Wednesday, July 7, 2021

සභාපති මාඕ ගේ දත් ගැලවීම


 



1955 වර්ෂයේ වෛද්‍ය ලී සිසූ, සභාපති මාඕ ගේ පුද්ගලික වෛද්‍යවරයා ලෙස පත්කෙරින. මේ වනවිට මාඕ ගේ වයස අවුරුදු 62 ක් වූ අතර, ඔහු චීන සමුහාණ්ඩුවේ ප්‍රධානියා විය. මේ එම වෛද්‍යවරයාගේ පොතින් උපුටාගන්නා ලද්දකි.

මට ඔහුගේ අනාගත සෞඛ්‍ය තත්වය කලින් කලට සංසන්දනය කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය විය. ඒ අතරම ඔහුගේ අවසාන වෛද්‍ය පරීක්ෂණයකදී ඔහුගේ සුදු රුධිර සෛල වල ප්‍රමාණය සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ තිබෙන 6000 -8000 ට වඩා තරමක් වැඩි බව, 10000 බව සටහන් වී තිබුන නිසා, එයට හේතුව කුමක්දැයි මට දැනගැනීමටද වුවමනා විය. මාඕ යම් අසාධානයකින් පෙලෙයි. මට එයට හේතුව දැනගන්නට වුවමනා විය.

මම මුලදී මෙය සභාපතිවරයා සමග කතාකිරීමට මැලි වුනෙමි. ඔහු ඔහුගේ ශාරීරික ශක්තිය සහ නිරෝගීභාවය පිළිබඳව මහත් ආඩම්බරයෙන් පසුවූ අතර, වෛද්‍යවරුන්ට එතරම් කැමැත්තක් දැක්වුයේ නැත. 1951 වසරේ සෝවියට් වෛද්‍යවරුන් කණ්ඩායමක් ඔහු පරීක්ෂාකර ඇති අතර, ඔවුන් ගේ එම පරීක්ෂාව බොහෝ දීර්ඝ වූ නිසා ඔහු කෝපයට පත්වී ඇත.

අපගේ ඉංග්‍රීසි පාඩම මෙම ප්‍රශ්නය සාකච්ඡා කිරීමට අවස්ථාවක් කොට ගත්තෙමි - අපි මෙකල එන්ගල්ස් ගේ Socialism; utopian and scientific නමැති ඉංග්‍රීසි පොත කියවමින් සිටියෙමු. මම ඔහුට ඒ  පිළිබඳව පහදා දී ඔහුට සුළු අසාධාණයක් ඇති බව පැහැදිලි කලෙමි.

“ඇයි” ඔහුට දැනගැනීමට අවශ්‍ය විය. ඔහුට නවීන වෛද්‍ය විද්‍යාව ගැන කිසිම දැනුමක් තිබුනේ නැත.

“ඒක ලොකු ප්‍රශ්නයක් නොවෙයි” මම කීවෙමි. “මට දැනගන්නට ඕන කොතනද අසාධනය තියෙන්නේ කියල” මම පරීක්ෂා කරන්නේ ඔහුගේ සයිනස්, දත්, බෙල්ල, ප්රෝස්ට්‍රේට්, පමණක් පරීක්ෂා කරන බවත්, එයට පැය භාගයකට වඩා ගත නොවන බවත් කීවෙමි. ඔහු එකඟ විය.

ඔහුගේ නාසය සහ සයිනස් වල කිසිම ප්‍රශ්නයක් නොවීය. මම ඔහුගේ මුඛය පරීක්ෂා කලෙමි. මාඕ කිසිදිනෙක දත් මදින්නේ නැත. දකුණු චීනයේ බොහෝ ගැමියන් මෙන් ඔහුද උදයේ අවදි වූ පසු තේ කෝප්පයකින් කට සෝදාගෙන, කෝප්පයේ අඩියේ ඇති තේ කොළ ටිකද හපා කයි. දන්ත වෛද්‍ය වරයෙකුට ඔහුගේ මුඛය පෙන්වීමට ගත්තත් කිසිම උත්සාහයක් සාර්ථක වී නැත. පෙන්ග් දෙහුනි, කෙලින් කතාකරන හමුදා නායක සැමවිටම තම හිතේ තිබෙන දෑ මාඕට කීවේය. ඔහුද මට කීපවාරයක් මාඕ ගේ මුඛ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමට ඔහු ධෛර්යමත් කරන ලෙසට යෝජනා කළේය. “ මාඕ ගේ දත් හරියට කොලපාට පේන්ට් එකක් ගාල වගෙයි පෙනෙන්නේ” ඔහු මට වරක් කීවේය. මම මාඕ ගේ මුඛය තුල පරික්ෂා කලෙමි.

