Thursday, August 24, 2017

ස්කිනර් සහ කළුබණ්ඩා -4





http://lakshmanillangakoon.blogspot.com/2017/08/3_23.html


හි සිට " ස්කිනර් උන්නැහේ , දැන් මේ මට කියන්නෙ , අපි තරඟෙට , කන්ද නඟිමු කියලද ?' ඔහු සැක දුරු කර ගැනීමට ඇසුවේය. මේ තමන් අසන්නේ තමන් කිසි සේත් ඇසියයුතු ප්‍රශ්නයක් නොවන බව ඔහු හොඳින් දැන සිටිය නමුත් ප්‍රශ්නය එක්වරම ඔහුගේ මූවින් පිට වුයේ ඔහු එය පාලනය කරගන්නට පෙරය.

"නෑ ආරච්චිල, මම එහෙම කිව්වේ නැහැ, හැබැයි මම අහල තියෙන විදිහට නම් නිලමෙ බොහොම දක්ෂයෙක්, මම අන්තිමට පාර නගින එක බලාගෙන හිටපු විදානෙ මට කිව්ව ගිලිමලේ ආරච්චි ඇරෙන්ට මේ තුන් පත්තුවේම තමුන්නැහේ පරද්දන්ට කවුරුත් නෑ කියල, මමත් බොහොම සතුටුයි ඒ කියපු එක ඇත්තද බලන්ට , ඒ වුනාට තමුන්නැහෙම දැන් ඩිංගකට ඉස්සර කිව්වනෙ මේ රටේ මිනිස්සු තරඟ කරන්ට කැමති නැහැ කියල, අනික නිලමෙට දැන් වයසයි, මට කැමති නෑ තරඟයට නගින්ට,ඕන් ඔය කාරනා හින්ද " ස්කිනර් වචන හොඳින් තෝරා ගනිමින් හෙමින් පිළිතුරු දුන්නේය.

"ස්කිනර් උන්නැහේ  මෙහෙ කෑම්ප් එක ගහල කොච්චර කල්ද?" නැවත ඉඳ ගනිමින් කළුබණ්ඩා ආරච්චි ස්කිනර් ගෙන් ඇසුවේය.

" බදුලු පාර පටන්ගත්තෙ දැන් මාස හයකට ඉස්සර, මම මෙහෙට ඇවිල්ල මාස තුනයි , ඇයි නිලමේ එහෙම ඇහැව්වේ ?" ස්කිනර් තරමක කුතුහලයකින් ඇසීය.

" අහල තියෙනවද තමුන්නැහේ , ගිලීමලෙත් ඇත දත සුද්දෝ කියල කතාවක් ?"

" බොහොම ලස්සන කතාවක් නිලමේ, මට සතියකට වාගෙ ඉස්සර විදානෙ ඔය  කථාව තේරුමත් එක්කම කියල පැහැදිලි කොරලම දුන්න, අනික ලස්සන  විදානෙ ඕක පැහැදිලි කොරන කොට උදාහරණෙට ගත්තෙ කවුද, අපේ නිලමෙ  මයි   " කියූ ස්කිනර් පිළිතුරට තවත් කොටසක් පසුව එකතු කළේය. " මම නිලමෙ ඔහොම මෙහෙදී අහන ලස්සන කතා පොතක ලියාගන්නව , දැන් කතා 25 ක් විතර විස්තරත් එක්කම ලියල තියෙනවා"

" බොහොම හොඳයි, තමුන්නැහැලගේ ලිය කියවිලි වැඩ නම් පංකාදු පහයි, තව ටික කාලයක් යනකොට හැම දෙයක් ගැනම ලියවිලා තියෙයි, කිසි දෙයක් කාගෙන් හරි අහන්ට හරි එහෙමත් නැත්නම් ගොහිල්ල බලන්න හරි ඕනෑකමක් නැතිවෙයි, මයෙ හිතේ?" ආරච්චිල පොඩි විහිළුවකින් පටන්ගත්තේය. "ගිලිමලේ කතාවේ වගේ මම දත සුද්දෙක් තමයි, සුරුට්ටු ඔලට ඩිංගක් අව පාට වෙලා තිබ්බට, ඒ වුනාට මම ගිලිමලේ කථාව ගැන ඇහුවේ නම් එකට නෙවෙයි, අපේ මිනිස්සු තරඟ ඔලට කැමති නැති වුනාට , මම ඩිංගක් වෙනස් කියන්ට, මම කැමැතියි තමුන්නැහේ එක්ක සමර්ථ කම් බලන්ට, කවුද මුදුනට ගිහිල්ල මුලින්ම පහලට එන්නේ කියල." ආරච්චි දීර්ග පිළිතුරකින් සියලු ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ, ස්කිනර් ගේ සියලු කුකුස සන්සිඳු වමිනි.

"මට හිතුන ආරච්චිල මෙහෙම උත්තරයක් දෙයි කියල , නිලමෙට තරඟයක් දැක්කහම පැත්තකට වෙල ඉන්ට පුළුවන් මිනිහෙක් නෙවෙයි, තව සති දෙකකින් විතර අපි මේක ලැහැස්ති කර ගමු." ඔහු බෝතලයේ ඉතිරි ටික විදුරු දෙකට සමානව බෙදුවේය, ආරච්චිලාගේ විදුර ඔහු අතට දී තමන්ගේ විදුර ඉහලට එසෙව්වේය. " අපේ තරඟෙට " යයි පවසා ආරච්චිලාගේ විදුරට වද්දා , විදුරේ තිබූ සියල්ල පානය කළේය.

කළුබණ්ඩා මේ නුපුරුදු ක්‍රියාවෙන් තරමක් සබකෝලයට පත්වුනද , ස්කිනර් අනුගමනය කරමින් සම්පුර්ණ විදුරම මුවේ හලා ගත්තේය. 
ඊළඟ කොටසට ලින්ක් එක 
http://lakshmanillangakoon.blogspot.com/2017/08/4.html

3 comments:

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...