Thursday, September 29, 2016

විශාල රාජ්‍යයක් අසල කුඩා රාජ්‍යයක් ස්වාධීනව සිටීම.











විශාල රාජ්‍යයක් අසල කුඩා රාජ්‍යයක් ස්වාධීනව සිටීම.

විජය කුමරු ලංකාවට පැමිණෙන විට ලංකාව පාලනය කරන්නේ මහා වංශයේ යක්ෂ යනුවෙන් හැදින්වෙන ගෝත්‍රයක් මගිනි. බොහෝ විට ඔවූහු මුහුදු කොල්ලකරුවන් සහ මුතු සදහා කිමිදෙන්නන් විය යුතුය.

කුවේනිය විජය කුමරු සමග මිත්‍ර වූ පසු, ඔහුට සහ ඔහුගේ පිරිසට ආහාර සදහා ඇය නෞකා වලින් ලබා ගෙන ගබඩා කර තබාගත් ආහාර වර්ග ලබා දුන් බව මහා වංශයේ කියයි. ග්‍රීක රෝම සහ කාතේජ රාජ්‍යයන්ගේ නැව් මෙකල වෙළදාම සදහා ඉන්දියාවට පැමිණෙන්නට ඇත්තේ ලංකාව කිට්ටුවෙනි.

එසේම විජය කුමරුගේ ඇමතියන් ඔහුට රජ කුමාරිකාවක් විවාහය සදහා ගෙන්වා ගැනීමට, එකල දකුණු ඉන්දියාවේ තිබූ ප්‍රධාන රාජධානියක් වන, පාණ්ඩිය රාජ්‍යයේ අගනුවර වන මධුර පුරය වෙත තානාපතියෙකු යවද්දී, ඔහු අත බොහෝ වටිනා ත්‍යාග අතර මුතු විශේෂයෙන් සඳහන් කර තිබීමෙන් පෙනෙන්නේ මුතු ගොඩ ගැනීම බටහිර වෙරළේ එකල සිදු වූ බවයි. මෙලෙස මුතු පර සදහා කිමිදීම කලින් කලට සිදු වී, එය අවසාන වූයේ ඉංග්‍රීසි පාලන සමයේදීය.

විජය රජු පාණ්ඩු කුමරු විවාහ කර ගැනීමෙන් පසු, මදුරපුරයේ තම බිසවගේ පිය රජු වෙත සෑම වසරකම කහවනු ලක්ෂ දෙකක් වටනා මුතු යැවූ බවද මහා වංශය කියයි. මෙලෙස අවුරුදු පතා යම් නියමිත වටිනාකමකට තුටු පඩුරු යැවීමෙන් ගම්‍ය වන පලමුවෙනි කරුණ නම් විජය රජුගේ රාජ්‍යය මදුර රාජ්‍යයේ යටත් රාජ්‍යයක් ලෙස තිබූ බවයි. එහෙත් එවැන්නක් සිදු නොවූ බව අපි දන්නෙමු. එසේනම් අනෙක් වියහැක්ක, දකුණු ඉන්දියාවෙන් එන ආක්‍රමණයන් වලකා ගැනීමට ලීවරයක් ලෙස මෙම සම්බන්ධතාවය විජය රජු හා එම අමාත්‍යයන් පාවිච්චි කර ඇති බවයි.

එසේම විජය යක්ෂ නගරයක් වන සිරිසවත්තු නගරයට පහර දී ජයග්‍රහණය කිරීමෙන්, ලංකාව තුල යක්ෂයන් සම්පූර්ණයෙන් විනාශ කරන්නට ඔහුට හැකි වූයේ නැත. එසේ නම් ළමුන් සමග කුවේනිය විජය රජු විසින් අත්හැර දැමූ පසු ලංකාපුර නැමති යක්ෂ ගෝත්‍රිකයින්ගේ නගරයක් වෙත යාමට නගරයක් ඉතිරි වන්නේත් නැත. මෙම තර්ජන දෙකෙන්ම ආරක්ෂා වීමට මෙම පණ්ඩු රාජකීය පවුලෙන් විවාහයක් කර ගැනීමත්, වාර්ෂිකව කහවනු ලක්ෂ දෙකක වටිනාකමට මුතු, තුටු පඩුරු ලෙස යැවීමත් සිදු වූ බව පෙනේ.




විජය රජු පැමිනීමේ සිට වර්ෂ 306 ක් යන තුරු දකුණු ඉන්දියාවෙන් ආක්‍රමණයක් මේ ලදරු රාජ්‍යයට ඇති නොවන්නට ඇත්තේ සමහර විට විජය රජු සහ ඇමතියන් විසින් කරන ලද රාජ්‍ය තාන්ත්‍රික තුරුම්පුව නිසා වන්නට පුලුවන.

එසේ දකුණු ඉන්දියාවෙන් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට අවශ්‍යතාවයක් තිබුනේ නැත්නම්, විජය කුමරුට බිසවක් සෙවීමට ඔවුන් කෙලින්ම පණිවිඩ කරුවෙකු යවන්නේ, ඔවුන් හොදින් දන්නා උතුරු ඉන්දියාවේ පිහිටි සිංහ පුරයටය. මක්නිසාද විජය රජු වයස් ගතව තමාගෙන් පසු රජ වන්නට, කුමාරයෙකු ඉල්ලා තානාපතියෙකු යවන්නේ සිංහපුරයටය. එයින් හැගෙන්නේ ඔවුන් සිංහපුරයට යන්ට මාර්ගය දැන සිටි බවත්, සම්බන්ධකම් ඕනෑම වෙලාවක ඇති කර ගන්නට හැකියාවක් තිබුනු බවත්ය.  


මෙයින් පෙනෙන්නේ බොහෝ විට කුවේනිය සහ දරුවන් මේ දුක්ඛිත තත්වයට ඇද වැටුනේ, අප ජාතියේ අනාගතය සුරක්ෂිත කරන්නට වන්නට වීමට පුලුවන් බවය.  

සමහර විට විජය රජු කතාවේ පෙනෙන තරම් නපුරු එමෙන්ම අකෘතවේදී අයෙකු නොවන්නට පුලුවන; ඔහු කුවේනිය ඉවත්කර මදුර පුරයෙන් බිසවක් ගෙන ඒමට කැමති වන්නට ඇත්තේ තම ජාතියේ ආරක්ෂාව සදහා වන්නට පුලුවන.                     

2 comments:

  1. කුඩා රාජ්‍යයක් විශාල රාජ්‍යයක් මැද්දැවෙ තියෙන එකට මට හොදටම මතක තියෙන්නේ “ලෙසතෝ“ .

    ReplyDelete
  2. වැදගත් විග්‍රහයක් අලුත් ඇසකින් මෙ ගැන බලන්න ඉඩ ලැබුනා.

    ReplyDelete

එළඹෙන පලාත්පාලන මැතිවරණය; ප්‍රධාන සාධකය කුමක් විය හැකිද ?

මේ දිනවල රටේ වැඩියෙන්ම කතා බහා වෙන්නේ එක්කෝ පලාත්පාලන චන්දය ගැනය, එසේත් නැත්නම් අර්ජුන ඇලෝෂියස්ගේ දුරකථන ඇමතුම් පිළිබදවය. චන්ද කොහ...