Wednesday, August 24, 2016

රජයේ නොවන වෛද්‍ය විද්‍යාල ; වගුව සමබරද?







මම ඊයේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දෙමව්පියන්ගේ රත්නපුරේ තිබූ සම්මන්ත්‍රණයක් අවුල් කරන්නට උත්සාහ කරන සිද්ධියක් ටි වී එකේ දැක, එලෙස මෙතරම් පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධව රංඩුකර ගන්නට තරම් උනන්දුවක් ඇත්තේ කාටදැයි සිතුවෙමි.
එහෙත් එතරම් ක්‍රෝධයකින් ඒවාට විරුද්ධ වන්නට කෙනෙකුට හෝ කණ්ඩායමකට ඇති හේතුව කුමක්දැයි බලන්නට පහත ආකාරයෙන් රජය නොවන වෛද්‍ය විද්‍යාල ඇති කිරීමෙන් සිදුවන වාසි සහ අවාසි වගු ගත කලෙමි.
අවාසි තීරුවේ එක් නොවැදගත් අවාසියක් හැරෙන්නට වෙනත් කිසිවක් හොයා ගන්නට අපහසුය. ඇත්තෙන්ම මේ කණ්ඩායම කුමන හේතුවක් නිසා මෙලෙස විරුද්ධ වන්නට ඇද්ද?



වාසි
අවාසි
බිලියන ගණනක විදේශ විනිමය රටෙහි ඉතිරිවේ.
පිටරට අධ්‍යාපනයට ළමයි යවන ඒජන්සි කම්පැනි වලට ව්‍යාපාර අඩුවේ.
විදේශ සිසුන් පැමිණීම නිසා බිලියන ගණනක් විදේශ විනිමය රට තුලට පැමිණේ.

කෙලින්ම සහ වක්‍රාකාරව රැකියා දස දහස් ගණනක් ඇතිවේ.  

ලංකාවේ තිබෙන සාමකාමී පරිසරය සහ අන්තවාදී ක්‍රියා වලින් තොර වීම නිසා පිටරට සිසුන්ට මෙහි පැමිණ ජීවත්වීමට පහසුය.

ශ්‍රී ලංකාවට දැනට තිබෙන එතරම් ගෞරවයක් නැති ප්‍රතිරූපය දැනුම කේන්ද්‍රයක් ලෙස හොඳ පැත්තට වෙනස් වේ.

දස දහස් ගණන් දරුවන් අධ්‍යාපනයට පිටරට යවන දෙමව්පියන්ට, අඩු වියදමකින් මෙරටදීම ඒ කටයුත්ත කරගත හැක.

එම දෙමව්පියන්ට දරුවන් රටේ සිටිම මහත් අස්වැසිල්ලකුත් වනු ඇත.

වියදම අඩුවන හෙයින් වැඩි සිසුන් ප්‍රමාණයකට අධ්‍යාපනය ලබා ගැනීමට හැකිවනු ඇත.

බඳු ගෙවන ජනතාවගේ මුදල් වියදම් වන්නේ නැති නිසා, එම මුදල් අධ්‍යාපනය,සෞඛ්‍යය සහ රටේ සංවර්ධනයට යෙදවිය හැක.

සංසන්ධනාත්මකව ඉතාමත් අඩු තත්වයක පවතින (0.68/1000) ඒක පුද්ගල වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය ඉක්මනින් වැඩිකර ගන්නට පුලුවන.

මැදපෙරදිගින්, විශේෂයෙන් එම ප්‍රදේශයේ දැන් තිබෙන ප්‍රශ්න නිසා, බොහෝ සිසුන් ශ්‍රී ලංකාවට අධ්‍යාපනය සදහා පැමිණීම නිශ්චිතය.

සිසුන් විශාල ප්‍රමාණයක් මෙහි පැමිණීම නිසා ලැබෙන ප්‍රසිද්ධියෙන් සංචාරක ව්‍යාපාරයටද රුකුලක් වෙයි.

















8 comments:

  1. වෛද්‍ය විද්‍යාව හැර වෙනත් විෂයයන් උගන්වන ආයතන වලට කවුරුවත් විරුද්ධ නොවන්නේ ඇයි? KDU එකට විරුද්ධ නොවන්නේ ඇයි?

    ReplyDelete
  2. මේ ටික ලංකාවේ ඉන්න උගත්ම සහ බුද්ධිමත්ම කොටස තමන් යයි හිතාගෙන ඉන්න රජයේ විශ්ව විද්‍යාල වලින් වෛද්‍ය උපාධිය ලත් පිරිසට පැහැදිලි කර දෙන්නෙකුට ඇතෙක් බරට වස්තුව දෙමි.
    ආ අමතක වුනා මේ ලයිස්තුවට අන්තරය,ජවිපෙ,කුරු‍ටුගාමීන්ද ඇතුලත් විය යුතුය.

    ReplyDelete
  3. ඔබ මේ ගැන දක්වන අදහස ඉතා ධනාත්මක එකකි.
    ඇත්තෙන්ම ඔබේ ධන ඍන වගුවෙහි ඍන පැත්ත පිරවීමට අසයිටම් විරෝධීන්ට අභියෝගයක් දෙමුද?

    ReplyDelete
  4. ඕනෑ නම් කෙනෙකුට මෙය එවැනි අභියෝගයක් ලෙස බාරගෙන ඒ කරුණු ඉදිරිපත් කරන්නට පුලුවන. නමුත් මෙතෙක් කවුරුත් එසේ කරන්නට ඉදිරිපත් වී නැත්තේය.

    ReplyDelete
  5. විවාදයක් නෑ ප්‍රමිතියක් නැති...සයිටම් හොර උපාධි කඩේ වහන්න ඕනෙ...කිසිම ප්‍රමිතියක් නැති...ලේ මූත්තරා කියල බෝඩ් එකේ ගහල තියෙන...ආණ්ඩුවෙ ඩොකාල ඩියුටි වෙලාවෙත් පොල් කඩන...PP පෙට්ටි කඩත් වහල දාන්න ඕනෙ.

    ReplyDelete
  6. Private universities and private medical colleges are good but those should be 100% regulated by the government or governing bodies. SAITM should be vanished and qualified people to be given proper places in the private medical college. Just study the management structure of Postgraduate Intitute of Management of University if Sri Jayewardenepura that is not spending public funds of course they are profit making. Likewise we should establish private medical college with pioneered by government and properly regulated one.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...