Thursday, July 22, 2021

සෙන් කතා 2 - සරල ලෙස ජීවත් වීමෙන් ධර්මය අවබෝධ කර ගැනීම

 ඉතාමත් සැප පහසු ජීවිතයක් ගත කළ තරුණයෙක් ආචාර්ය වරයෙකු වෙත පැමිණ ධර්මය අවබෝධ කර ගැනීමට කොතරම් කලක් ගත වනු ඇද්දැයි ප්‍රශ්න කළේය. 


"ඔබගේ ඉතිරි මුළු ජීවිත කාලයම" ආචාර්යවරයා පිළිතුරු දුන්නේ ය


"මට ඒ තරම් කාලයක් බලා ඉන්නට බැහැ" තරුණයා කීවේය. "මම ඕනෑම දුෂ්කරතාවයකට මුහුණ දෙමින් ඔබගේ සුවච සේවකයා ලෙස වැඩ කිරීමට කැමතියි, ඒ විදිහට මට කොතරම් කාලයක් ගත වෙයි ද?"


"අවුරුදු දහයක් පමණ" පිළිතුර විය.


" එයත් ඉතාමත් දීර්ඝ වැඩියි"  තරුණයා තරමක් උස් හඬින් පිළිතුරු දුන්නේය.. "මගේ මවට ගොඩක් වයසයි මට ඇය බලා ගන්නටත් තියෙනවා, මම ඉතාමත් උවමනාවෙන් ඉගෙන ගත්තොත් මට කොච්චර කාලයක් යයිද?" 


"අවුරුදු තිහක් පමණ" ආචාර්යවරයා පිළිතුරු දුන්නේය.


" මොනවා?" ඔබ මුලින් 10 කිව්වා දැන් තිහක් කියනවා, මෙතෙක් ධර්මය අවබෝධ කරගන්න කිසිම කෙනෙක් මහන්සි නොවුන ලෙසට මහන්සි වෙන්න මං ලෑස්ති යි, අවබෝධ කරගන්න කෙටිම කාලය කොපමණක් වෙයිද?" 


" එහෙමනං ඔබට අවුරුදු හැත්තෑවක් පමණ ගතවෙයි, ඉවසීම අඩු කෙනකුට කාලය ගත වෙනවා වැඩියි" 


දීර්ඝ සුසුමක් හෙළමින් ආචාර්යවරයාට නැමී ගෞරව කළ සිසුවා ඔහු ආචාර්යවරයාගේ සේවකයෙකු ලෙස වැඩ කරමින් ධර්මය ඉගෙන ගැනීමට කැමැත්ත පළ කළේය.


අවුරුදු කිහිපයක් සිසුවා ආචාර්යවරයා සමග වැඩ කළේය. එහෙත් ඔහුට ධර්මය එතරම් ඉගෙන ගැනීමට ලැබුනේ නැත. ඔහු පන්සලේ ගෙවත්ත පිරිසිදු කළේය ආචාර්යවරයාගේ ආහාර පිස දුන්නේය ඇඳුම් සෝදා දුන්නේය, මිදුල අතු ගෑම කළේය.


කල් ගතවන විට ඔහු ධර්මය අවබෝධ කර ගැනීම ගැන සිතීම අඩුවී තමන් කරන දෛනික සරල කටයුතු වලින් සතුටක් ලබන්නට පටන් ගත්තේය. ඔහු වරින් වර තමන් වැරදි තීරණයක් ගත්තේ දැයි සිතුවද, දෛනිකව කරන වැඩ වලින් මහත් සතුටක් ලැබීය. අවුරුදු තුනකට පසුව ආචාර්යවරයා ඔහුට සරල භාවනා කටයුතු හුස්ම ගැනීමේ ව්‍යායාම වරින් වර ස්වල්ප ලෙස කියා දුන්නේය.

මෙම උපදෙස් සිසුවා උදේ සහ හවස පිළිපැද භාවනාවේ යෙදුණේය.


තවත් අවුරුදු තුනකට පසුව සිසුවා දිනක උදේ අවදිවී බලන විට තම ආචාර්යවරයා පන්සලේ නැති බව දැක්කේය. එසේම ඔහු නිතරම පාවිච්චි කළ ඔහුගේ සැරයටියට ගැටගසා තිබූ කුඩා ලිපියක් දුටුවේය.


" ඔබ දැන් මගේ ආශ්‍රමයේ ප්‍රධානියා වීමට සුදුසුකම් ලබා තිබෙනවා,

ඔබ තමන්ට නියමිත වැඩ ඉතාමත් ඕනෑකමින් කරන බවත් මා විසින් පවරනු ලැබූ සියලු කාර්යයන් උනන්දුවෙන් කරන බවත් මා දුටුවා"


,"මට දැන් ආපසු මගේ ගමට ගොස් තේ බොමින් දැලෙන් මාළු අල්ලමින් කාලය ගත කිරීමට පුළුවන, ඔබ දැන් ආචාර්ය වරයෙකු වීමට සුදුසුකම් සම්පූර්ණ කර තිබේ, මගේ සුභ පැතුම් පිළිගන්න"


එතැන් සිට, නුවණින්  වැඩුණු සිසුවා නොඉවසිලිවන්ත අලුත් සිසුනට ධර්මය කියා දීමට පටන් ගත්තේය. ඒ ඔහුත් මුහුකුරා ගොස්, ආපසු තම ගමට ගොස් තේ බොමින්, දැලෙන් මාළු ඇල්ලීමට කාලය පැමිණෙන තෙක් ය.









1 comment:

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...