This is the final installment of four episodes that appeared in this blog earlier with same title
30.
වීරසේකර
සහ ළමුන්
පුහුණු වීම් වල නිරත වේ. John
සහ ගැහැණු ළමුන්
පිටියට පැමිණ පුහුණු ව්ම් නරඹමින් සිටී. වීරසේකර, ඔවුන් දෙසට
පැමිණේ.
John
Hello Mr.වීරසේකර. I did not know that
you are traning a cricket team for national championship. I am a cricketer my self. I used to play
for sussex county for several years before joining marines. And then I was the bowling coach for
many schoosl in U.K after leaving marines. You know Per Mare Per
Terram
වීරසේකර
Can you come and help us out. We just lost our bowling
coach.
John
Okey, Of course I will come. Even if you do not want
to me to come.
ඔහු හයියෙන් සිනා වෙයි. අත් දෙක ඉහලට දමා
හයියෙන් කෑ ගසයි.
John
O.K.boys. Lets play cricket.
සියලු දෙනා
සතුටින් කෑ ගසයි.
31
හවස /ක්‍රීඩා
පිටිය,
ළමුන් පුහුණුවේ
යෙදෙමින් සිටිති. ක්‍රීඩා පිටියට වීරසේකර සහ John පැමිණේ. ඔවුන් දෙදෙනා පැමිණෙන
විට ළමුන් සියලු දෙන ඔවුන් වටා රොක් වෙති. වීරසේකර,
John ට ක්‍රීඩකයන්
වෙන වෙනම හදුන්වා දෙති.
John
Since today is my first day, I will talk about golden
rules of cricket because that is a good beginning. These golden rules were
written by an Englishman like me called Fredrick
gale
in 1887, about 80 years back,,,,,,,,,,,,,,,
32.
හවස John,වීරසේකර,සහ ටීචර් පාලු පාරක
ඇවිදිමින් යන්නේ ක්‍රීඩා පිටිය වෙතය.
John
I am very happy with the team. Batting and feilding are excelent. In a good day they can easily beat
any school team in the world. However the chip
in the armour is bowling,.They
are all average. You need to have a striker, a star.
Who will go out and
Strike
when you want
වීරසේකර
Yes,that is my worry too. Our star was Premarathna. He
could change the rythem of the
game
instantly. Yes, it was a great lost. I
have tried everywhere even Children
playing casual games in paddyfields Did
not see any protencial replacement for Premarathna.
John
We have to do with what ever we have got. Lets hope
for the best.
ටිචර් යමක්
හදිස්සියේ සිතී සතුටට පත් වූ බව පෙනේ.
Have you seen children playing cricket in Udagammadda.
There is one player there who
is
a very good bowler. They must be playing now. Shall we go and see
33
John,
වීරසේකර
සහ ටිචර් කඳු දෙකකින්
තෙරපුණු කුඩා කුඹුරු යායකට පැමිණේ. ළමුන් 20 ක් පමණ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙමින් සිටී.
තරඟයක් අවසන් වීමට ඇති සෙයක් පෙනේ. තිදෙනා එහි ගොස් නියරක් මත වාඩි වෙති. ටිචර් ක්‍රීඩකයන්
වෙතට ගොස් ඔවුන්ට යම් උපදෙසක් ලබා දෙයි. නායකයා පහල කුඹුරක පන්දු යැවීමෙහි නිරතව
සිටි කුඩා ළමයෙකු පන්දු යැවීමෙහි යොදවයි. ඔහුගේ මුල් පන්දුවට දැඩි පහරක් වදී.
දෙවැනි පන්දුවටත් එසේමයි. තුන්වෙනි පන්දුවත් දඟ කැවී කෙලින්ම විකට්ටුව පෙරලයි. ඊළඟ
පන්දුවෙන් අලුතෙන් එන ක්‍රීඩකයාද අවුට් වෙයි. John සහ වීරසේකර මවිතයට
පත්වෙයි.
John
This is fantastic, why did you hide this boy so long
from us. He is better than any of your bowlers in the team
ටීචර්
There is a small problem with him. anyway I will
ask him to come for practices tomorrow.
34
රෑ නවයට පමණ, අමරසූරියගේ
නිවස
, තරමක් විශාල පැරණි තාලයේ නිවසක්,
ඉස්සරහ සාලයේ
ගැමියන් 4
දෙනෙකු ඉඳගෙන
සිටිති. ඔවුන් මත්පැන් පානය කර ඇති බව පෙනේ. අමරසූරිය මත්පැන් බෝතලයක් රැගෙන ඔවුන්
සිටින තැනට පැමිණේ.
අමරසුරිය
මේකෙනුත් ටිකක් බොමු. පස් දෙනාම තාම එක බෝතලයයි නේ බිව්වේ. ඔහු බෝතලය මේසය
මත
තබයි.
අමරසූරිය
ඔය සුද්දා මට නම් විශ්වාස නැහැ. නැත්නම් සුද්දෝ කවද්ද නැටුම් ඉගෙන ගත්තේ.
උන්ගේ රටවල් වල තියෙන්නේ හොඳට ඇඳගත්ත ගෑනු පිරිමි බදාගෙන නටන නැටුම් නේ. මට
ඇමැතිතුමාත් කිව්වා ඕකා C
.
I
. A ඔත්තු කාරයෙක්ද
කොහෙද කියලා. මොකද තමුසෙලා කියන්නේ.
