Friday, September 23, 2016

මහා වංශයේ මා කැමතිම රජතුමා මකලන්තිස්ස වන්නේ ඇයි?










මහා වංශයේ මා කැමතිම රජතුමා කවුරුන්ද?
දේවානම්පියතිස්ස රජුගේ සෙනවියෙකු වූ දිග ඇඳුමක් අදින නිසා දීඝසන්ද සේනාපති යැයි ප්‍රසිද්ධ වූ සෙනවියෙකු විසින්, මල්වතු ඔයේ ඉවුරක කරවන ලද දික්සද සෙනවි පිරිවෙනහි විසූ සංඝයා විසින් ලියූ මහාවංශය මහසෙන් (334 – 361) රජු දවස ලියා අවසන් විය.
චීනය හැරෙන්නට මෙතරම් ඈත අතීතයකට ලේඛන ගත ඉතිහාසයක් ඇති ජාතිය අපි වෙන්නෙමු. මෑත ඉතිහාසයේ සුද්දෙකු එය සොයා ගන්නා තෙක් අපි මේ අපගේ විශිෂ්ඨත්වය නොදැන සිටිම වෙනම කාරණයකි.
මහාවංශය ක්රිස්තු පූර්ව 483 සිට ක්රිස්තු වර්ෂ 361 දක්වා අවුරුදු 844 කාලය තුල අතර තුර ශ්රී ලංකාවේ රාජ් පාලනය හා සම්බන්ධ සිද්ධි, ලුණු ඇඹුල් ටිකක් සහිතව සිත් ගන්නා සුලු ආකාරයෙන් පැහැදිලි කරයි. එහි අඩු වැඩියෙන් රජවරු 58 කි. ඉන් දෙදෙනෙකු රැජිනන්ය. කාන්තා විමුක්තියද අමතක කර නැත්තේය.
මෙය මා හත් අට වතාවක් කියවා තිබේ. කියවන හැම විටම එක් රජෙකු සැම විටම මගේ හිත දිනා ගනී. මහාවංශයේ කතා නායකයා යැයි හැගෙන දුටුගැමුණු නොවේ. මාමාවරු දස දෙනාගෙන් නව දෙනෙකු මරා ඉතිරි මාමා රාත්රියට රජ කර වූ පණ්ඩුකාභයද නොවේ. මියගිය තම සහෝදරයා වූ බල්ලාටනාග රජුගේ බිසවව සිටි දැන් තමාගේ බිරිද වන අනුලා දේවිය යුද්ධයෙන් පැරද පලා යන විට, තම රථයේ ඉතිරි කරගෙන තම බිරිදවන සෝමා දේවිය කිරීටයත් සමග බස්සවා ගිය වට්ටගාමිණී අභයත් නොවේ.
අප බොහෝ විට කිසිම අවස්ථාවක කතා නොකරන රජ කෙනෙකුය. ඔහු නම් අනුලා දේවියගෙන් පසු රජ වූ මකලන්තිස්ස ( කාලයේ රජ පවුලේ 80% ක් පමණ තිස්සයන් වූහ.) රජුය.
මෙම මකලන්තිස්ස රජු අනුලාදේවිය රජ වීමට පෙර රජකම් කල  මහාකුලික රජුගේ කූටකන්නතිස්ස නම් දෙවෙනි පුතාය. අනුලා දේවියට බය වී මහණ වී සිට පසුව හමුදාවක් රැස්කරගෙන පැමිණ අනුලා රැජින මරා දමා අවුරුදු 22 ක් ඔහු රාජ් කලේය. සමහර විට ඔහුගේ නමේ විශේෂණ පදය වන මකලන් යන්න ඇති වී ඇත්තේ මූකලානයේ සැඟවී සිටි නිසා වන්නට පුලුවන. උදා: වන්කනාසික තිස්ස, දේවානම්පිය තිස්ස, මහදැලියා තිස්ස, දරකැටියා තිස්ස. මේ ඔහුගේ රාජ් කාලය තුල ඔහු කල කර්මාන්තයන්ය. ආගම සදහා සුලු දේවල් කලද ඔහු ජනතාවගේ අභිවෘද්ධිය සදහා බොහෝ නිර්මානාත්මක දේවල් කර ඇති බව පෙනේ.
චේතිය කන්ද මුදුනේ උපෝසත උත්සව සදහා ගොඩනැගිල්ලක් (ආගම)
එහිම ශෛලමය ස්ථූපයක් සහ බෝධියක් (ආගම)
ගංඟා දෙක අතර[1] පැලගම විහාරය සහ වන්නක නැමැති ඇල (ආර්ථිකය, ඉංජීනේරු සහ කෟෂිකර්මය)
අනුරාධපුර නගරය වටා අඩි දහය හමාරක් උස ගල් ආරක්ෂිත බැම්මක් සහ දිය අඟලක් (ජාතික ආරක්ෂාව)
අනුලා රැජින වාසය කල මාලිගාව ඇයත් සමගම ගිනිබත් කර, කිට්ටුව අලුත් රාජ මාලිගාවක් (ජුගුප්සාජනක දෙයින් හැකි තරම් ඈත්වීම)
ඔහුගේ මව මහණ වූ පසු ඇයට වාසය කිරීමට පුද්ගලික ඉඩමක දාන්තගෙය නම් ආරාමයක් සෑදීම (රාජ් දේපල අපරිහරනය නොකිරීම)

