Tuesday, August 30, 2016

From hunter – gatherer to farmer, and then to farmer – gatherer TM, copy rights reserved for last word pl











  



   From hunter – gatherer to farmer, and then to farmer – gatherer TM


මිනිස් සංහතිය අවුරුදු මිලියන් 3 නක වේලේ පටන් දඩයමෙන් සහ එකතු කීරීමෙන් ජීවත්විය. මෙයට අවුරුදු 10,000 කට පෙර, ඒ කියන්නේ පරම්පරා 35,000 කට පමණ පෙර, අපේ මුතුන් මිත්තන් ගොවිතැන සොයා ගත්හ. මෙතැන හරියටම පැරණි ගල් යුගයේ සිට අලුත් ගල් යුගයට (neolithic) මාරු වූ අවස්ථාවයි. මෙහි ඇති විශේෂත්වය නම් එක් එක් ස්ථානවල ස්වාධීනව එකම කාලයේ මෙම විප්ලවය සිදු වීමයි. බොහෝ විට මෙයට හේතු වී ඇතැයි සිතන්නේ, අයිස් යුගයේ අවසාන වීම යැයි සිතනු ලැබේ.
ක්‍රීස්තු පූර්ව 9000 පමණ, සතුන් හීලෑකර ගැනීම, තමන්ට අවශ්‍ය තිබෙන වටා වල් ගලවා දැමීම, ඉඩවර කාලයට පැල වලට වතුර වැක්කිරීම, හීලෑ කරන ලද සතුන් වැටවල් ඇතුලට දාගැනීම සහ ඔවුන් ගෙන් පැටව් ලැබෙන තුරු, කොතරම් මරා කන්නට සිතුනද, නොමරා රැක ගැනීම, මිනිසුන් ගොවියන් වන විට ඇතිවූ ප්‍රධාන ලක්ෂණ විය.
මුලින්ම මිනිසුන් සමග එකතු වූයේ අවුරුදු 30,000 කට පමණ පෙර බල්ලන් වූ අතර, ඉන්පසු බැටලුවන්, එළුවන්, හරකුන් සහ ඌරන් හීලෑ කෙරුනේ ක්‍රි:පූ: 9000 සිට 7000 දක්වා අතර කාලයේදී බොහෝ විට එම පිළිවෙලය.
මෙලෙස දඩයම් - එකතු කරන්නන් (hunter – gatherers) ගොවියන් වී ඇත්තේ අවුරුදු 10,000 කට පමපෙර නිසා, මිනිස් සංහතිය කෘෂිකර්මය අපූරු ලෙස වැඩි දියුණු කරගෙන ඇත්තේය. ලෝකයේ ජනගහනය බිලියන 7 කටත් වඩා වැඩි වුවද, හරිත විප්ලවය වැනි කෘෂිකර්ම ක්ෂේත්‍රයේ  ජයග්‍රහන නිසා නොයෙකුත් ප්‍රශ්න නිසා තැනින් තැන මන්දපෝෂණය තිබුනද, ලෝකයේ සෑම දෙනාටම පාහේ බඩගින්නේ නොඉඳ සිටිමට හැකියාව ලැබී තිබේ.
එහෙත් දැන් අපේ රටේ ගොවියන් hunter – gatherer තත්වයෙන් තවත් ඉදිරියට ගොස් farmer – gatherer වීමට සිදුව තිබේ. ඒ අපි වගා කරන දෑ කිසිම පාලනයක් නොමැතිව බෝවෙන හා නිදැල්ලේ හැසිරෙන වල් අලීන්, වල් ඌරන්, ඉත්තෑවන්, වඳුරන් සහ රිලවුන් වැනි සතුන් සමග බෙදා ගැනීමට සිදුව තිබීමයි. ¼ ක් පමණ සත්තුන්ට දුන්නාට නම් කමක් නැත. මොකද අපි වානීජ ගොවියන් නොවේ. එහෙත් මුලු ගොවිතැනම විනාශ කරන විට කල හැක්කේ කුමක්ද?
මම ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේ දෙවැනි නගරයද එසේම අවසාන අගනුවරද වන මහනුවර නගර සීමාවට මීටර් 500 ක් පිටතිනි. කොතරම් ජනාකීර්ණ වී ඇත්තේද යත් නිවෙස අසල පාරේ වාහනයක් නැති වේලාවක් ආසාවකටවත් බලන්නට ලැබෙන්නේ නැත. එහෙත් කිසි දෙයක් වවන්නටත් බැරිය.
දැනට අවුරුදු 5 කට පමණ පෙර මම මගේ ඉඩමේ තිබෙන පරණ කෝපි ගස් 20 ක් පමණ කපා ඉවත් කර, පොල් පැල 10 ක් ගෙනවිත් උපදෙස් අකුරටම පිලිපැද එකක් පැලකීරීමට රුපියල් 300 ක් පමණ වැයකර පැල කලෙමි. ඌරන් සහ ඉත්තෑවන් මාස 6 ක් ඇතුලත එයින් ගස් 7ක් විනාශ කර දැමූ අතර, අනික් 3 න සමහර විට ඉතිරි කරන්නට ඇත්තේ  මට ඇති අනුකම්පාව නිසා විය හැක. කෙසෙල් ගස් වලට ඒවා පොඩි කාලේ කරදර කරන්නේ නැත. කෙසෙල් ගස් හොඳින් පුෂ්ටිමත්ව වැඩී අප එයින් සංතෝෂයක් ලබා ගන්නා තුරු උන් නිශ්ශබ්දව සිටිති. ඉන්පසු ඒවා හොඳින් වැඩුනු පසු එක් දිනක සියල්ල සමූල ඝාතනය කර, මුල හරියෙන් බොඩය ටිකක් කා දමා, සමහර විට පොල් පැල කා දමා කෑමෙන් පසු අතුරුපස සදහා වන්නට පුලුවන, යන්නට යති.
 ඉතිරි වූ කෙසෙල් ගස් කිහිපයේ කෙහෙල් කන් ගසේම මෝරන්නට ඇරිය හොත් ඒ රිලවුන්ගේ වාරයයි. කෙසෙල් පමණක් නොව ඕනෑම පලතුරකටද තත්වය එයම වෙයි.
වෙන ගොවිතැන් කරන රටවල නම් මෙලෙස ගොවිතුන් කරන ප්‍රදේශවල සතුන් අඩු කිරීමට වාර්ෂිකව සිදු කෙරෙන sculling කලින් වැඩ සටහන් රජය විසින් ක්‍රියාත්මක කරයි. එහෙත් මෙහි ඒවා ගැන සාකච්ඡා කරන්නේවත් නැත.
අපි අන්තිමට hunter - gatherer සිට අවුරුදු 10,000 කට පෙර ගොවියන් බවට පත්වී දැන් මිනිස් සංහතියේ කිසිම සමාජයක් පත්වී නැති තත්වයකට පත්ව සිටිමු. ඒ farmer - gatherer අවධියයි. අපි ගොවිතැන් කර සතුන් විනාශ කර දමාගිය පසු ඉතිරි ඇඹරුනු ගස් ටිකේ පලදාව නෙලා ගන්නෙමු.             