ඔහුගේ දත් සියල්ල කොලපාට ස්තරයකින් වැසි තිබුණි. කිහිපයක් හෙල්ලෙන බවද පෙනුනි. මම විදුරුමස ඇල්ලුවිට සැරව එලියට ගලා ආවේය. එම ආසාදනය බොහෝ වේදනා ගෙනදිය යුතු එකෙක් වුවද, මාඕ කවදාවත් ඒ පිළිබඳව කියා නැත. මාඕ ගේ තිබුණු වේදනා ඉවසා දරා ගැනීමේ හැකියාව සහ රෝග වලට සහ වෛද්‍යවරුන්ට ඇති අකමැත්ත මෙයට හේතුව වන්නට ඇත.

“ඔබට මේ ගැන යමක් කරන්නට පුලුවන්ද?” මා ඒ තත්වය පිළිබඳව ඔහුට පැහැදිලි කල පසු ඔහු මගෙන් ඇසුවේය. මගේ වෛද්‍ය පුහුණුවට දන්ත වෛද්‍ය අංශය ඇතුලත් නොවුණු නිසා, මේ සඳහා දන්ත වෛද්‍යවරයෙකු යොදවාගත යුතු බව මම ඔහුට කීවෙමි. මාඕ සිනහ විය. කන්ෆියුෂස් මෙසේ පැවසුවේය. “තමන් දන්නා දේ හා තමන් නොදන්නා දේ දැනගැනීම සත්‍ය දැනුම වේ.” ඔබ නොදන්නා දේ දන්නවා මෙන් ඔබ නොසිටින බව පෙනේ.

මම ඔහුගේ පුරස්ථි ග්‍රන්ථිය පරීක්ෂා කලෙමි. ඔහුගේ foreskin එක exceptionally තද වූ අතර ආපස්සට ඇදීමට අපහසු විය. ආසාදිත වීමට ඇති හැකියාව පිළිබඳව මම සැලකිලිමත් වීමි. සොන්නාන්හයි වලට පැමිණි පසු මාවෝ ස්නානය කිරීම නවතා තිබිණි. ඔහු එය කාලය නාස්ති කිරීමක් ලෙස දුටුවේය. ඒ වෙනුවට ඔහුගේ සේවකයින් ඔහුව උණුසුම් තෙත තුවායකින් පිස දැමුවහ. ඒ සෑම රාත්‍රියකම ඔහු ලිපිගොනු සමාලෝචනය කළ විට, කියවූ විට හෝ කතා කළ විටය.

ඔහුගේ වම වෘෂණය තරමක් කුඩාවූ බවද, දකුණු  වෘෂණය එම පැසට පත්වී නොතිබුණු බවද මම නිරීක්ෂණය කලෙමි. එලෙස පහතට නොබසින ලද වෘෂණයකින් කාම ශක්තිය අඩු නොකරන්නේ නමුදු එවැනි තත්වයක් පිළිකා තත්වයකට තුඩුදිය හැක. මෙම කාරණය පිළිබඳව මම පරීක්ෂාවෙන් සිටිය යුතුය.

මට ඔහුගේ ශුක්‍රානු සාම්පලයක් ආසාධනය පිළිබඳව සොයාබැලීමට අවශ්‍ය විය. ඔහුගේ ප්රෝස්ටේට් ග්‍රන්ථි කුඩා සහ මෘදු  ඒවා විය. මම එහි ද්‍රවණය විද්‍යාගාර පරීක්ෂණ සඳහා ලබා ගතිමි.

ටික දිනකට පසුව ඔහුගේ මුඛය පරීක්ෂා කිරීමට  බිජිං වෛද්‍ය විද්‍යාලයේ දන්ත වෛද්‍යවරයෙකු පිළියෙළ කිරීම සඳහා ඔහු කැමැත්ත දුන්නේය. ශැන්ග් නමැති ඔහු මගේ පාසල් මිතුරෙකු වූ අතර, වෛද්‍ය විද්‍යාලයේදී මට වඩා අවුරුදු 2 ක් ජේෂ්ඨ විය.

ඔහුගේ කොණ්ඩය කැපීමේදී මෙන්ම මුඛ පරික්ෂාවද සිදුකෙරුණේ ඔහුගේ නිවසේ Chrysanthemum fragrance study නමැති ශාලාවේදීය. ඔලුව ඉස්සෙන වේවැල් පුටුව දන්ත වෛද්‍යවරයා ගේ ආසනය බවට පත්විය. ඔහුගේ උපකරණ එලියට ගනිද්දී ශැන්ග් කලබලයට පත්ව සිටියේය. ඔහු මගේ මුඛ පරීක්ෂාවේ විස්තරද මාඕ ගේ පුරුදු සහ තරහ යාම පිළිබඳවද මගෙන් ඇසුවේය. මමද රැකියාවට පැමිණ මාස කිහිපයක් පමණක් ගතවී තිබුන නිසා මට ඒ පිළිබඳව පැහැදිලිව ඔහුට කියන්නට නුපුළුවන් විය. .....................ඊළඟ කොටස අනිද්දා 

  


1 comment:

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...