ගැමියා 1
අපිට වඩා ඉතින් සභාපතිතුමාට තේරෙනවනේ. ඌ ඔත්තුකාරයෙක් නම්, අපිට තියෙන්නේ
ඌ ගමෙන්
එලවල දාන්න.
අමරසූරිය
කොහොමද ඉතින්
එළවලා දාන්නේ
ගැමියා 1
ඒක සුළු වැඩක්
නේ. සභාපති තුමා අපි එකතු වුනාම මිනිහව ලේසියෙන් එළවලා දාන්න පුළුවන්.
අමරසූරිය
හා එහෙනම් ඒක කරලා බලමුකෝ. C. I . A ඔත්තුකාරයෙක් මෙහෙම ඇවිල්ලා ගමේ ඉන්න එක
මුළු රටටම තර්ජනයක්. අනෙක ඔය අධිරාජ්‍යවාදියන්ගේ වැඩේම අපිට විරුද්ධව කුමන්ත්‍රණ
කරන එකනේ.
ආ තව එකක්
දාගෙන බොනවල්ලා.
ඔවුන් තව
අරක්කු වීදුරු වලට දාගෙන පානය කරති. ඉන්පසු සභාපති තුමාගෙන් සමුගෙන පිටව යති .
ගැමියා
එහෙනම් අපි
හෙටම වැඩේ පටන් ගමු .
35
ක්‍රීඩා පිටිය /හවස
ළමෝ පුහුණුවේ
යෙදෙති. වීරසේකර සහ John බලාගෙන සිටිති.
ඔවුන් සිනහ වෙමින් යම් සාකච්ඡාවක නිරතව සිටී. ටීචර් වයස පහලවක් පමණ එහෙත් වයසට තරම් වර්ධනය නොවූ සිසුවෙක් සමඟ පිට්ටනියට
පැමිණේ.
ටීචර්
I brought the bowler today. Shall we get him to
practice. John this is the bowler,
John
hello bowler, I am john. Your bowling coach. You are
our last hope. Lets bowl everbody out.
ඔහු ඉතා
සතුටෙන් ක්‍රීඩකයාට අතට අත දෙයි. ඉන්පසු ක්‍රීඩකයා රැගෙන ක්‍රීඩා කරමින් සිටින
පුහුණු වන්නන් වෙතට යයි.John
ක්‍රීඩකයා
පන්දු යැවීමට යොදවයි. අනෙකුත් ක්‍රීඩකයන් යමක් දන්නා ලෙසට මුහුණට සිනහවක් නංවා ගෙන
නැවත ක්‍රීඩාවට එක්වෙයි. ක්‍රීඩකයාගේ පලවෙනි දඟ පන්දුවෙන්ම විකට්ටුවක් බිඳ වැටේ.
ඔහුගේ පන්දු යවන විලාසය සම්පූර්ණයෙන්ම වෙනස්ය. පන්දුව පසුපසට දඟ කැවී කඩුල්ලටම
යයි. John
පුදුමයට පත්
වෙයි.
John
why are u laughing? He is the majic bowler that we were all waiting for.
John ඉතා සතුටෙන් පිටිය අයිනේ සිටි ටීචර් හා වීරසේකර වෙත දිව යයි .
John
Hey, we found our magic bowler .
ටීචර් සහ වීරසේකර එතරම් සතුටු වූ
බවක් පෙනෙන්නට නැත. ඔවුහු කල්පනාවේ නිමග්නව සිටිති.
වීරසේකර
I
don’t think we can use her john.
John, පුදුමයට පත්ව
Why not ?
වීරසේකර
Yes, mrs Podi manike
is pulling our legs.apparantly, our
mirracle bowler is a girl.
ටීචර්
But she doesn’t look like one. We can quietly use her.
වීරසේකර
But against the rules how can we use her?
John
well I agree with teacher, we will use her. After all this is just a game of cricket.
වීරසේකර
තරමක්
අකමැත්තෙන්
ok, lets give it a try. What is her name
anyway?
ටීචර්
she s Nimal. A very common boys name though
occationally girls also have that.
John
that is wonderful. She has been destined for this role
of Cinderella of cricket.
ඔහු හයියෙන් සිනා
සෙයි.
36.
සවස, නැටුම් හෝල් එක
අසල,
තරුණයන්
දසදෙනෙකු පමණ ආවේගශීලි ලෙස කථා කරමින් පාර දිගේ නැටුම් හෝල් එක අසලට පැමිණේ. සුදු
පැහැති සරමකින් සහ බැනියමකින් සැරසී කොළ පැහැති ලේන්සුවක් කරේ දමාගත් වැඩිමහලු
පුද්ගලයෙකු ඔවුනට හමුවේ. කණ්ඩායමේ සියලු දෙනාම වාගේ ඔහුට තරමක ගෞරවයෙන් සිනාවෙයි.
එක් තරුණයෙක්
ආ,මාමේ, රා පොලට
ගිහිල්ලා එනවා වාගේ.
මාමා
ඔව් උක්කුන් බණ්ඩා,
අලියා ගාල් කරලා ගියා රා ඩිංඟක්
බොන්ට ,මං මේ ගෙදර යන
ගමන්,
උබලා කොහෙද මේ
රංචු ගැහිලා යන්නේ.
