යුද්ධයන්හි පසු
විපරම; ඉතිහාසයෙන් පටන් ගනිමු. part two
6. සතුරා
රැවටීම (deception). අනුරාධපුර කලත්වැව පැවති
එළාර සමග අවසාන මහා සටනේදී ගැමුණු රජු තම හමුදාව බල ඇණි 32 කට බෙදා සෑම බල ඇනියකම
තමන් සිටින බව පෙන්වීමට රාජ සලකුනු සහිතව පිලිරුව බැගින් තැබුවේය. මෙයින් ඇති කරන
ලද ව්‍යාකූලතාවයෙන් සතුරා විශේෂයෙන් ඔවුන්ගේ අති දක්ෂ දීඝජන්තු සෙනවියා මහත් ව්‍යාකූලත්වයට
පත්කල බව පෙනේ.
7.තමන්ට ලබාගත
හැකි සෑම උපකාරයක් ගැනම කලින් නොසිතීම. එළාරගේ ප්‍රධාන සෙනවියා වන දීඝජන්තු
විජිතපුර කඩා වැටැනු විට තමාගේ බෑනා ඉන්දියාවේ සෙනවියෙකු බව දන්වා ඔහුගෙන් උපකාර
ඉල්ලා ලිපියක් යවයි. භල්ලුක නම් ඔහු හමුදාවකින් මන්නාරමෙන් ගොඩ බසින්නේ, අවසාන
යුද්ධයෙන් එළාර රජු පැරදී මියගිය දවස් 7 කින් පසුවය. ඔවුන් මෙම පණිවිඩය එළාර රජු
මහියංගනයට පහර දෙන අවදියේ හැරියේ නම්, එළාර රජුට ගැමුණු රජුගේ හමුදාව අනුරාධපුරය
අසලදී සැන්විච් කර පහසුවෙන් පරාජය කිරිමට ඉඩ තිබුණි.
මෙලෙසම ගැමුණු
රජු කැළණියේ සිටින තම මවගේ පියාගෙන් හෝ ඔවුන්ගේ රාජධානියෙන් යුද්ධය සදහා උපකාර
නොඉල්ලීමද කුතුහලය ගෙනදේ.
8.යුද්ධයේදී
අහංකාරය හෝ අහම්මානය ඔබ විනාශ කරයි. ගැමුණු රජු, ඉන්දියාවේ සිට පැමිණෙන දීඝජන්තුගේ
බෑනා වන භල්ලුක සමග සටනට යන්නේ ඵුස්සදේව
සමග කණ්ඩුල පිටය. සටන පවතිද්දී ගැමුණු රජු කඩුවේ තලයෙන් කට වසාගෙන භල්ලුකට ආක්‍රෝශ
පරිභව කරයි. භල්ලුක මේ නිසා ගැමුණුගේ කටටම විඳිය යුතුයැයි සිතයි. ඊතලය කඩුවේ වැදී
පැත්තකට විසි වෙයි.
ඵුස්සදේව මේ
අතර ඊතල දෙකක් විඳියි. පලමු වැන්න භල්ලුකගේ කට පසාරු කරගෙන යයි. දෙවැන්න භල්ලුක
වැටෙන විට කකුල් දෙක රජු වෙතට හැරී රජුට අපහාස වීම වැලැක්වීමටය. එම හීයෙන් ඔහු රජු
පැත්තට ඔලුව හරවාගෙන වැටෙයි.
භල්ලුක මුලින්ම
රජුගේ කටටම විඳින්නේ නැතුව ශරීරයේ වෙනත් තැනකට විඳ පහසුවෙන්ම රජු මරා දමන්නට
හැකියාවක් තිබුනු බව පෙනේ.
