"තමුන්නැහැ හිතනවද බුට් සපත්තු දැම්මහම වැඩි වේගයකින් දුවන්ට පුළුවන් කියල?" ගිලිමලේ කිරිබණ්ඩා ආරච්චිල සිනාසෙමින් ඇසුවේය.
"මේ ඕල්ඩ් ටොම් ජින් බෝතලේ අපි දෙන්නටම මැලේරියා හැදෙන එක නවත්තනවා විශ්වාෂයි වාගේම ආරච්චි එකත් මට විශ්වාෂයි". කිරිබණ්ඩා ආරච්චිල සමඟ අමුතු හැඩයකින් යුත් බෝතලයකින් ඕල්ඩ් ටොම් නමැති ජින්, පානය කරමින් සිටි ආරච්චිල ගේ වයසින් භාගයක් පමණ පෙනුමකින්වූ යුතුවූ සුදු ජාතිකයා පිළිතුරු දුන්නේ තවත් ආරච්චිල
දෙසට තම පුටුව ඇද කිට්ටු වෙමිනි.
ආරච්චිල හාන්සි පුටුවේ දිග ඇදී වාඩිවී එක කකුලක් දිගු කරන ලද අත් රඳනය මතට දමා ගෙන අනික් අත් රදනයේ තිබු තම හිස් විදුර දෙස බලාගෙන කල්පනාවට වැටුනේය.
"පොඩි සන්දියේ ඉඳල සපත්තු දාපු කෙනෙකුට නම් ඒ කියමන හරි ඇති, ඒ වුනාට අපි වාගේ ජීවිතේට සපත්තුවක් නොදාපු යටි පල්ල හයි වෙච්චි කෙනෙකුට නම් මයේ හිතේ සපත්තු නැතුව දුවන එක ලේසියි." ආරච්චිල සිනාසෙමින් කිවේය.
"නිලමේට දැන් වයස කියක් වෙනවද ? " මේජර් ස්කිනර් ඇසුවේ දිග පිළිතුරක් බලාපොරොත්තු වෙමිනි.මක්නිසාද , ලංකාවේ බොහෝ දෙනෙකු එකල තම වයස වෙනත් යම් විශේෂ සිද්දියකට ඈදා කියන්නට පුරුදුව සිටි නිසාය.
"මේ එන වෙසක් පෝයට මට පනස් දෙකයි, තමුන්නාන්සේට කියද ? " ආරච්චිල උත්තරය තවත් ප්‍රශ්නයක් කළේය.
"මට විසි හතයි, නිලමේගේ වයසෙන් භාගෙකට එකක් එකතු කරා වාගේ." ස්කිනර් පිළිතුරට කුඩා ගණිත අලංකාරයක් එකතු කළේය.
"මම අහල තියෙනව නිලමේ මේ පැත්තටම හිටපු ශක්තිවන්තම මනුස්සයා කියල", කියා අවසන් කරද්දීම වාගේ කිසිවක් මතක් වූ ලෙස ස්කිනර් "ඉලංදාරි කාලේ " යනුවෙන් පොඩි සුදුසුකමක් එකතු කළේය.
"කවුද තමුන්නැහේට කිව්වේ" කිරිබණ්ඩා ආරච්ච්ල තම පසුපසට කුඩාවට ගැට ගසා තිබුණු කොණ්ඩය ගලවා නැවත ගැට ගැසුවේය. කොන්ඩයෙන් භාගයක් පමණ සුදු පහ ගැන්වී ඇති අයුරු ස්කිනර් නිරීක්ෂණය කළේය.
"ඕක කොච්චර ප්‍රසිද්ද කතාවක්ද කිව්වොත් නුවර රෙසිඩන්සිත් දන්නවා"මේජර් ස්කිනර් පොඩි විහිළුවක් කළේය. "අර ගිය සතියේ බීපු සුරුට්ටු නිලමේ ගාව ඉතුරු නැද්ද "
"මගෙ ගාව තිබ්බ පේදුරු තුඩුවෙ චෙට්ටියාර් ගිට මාසෙ එවපු සුරුට්ටු නං ඉවරයි, මං තිබ්බ යාපනේ සුරුට්ටු හතරක් දවසක් මඩේ ඔබල තියල ගත්ත , එහෙම තියල හෙවනේ වේලලා ගත්තහම පංකාදු පහයි, චෙට්ටියාර් ගෙ එව්වට දෙවෙනි නැ " නිලමේ මෙහෙකරුවෙකුට අඬගසා සුරුට්ටු දෙකක් ගෙන්වා ගෙන එකක් ස්කිනර්ට දී තමනුත් එකක් පත්තු කර ගත්තේය.
ස්කිනර් තම සුරුට්ටුව නහයට තබා ඉඹ බැලුවේය. නැවත වරක් නහයට තබා පරික්ෂා කර පෙඩියා අතතිබු ගිනි පෙනෙල්ලෙන් පත්තු කර ගත්තේය.
“ඇත්තම තමයි නිලමෙ, පංකාදු පහටත් වැඩියි, හියුමිඩේටර් ඒකක තියල ගත්ත වගෙයි, මේ සුරුට්ටු මඬේ දාන එකට නිලමේට පේටන්ට් එකක් ගන්න පුළුවන් "
ඔහුගේ වාක්‍යයේ අවසාන කොටස ආරච්චිලට ඇහුනේ නැත. ඒ උඩුකය නිරාවරණය කරගත් තැනැත්තෙකු ගල් පඩි පෙලෙන් උඩට නැග කරේ තිබු තුවාය අතට ගෙන ඔලුව නමා ආචාර කරනු දැක ඒ දෙස බලනවිට ඔහුගේ අවධානය බිඳී ගිය නිසාය.
" ආම්පන්න ටික කැපුම් කරගෙන ආව අපේ නිලමෙ" යයි ඔහු කියද්දීම ඔහුත් සමග පැමිණි ඔහුගේ ගෝලයා ඔහුගේ කරේ තිබුණු දැකැති මිටිය බිමින් තැබුවේය.
" හොඳයි, හීන් අක්කා... අපි හපුගස්වෙලේ ගොයම් කපන්ට යොදා ගත්තේ අනිද්දට නේද "
ඒ ඇසුණු කිරිබන්ඩාගේ වයසේම එහෙත් ඔහුට වඩා පැහැපත් කාන්තාවක සාලයට පැමිණියාය.
"ඉන්අනිද්දට බණ්ඩා , ඔය ඩිංගට ඕකත් අමතක උනාද" ඇසු ඇ ස්කිනර් දෙසට හැරුණාය.
ඊළඟ කොටසට ලින්ක් එක
http://lakshmanillangakoon.blogspot.com/2017/08/2_23.html
මේජර් ස්කිනර් ලංකාවට එනකොට අවු 15 ද කොහෙද නේද?
ReplyDeleteආමි එකේ Ensign කෙනෙක් විදිහට මන් හිතන්නෙ
මාත් මේ මුහන්දිරම් කෙනෙක්ගේ කතාවක් ලියන්න අරන්.. මගින් නවත්තල ඉන්නේ..
ReplyDeleteමේ ඉතිහාසයද? ප්‍්‍්‍්‍්‍රබන්ධයක්ද? ෙකාහොමඋනත් මරු
ReplyDeleteමාත් බැලුවෙ ඇත්තම සිද්දියක් ද කතාවක් ද කියල...???
ReplyDeleteඅයිතිහාසික ප්‍රබන්දයක්
ReplyDelete