තරුණයා
බල්ලන්කෝ මාමේ,
අපේ ගමට
ඇමරිකන් කාරයෝ ඔත්තු කාරයෙක් එවලානේ. CIA කාරයෙක්ලු.
මාමා
මොකාද
බන් ඔය?
තරුණයා
සුද්දෙක් ඇවිල්ලා ඉන්නේ නටන්න පුරුදු වෙන්න කියලා.
මාමා
අර ඉස්කෝලේ ක්‍රීඩා කණ්ඩායම පුහුණු කරන සුද්දද?
තරුණයා
ඔව් මාමේ. ඔහොම තමා උන් අපිව රවට්ටන්නේ,
මාමා තරමක්
කල්පනාවෙන් පසු සිනවෙයි.
මාමා
උඹලට පිස්සුද බන්. සුද්දන්ට මෙහෙ ඔත්තු බලන්න අපි මෙහෙ පරමාණු බෝම්බ
හදනවයි. උඹලා කාගේදෝ ලනුවක් කාලා. ඒ සුද්දා අර ඉස්කෝලේ ක්‍රීඩා පුහුණු කරන දරාගන්න
බැරි එකෙක් බොරුවක් ගොතලා උඹලව රවට්ටලා. අනෙක් අතර ඒ මනුස්සයා ඔත්තු බලන්න ආවනම්
අපි මෙහෙ කුඹුරු වැඩ කරගෙන හැන්දෑවට රා ටිකක් බීලා සන්තෝසෙන් ඉන්නවා කියලා එහෙට
ගිහින් කියයි. නිකන්
මෝඩයෝ
වෙන්නැතුව උඹලගේ වැඩක් බලාගනිල්ලා.
ඇතුල්ගම, උඹේ
මල්ලිත් ඉන්නවා නේද? කණ්ඩායමේ, උඹවත් මුන්ට කිව්වේ නැද්ද?
ඔහු එසේ
කියමින් එතනින් පිටත්ව යයි. තරුණයන් අවිනිශ්චිත බාවයට පත්වෙති. සාකච්ඡා කිරීමෙන්
පසු ඔහු ආපසු හැරී යති.
37
දහවල
රැස්වීමක්/පාසැල,
විදුහල්පතිවරයා
කතාවක් කරමින් සිටී.
විදුහල්පතිවරයා
දැන් අපි අවසාන මහා තරගයට තේරිලා ඉන්නේ. අන්තිම තරග හතරම අපි ජයග්‍රහණය කරේ
අන්තිම මොහොතේ. මුලදී අපේ batting
ඉහලම තත්වයේ
තිබ්බා. පන්දු යවන එක ඒ තත්වයෙන්ම තිබුනේ නැහැ. නමුත් දැන් ඒකෙ අනිත් පැත්ත. අපේ batting ටිකක් මදි.
පන්දු යවන එක ඉතා ඉහල තත්වයට ඇවිල්ල තියෙන්නේ. දැන් අවසාන තරගයට පන්දු යවන එකයි,
පන්දුවට පහර දෙන එකයි, පන්දු රැක ගැනීමයි තුනම එකම විදිහට තියෙන්න ඕනි. මොකද අවසාන
තරගයට තේරිලා ඉන්න විද්‍යාලයේ team
එක අපේ team එකට වඩා හොදයි.
ඒ ගොල්ලන්ට හොද ක්‍රීඩා පිටියක් තියනවා පුහුණු වෙන්න. සල්ලි වලට ගන්න පුළුවන් හොදම
ක්‍රීඩා භාන්ඩ පාවිච්චි කරන්නේ. ලංකාවේ ඉන්න හොදම පුහුණුකාරයෝ ඒ ගොල්ලන්ව පුහුණු
කරන්නේ.
මම දැක්කා, ඉස්කෝලේ bus එකට අමතරව හුගාක්
ක්‍රීඩකයෝ, match
වලට එන්නේ දෙමව්පියන්ගේ
car
වලින්. අපිට ඒ
මොකුත් නැහැ, නමුත් අපිට හිතේ හයිය තියනවා දිනන්න අධිෂ්ටානය තියනවා. ඒ ඔක්කොටම
වැඩිය මේ වගේ ගමක ඉස්කෝලෙකින් කවදාවත් කරන්න හම්බුන නැති දෙයක් කරන්න අවස්ථාවක්
ඇවිල්ලා තියනවා. ඒ හින්දා අනිද්දා පැවැත්වෙන තරගයට, අපි
සියලු දෙනාම
එකතු වෙලා දැන් ජය ප්‍රාර්ථනා කරලා, අපේ පාසැල් ගීය ගායනා කරමු.
සියලු දෙනාම
පාසැල් ගීය ගායනා කරති.විදුහල්පතිවරයාගේ ඇසින් කදුළු කඩා වැටෙයි.
38
දහවල /පන්සල, ,
පන්සලේ
හාමුදුරුවෝ සහ තව හාමුදුරුවරු දෙදෙනෙකු පිරිත් කියමින්, ක්‍රීඩකයන්ට පිරිත් නූල්
ගටගසයි.
