Thursday, September 22, 2016

LTTE ය අවසන් වීමට හේතුව කුමක් විය හැකිද?








LTTE ය අවසන් වීමට හේතුව කුමක් විය හැකිද?











LTTE ය අවසන් වූයේ කෙසේදැයි ලන්කාවෙි  බොහෝ දෙන නොයෙකුත් හේතු කියති.   ත්‍රස්තවාදී කණ්ඩායමක් අවසන් වන්නේ කෙසේදැයි සොයා ගැනීමට බොහෝ දෙනා උත්සාහ කර තිබේ. ලෝකයේ මෙතෙක් ඇති වූ බොහෝ ත්‍රස්තවාදී කණ්ඩායම් දශකයක් දෙකක් යනවිට ඉබේම නැති වී යන ආකාරයක් ඉතිහාසයෙන් පෙනෙන්නට තිබේ. මෙම ශතවර්ෂයේ මුල් කාලයේ ත්‍රස්තවාදය පණගැන්වුනේ අරාජික කුමන්ත්‍රණ කරුවන් විසිනි. එහෙත් එය එකලම කාලයත් සමග වැලලී ගියේය.

මෙවැනි ත්‍රස්තවාදී පරම්පරා හතරක් පසුගිය ශතවර්ෂයේ මතු වී ඇත. අරාජිකත්වය, නිදහස සදහා වූ අරගල, වමේ විප්ලව සහ දැන් පවතින ආගමික අරගල මෙම පරම්පරා හතර වෙයි. මෙම සෑම ත්‍රස්තවාදී පරම්පරාවක්ම එක් මිනිස් පරම්පරාවක් (අවුරුදු 30/40) පමන පැවතින.  සාමාන්‍යයෙන් ඉතිහාසය දෙස බලන විට බොහොමයක් ත්‍රස්තවාදී කණ්ඩායම්වල ආයු කාලය වී ඇත්තේ අවුරුදු 10 ක් පමණය.

දැනට පෙනෙන පරිදි ත්‍රස්තවාදී කණඩායමක් අවසන් වීමට පහත සදහන් හේතු වලින් එකක් හෝ කිහිපයක් බොහෝ විට හේතු වේ. 
1.බාහිරින් මර්ධනය කිරිම.
2.ඇතුලතින් කඩා වැටීම.
3.ජනයා ප්‍රතික්ෂේප කිරීම.
4.අරමුණු ඉටුකර ගැනීම.

ත්‍රස්තවාදය වැලැක්වීම සදහා වූ  මෙමෝරියල් ආයතනයේ දත්තයන්ට අනුව, ලොව මෑතු යුගයේ ඇති වූ ත්‍රස්තවාදී කණ්ඩායම් අවසන් වීමට හේතු වී සාධක වී ඇති කරුණු පහත පරිදිය.  

ප්‍රතිඵලය
වාර ගණන
ප්‍රතිශතය %
කණ්ඩායමේ නායකයා මරා දැමීම හෝ අල්ලා ගැනීම.

71
30.6
රජය මගින් මැඩපත් කිරීම.  
51
21.9
අවිහිංසාවාදී ක්‍රම අනුගමනය කිරීමට පෙලබීම.
29
12.5
තවත් ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග එකතුවීම.  
28
12.1
අරමුණු ඉටුකර ගැනීම.
18
7.7
මහජන සහය නැතිවීම.
10
4.3
කණ්ඩායම තුල බල අරගල සහ මතබේදයන් ඇතිවීම.
8
3.4
පෙර උදව් කල රාජ්‍යයන් උදව් නැවැත්වීම.
8
3.4
අලුත් පරම්පරාවක් බදවා ගැනීමට අසමත්වීම.
6
2.5
කණ්ඩායම වෙනත් ක්‍රමයක හිංසා ක්‍රමයන්ට යොමුවීම.
3
1.2



















LTTE ය අවසන් වූයේ මෙයින් කුමන හේතුවක් හෝ හේතු නිසාද? බැලූ බැල්මටම පෙනෙන්නේ ලොව මෑතකාලයේ ත්‍රස්තවාදී ඉතිහාසයේ 71 ක් වරක් සිදු වී ඇති ලෙසට කණ්ඩායම් නායකයා මරා දෑමීම් නිසා බවය. එහෙත් මෙහි සදහන් තවත් කරුනු කිහිපයක්ම මේ සදහා හේතු භූත වූ බව පෙනේ. රජය මගින් මැඩපත් කිරීම, කණ්ඩායම තුල අරගල සහ මතබේද ඇතිවීම Karuna faction) සහ පෙර උදව්කල රාජ්‍යයන් උදව් නැවැත්වීම(India and west) මෙයින් ප්‍රධාන තැනක් ගන්නා බව පෙනේ.


ඇත්තෙන්ම LTTE ත්‍රස්තවාදය කණ්ඩායමක් ලෙස අවසන් වීමට ප්‍රධානතම හේතුවක් වූයේ එතෙක් භාහිරින් ලැබුනු උදව් උපකාර නොමැති වීමය. නොමැති වීමටත් වඩා එම පෙරදී උදව්කල රටවල් ඔවුනට විරුද්ධව ශ්‍රී ලංකා රජයට උදව් කිරීමය. විශේෂයෙන්ම එක්සත් ජනපදය මේ සදහා කරන ලද කාර්යභාරය, තොරතුරු, සහ උපකරණ ලබා දීමෙන්, විශේෂයෙන් කැපී පෙනේ.   

මේ සම්බන්ධව කවුරුත් කතා නොකිරීමම පුදුම සහගතය. මේවා ගැන කතා කිරීම ගැන එතරම් උනන්දුවක් අප සමාජය තුල ඇත්තේ නැද්ද? 

4 comments:

  1. නාවික හමුදාව විසින්...LTTEයට අයත් කාලතුවක්කු උණ්ඩ සහ වෙනත් අවි ප්‍රවාහනය කරන විශාල ප්‍රමාණයේ නැව් තුනක්...එකළඟ දිනවලදී විනාශ කිරීමද ප්‍රධාන හේතුවක් විය...ප්‍රභාකරන්ගේ සාක්කූ හිස් බව තමිලිනී කිව්වේ එබැවිණි.

    ReplyDelete
  2. yes Sarath, it was the apparent reason but reason behind it was also countries hitherto supporting them turning other way ie USA

    ReplyDelete
  3. ඔබතුමා මොනවද මේ කියන්නේ ...ඔයිට වඩා මොනතරම් උනන්දු වෙන දේවල් තියෙනවද මේ රටේ..හවස හතේ ඉදන් රාත්‍රී දාහය වෙනකල් යන ඉන්දියන් නාට්ටි ටික බැලුවම මොන තරම් දැනුමක් ගන්න පුලුවන්ද අපිට ...

    ReplyDelete

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...