Thursday, August 11, 2016

10+1 නොසෑදුනු ටෙලි නාට්‍ය 4 වෙනි කොටස; සුද්දාගේ ආගමනය






10+1 නොසෑදුනු ටෙලි නාට්‍ය 4 වෙනි කොටස; සුද්දාගේ ආගමනය





21
ග්‍රාමීය පරිසරයක පිහිටි නැටුම් පුරුදු කරන පන්තියක්
හවස ,විද්‍යාපති සහ වීරසේකර පුටු දෙකක වාඩි වී කථා කරමින් සිටිති. ළමුන් කීප දෙනකු නාට්‍ය අභ්‍යාසයේ යෙදිති. වයස 50 ක පමණ කොණ්ඩය තට්ටය පෑදුනු හොදින් වැඩුනු සිරුරක් ඇති සුදු ජාතිකයෙකු, පඩි පෙලින් උඩට පැමිණේ. ඔවුන් අදුනාගත් පසු ඔවුහු කථාවට වැටෙති. මුලික කථා බහෙන් පසු සුදු ජාතිකයාගේ නවාතැන් ගැනීම්, හා වෙනත් අවශ්‍යතා පිළිබද එකගතාවයකට පැමිණෙති. ඔහු මීට පෙර වෙනත් ගුරුවරයෙක් ගෙන් උඩරට ඉගෙන ගෙන ඇතත් සිංහල භාෂාවේ වචන කිිහපයක් හැරෙන්නට හුරුවක් නැත.

 22

ග්‍රාමීය හන්දියක්

අම්බලමේ බැම්මක් මත තබාගෙන අඬ බෙරයක් ගසයි .ඉන්පසු තරුණයන් දෙදෙනෙක් අම්බලමේ බැම්මෙහි අතින් ලියන ලද පෝස්ටරයක් ගසති . ගැමියන් දෙදෙනකු පෝස්ටරය කියවති .
                                                                      

                                                                    ගැමියා 1


මේ පාර සල් පිල කලින්ම තියන්ට යන්නේ .
                                                                          

                                                                        ගැමියා 2


ඇයි එදා දායක සමිතියේ උඹ හිටියේ නැද්ද? ඉස්කෝලේ ක්‍රිකට් කණ්ඩායමට ඕන දේවල් ගන්ඩ සල්ලි හොයන්ට තමයි සල්පිල තියන්නේ .
                                                                       

                                                                       ගැමියා 1:


අනේ සාදු ,ඒක නම් බොහොම හොද වැඩක් .
23

පන්සලේ පිට්ටනිය

,සවස ,ළමුන් පුහුණුවේ යෙදෙති .වීරසේකර , හාමුදුරුවෝ ,විදුහල්පති ,ටීචර් සහ නොතාරිස් පිටියේ අයිනක සාකච්චාවක යෙදී සිටිති.
                                                            
                                                                     වීරසේකර

අනෙක් ඔක්කොම අංශ හොදයි ,bowling ටිකක් වගේ හිතට හොද මදි .bowling  coach කෙනෙක් හොයා ගත්ත නම් තමයි  අගේ .
                                                                                      
                                                                     විදුහල්පති

මහත්තයා  කිව්වා නේද එක්කෙනෙක් ඉන්නවා කියලා .
                                                               
                                                                    වීරසේකර

ඔව් මම පස් හය දෙනෙක්ටම කතා කරා. එක coach කෙනෙක්  විතරයි එන්ට එකග වුනේ .සතියකට දවස්  දෙකක් ඇවිල්ලා, මෙහෙ නැවතිලා කරන්න තමයි හදන්නේ. යන එන වියදමත් එක්ක පොඩි ගාණක් ගෙවන්න වෙයි .
                                                               හාමුදුරුවෝ

කමක් නැහැ මහත්තයෝ ,දැන් අපිට වැඩිපුර සල්ලි ටිකක් තියෙනවනේ. සල්පිලෙන් ආපු ආදායමත් එක්ක මොකටද අය අඩුවක් තියන්නේ, ඒකත් කරලා බලමු.
24

ඇමතිතුමාගේ ගෙදර

,ඔහු ටෙලි ෆෝනයෙන් කතා කරයි
                                                                                  
                                                                        ඇමතිතුමා

ඕක තමයි මම කිව්වේ අමරසූරිය ඕක මුලින්ම නවත්වන්න තිබ්බේ .දැන් මේක මුල් දාලා පැලවෙලා, කවුද ඔය එනවා කියන පුහුණු කාරයා. මට තමුන් කොහේ ඉදලද එන්නේ කියලා හොයල දෙන්න .ඉතිරි ටික මම බලාගන්නම් .හරි හරි ඔයාගේ වැඩේ කෙරෙයි .මේ ක්‍රිකට් team එක ගැන තව මොනවා හරි දැනගත්තම මට කියන්න .