හාමුදුරුවෝ
එහෙනම් ඔන්න අපට කරන්න පුළුවන් ඔක්කොම අපි කෙරෙව්වා. දැන් තියෙන්නේ ඔය
දරුවන්ගේ වැඩේ. තරගයට වෙලාවට හිත කලබල කරගන්න එපා. හිත සන්සුන්ව තියාගෙන ඊලග බෝලය
ගැන විතරක් හිතන්න. එතකොට තමා බෝලය පෙනෙන්නේ. පිටියේ ඉන්නකොට වෙන කිසිම දෙයක් ගැන හිතන්න එපා. බෝලය ගැන පමණක් හිතේ
තියාගෙන, බෝලෙත් එක්ක ඊලග කරන්න තියන දෙය ගැන විතරක් හිතේ තියාගෙන ක්‍රීඩා කරන්න.
සියලු දෙනාම ඒක කලොත් ජයග්‍රහණය නිශ්චිතයි.
සියලු දරුවන් හාමුදුරුවෝට වැද පන්සලෙන් පිටවෙයි.
39
උදය, පාසැල අසල
60 දශකයේ භාවිතයේ
තිබූ පරණ බසයක් පාසැල අසල නවතා ඇත. එකල සාමාන්‍ය දුප්පත් පිරිස් පාවිච්චි කල
ඇදුමෙන් සැරසී, සුට් කේසයද රැගෙන ක්‍රීඩකයන් දෙමව්පියන් සමග පැමිණේ. ක්‍රීඩකයන්ට
අමතර විදුහල්පති,
වීරසේකර, ගුරුතුමිය, නොතාරිස්, John බසයේ සිටිති.
බසය පිටත්වෙයි.
40
හබරකඩ අතුරු
පාරක ලොකු ගල් පර්වතයක් කෙලවර පිහිටි තරමක පන්සලක්, සවස, පැරණි කුඩා
පන්සලට බසය පැමිණේ. හාමුදුරුවෝ මුලින් බසයෙන්
බසී. පන්සලේ හාමුදුරුවන් ඔවුන් මුණගැසීමට පැමිණේ.
පන්සලේ
හාමුදුරුවෝ
මම මේ බලාගෙන හිටියේ අපි මුණගැසුනේ අවුරුදු 15 කට විතර පස්සේ නේද? මම හිතන්නේ
පිරිවනේ
ඉදලා ගියාට
පස්සේ.
හාමුදුරුවෝ - සතුටෙන්
සිනාසේ.
ලිවුම හම්බුනා නේද?
ඔන්න මම
තමුන්නාන්සේ බලන්න තනියම අවේ නැහැ. ඉන්න මම මුනගස්සන්න.
විදුහල්පති ඇතුළු සියලු
දෙනා බසයෙන් බසිති. හාමුදුරුවෝ ඔවුන් හදුන්වා
දෙයි.
පන්සලේ
හාමුදුරුවෝ
මේක එච්චර ලොකු පන්සලක් නෙවේ. ඒ උනාට මම පුළුවන් විදිහට ඉදුම් හිටුම්
ලෑස්ති කළා. ළමයින්ට බන මඩුවේ නිදා ගන්න පුළුවන්. පැදුරුයි කොට්ටයි තියනවා.
වැඩිහිටියන්ට පන්සලේ කාමර දෙකක් ලෑස්ති කරලයි තියෙන්නේ. අර පෙනෙන්නේ නාන ලිඳ.
එහෙනම් මහත්තයෝ අඩුපාඩුවක් තියනවද
බලලා මට
කියන්න.
ඔහු පිරිසට
නොයෙකුත් ස්ථාන පෙන්වමින් විස්තර කරයි.
පන්සලේ
හාමුදුරුවෝ
පන්සලේ ඉඳලා ඔය කියන ක්‍රීඩා පිටියට පැය එක හමාරකින් යන්න පුලුවන්. ඒක
හින්දා දහයට තරඟෙට
මෙහෙන් අටට ගියත් ඇති.
41
උදය
පන්සලෙන් බසය
පිටත් වීමට සැරසේ. සියල්ලන්ම බසයට නැග ඇති අතර හාමුදුරුවන් දෙදෙනා කතා කරමින්
සිටී. කුඩා හාමුදුරුවරු දෙදෙනෙක් ලොකු කාර්ඩ් බෝර්ඩ් පෙට්ටි දෙකක් රැගෙන එති .
ධම්මදස්සී
හාමුදුරුවෝ
මේ මොනවාද?
පන්සලේ
හාමුදුරුවෝ
මගෙන් සුළු තෑග්ගක්. දවල්ට කන්න කෑම පාර්සල් තිහක් තියෙනවා. ක්‍රීඩා පිටියට
ගියාම කෑම හොයන්ඩ ලේසි වෙන එකක් නැහැ. මම ඉන්න ගාන ගනන් කරගෙන කෑම ටික හැදෙව්වා.
ධම්මදස්සී හාමුදුරුවෝ
තමුන්නාන්සේ ලොකු පිනක් කර ගත්තේ. අපිට මේක ලොකු පහසුවක්. එහෙනම් අපි
ගිහිල්ලා එන්නම්.
ඔහු බසයට නගී.
බසය පිටත් වේ.