7 comments:

  1. // මගේ ඉඩමේ තිබෙන පරණ කෝපි ගස් 20 ක් පමණ කපා ඉවත් ක //

    මෙන්න ප්‍රශ්නෙට උත්තරේ...
    දැන් පවතින තත්වය සමග ඔබේ ඉඩමට උචිත වන්නේ කෝපි ගස් ය... කෝපි වවා ගෙඩි සකස් කර වෙලෙඳ පොලට යවන්න...

    :D

    ReplyDelete
  2. // වෙන ගොවිතැන් කරන රටවල නම් මෙලෙස ගොවිතුන් කරන ප්‍රදේශවල සතුන් අඩු කිරීමට වාර්ෂිකව සිදු කෙරෙන sculling කලින් වැඩ සටහන් රජය විසින් ක්‍රියාත්මක කරයි. //

    sculling ද නැත්නම් culling ද?

    ReplyDelete
  3. its cheaper and much more convenient to buy coffee than making it especially the process of making after harvesting

    ReplyDelete
    Replies
    1. Yeah, but home dried-roasted-ground coffee has a unique flavor, a kind of delicious oily taste.

      Delete
  4. ඉතින් අනේ යාළුවගේ මැජික් පෙට්ටියක් ගෙනත් හයිකරල දෙන්න කියන්නකෝ

    ReplyDelete
  5. අපිටත් වඳුරන්ගෙන් කරදරයි. ඒත් මං එයාර් ගන් එකෙන් වදින්න තියන්නෙ නෑ. කොලඹ නගරයට මේ තරම් ආසන්නව කෑලෑ සතෙක් තාමත් රංචුවක් වශයෙන් එලිපිට සර්වයිව් වීම ගැන අගය කිරීමක් තියන නිසා. අනික ලීෆ් මන්කිගේ බටහිර sub-species එකට වඳවීමේ තර්ජනය තිබෙන නිසා. ඒවගේම සතුන් එකපාර මැරෙන්නේ නැතුව තුවාලවී වදවිඳීම මං අකමැතිම දෙයක් නිසා.

    වල් ඌර නම් ලංකාවේ කිසිම වඳවීමේ තර්ජනයක් තියන සතෙක් නෙමෙයි. හක්ක පටස් තියලා වද දීලා මරනවා කුරුණෑගල පැත්තේ පොල් ඉඩම්වල. හොඳයි cull ක්‍රමයක් තියනවනම්. (ඔෆීශියල් cull එකේ මස් විකුණන්න ක්‍රමයකුත් හදන්න පුලුවන් නම් අපි හුඟක් කැමතිවෙයි පාරිභෝගිකයන් වෙන්න :-D )

    ReplyDelete

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...