25

සවස /ක්‍රීඩා පිටිය

අලුත්ම ක්‍රීඩා ඇදුමකින් සැරසුණු bowling  coach පුහුණු කරනවා පෙනේ .ඔහු bowling  සම්බන්ධව මුලික දේවල් කියා දෙමින් පුහුණු කටයුතු කරයි .පිටියේ පසෙක  වීරසේකර සහ විදුහල්පති කතා කරමින් සිටිති .
                                                               
                                                                      වීරසේකර

මිනිහ නම් හරිම දක්ෂයි, දවස් හතරට සැහෙන වෙනසක් තියෙනවා .මාස තුනක් යනකොට bowling  side
එක ඉහලටම ගන්න පුළුවන්
                                                                
                                                                     විදුහල්පති             

ඒක ඇත්ත ,  කණ්ඩායමේ කීප දෙනෙකුත් මගෙත් එක්ක කිව්වා .මෙයා ගෙනාපු එක නම් ලොකු දෙයක් ,,
දිස්ත්‍රික්ක  තරගත් තව මාස දෙකකින් පටන් ගන්නවා නේද?
                                                              
                                                                         වීරසේකර

ඔව් මාස දෙක හමාරක් තියෙනවා හරියටම, දිස්ත්‍රික් තරග නම් අපට ප්‍රශ්නයක් නැහැ .මේ leval එක හොදටම ඇති. එතනින් එහා බලාගෙන තමයි අපි දැන් පුහුණුවීම් කරන්න ඕන .මම හිතාගෙන ඉන්නේ දැන්මම  සුමානයක් විතර නිවාඩු දාන්න කියලා. එතකොට අන්තිම මාස තුනේ මෙහෙ දිගටම ඉන්ට
පුලුවන්. ගමේ වැඩ දෙක තුනක්ම තියෙනවා කරන්න.
                                                                                             
                                                                          විදුහල්පති                                                                 

ඒක හොදයි මහත්තයා .මම අහන්නයි හිටියේ, හුග කාලෙකින් ගමේ ගියේ නැහැනේ කියලා. ක්‍රිකට් කණ්ඩායමටත් එතකොට ටික දවසක් පුහුණු වීම නවත්තලා, විනෝදෙට ක්‍රිකට් ටිකක් ගහන්න පුළුවන්.  
වීරසේකර සමුගෙන එතනින් නික්ම යයි.

26

දහවල

ලී දෙකක එල්ලූ පුටුවක ළමයෙකු ඉන්දවාගෙන, එය කරේ තබාගත්  කණ්ඩායමක් කදු ප්‍රදේශයක සිට කුඹුරක නියරක් දිගේ පැමිණෙති .කාන්තාවන් දෙදෙනෙකු හඩමින් පිටුපසින් යති.කැමරාව ලං කරන විට එහි සිටින්නේ ප්‍රේමරත්න බව පෙනේ .කුඹුරෙන් නියර දිගේ පාරට පැමිණ, මිනිසුන් ටික වෙලාවක් පාර අයිනේ බලා සිටිති .ඉන් පසුව පැමිණෙන කළු පැහැති මයිනර් රථයකට ප්‍රේමරත්න අමාරුවෙන් දමා ගෙන, රථය පිටත් වෙයි .
                                                                       
                                                                           ගැමියා 1

බේරෙයි කියලනම් හිතන්න අමාරුයි, කොස් ගහේ අත්තක් කඩාගෙන වැටිලා තියෙන්නේ.
                                                                      
                                                                             ගැමියා 2

දිරපු අත්තකටවත් නැග්ගද දන්නේ නැහැ, අපරාදේ හොද කොල්ලා. ඉස්කෝලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයලු නේද?

27

හවස

,සුට්කේස් එකකුත් රැගෙන වීරසේකර පාර දිගේ එයි .ඔහු ගමන් කරන මාර්ගයේ සමහර තැනක පරණ වූ සුදු කොඩි දකින්නට තිබේ. ඔහුට  මගදී පාසල් සිසුන් දෙතුන් දෙනකු හමුවුනු නමුදු, පුදුමයකට මෙන් ඔවුන් ඔහු මග හැර යනවා පෙනේ .ඔහු කෙලින්ම යන්නේ ක්‍රීඩා පිටිය වෙතය .කිසිම ක්‍රීඩකයෙකු පිටියේ දකින්නට නැත .ඔහු බෑගයත්  රැගෙනම  පන්සල වෙත යයි . හාමුදුරුවෝ හාන්සි පුටුවක ඉදගෙන පොතක් කියවමින් සිටි .ඔහු  හාමුදුරුවන්ට වැද,
                                                                 