ක්‍රීඩා පිටිය, ක්‍රිකට් තරගය
පැවැත්වේ. අනෙක් විද්‍යාලයෙන් පැමිණි දෙමව්පියන් සහ අනෙක් අය 300 ක් පමණ ඉඳගෙන
සිටිති. ඔවුන් හොදින් ඇඳ පැලඳ ඇති අතර, නොයෙකුත් සැන්විචස් සහ බීම බෝතල් වලින්
ආහාර
ගනිමින් ඉංග්‍රීසියෙන්
සහ සිංහලෙන් හයියෙන් කතා කරමින් තරගය නරඹති .අප විද්‍යාලයේ නරඹන්නන් සහ අතිරේක ක්‍රීඩකයන්
තිදෙනා වාඩි
වී නිශ්ශබ්දව
තරගය නරඹති. විද්‍යාල දෙකේ වෙනස ඇදුමෙන් ද,
නරඹන්නන් හැසිරිමෙන්ද හොදින් පෙනේ .
43
දෙපැත්තේ ක්‍රීඩකයන්
පෙලගසා ප්‍රධාන
අමුත්තාට
හදුන්වා දෙනු ලැබේ. නගරයේ විද්‍යාලයේ ක්‍රීඩකයන් ගේ ඇදුම් ගමේ ක්‍රීඩකයන්ට වැඩ
කැපී පෙනන ආකාරයෙන් පිළිවෙලකට තිබේ .මුලින් නගරයේ පාසැලේ එකේ ක්‍රීඩකයන්
හදුන්වාදෙනු ලබයි. ඉන්පසුව ගමේ විද්‍යාලයේ ක්‍රීඩකයන් හදුන්වා දෙමින් එහි නායකයා
එකී නෙක ක්‍රීඩකයන් හදුන්වා දී අවසාන ක්‍රීඩකයා වෙත පැමිණේ. අවසාන ක්‍රීඩකයා නිමල්ය. ඇය වෙතට පැමිණෙන ප්‍රධාන අමුත්තා යමක්
විමසයි. ගමේ විදුහල්පති ඇතුළු පිරිස බිය වී ඇති ආකාරයක් පෙනේ. මද වෙලාවක්
විමසීමෙන් පසු අමුත්තා ආපසු ක්‍රීඩා මන්දිරයට යයි. ඉන්පසු කාසිය උඩ දමා දමා නායකයන්
සහ තීරකයා ආපසු ක්‍රීඩා මන්දිරය වෙත පැමිණෙති .
44
මුලින්ම
පන්දුවට පහර දෙනු ලබන්නේ ගමේ විද්‍යාලයයි. ඔවුන් ලකුණු 170 ක් ක්‍රමයෙන්
එකතු කර ගනියි. ඉන්පසු නගරයේ කණ්ඩායම පන්දුවට පහර දීමට පටන්ගනියි .ඔවුහු කඩුලු
හතරකට ඕවර 35 කදී ලකුණු 140 ක් ලබා ගනිති .තරගයේ ජයග්‍රණය ඔවුනට
ලැබෙන්නට පෙනෙන මානයේ තිබේ. දඟ පන්දු යවන නිමල්ගේ පන්දු වලට විශේෂයෙන් පහර වදින බව
පෙනේ. තේ පානය සදහා කණ්ඩායම් දෙක ආපසු ක්‍රීඩාගාරයට පැමිණේ.
45
ධම්මදස්සී
හාමුදුරුවෝ
සහ පිරිස ගෑණු
ළමයා සමග කතා කරමින් සිටි .
නිමල්
එක තමා සර් මට
හරියට විකට් එක පෙනෙන්නෙත් නැහැ, හිත හරි කලබලයි වගේ. බෝලේ පාලනය කරගන්න බැහැ.
.
ධම්මදස්සී හාමුදුරුවෝ
ඇයි ළමයෝ අපි හැමදාම බුද්ධාගම උගන්නන කොට, හිත පාලනය කරගන්න එකනේ ඉගෙන ගන්නේ, අනෙත් හැමදේම
අමතක කරන්න, හිතා ගන්න ගමේ වෙලේ ක්‍රිකට් ගහනවා කියලා. දිනුමයි පැරදුමයි අමතක
කරන්න, ඒකරලා තමන්ට පුළුවන් හොදම බෝලය යවන්න .ඒ මොහොතේදී කරන්න පුළුවන් හොදම දේ තමයි
කරන්න ඕන. ඔය ළමයාගේ අතේ තමයි අපි මෙච්චර කල් වෙච්ච මහන්සියේ
ප්‍රතිපල ලබාගන්න යතුර තියෙන්නේ,
නිමල්
හොදයි හාමුදුරුවනේ,
සභාපතිගේ නිවස
ඔහු ගමනක් ගොස්
වාහනය නවතා ගෙදරට ඇතුළු වෙයි.
අද පොල් කැඩුවද?
ඔහු තම බිරිඳ
ගෙන් අසයි.
බිරිඳ
නැහැ,
පුංචිකිරා අද
ආවේ නැහැ. අර ඉස්කෝලේ ක්‍රිකට් ටීම් එකත් එක්ක කොළඹ ගිහිල්ලා.
සභාපති
පුංචි කිරාට කොල්ලෝ නැහැනේ ක්‍රිකට් ගහන්න.
බිරිඳ
නෑ,
ඒ දෙවෙනි කෙල්ල
ක්‍රිකට් ගහනවා කියන්නේ
සභාපති
වෙන්න බෑනේ,
ඒ පිරිමින්ගේ
ක්‍රිකට් කණ්ඩායමක් නේ,
ඔයාට හොඳටම
විශ්වාසද
බිරිඳ
ඔව්,
මට මිනිහගේ
පවුලත් කිව්වා.
