1959 සිට 1962 දක්වා කොමියුනිස්ට් චීනය සභාපති මාඕ ගේ මූලිකත්වයෙන් great leap forward නැමැති රට එක් වරම දියුණු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක විය.
වසර පහළොවත් තුළදී, එංගලන්තය තරමට දියුණු වීමට ඔවුන් සැලසුම් කළහ.
මේ සැලැස්ම සම්පූර්ණයෙන්ම වාගේ වැරදුණු අතර මෙයින් ඇතිවූ ආහාර හිඟයෙන් පමණක් චීන ජාතිකයන් මිලියන 50ක් පමණ මියගිය බවට ගණන් බලා ඇත. ඔවුන් විසින් මෙම සැලසුම පසුව නවතා දමන ලදී.
මෙම සැලසුම ක්‍රියාත්මක වන කාලයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ බොහෝ ප්‍රාදේශීය නායකයන් විසින් සභාපති මාඕ සතුටු කිරීමට සහ ඔහුගෙන් ොයෙකුත් ප්‍රයෝජන ලබාගැනීමට ඔහුට නොයෙකුත් දත්ත සහ තොරතුරු වැරදි ආකාරයට ඉදිරිපත් කර ෙම සැලසුම හොඳින් ක්‍රියාත්මක වන බව පෙන්වීමට කටයුතු කළහ.
මේ පිළිබඳව ඔහුට සැක සිතී ඔහු තමන්ගේ උපන් ගමට ගොස් එහි ඇති තත්ත්වය පරීක්ෂා කිරීමට කල්පනා කළේය.
ඔහුගේ පුද්ගලික වෛද්‍යවරයා විසින් සභාපති මාඕ මියගොස් කලකට පසු මෙම ගමන පිළිබඳව කර ඇති විස්තරය සිත් ගන්නා සුලුය.
"අප පිටත් වූ ජුනි 25 වන දින බොහෝ උණුසුම් සහ අව්වෙන් යුක්ත දවසක් විය. ග්‍රාමීය මාර්ග වැලි මාර්ග වූ අතර ඒවායේ දූවිලි පිරී තිබුණි. අප ගමන් කළ වාහනයේ වායු සමනය කර නොතිබුණු නිසා ජනෙල්වලින් දූවිලි ඇතුලට ඒම දිගටම සිදුවිය. අප ඒ ගමනෙදි කොතරම් දහඩිය දැම්මාද කිවහොත් අපි සියන්ටාන් ප්‍රදේශයට පැය දෙකකට පමණ පසු පැමිණ වාහනෙන් බහින විට අපි මඩ වලින් සාදන ලද්දන් මෙන් පෙනුනාට කිසිම සැකයක් නැත.
සියන්ටන් ප්‍රදේශයේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරයා අප පිළිගැනීමට පැමිණ සිටියේය. අවුරුදු දහසයකට පසු සභාපති මාඕ ගේ අනුප්‍රාප්තිකයා වූ මෙම පුද්ගලයා මට ජීවිතයේ ප්‍රථම වරට මුණ ගැසුණේ මෙතැනදීය. අපි ටික වේලාවක් එහි විවේක ගෙන ඉන්පසු ටිකක් ඇවිදින්නට ගියෙමු. ප්‍රදේශයේ පක්ෂයේ ලේකම්වරයා අප සමග නොපැමිණියේ ඔහු අසල දී සාමාන්‍ය ජනයා සභාපති මාඕට නිදහසේ කතා කිරීමට බිය වනු ඇතැයි මාඕ සිතූ බැවිනි.
මාඕ උපන්ෂොෂාන් ගමට එතැන සිට තවත් විනාඩි හතලිහක් වාහනයෙන් යා යුතු විය. ඒ ගමට පැමිණි පසු කන්ද මුදුනේ තිබූ කලකට පෙර ක්‍රිස්තියානි මිෂනාරිවරුන් පාවිච්චි කළ නිවාඩු නිකේතනයක මාඕ ලැගුම් ගත්තේය.
මම කන්ද පාමුල තිබූ පාසලක රාත්‍රියට නැවතුනෙමි. නමුත් මදුරුවන් සහ අධික උෂ්ණත්වය නිසා මට නිදා ගැනීමට නොහැකි විය.
උදේ 5 ට පමණ මාඕගේ නිලධාරියෙකු මට දුරකතනයෙන් කතා කළේය. මාඕ ද රාත්‍රියේ නිදා ගැනීමට නොහැකි වූ බවත් ඔහු උදේ ඇවිදීමට යන්නට මා හට ද කතා කළ බවත් කීවේය. මම ඔහු නැවතී සිටින තැනට ගොස් ඔහු මුණ ගැසුනෙමි. ඔහුත් මමත් තවත් නිළධාරීන් කිහිප දෙනෙකුත් ආරක්ෂක නිලධාරීන් බොහෝ දෙනෙකුත් සමග කන්දේ පහළට ඇවිදින්නට පටන් ගත්තෙමු. කන්දේ පහළ කුඩා පයින් කැලෑවක් තුළ පස් ගොඩ ගසා තිබුණු වල්බිහිවුණු සොහොනක් අසල ඔහු නැවතුණේය. ඔහු ටික වෙලාවක් එතන සිට ඉනෙන් නැවී එම සොහොනට ගෞරව කරන විට ඒ ඔහුගේ දෙමව්පියන් ගේ සොහොන යැයි මම දැනගත්තෙමි.
අපත් සමග සිටි ශේන්ටෝන්ග් ආරක්ෂක නිලධාරියා ඒ අසලින් කැළෑ මල් කිහිපයක් කඩාගෙන මාඕ අතට දුන්නේය. මාඕ එම මල් සොහොන මත තබා නැවත තුන් වරක් නැමී එයට ගෞරව කළේය. ඔහු සමග සිටි අනෙක් පුද්ගලයන් ද එසේ නැමී ඒ සොහොනට ගෞරව කළහ.
"මේ හරියෙ පොඩි සොහොන් කොතක් තිබුණා" මාඕ වටපිට බැලුවේය.
හුඟක් කල් ගිය නිසා ඒවා විනාශ වෙලා වෙන්න ඇති," මාඕ පැවසුවේය.
ඔහුගේ ලඟ නිලධාරියෙකු මෙම ස්ථානය ප්‍රකෘති තත්වයට පත්කර නඩත්තු කළ යුතු යැයි යෝජනා කළේය.
මාඕ එතරම් එයට කැමති වූයේ නැත. "අඩු තරමෙන් මේක අපිට හොයාගන්න පුළුවන් වුණ එකත් ලොකු දෙයක්" ඔහු කීවේය.
මාඕට මල්ලිලා හිටියා ද?
ReplyDelete