                                                                 වීරසේකර

ඔන්න තමුන්නාන්සේට මම පාට හතරකම රෝස අතු අරන් ආවා .තමුන්නාන්සේ රෝස වවන්න කැමතිනේ .මෙතන පාට දෙකක් මල් එන පැලයක් තියෙනවා.
                                                         
                                                                හාමුදුරුවෝ

පොත පහතට නොගෙනම කතා කරයි 
මහත්තයාට මගදී මොකුත් ආරංචි වුනේ නැද්ද?
                                                                                            
                                                                   වීරසේකර  

නැහැ හාමුදුරුවනේ, හැබැයි මට තේරුණා මගදී හමුවුණු ළමයි පාරේ මම මග ඇරියා කියලා .ඇයි ආයෙත්
මට මාරුවක් වත් ඇවිල්ලද?
                                                                                            
                                                                   හාමුදුරුවෝ

නැහැ මහත්තයෝ ඊට වඩා කණගාටු දායක ආරංචියක්. අපේ ප්‍රේමරත්න කොලුවා ගහකින් වැටිලා
මැරුණා, ඉස්පිරිතාලයට ගෙනියන කොටත් මැරිලාලු,
වීරසේකර තිගැස්සෙයි .ඔහුට කිසිවක් කියා ගැනීමට නොහැකිව දොරෙන් මිදුල දෙස බලාගෙන සිටි. මිදුලට එක වරම පොල් ගෙඩියක් වැටේ .ඔහු නැගිට බෑගයත් රැගෙන පිටවෙයි.

28

ක්‍රීඩා පිටිය

වීරසේකර අසල ඇති ගලක ඉදගෙන සිටි .ක්‍රීඩකයන් ඒ අසල සිටගෙන සිටිති .දීර්ඝ සාකච්චාවක් අවසන් වී ඇති බව පෙනේ .
                                                                     
                                                                         ශිෂ්‍ය නායකයා

අපිට කිව්වා  සර් අමාත්‍යංශයේ කොන්ත්‍රාත් එකක් හම්බවුන කියලා .සර් ට කියන්නම් කියලත් කිව්වා
වීරසේකර පුදුමයට පත්වෙයි .
                                                                                        
                                                                 වීරසේකර

ඔය හදිස්සියෙන්? ඒ කියන්නේ මිනිහත් ආය එන එකක් නැහැ .අපේ වැඩ පිළිවෙල සම්පුර්ණයෙන්ම අවුල් වෙනවා, ප්‍රේමරත්න නැහැ, coach එන්නේ නැහැ කියනවා, දැන් අපිට තව ඉස්සරහට යන්න අමාරුයි. .දිස්ත්‍රික්ක, කොට්ඨාශ champion වුනා .ඒකත් ලොකු දෙයක්නේ. අපිට උදව් කරපු හැම
කෙනෙක්ටම කතා කරලා, ස්තුති කරලා මෙතනින් නවතිමු.

ළමුන් සියලු දෙනා ඉතා කණගාටුවෙන් වීරසේකර දෙස බලා සිටි. කොළ පැහැති කොටුසරමකින් සහ සුදු අත් කොට බැනියමකින් සැරසී ලේන්සුවක් කරේ දමා ගත් පුද්ගලයෙකු, හෙමින් හෙමින් එතනට පැමිණේ. ඔහු පිරිස අසලින් සිටගනී.
                                                                             