නගරයේ පදුමස්සර උයන[2] (පරිසරය)
ගංගා අතර ඇලවල් කැපීම, නගරයට ආරක්ෂක බැමි සහ අඟල ඉදි කිරීම, වැව් ඉදිකිරීම, තමන්ගේ ඉඩමක මවට ආරාමයක් සෑදීම, වැනි කරුනු වලින් මේ රජු ඉතාමත් බුද්ධිමත්ව රාජ කර ඇති බව පෙනේ.   නිසා ඔහු මගේ මහවංශයේ ප්රියතම රජතුමාය.





[1] බොහෝ විට අඹන් ගග සහ මහවැලි ගග අතර විය යුතුයි.
[2]

6 comments:

  1. ජනතාව ඒක්වී දුෂිත පාලකයකු ඒළවා දමා පත් කර ගන්නා පාලකයාට ජනතාවාදියකු වෙන්න සිද්ධවෙනවා, අඩුගානේ ජනතාව අවධියෙන් ඉන්න ටික කාලෙදීවත්.

    අනුලාගෙන් පස්සේ ආව කෙනා වඩා ජනතාවාදී වෙලා නම්, එ් කියන්නේ අනුලාව පන්නා දමා තියෙන්නේ ජනතා විප්ලවයකින්ය කියා.

    ReplyDelete
  2. Mr. ilangakon.

    can you please explain why did mahavamsa writers decide starting point as arrival of vijaya . from where did vijaya start his voyage . from bangol area or Gujarat area.was vijaya the primate of sinhalese race.

    ReplyDelete
  3. මගේ ප්‍රියතම රජතුමා...රුහුණු මාගම් ගිරුවායේ..."පලවෙනි රාජපක්ෂ" නම් වෙයි !
    රජ පව්ලේ සුඛවිහරණයට රාජ්‍ය දේපල හෝ බලය යොදා නොගැනීම
    රාජ්‍ය දේපල සොරකම් නොකිරීම
    පව්ලේ අයට තනතුරු නොදීම
    තම පුතා වරදක් කලද...දඬුවම් ලබා දීම
    තමන්ගේ රාජසභාවේ ඇමති කෙනෙක් හෝ සොරකමක්, මැරකමක් කළහොත් දඬුවම් කිරීම
    රජය විවේචනය කරන්නන්ගෙන් පළි නොගැනීම
    මානව හිමිකම් ගරු කිරීම
    අධිකරණයට ඇඟිලි නොගැසීම...යනාදී කරුණු අටෝරාශියකින්...මෙතුමා උතූම්වූ ශ්‍රී ලංකාද්වීප ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම රජතුමා වෙයි !

    ReplyDelete
    Replies
    1. මගේ නම් මහා බැංකුවෙන් සතයක් වත් හොරකම් කරන්න වචනෙකින් වත් කිසිම අනුබලයක් නොදීපු කොළඹ හතේ වික්‍රම සිංහ උතුමා

      Delete
  4. මහසෙන් රජතුමා,එතුමා මුහුණ දුන් යුද්ධ සහ ආර්ථික දේශපාලනික කටයුතු පිළිබඳ ඔබතුමාගේ කියවීම කොහොමද?
    ජයවේවා..!!

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...