සභාපති
මේක නිකමට ඇමතිතුමාට කිව්වා නම් හොඳයි. ඔහු ටෙලිෆෝනය ගෙන ඇමතිතුමාට කතා
කරයි.
ඇමතිතුමාගේ
නිවස
ඇමතිතුමා කලබල
වී ඇත.
ඇමතිතුමා
මේක මට පොඩ්ඩක් කලින් කියන්න තිබුනනේ.
මම
දැන්මම පිටත් වෙන්නම්.
ඔහු රියදුරුත්
සමඟ වාහනයෙන් කලබලෙන් පිටත් වෙයි. තරඟ අවසන් වන විටම වගේ ක්‍රීඩාගාරයට පැමිණ,
නගරයේ විදුහලේ විදුහල්පති හමු වී කලබලයෙන් කතා කරනු පෙනේ.
47
ආපසු තරගය
පැවැත්වේ. ඊලග ඕවරයේ නගරයේ කණ්ඩායම තවත් ලකුණු හයක් ලබා ගනී.නිමල් ඊලග ඕවරය පටන්
ගනී. ඇය නව ජවයකින් පන්දු යවන බවක් පෙනේ. පලවෙනි බෝලය දග කැවී විකට්ටුවට පැමිණ
අනුනවයෙන් විකට්ටුව බේරෙයි. ඊලග බෝලේයේදී හතරේ පහරක් වැදේ. ඊලග බෝලේය දග කැවී පැමිණෙන බෝලය විකට්ටුවේ වැදේ .ඊලග බෝලය වාරයේ පහරක් වැදුනද එය එක ලකුණකට සිමා
කරන්නට පන්දු රකින්නන් සමත් වේ. ඊලග පන්දුවට හයියෙන් ගැසුවද එය නොවැදී පන්දු
රකින්න රැක ගනී .ඊලග ඕවරය කඩුලු නොමැතිව හයේ පහරක් ඇතුළුව
ලකුණු 10
ක් නාගරික
කණ්ඩායම ලබා ගනී.
48
නිමල් නැවත යැවීමට පටන්
ගනී. ඇයගේ මුල් පන්දු දෙකට හතරේ පහර දෙකක් වදී. ඊලග පන්දු වලට එක කඩුල්ලක් දෑවී ලකුණු දෙකක් ලබා
ගනී .
49
පලවෙනි බෝලයට
තට්ටුවක් දමා ලකුණක් ලබා ගනී. දමා ගසන
බෝලය අල්ලා ගැනීමට නොහැකි වීමෙන් තවත් ලකුණක් ලබාගනී. ඊ ලග බෝලය එක් ලකුණක් ලබා ගනී.දග කැවී විකට්ටුවට යන ඊ ලග බෝලයට වැරෙන් පහර
දෙයි. බෝලය කෙලින්ම හතරේ සීමාවට යන බව පෙනෙයි. නගරයේ විද්‍යාලයේ නරඹන්නන් මහත්
සතුටෙන් කෑමොර දෙති. එහෙත් අදහා ගත නොහැකි වේගයෙන් දිව යන පන්දු රකින්නා ඉමහත්
වෙහෙසක් දරා අවසාන මොහොතේ පන්දුව රැක ගනී. මේ අතර ක්‍රීඩකයන් ලකුණු එකකට පැති මාරු
කර ගනිති. ඊළඟ පන්දුව සියලු දෙනාම කිසිම ශබ්දයක් නැතිව බලා සිටිති. මෙය තරඟයේ අවසන.ඇය
විනිසුරුට කියා කඩුල්ලට අනික් පැත්තෙන් පන්දුවක් යැවීමට සැරසේ. පන්දුව දඟ කැවී
විකට්ටුව දෙසට යයි. පිතිකරු පැත්තකට හැරී පන්දුවට තදින් පහරක් එල්ල කරයි.පන්දුව
ඉතා වේගයෙන් ඉහලින් අනෙක් විකට්ටුව අසලින් යන විට නිමල් ඉහලට පැන වම්
අතින් බෝලය අල්ලා ගනී. සියලු නරඹන්නන් එක්වරම නිශ්ශබ්ද වී මෙම අපූරු අවස්ථාව දෙස
බලා සිටිති. ගමේ විදුහලේ නරඹන්නන් ලා කෑ ගසමින් උඩ පනිති .
තෑගි බෙදාදීමට කටයුතු
පිලියල කරමින් පවතී. නිලධාරීන් කිහිපදෙනෙකු ඇතුලේ කාමරයක සාකච්ඡාවක් කරමින්
සිටිති. නගරයේ විදුහලේ විදුහල්පතිවරයා කලබලයෙන් එම කාමර ඇතුලට යයි. ටික වෙලාවකින්
පනිවිඩකරුවෙකු විදුහල්පති, සමරකෝන් මහතා වෙතට පැමිණ
අන්න මහත්තයට අධ්‍යක්ෂකතුමා එන්න කිව්වා.
විදුහල්පති, වීරසේකර
වෙතට හැරී
විදුහල්පති,
අර ප්‍රශ්නයද දන්නේ නැහැ.
වීරසේකර
එහෙනම් මමත් කෝකටත් එන්නම්.
