Monday, July 12, 2021

සභාපති මාඕ ගේ දත් ගැලවීම 4

 https://lakshmanillangakoon.blogspot.com/2021/07/3.html?m=1

එතැන් සිට


මාඕ  කුඩා කල ජීවත් වූ නිවස

"නැහැ මම කීවෙමි". මා පසුගිය ටිකේ පෙනිසිලින් සහ novocain එන්නත් කිහිපයක් ඔහුට ලබා දුන්නෙමි.

"ඇත්තෙන්ම අපි ඔහුගේ දත හිරි වට්ටන්න ඕනද"? දන්ත වෛද්‍යවරයා ඇසීය. මට ලේසියෙන්ම පුළුවන් ඒ දත ගලවන්න.

"මම හිතනවා ඒක පාවිච්චි කළා නම් හොඳයි කියලා එවිට ඔවුහු වඩා පහසුවෙන් මුහුණ දෙයි"

වෛද්‍යවරයා එම ඖෂධ පාවිච්චි කළ අතර දත පහසුවෙන්ම ගැලවී එළියට ආවේය.

"බ්‍රිතාන්‍ය ඇමෙරිකානු වෛද්‍ය ක්‍රමය ද ලොකු ජයග්‍රහණයක් ලැබුවා" සභාපති වරයා සතුටින් පැවසීය.

දින කිහිපයකට පසුව මාඕගේ සුදු සෛල ප්‍රමාණය සාමාන්‍ය ගණනට අඩුවිය.

මාඕ මෙයින් බොහෝ සතුටට පත් විය. අවුරුදු ගණනක් මගේ ශරීරයෙ තිබූ ප්‍රශ්නයක් ඔබ විසඳනු ලැබූවා. බ්‍රිතාන්‍ය ඇමෙරිකානු වෛද්‍ය ක්‍රමයට ජයග්‍රහණයක් ලැබුණා ඔහු ටික දිනකට පසු නැවත වරක් මට පැවසුවේය.

ඔහු මට කියා දත් බුරුසුවක් සහ toothpaste එකක් ගෙන්වාගෙන දත් මදින්නට ද පටන් ගත්තේය. එහෙත් දවස් කිහිපයක් මැදීමෙන් පසුව ඔහු එය නැවත වරක් නවතා දැම්මේය. නැවත වරක්  උදයට තේ කෝප්පයකින් කට සෝදා ගැනීමට ඔහු පටන් ගත්තේය.  ඔහුගේ අතහැර ගන්නට බැරිවුණු කුඩා කාලයේ ග්‍රාමීය පුරුදු වලින් මෙය ද එකක් විය.


ඒ අතරම මාඕ යම් වේලාවකට දෛනික රටාවකට වැඩ කිරීමට දැක්වූ අකමැත්ත ද මේ සඳහා හේතු වූ බව සිතමි. දත් මැදීම, උදයට මුහුණ සෝදා ගැනීම, වැනි සාමාන්‍ය දේවල් වලට ද ඔහු මෙලෙස අකමැත්තක් දැක්වීය.

කල්ගත වෙද්දී ඔහුගේ දත්වල ප්‍රශ්න තවත් වැඩි වූ අතර දන්ත වෛද්‍යවරුන් මුණගැසීමට ඇති අකමැත්ත ද එලෙසම තිබුණි. ඔහුගේ දත් කළු පැහැ ගැනුණු අතර වරින් වර ඒවා ගැලවෙන්නට ද පටන් ගත්තේය. 1970 වන විට ඔහුගේ උඩු තල්ලේ සියලු දත් වැටී තිබුණි. ඔහුගේ තොල්පට වලින් එම හිඩැස් වැසී තිබුණු නිසා ඔහු සිනා සෙත් දී හෝ කතා කරද්දී ඒ අඩුව බාහිරට පෙනුනේ නැත.

3 comments:

  1. ආසාවෙන් කියෙව්වා අපි දෙන්නම .

    ReplyDelete
  2. අම්මට සිරි මාර සිද්ධියක්නේ!?

    ReplyDelete
  3. මේ යකා ජීවිතයට නාන්නේ නැහැල්ලු.

    මිනිහා ලඟ කොච්චර ගඳ ද කියනවා නම් එක්වරක් විදේශ නියෝජිත පිරිසක් හමුවෙන්න යොදාගෙන තියෙන්නේ හරක් පට්ටියක්. ඒ එතකොට ගඳ එන්නේ කොහෙන්දැයි හිතාගන්න බැරි නිසා!

    ReplyDelete

රොබට් නොක්ස්

  එළදැත්තේ රොබට් නොක්ස් නැවතී ගොවිතැන්කළ  නිවස අසල පිහිටුවා ඇති ගල් කණුව HEREABOUTS DWELT ROBERT KNOX STEPHEN RUTLAND 1670–1679 AND WITH THE...