Thursday, July 8, 2021

සභාපති මාඕ ගේ දත් ගැලවීම 2

 https://lakshmanillangakoon.blogspot.com/2021/07/blog-post_7.html

සිට 



ඔහු දේවල් ඉක්මනින් කර ගැනීමට කැමති බවත් වැඩි කතා බහක් නොමැතිව කර ගැනීමට කැමති බවත් මම දන්නවා.”  මම එසේ කියා, මාඕ ඔහුව හමු වීමට එකඟ වී තිබූ බැවින් ඔහු සහය දැක්වීමට කළ හැකි සියල්ල සිදු කරනු ඇති බව සහතික කලෙමි.

අප සභාපතිව හමුවීමට යන විට ඔහු ඉතිහාසය පොතක් කියවමින් සිටියේය. අමුත්තන්ට ආචාර කරන විට ඔහු සැමවිටම පොතක් දරා සිටියේය. මාඕ යමෙකු මුලින්ම මුණගැසෙන විට තරමක් සබකොලයකින් පෙළුණේය. එමෙන්ම ඔහුව අර්ධ දෙවි කෙනෙක් ලෙස දුටුව අමුත්තන්ද, ඔහු ළඟ සිටිනා විට කලබලයට පත්ව සිටි බව ඔහු දැන සිටියේය. ඔහුට සැහැල්ලු වීමටත් දෙබස පටන් ගැනීමටත් පොත මගක් විය. විහිලු කතා සහ සාමිචි කතා කිරීම් වලිනුත් මිනිසුන්ට සැහැල්ලු වීමට උදව් කිරීමට ඔහු කැමැත්තක් දැක්වීය. ඔහු මේ සම්බන්ධව දක්ෂයෙකු විය. පළමු හමුවීමේදී සාමාන්‍යයෙන් ඔහු අවධානයෙන් යුතු  හා හාස්‍ය ජනක විය. මිනිසුන් පහසුවට පත් කිරීමෙන් ඔවුන්ට අවංකව කතා කිරීමට ඉඩ සැලසීමට ඔහුට හැකියාවක් තිබුණි. එය ඔහුගේ තොරතුරු එකතු කරන එක  ක්‍රමයක් විය.    

“ආ, එහෙනම් ඔබ ඇවිත්,” අපි දුටු විට මාඕ පැවසීය. ඔහු පොත පැත්තකින් තැබුවේය. පොත් කියවීමෙන් ඔබව ඇත්තටම සියල්ල අමතක කරන්න  පුලුවන්. ඔහු නැගිට, වෛද්‍ය සෑන්ග් සමඟ අතට අත දී ආචාර කළේය. ඉන්පසු ඔහු අපට හිඳ ගැනීමට සංඥා කළේය. 

අපට තේ පිලිගන්වින. ඔහුගේ ගෝලයකු ඔහුට තෙත තුවායක් පිළිගැන්විය. ඔහු එයින් තම මුහුණ සහ අත් ප්‍රවේශමෙන් පිරිසිදු කර ගත්තේය.

මාඕ ශැන්ග් ගේ මුල් නම ඇසුවේය. එය guang yan බවත් එහි තේරුම හැන් ජන කොට්ටාශය උත්කර්ෂයට නංවන්නා  බවත් ඔහු කීවේය. චීනයේ ජනයාගෙන් 91% ක් හන් ජාතිකයන්ය.

“ඔබ එහෙනම් හන් ජාතිය උත්කර්ෂයට නංවන්නට සැලසුම් කරනවා” මාඕ පිළිතුරු දුන්නේය. “Quing රාජධානිය එහි අවසාන කාලයේ මන්චුරීයා වට විරුද්ධව සටන් වදින කාලයේ නම් ඔබගේ මුල් නම බොහොම ජනප්‍රිය එකක් වෙන්නට ඇති”. Quing රාජධානිය මන්චුරියව විසින් අල්ලාගත් පසු එය හන් නොවූ අතර, ඔවුන් එකල චීන ජනයා විසින් විදේශිකයන් කොටසක් ලෙස සලකනු ලැබිය.

මාඕ ශැන්ග් කුමන පලාතෙන් දැයි ඇසුවිට ඔහු, මුලින් හිබෙයි පලාතෙන් බවත්, එහි තේරුම ගඟට උතුරෙන් යන්න බවත්, නමුත් ඔහු දීර්ඝ කාලයක් ජීවත් වුයේ ගංගා හතර නම් තේරුම් ඇති සිචුආන් පළාතේ බවත් කීවේය.

“අහා හිබෙයි පලාතෙන්, ඔබ දන්නවාද ඔය ගඟට උතුරෙන් කියන එකේ ගඟ මොකද්ද කියල” මාඕ ඇසුවේය.

“ඔව් ඒ yellow river එක” දන්ත වෛද්‍යවරයා පිළිතුරු දුන්නේය. මෙම ගඟ චීන ඉතිහාසයේ කිහිපවතාවක්ම තම ගලන මාර්ගය වෙනස්කර ඇති අතර, හිබෙයි පලාතට මෙම නම ලැබෙන විට එම පලාතට දකුණෙන් ගලා ඇත. නමුත් වර්තමානයේ එය එම දේශාංශ යේම බෝහි දකුණෙන් ශාන්දොන්ග් හරහා ගලයි.

මාඕ දුම්වැටියක් දල්වා ගත්තේය. “සිචුආන් වල ගංගාවල් හතර කියන්න පුලුවන්ද?”

ශැන්ග් එතරම් නොසිතා පිළිතුරු දුන්නේය. “මින්, ටුඕ, ජියලින්ග් සහ ජින්ෂා” ඔහු කීවේය.

මාඕ සිනාසී වෛද්‍යවරයා නිවැරදි කළේය.  “අන්තිම එක ජින්ෂා නෙවෙයි, මම හිතන්නේ ඒක වූ ගඟ, එය ජින්ෂා ගඟට වැඩිය ගොඩක් ලොකුයි”

ශැන්ග් ද සිනාසුනේය. “මට ඔලුවට ආවේ ඔබ සිචුආන් ගැන ලියපු කවියක පදයක්,

ජිනුෂා ගඟේ වතුර වැදුනි වලාකුළුවලින් වැසුණු ඉවුර මත

ඒ පදය නිසා මට හිතුනා ජිනුෂා තමයි ගඟ කියල”

මාඕ නැවත සිනාසුනේය “ඒක කවියක් පමණයි”  

  අද අවසන් කරන්නට සිටියද තවත් දවසකට යන්නට සිදුවන බව පෙනේ.




No comments:

Post a Comment

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...