ඔව්න් දෙදෙනා අධ්‍යක්ෂක වරයා සිටින කාමරය තුලට යති
අධ්‍යක්ෂක
දෙන්නම ඔතනින්
ඉදගන්න. තරගය දිනුවට මෙතන පොඩි ප්‍රශ්නයක් ඇවිත් තියනවා. ඔබලාගේ කණ්ඩායමේ ගැහැණු ළමයෙක් ක්‍රීඩා කරා කියලා පැමිණිල්ලක් ඇවිත් තියනවා.
ඒක ඇත්තද?
විදුහල්පති, , වීරසේකර දෙස බලයි.
වීරසේකර පිළිතුරු දෙයි.
ඔව්,
අපේ කණ්ඩායමේ
ගෑනු ළමයෙක් ඉන්නවා.
අධ්‍යක්ෂක
මේ තරගාවලියට ගෑනුළමයෙකු ඇතුල් කරන එක වැරදි. මට එහෙම වුනා කියලා විදුහල්පතිතුමා ලිව්මක් ලියලා
දෙන්න.
ඒ ළමයාගේ නමත්
දාලා. ඔය team
එක මම disqualify
කරන්නම්. එතකොට
අනික් college
එක තමයි champion වෙන්නේ.
අනෙක් විදුහලේ
විදුහල්පති එතනින් එලියට පැමිණ එහි නරඹන්නන්ට මේ පිළිබද දන්වයි. එක්වරම ඔව්න්
සියලු දෙනා මහත් සතු ටට පැමිණ කෑ ගසති.
විදුහල්පති, සහ වීරසේකර කාමරයෙන් පිටතට පැමිණෙති. ඔවුන් තම කණ්ඩායම
වෙත ගොස් මේ පිලිබදව පවසති. සියලු දෙනා වචන නොමැතිව ගල් ගැසීමෙන් සිටිති.
ටික වෙලාවකට
පසු නොතාරිස් කතාකරයි.
නොතාරිස්
මට පොඩ්ඩක් මේ ක්‍රීඩා තරඟ ගැන
එවපු නීති රීති කියවන්න පුලුවන්ද?
වීරසේකර බසයට දුවගොස් ඔහුගේ බෑගය හැර file එකක් රැගෙන පැමිණේ.
52
සවස බසය ආපසු
ගමට පැමිණේ .ඔවුන් පිළිගැනීමට දෙමව්පියන් සහ තවත් ගමේ පිරිසක් පැමිණ සිටිති
.මුලින්ම බසයෙන් බසින්නේ ධම්මදස්සී හාමුදුරුවෝය. රැස්ව සිටින පිරිස ඔහුට ඉඩ දෙති. ඇබිත්තයා ධම්මදස්සී හාමුදුරුවෝ ගේ
සහ බැගය ගනී. ඔවුන් දෙදෙන ගල දිගේ පන්සල වෙත
පියනගති. .ඉන්පසු එකිනෙකා බසයෙන් බිමට බසින අතර කිසිවෙකු කතා කරන්නේ නැත. සියලු
දෙන තිගැස්සිමට පත් වුවක් මෙන් සිටිති .අවසානයේ බසයෙන් බසින්නේ නිමල් ය. ඇය එක්වරම
දුවගෙන ගොස් තම පියා
අල්ලාගෙන අඩන්නට පටන්
ගනී. ධම්මදස්සී
හාමුදුරුවෝ
අඩන ශබ්දය ඇසි
ආපසු හැරේ .
ධම්මදස්සී හාමුදුරුවෝ
මෙතන අඩන්නට දෙයක් නැනේ බං, ලංකාවේම දෙවෙනි තැනට ආවා කිව්වහම රතිඤ්ඤා දාලා
ඇට්හෝම් කන්න වටිනවානේ.
53
රාත්‍රියේ
විදුහල්පතිවරයාගේ නිවස
පැරණි කාලයේ
තරමක නිවසක විදුහල්පතිවරයා සහ වීරසේකර අරක්කු
බෝතලයක් පානය කරති .මේසයක් මත බාගයක් ඉවර වුන අරක්කු බෝතලයක් ද ක්‍රිම් සෝඩා බෝතලයක් ද , වතුර වීදුරුවක්
ද තිබේ .පිරිසියක උම්බලකඩ සහ රතු ළුණු ඇත .ඔවුහු තරමක් බිමත්ව තරගය සිදු වූ දැ
පිලිබදව සාකච්චා කරමින් සිටි .
වීරසේකර
එයාගේ වැරැද්දක් නෙවේ. එයා ගැහැණු ළමයා හදුන්වා දුන්නට
අපි හැමදෙනාම එකතු වෙලා තමා එයාව
කණ්ඩායමට ගන්න
තීරණය කලේ .
විදුහල්පති
නැහැ නැහැ මම
කිවුවේ මේකට එය වගකියන්න ඕනේ කියලා නෙවේ .
ගෙදර බල්ලා බුරමින් පාර
දෙසට යයි .
ලොකු මහත්තයා, ලොකු මහත්තයා ,
කෙනෙකු කතා
කරනවා ඇසේ .
විදුහල්පති
මේ මහා රෑ කවුද ඇවිල්ලා තියෙන්නේ,
.ඔහු කලබල වෙයි
.
වීරසේකර ඉක්මනින් බෝතලය සහ අනෙකුත් දෑ නොපෙනෙන්නට කනප්පුව
යටින් තබයි .
