Tuesday, September 20, 2016

LTTE ය අවසන් වීමට හේතුව කුමක් විය හැකිද?











LTTE ය අවසන් වූයේ කෙසේදැයි ලන්කාවෙි  බොහෝ දෙන නොයෙකුත් හේතු කියති.   ත්‍රස්තවාදී කණ්ඩායමක් අවසන් වන්නේ කෙසේදැයි සොයා ගැනීමට බොහෝ දෙනා උත්සාහ කර තිබේ. ලෝකයේ මෙතෙක් ඇති වූ බොහෝ ත්‍රස්තවාදී කණ්ඩායම් දශකයක් දෙකක් යනවිට ඉබේම නැති වී යන ආකාරයක් ඉතිහාසයෙන් පෙනෙන්නට තිබේ. මෙම ශතවර්ෂයේ මුල් කාලයේ ත්‍රස්තවාදය පණගැන්වුනේ අරාජික කුමන්ත්‍රණ කරුවන් විසිනි. එහෙත් එය එකලම කාලයත් සමග වැලලී ගියේය.

මෙවැනි ත්‍රස්තවාදී පරම්පරා හතරක් පසුගිය ශතවර්ෂයේ මතු වී ඇත. අරාජිකත්වය, නිදහස සදහා වූ අරගල, වමේ විප්ලව සහ දැන් පවතින ආගමික අරගල මෙම පරම්පරා හතර වෙයි. මෙම සෑම ත්‍රස්තවාදී පරම්පරාවක්ම එක් මිනිස් පරම්පරාවක් (අවුරුදු 30/40) පමන පැවතින.  සාමාන්‍යයෙන් ඉතිහාසය දෙස බලන විට බොහොමයක් ත්‍රස්තවාදී කණ්ඩායම්වල ආයු කාලය වී ඇත්තේ අවුරුදු 10 ක් පමණය.

දැනට පෙනෙන පරිදි ත්‍රස්තවාදී කණඩායමක් අවසන් වීමට පහත සදහන් හේතු වලින් එකක් හෝ කිහිපයක් බොහෝ විට හේතු වේ. 
1.බාහිරින් මර්ධනය කිරිම.
2.ඇතුලතින් කඩා වැටීම.
3.ජනයා ප්‍රතික්ෂේප කිරීම.
4.අරමුණු ඉටුකර ගැනීම.

ත්‍රස්තවාදය වැලැක්වීම සදහා වූ  මෙමෝරියල් ආයතනයේ දත්තයන්ට අනුව, ලොව මෑතු යුගයේ ඇති වූ ත්‍රස්තවාදී කණ්ඩායම් අවසන් වීමට හේතු වී සාධක වී ඇති කරුණු පහත පරිදිය.  

ප්‍රතිඵලය
වාර ගණන
ප්‍රතිශතය %
කණ්ඩායමේ නායකයා මරා දැමීම හෝ අල්ලා ගැනීම.

71
30.6
රජය මගින් මැඩපත් කිරීම.  
51
21.9
අවිහිංසාවාදී ක්‍රම අනුගමනය කිරීමට පෙලබීම.
29
12.5
තවත් ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග එකතුවීම.  
28
12.1
අරමුණු ඉටුකර ගැනීම.
18
7.7
මහජන සහය නැතිවීම.
10
4.3
කණ්ඩායම තුල බල අරගල සහ මතබේදයන් ඇතිවීම.
8
3.4
පෙර උදව් කල රාජ්‍යයන් උදව් නැවැත්වීම.
8
3.4
අලුත් පරම්පරාවක් බදවා ගැනීමට අසමත්වීම.
6
2.5
කණ්ඩායම වෙනත් ක්‍රමයක හිංසා ක්‍රමයන්ට යොමුවීම.
3
1.2



















LTTE ය අවසන් වූයේ මෙයින් කුමන හේතුවක් හෝ හේතු නිසාද? බැලූ බැල්මටම පෙනෙන්නේ ලොව මෑතකාලයේ ත්‍රස්තවාදී ඉතිහාසයේ 71 ක් වරක් සිදු වී ඇති ලෙසට කණ්ඩායම් නායකයා මරා දෑමීම් නිසා බවය. එහෙත් මෙහි සදහන් තවත් කරුනු කිහිපයක්ම මේ සදහා හේතු භූත වූ බව පෙනේ. රජය මගින් මැඩපත් කිරීම, කණ්ඩායම තුල අරගල සහ මතබේද ඇතිවීම Karuna faction) සහ පෙර උදව්කල රාජ්‍යයන් උදව් නැවැත්වීම (India and west) මෙයින් ප්‍රධාන තැනක් ගන්නා බව පෙනේ.


ඇත්තෙන්ම LTTE ත්‍රස්තවාදය කණ්ඩායමක් ලෙස අවසන් වීමට ප්‍රධානතම හේතුවක් වූයේ එතෙක් භාහිරින් ලැබුනු උදව් උපකාර නොමැති වීමය. නොමැති වීමටත් වඩා එම පෙරදී උදව්කල රටවල් ඔවුනට විරුද්ධව ශ්‍රී ලංකා රජයට උදව් කිරීමය. විශේෂයෙන්ම එක්සත් ජනපදය මේ සදහා කරන ලද කාර්යභාරය, තොරතුරු, සහ උපකරණ ලබා දීමෙන්, විශේෂයෙන් කැපී පෙනේ.   

2 comments:

  1. // විශේෂයෙන්ම එක්සත් ජනපදය මේ සදහා කරන ලද කාර්යභාරය, තොරතුරු, සහ උපකරණ ලබා දීමෙන්, විශේෂයෙන් කැපී පෙනේ. //
    ඒ කියන්නෙ මෙතෙක් යුද්ධය පවත්වාගන ඒමට ඔවුන්ගේ ආධාර,අනුබලය,ආශීර්වාදය ලැබුනු බව නේද?
    මෙතෙක් රටේ විදෙස් ප්‍රතිපත්ති ගැනත් ගැටළුවක් පැන නඟිනවා එතකොට.
    ජයවේවා..!!

    ReplyDelete
  2. යුද්ධය පවත්වා ගෙන යන්නට නොවේ. යුද්ධය ඉක්මනින් අවසන් කරන්නට.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...