9.යුද්ධයේදී
සටන් පමණක් නොව වෙනත් උපක්‍රමයන්ද පාවිච්චි කිරීම. මහියංගනයේ සිට අනුරාධපුරය දක්වා
යන ගමනේදී ඉතාමත් දුෂ්කර බලකොටු දෙකකදී, ගැමුණු රජු යුධ නොකර වෙනත් උපක්‍රමයන් ගෙන්
ඒවා නතුකර ගනී. ඔහු දමිළතිත්තඹ බලකොටුව උපායෙන්, තම මව පෙන්වා දිනා ගත් බව මහා
වංශය කියයි. මෙහි හරි තේරුම පැහැදිලි නොමැති වුවද ‘විවාහකරනලෙසන‘ නැමැති ටීකාවෙන්
මෙය විවාහ සම්බන්ධ පොරොන්දුවක් යැයි සැක කල හැක. එලෙසම මහේල නැමැති පාලකයා මහේල
නගරයේදී ඉතා දුෂ්කර බලකොටුවක සිට සටන් කරන විට මන්ත්‍ර යුද්ධයෙන් ජයගත් බව පැවසේ.
10.සේනා
සංවිධානය. මහවැලි ගඟේ තොටුපල ආශ්‍රිත බලකොටු ගැනීමට සටන් කරද්දී තමන්ගේ සේනාව
එකිනෙකා හඳුනා ගැනීමට නොහැකිව මිය යන බව දැනගත් ගැමුණු රජු අධිෂ්ඨානයක් කර එය
වලක්වා ගත් බව සඳහන් වෙයි. මෙහිදී තම හේවායන්ට ඔවුන්ගේ සහෝදර භටයන් යම්
දිලිසීමකින් හඳුනාගත හැකි බව සඳහන් වුවද මෙවැනි ප්‍රශ්නයක් ඇති බව දැන ගැනීමත්, ඒ
සදහා යම් පිලියමක් යෙදීමත් සිදු වී ඇති බව පෙනේ. තම හමුදාවේ ඇති අඩුපාඩු සොයා ඒවාට
විසදුම් ලබාදීම මෙයින් ඉගෙන ගත හැකි පාඩමයි.
11.යුද්ධය දිනූ
පසු සතුරාට ගෞරව කර එය අවසන් කිරීම. ගැමුණු රජතුමා, එළාර රජු මියගිය ස්ථානයට අඩබෙර
ගසා සැතපුම් 8 ක් පමණ ඇතුලත වාසය කරන සියලුම පුරවැසියන් කැඳවා, රාජකීය අවමගුල්
උත්සවයක් පවත්වා එම ස්ථානයේ වෙහෙරක් කරවීය. ඉන්පසු එම ස්මාරකය අසලින් රාජකීය
පෙරහැරක් වත් ශබ්ද නොනැගිය යුතු බව නියම කලේය. මෙවැනි ගෞරව කිරීම් වලින් යුද්ධයෙන්
පසු ඇතිවිය හැකි වේදනා සහ ක්‍රෝධයන් සමනය වීමක් සිදුවේ.
එළාරගේ (එල්ලාලන්) හමුදාවේ සිංහල අයත් හිටියා. දුටුගැමුණුගේ හමුදාවේ දෙමළ අයත් හිටියා.
ReplyDeleteලංකා ඉතිහාසයේ මෙවැනි විශ්මය ජනක ප්‍රහාරයක් පොළොන්නරුවට එල්ල කල පළමුවැනි විජයබාහු රජතුමා, හමුදා (Army) තුනක්, තුන් පැත්තකින් යවා, පොළොන්නරුවට පහරදීම, ලෝකයම පුදුම කරවන යුද සැලැස්මක්.
දුටුගැමුණු ඔය ලොකු ගේමක් දුන්නයි කීවට, එළාර යුද්ධයට සුදානම් රජෙක් නොවන්නට ඇති.
ReplyDeleteහරියට පොලිස් කාරයෝ රංචුවකට පොල් ගෙඩියක් හොරෙන් අහුලගත්ත එකෙක් අහු උනා වගේ දුටුගැමුණුත් බැස්ටිය දෙන්න ඇති.
එළාර ගැන කියවෙන අනෙක් විස්තර කතා ගැන සලකා බලන කොට, එවැනි සාධාරණ රජෙක්ට ටර වැසියාගේ ජීවන තත්වය ඉහල නැංවීම හැර යුද්ධ කිරීමේ අදහසක් හෝ ඕනෑකමක් නොතිබෙන්නට ඇති . උදාහරණයකට ටිබෙට් රටට චීනෙන් ගහන කොට මොකද උනේ.
ආසාවෙන් කියෙව්වා.
ReplyDeleteජයවේවා..!!