54
[53
දර්ශනය මයි ]
වීරසේකර එතනම ඉදගෙන සිටි .විදුහල්පති, මහතා නොතාරිස් සමග එතනට
පැමිණෙයි .
නොතාරිස්
ආ මහතුරු දෙන්නා හොද වැඩක් කර කර ඉදලා තියෙන්නේ
.කනප්පුව යට දෙස
බලා කියයි .
විදුහල්පති
ඔව් මම එන ගමන් ටවුමෙන් බෝතලයක් ගත්තා,සතුටයි දුකයි දෙකටම. ඉතින් වීරසේකර මහත්තයා සවස මේ පැත්තේ ආවා
නොතාරිස්
එහෙනම් දැන් ඉතිරි ටික අපි තුන් දෙනාම සතුටට ඉවර කරන්න පුළුවන්
විදුහල්පති
ඒ මොකද නොතාරිස් මහත්තයට දෙවෙනි තැන හොදටම ඇතියි කියලා හිතුනද?
නොතාරිස්
නැහැ, ඒක නොවේ කාරණය. මම මේ තරග සම්බන්ධව තිබුන රෙගුලාසි අකුරක් නැර කියෙව්වා
.මුලසිට අගටයි, අග සිට මුලටයි. ඒකේ කොහෙවත් නැහැ මේක පිරිමි ක්‍රීඩකයන්ගේ
තරගාවලියක් කියලා, ඉතින් එහෙම නම් ගනු ළමයෙක් සෙල්ලම් කර කියලා අපිට දඩුවම් දෙන්න බැහැ.
වීරසේකර සහ විදුහල්පති ඉතාම සතුටට පත්
වෙති .
විදුහල්පති
හැබෑම නේන්නම්, අපි හෙට උදේම ගිහිල්ල මේක සංවිධානය කරපු ක්‍රීඩා අධ්‍යක්ෂක
හම්බ වෙමු. හැබැයි
වැඩේ හරියන
කම්ම කටේ කෙල ඩින්ගක්වත් හොල්ලන්න එපා, මොකෝ ආය මිනිසුන්ගේ බලාපොරොත්තු කඩ කරන්න
බැහැ .
55
පාසැල
පාසලේ රැස්වීමට
ලැස්ති වී සිටි විදුහල්පති ඉදගෙන සිටින පුටුවට ඉදිරියෙන් ඇති මේසය මත පරණ කාලයේ
රේඩියෝ එකක් තබා ඇත . එහි නිවේදනයක් විකාශනය වේ .
radio :
දැන් වෙළද
අංශයේ ප්‍රවුත්ති විකාශනයේ ක්‍රීඩා තොරතුරු ,අන්තර් පාඨශාලා සීමිත ඕවර අවසාන ක්‍රිකට්
තරගාවලියේ අවසාන තරගයේ ඇති වූ සුවිශේෂී සිදුවීමක් නිසා ජයග්‍රහණය ලබාගත්
උඩුගම්මද්ද විදුහල් සිසුවියක වංචනික ලෙස ක්‍රීඩා කරවීමෙන් අවසාන මහා තරගයෙන්
නුසුදුසු වූ බව අද මුලු රටේම කතා බහට ලක් වී ඇති කාරණයකි .එහෙත් තාක්ෂණික දෝශයක්
නිසා සිසුවියකට එම තරගාවලියේ ක්‍රීඩා කල නොහැක යන්න කිසි තැනක ලිය,වී නොතිබුණු බව
එම විදුහල විසින් සංවිධායක මණ්ඩලයට පෙන්වා දීමෙන් පසු උඩුගම්මද්ද මහා විද්‍යාලය එම
තරගයේ නියම ජයග්‍රහිකයන් බව සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත .
ශිෂ්‍යයෝ
එකිනෙක වැලද
ගනිමින් සතුට
පල කර ගනිති .විදුහල්පතිගේ ඇසින් කදුළු වැටේ .
නිමි .
Fantastic Tele.. Good work
ReplyDeleteකථාවට ගෑණු ළමයෙක් ඇතුලත් කරන්නේ නැතිව තරඟය දිනෙව්වා නම් හොඳයි වගේ. පස්සේ ඉස්කෝලේ ගෑණු ළමයින්ගේ ටීම් එකක් හදන්න තිබුණා. කොහොම උනත් කථාව හොඳයි.
ReplyDeleteහ්ම්ම්ම්... ලස්සන කතාව. ඔලිම්පික් මලලක්‍රීඩා ඉසව්වලදිත් ඔය ගැටළුව ආව නේද මේ වතාවෙත්.මතක විදිහට දකුණුඅප්‍රිකා ක්‍රීඩිකාවට ඇයගේ ලිංගිකත්වය ඔප්පු කරන්න අභියෝගයක් ආවා.ඇගේ රට ඇය වෙනුවෙන් සටන් කලා.නමුත් ඉංදියාවේ මෙම අභියෝගයම එල්ලවුනු පදක්කම් ලාභී ක්‍රීඩිකාවක් දැන් ගඩොල් කපමින් දිවිගැටගහගන්නා බව ආරංචියි.
ReplyDeleteජයවේවා..!!
මේක inspirational සහ mystery එකට හරියන්ට ලිව්වේ, ගෑණු ළමයා ආවේ නැත්නම් mystery ඒක නැතිවෙනවා.
ReplyDelete