                                                                  
                                                                ප්‍රේමරත්න ගේ පියා    

මහත්මයා මාව අදුරන්නේ නැතිව ඇති. මම ප්‍රේමරත්න ගේ තාත්තා, මගේ නම පුන්චිකිරා. මම බුදුරුවගල පන්සලේ තේවාවට බෙර ගහන්නේ. පන්සලේ  ඉඩමේම තමා ගෙයක් හදා ගෙන ඉන්නේ. පන්සලේ කුඹුරක් අදේට වැඩ කරලයි ජීවත් වෙන්නේ. අපිට මහත්තයෝ කවදාවත් සැපක් සතුටක් තිබුන මිනිස්සු නෙවේ. ප්‍රේමරත්නයි ගේ අම්මත්, අනුන්ගේ කුඹුරුවල නෙලන්න ගිහිල්ලා, ප්‍රේමරත්නයි ,එයාගේ අයියයි ජීවත් කලේ. පසුගිය දවස් ටිකේ තමයි අපේ ගෙදර සන්තෝෂයක් කියලා තිබුනේ. ඒ ඉස්කෝලේ match දිනුවාම ප්‍රේමරත්නගේ දස්කම් අහලා අපිට ලැබිච්ච සන්තෝෂය. ගිය පෝයට ඒකත් අපිට නැති වුණා. අපිට ආය සන්තෝෂ වෙන්ට කියලා දවසක් එන එකක් නැහැ. ඒ වුනාට ප්‍රේමරත්න කොල්ලගේ කණ්ඩායම ලංකාවෙම සූරයෝ වෙන ඒක තමයි ප්‍රේමරත්න තිබ්බ එකම හීනය.අපෙත් හීනය ඒකමයි. ඒ හින්දා මම තමුන්නැහැ ගෙන් ඉල්ලන්න ආවේ, කොහොම හරි ඉස්සරහට ගිහිල්ලා මේ කණ්ඩායම දිනවලා, අපිට ආය එක දවසකට හරි හිත හදාගන්ඩ උදව් කරන්න කියලා. මම පුතාගේ තිබු ක්‍රිකට් ගහන බඩු ටික ඔක්කොම අරගෙන ආවා.ඒ ටිකත් කාට හරි ප්‍රයෝජනයකට ගන්ඩ දෙන්න කියලා. එහෙනම් මහත්තයෝ මම ගිහිල්ලා එන්නම්.

ඔහු කදුළු පිරි දෙනෙතින් පිටව යයි.
වීරසේකර -ඇතුළු ශිෂ්‍යයන් කිසිවක් කථා කරගත නොහැකිව, කදුළු පිරි දෙනෙතින් ඔහු යන මග බලා සිටිති.
                                                                      
                                                     ශිෂ්‍යයන් -

සර්,අපි කොහොම හරි පුළුවන් විදිහට පුහුණු වෙලා පුළුවන් තරම් ඉස්සරහට යන්. ප්‍රේමරත්න අපිත් එක්ක ඉන්නවයි කියලා හිතාගෙන. අපි  හොද fight එකක් දෙමු. අපිට නැතිවෙන්න දෙයක් නැහැනේ.
                                         
29.

නැටුම් ශාලාව

John , තරුණ කාන්තාවන් 06 දෙනෙකු සමග නැටුම් පුහුණු වෙමින් සිටී. නැටුම් ගුරුවරයාගේ දියණිය තේ සහ හකුරු සමග පැමිණේ.
                                                                                             
                                                                        John

Where are the boys today?
                                                                                             
                                                                             ගැහැණු ළමයා

They practise cricket today.
                                                                                              
                                                                           John

Practise for what?
                                                                                            
                                                                                  
                                                                           ගැහැණු ළමයා
                                                                             
                                                                    For champion ship.
                                                                                             
                                                                               
                                                                        John
                                                                       
                                                              What champion ship?
                                                                                          
                                                                         ගැහැණු ළමයා

-District champion ship.
                                                                                           
                                                                        John

I am a cricketer myself. I would like to go and see them practise.
                                                                                        
                                                                         ගැහැණු ළමයා

We go now.I will ask the teacher.
    

  ටික වෙලාවකින් ඔවුන් සියලු දෙනා ඒ ඇදුමෙන්ම ක්‍රීඩා පිටිය බලා පිටත් වෙති..

4 comments:

  1. මේ වගේ කැපිලි කෙටිලි ලංකාවේ කොහෙත් තියෙනවා. හැබැයි මේවා කඩාගෙන ඉස්සරහට යන්න ඕන. අභියෝගයක් බාර ගන්න බැරි කෙනා කවදාවත් දියුණු වෙන්නේ නෑ. දිගටම ලියන්න.

    ReplyDelete
  2. මේක කියවන්න ගත්තම ඇඟ නලියන්න වගේ උනා.. ඔන්න චයිනමන් පොතත් හොයාගත්තා කියවන්නයි කියලා.
    ජයවේවා..!!

    ReplyDelete
  3. දැන් යහපත් කලක් උදා වෙයි නේද?...

    "ඔන්න තමුන්නාන්සේට මම පාට හතරකම රෝස අතු අරන් ආවා .තමුන්නාන්සේ රෝස වවන්න කැමතිනේ .මෙතන පාට දෙකක් මල් එන පැලයක් තියෙනවා."

    මෙතැන පොඩි පරහක් තියෙනවද කියල සැකයි සර්....මේ කියන්නෙ කාටද කියන එක......හැමුදුරුවන්ටනම් ගැළපෙන්නෙ නැතිවෙයි කියල හිතෙනවා

    ReplyDelete
  4. හාමුදුරුවරු අලිත් ඇති කරන කාලේ පන්සලේ රෝස පැලයක් පැල කරන එක බොහොම අහිංසක ලෞකික ආසාවක් නේද?

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...