්ද උඩරට රජ කළ දෙවන රාජසිංහ රජුගෙන් මහත් කරදර ඇතිවිය. ඔහුගේ හමුදා ඕලන්ද හමුදාවන්ට සහ බල කොටුවලට නිතර පහර දුන්හ. 


මෙයින් මිදීමට මගක් සෙවූ ඕලන්ද පාලකයන්, තමන් පාලනය කරන සමහර ප්‍රදේශ ආපසු රජුට භාර දීමට කැමති බවත්, ඔවුන් රජුගේ මිත්‍රත්වය බලාපොරොත්තු වන බවත් දන්වා ලිපියක් තානාපතිවරයෙකු අත රජු වෙත යැවූහ.

දෙවන රාජසිංහ රජු අප බොහෝ දෙනෙක් අසා ඇති පරිදි අමුතු සතුන් ඇති කිරීමට බලවත් කැමැත්තක් දැක්වීය. ඔහුගේ එවැනි සතුන් අතර  කළු කොටියකු, සුදු මුවෙකු සහ තිත් වැටුණු අලියෙකු සිටි බව කියනු ලැබේ. මේ අතර සිය ගණනක් යුරෝපීය ජාතිකයින් ඔහුගේ සේවයේ සිටි අතර එලිමහන් සිරකරුවන් ලෙසටද බොහෝ යුරෝපියන් සිටියහ. අප ජාතිය ගැන 17 වැනි සියවසේ හොඳම විස්තරය වාර්තා කර තබන ලද රොබට් නොක්ස් ඔහුගේ යටතේ සිටි මෙවැනි එළිමහන් සිරකරුවෙකි.


මෙලෙස  ඕලන්ද තානාපතිවරයන් රජු මුණ ගැසීමට පැමිණෙන විට, ඔහුගේ සිත් දිනා ගැනීම සඳහා නොයෙකුත් සතුන් රැගෙන ඒම එකල පුරුද්දක් විය. රජු වෙත ගෙන යන එවැනි සතුන් ඉතාමත් ගෞරව සහගතව රැගෙනයාම එකල සිරිත විය. 


කොළඹින් පිටත් වූ අවස්ථාවේ සිටම එවැනි රාජකීය ත්‍යාගයන් ඉතාමත් ගෞරව සහිතව රැගෙන යාම එකල ඔවුන්ගේ සිරිත විය.


මෙලෙස රාජකීය ත්‍යාගය ලෙස මෙවර ගෙන යන ලද්දේ, දකුණු අප්‍රිකාවෙන් අල්ලා ගන්නා ලද cape lion නැමැති වර්ගයේ සිංහයෙකි. රාජසිංහ රජුගේ නම ද 'සිංහයකු බඳු රජ' යන තේරුම  නිසා ෙම ත්‍යාගය රාජසිංහ රජු මහත් සතුටට පත් කිරීම  නොඅනුමාන බව ලන්දේසීහු සිතූහ. 


මෙලෙස තය්‍යාගය රැගෙන එද්දී එම ත්‍යාගය පිළිබඳ රජුගේ ඔත්තු කරුවන් විසින් රජුට වරින් වර දැන්වීම සිරිතක් විය. මේ සිංහයා පිළිබඳ විස්තර ඇසූ රජතුමා මෙය තමන් ිංහයා ලවා මරා දමන්නට කරන කුමන්ත්‍රණයක් බවට සැක කළේය. 

මේ නිසා ඔහු තානාපතිවරයා ඔහුගේ අනුගාමිකයින් සහ සිංහයා මොල්ලිගොඩ නවතා තබා හඟුරන්කෙත තමන්ගේ මාලිගාව වෙත ඔවුන්ගේ පැමිණීම පමා කළේය. දේශගුණය නොගැළපීම නිසා ටික දිනකින් සිංහයා මියගිය අතර, තානාපතිවරයා සිංහයාගේ හම පිරිසිදු කර අඩු තරමින් එහෙම වත් රජු වෙත ප්‍රදානය කිරීමට සිතා එයත් රැගෙන හඟුරන්කෙත රජ වාසල වෙත පැමිණියේය. 

මේ වන විට ඔහු කොළඹින් පිටත් වී අවුරුදු තුනක් ගත ව තිබුණි.


කොළඹින් පිට වී බොහෝ කලක් අතරමග රැදී ඉන්නට සිදු වුන නිසා කෝපයට පත්ව සිටි තානාපතිවරයා ඉක්මනින් රජු මුණ ගැසීමට උත්සාහ කළේය. ඔහුගේ මෙම කලබල හැසිරීම ආරංචි වී කෝපයට පත් රජු එම තානාපතිවරයා එකම ස්ථානයේ එකම ආකාරයකට දවස් තුනක් සිරකර තබන්නට නියම කළේ ඔහුට ඉවසිලිවන්ත ක ම පුරුදු කරවීම සඳහා යයි කියනු ලැබේ.

තමන්ට මෙවැනි නොගැලපෙන ත්ය්‍යාගය ක් දුන් නිසා, එයට කදිම විහිළුවක් කිරීමට සිතූ රජතුමා එම තානාපතිවරයා අත ඒ කාලයේ වැරදිකරුවන් පාගා මරණයට පත් කිරීම සඳහා පාවිච්චි කළ, පසුව පාලනය කළ නොහැකි තත්ත්වයට පත් වී කර ගන්නට දෙයක් නොමැතිව සිටි සද්දන්ත කුලප්පු ඇතකු ලන්දේසීන් හට  තෑග්ගක් ලෙස යැවීය.

රජුගෙන් ලැබුණු තෑග්ගක් නොසලකා හැරීම රජුට කරණ අවනම්බුවක් ලෙස එකල සැලකුණු නිසා, ලන්දේසීන්ට බොහෝ වියදමක් කර තවත් අලි දෙදෙනෙකුත් ඒ සඳහා පාවිච්චි කර මේ අලියා මියයන තෙක් හොඳින් බලා ගැනීමට සිදුවිය. 


4 comments:

  1. මට නැගූණු ප්‍රශ්ණය-

    දැන් ඔය සිංහයා රැගෙන ආ ඕලන්දක්කාරයා වසර තුනක්ම (දවස් දාහක්) මග දිගට වේලි වේලී ආවා ද, නැතිනම් ලිංගික සම්බන්ධතා පවත්වන්නට ඇති ද?

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ලංකාවේ ඔව්වා බොහොම නිදහස් විදිහට තිබිලා තියෙන්නෙ, රොබට් නොක්ස්ගේ පොත කියෙව්වා නං තේරෙයි.
      ඒ මනුස්සයට අවශ්‍ය නම්, මේ රාජකීය ත්යාගය අරගෙන එන තානාපති තුමා ේ අවශ්‍යතාවන් සියල්ල අතරමගදී ලබාදෙන්න ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් ඇප කැප වී ඉන්න ඇති

      Delete
  2. The Dutch were the masters of exaggerated compliments when it came to Kandyan monarchs.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...