Wednesday, August 23, 2017

ස්කිනර් සහ කිරිබණ්ඩා - 2




http://lakshmanillangakoon.blogspot.com/2017/08/1_22.html
 හි දෙවැනි කොටස "ස්කිනර් මහත්තය රෑට කෑම ඩිංගක් කාලම යනවා නේද?" ඇය ස්කිනර් ට කෑමට ආරාධනා කළාය.

"නැහැ ලොකු මැණිකේ අද මම හැන්දෑවට දඩයමේ යන්ට දාගත්ත , මම ආයේ ආපුහාම නොවරදවාම ඉන්නව " ඔහු ඔලුව පැත්තකට නමා පිළිතුරු දුන්නේය.

"ලොකු නිලමේ එහෙම නම් මං හෙට හැන්දෑවට උකුනුගස් ටික මිට ගහල ගේන්නම්,මඩුවෙත් ටිකක් තිබ්බා" 

"හොඳයි නයිදෙ , උදලු ටිකත් තලල කැපුම් තියල ගන්ටත් කාලේ හරි වගේ, දැන් වටෙන් කලුකරන විදිහෙන් මේ පාර යලත් අපිට පාඩුවක් කොරන්නේ නැ වගෙයි " ආරච්චිල බටහිර අහස දෙස බලමින් සතුටු සිනහවක් මුවඟට නංවා ගත්තේය.

"සුදු මහත්තය දැන්මම යනවද අපේ නිලමෙ" මුල් නිරීක්ෂණයට පිළිතුරක් ආරච්චිල බලාපොරොත්තු නොවන බව දන්නා නයිදේ ඇසුවේය.

" ඇයි උන්නැහැ පරක්කු වෙනවානං   යනකං  උබට අශ්පයා පදින්ට පුරුදු වෙන්ටද ?

" අපිට මොන අශ්වයෝද නිලමෙ, අනික ගිය මිහිදු පෙරහැරටත් අශ්වයෝ පැද්දේ නැතුවය, පිදුරු අශ්වයෝ උනත්,මේ කොල්ලට මනාපයිලු , සුදු මහත්තය අශ්වය උඩට නඟිනව බලන්න" නයිදේත් අත හැරියේ නැත.

" මුන්නැහැ යන්ට තව ඩින්ගිත්තක් පරක්කු වෙයි, කොල්ලට ඕනෑම නම් පැත්තකට වෙලා ඉන්ට කියපං, නැත්තං වෙන වෙලාවක ඕක බලාගන්ට බැරි යැයි" කියූ ආරච්චිල නැවත අවධානය ස්කිනර් වෙතට  යොමු කළේය.


" ඉතින් තමුන්නැහේ කී පාරක් සමනලේ මුදුනට නැන්ගද? හත් අට පාරක් ඔය කියන විදිහට ?" ඔහු ස්කිනර් ගෙන් විමසුවේය. 

" හත් අට පාරක් නෙවෙයි ආරච්චිල,  තිස් හතලිස් පාරක්, මම එක දවසට දෙපාර නැගපු දවසුත් තියෙනව, නැගිල්ල පටන්ගන්න කාලෙ මම අපේ මැලේ රෙජිමේන්තුවේ සොල්දාදුවෝ තිස් දෙනාගෙන් 17 දෙනෙකුට පරදිනව, දහවෙනි පාර නගිද්දී මට කලින් බැස්සේ අපෙ සාජන් විතරයි. පහළොස් වෙනි පාර නගිද්දී මම සාජන්ට පැය 2 කට කලින් පල්ලහට ආව " ඔහු තමන්ගේ සමනල කන්ද නැගීමේ සම්පුර්ණ වාර්තාව ආරච්චිලට මහත් ආඩම්බරයෙන් ඉදිරිපත් කළේය.

" මේජර් උන්නැහේ මෙහෙ අපේ ගමේ කවුරුත් එකතු කරගෙන ගියේ නැද්ද සිරිපා  කරුණ කොරද්දී ?" කිරිබණ්ඩා ආරච්චිල ඇසුවේය. කොට බිත්ති බැම්ම උඩ කුඩා පිත්තල භාජනයක තබා තිබූ සුරුට්ටු බාගයක් පමණ පිච්චී අවසන් වි තිබුණු තම සුරුට්ටුව නැවත පත්තුකර ගත්තේය.

" පාරේ රාජකාරි වලට ආපු මිනිස්සු කියපු නගින්ට දක්ෂයෝ තුන් දෙනෙක් ඇර ගෙන ගියා සාජනුත් එක්ක, දවස් දෙකේම දෙන්න ආවෙ මමයි සාජනුයි මැද්දෙන්, මගේ කිට්ටුවටවත් එන්ට බැරිවුනා" ඔහු ආඩම්බරයෙන් සිනාසුනේය. " මට රෙස්පෙක්ට් කරන්ට පහු වෙනවද කියල සැකේට මම අන්තිමට කිව්ව, මම පහුකරගෙන දිනුවොත් පාරේ රාජකාරියෙනුත් නිදහස් කොරල තඹ සත පනහකුත් දෙනවා කිව්වා, ඒත් වැඩි වෙනසක් වුනේ නැහැ , කළු උස ඉලන්දාරියා මුදුනට නගිද්දී මගෙත් එක්ක හරි හරියට ආව , ඒත් පහලට එද්දී මට පැයක් පරක්කුයි."

"ඔය කියන ඉලංදාරි දෙන්නගේ හැඩ හුරුකම් මතකද? එකෙක් කලුයි හින්දැරියි , අනික පාටයි, ඒ වුනාට කොටයි , එහෙම නේද ස්කිනර් උන්නැහේ ? " ආරච්චිල ඇත අහස දෙස බලාගෙන ඇසුවේය. 

ඊලඟ කොටස 

http://lakshmanillangakoon.blogspot.com/2017/08/3_23.html   








7 comments:

  1. ලස්සන වගේම රසවත් නවකතාවක් මෙන් රසවිඳිය හැකි වියුණු සටහන් පෙලක්, ඔබගේ කතාවේ උපමා උපමේය වල ටිකක් ආර්. එල්. ස්පිට්ල් ටච් එක තියෙනවා වගෙයි. මේක හිස්ටොරිකල් ෆික්ෂන් ගණයේ නිර්මාණයක්. විශේෂයෙන්ම අර සුරුට්ටු පදම් කිරීම ගැන ලියපු විස්තරේ නම් පංකාදු පහයි. ඇත්තටම එහෙම කරාද ඉස්සර?

    ඊළඟ කොටසත් ඉක්මණින් දාන්න.

    ReplyDelete
    Replies
    1. මම පොඩි කාලේ මම දන්නා කෙනෙක් කරා

      Delete
  2. // උකුනුගස් ටික මිට ගහල ගේන්නම්// උකුනුගස් කියන්නෙ උකුුණු දැත්තමද? නැත්තම් ෙවන ෙමාකක් හරිද?

    ReplyDelete
  3. නුවර පැත්තෙ කියන්නෙ උකුනු ගහ. උකුනු දැත්ත මම අදයි ඇහුවෙ

    ReplyDelete
  4. අපි දෙන්නම එකම දෙයක් ගැනද මේ හිතන්නෙ කියල සැකයක් තියෙනව උකුනු ගහ මොනාකරන්නද පාවිච්චි කරන්නෙ?

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...