Monday, August 1, 2016

අධ්‍යාපනය වරද්දා ගෙන දුප්පත් වීම; අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා.






අධ්‍යාපනය වරද්දා ගෙන දුප්පත් වීම; අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා.
   


අවුරුදු දෙක තුනකට පෙර අප්‍රිකානු මහාද්වීපයේ බටහිර වෙරළේ ගිනි බොක්කේ ( Gulf of  Guinea) සාගර ආරක්ෂාව පිළිබඳ ව්‍යාපෘතියක් ගොඩ නැංවීමට සාකච්ඡා කිරීම සදහා ඒ අවට නයිජීරියාව, බෙනින් ජනරජය, ටෝගෝ, ඝානා, සහ සෙනගල් ඇතුලු රටවල් කිහිපයකටම කිහිප වරක් ගියෙමි.
මේ සෑම රටකදීම පාහේ රාජ්‍ය ඇමතිවරුන්, උසස් නිලධාරීන් සහ හමුදා ප්‍රධානීන් බොහොමයක් මුණ ගැසී සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුණි. මෙම පුද්ගලයන් බොහෝ කෙනෙකු සතුටු සාමීචියේදී අපෙන් ඇසූ පොදු ප්‍රශ්නයක් විය. එනම් ඔවුන්ගේ දරුවන් අධ්‍යාපනය සදහා ලංකාවට එවීමට හැකියාවක් තිබේදැයි යන්නයි. පසුව තවදුරටත් කථා කිරීමෙන් මට තේරුනේ ඔවුන් බොහෝ දෙනෙකු එම රටවලට පැමිණි ලාංකික ගුරුවරුන් ගෙන් එකල ඉගෙන ගෙන ඇති බවයි. එක් හමුදා නිලධාරියෙකු අපව සිනස්සන්නට ඔහුගේ ශ්‍රී ලාංකික විද්‍යා ගුරුවරයා උච්චාරණය කල ආකාරයට ‘පින් හෝල් කැමරා‘ යන පදය අනුකරණය කර අපට පෙන්වීය.
 ඔවුන්ගේ දරුවන් මෙහේ එවනවා තබා, අපගේ දරුවන්ටවත් අපට උගන්වන්නට බැරි බව මා ඔවුනට කීවේ නැත. අන්තර් ජාතික විශ්ව විද්‍යාල ශ්‍රේනිගත කිරීමේ ඉහලින්ම තිබෙන අපේ විශ්ව විද්‍යාල 4 තිබෙන්නේ, 2135, 2466, 2608, සහ 3087 බවත් මා කීවේ නැත. අපගේ සිසුන් දස දහස් ගණනින් පිටරට විශ්ව විද්‍යාලවල මුදල් ගෙවා ඉගෙන ගැනීමට ණය වෙමින් ගෙවල් උකසට තබමින්, බුරුතු පිටින් යන බව මා කීවේත් නැත. එවැනි සිසුන්ගේ දෙමවිපියන්ට තම දරුවන් එම විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හැදෑරීමට යැවීමට, බැංකු ගිණුම්වල මුදල් පෙන්වීමට ගාස්තුවක් අයකර මුදල් ලබාදීම ජාතික පුවත්වත්වල දැන්වීම් දමන ව්‍යාපාරයක් වී ඇති බවත් මම නොකීවෙමි.
මීට පරම්පරාවකට දෙකකට පෙර දුර බැහැර රටවලට අධ්‍යාපනය ලබාදීමට ගිය, ඒ ගුරුවරුන්ගේ දරුවන්ට හා මුනුබුරන්, වැටී ඇති මේ ශෝක ජනක තත්වයට හේතුව කුමක්ද? හේතු කිහිපයක් හිතා ගන්නට පුලුවන.
1.රජයෙන් කලමනාකරණය කරන නිසා අකාර්යක්ෂම වීම.(උදා:- ස:තො:ස: සහ ෆුඩ්සිටි).
2.රජයෙන් කලමනාකරණය නිසා දක්ෂ කලමනාකරුවන් නොව පන්දම් කරුවන් කලමනාකරණයට යෙදවීම.
3.ලෝකයේ හොදම විශ්ව විධලෙ සියල්ලම පාහේ රජයේ නොවන ඒවා වෙද්දී, අපි තවමත් විශ්ව විද්‍යාල රජයේම විය යුතු යැයි මතයක එල්බ සිටීම.
4.ඕනෑම කෙනෙකුට තමන්ට කැමති අධ්‍යාපනයක් ලැබීමට අයිතියක් තිබේයැයි පිලි නොගැනීම.
5.ඇත්තෙන්ම අපට අයිති මුදල් අප වෙනුවෙන් වියදම් කරන රජයේ වැඩ කටයුතු ගැන සැකයෙන් හා සුපරීක්ෂාවෙන් සිටිය යුතු වුවද, අප පුද්ගලික අංශය සැම විටම සැක කිරිම.
6.අලුත් ලෝකයට අවශ්‍ය දෑ වෙනුවට යල් පැනගිය පාඨමාලා ඉගැන්වීම.
7.හොදටම විභාගය පාස් වූ දරුවන් පමණක් උපාධි ලබාගත යුතු යැයි සිසු සමිති, සමහර වාමාංශිකයින් සහ සමහර ලැදියාවන් ඇති කණ්ඩායම් කල්පනා කිරීම.
8.රජයේ විශ්ව විද්‍යාල පරිපාලනය කරන්නන්ට ඒවා දියුණු කිරීමට  incentives නොමැතිවීම. (සෑම රජයේ ආයතනයකට මෙන්ම) 
9.රජයේ විශ්ව විද්‍යාල වල බාහිර අංශ ඉතාම දුර්වලකාරී හා අකාර්යක්ෂම ලෙස පරිපාලනය කිරීම. මා දන්නා ජ‘පුර විශ්ව විද්‍යාලයේ බාහිර උපාධියක විභාගයේ ප්‍රතිපල එන්නේ අවුරුද්දක් පමණ ගතවී ඊලග වසරේ විභාගයට ඔන්න මෙන්න කියා තිබියදීය.
10.විවෘත විශ්ව විද්‍යාලවල පාඨමාලා සදහා විභාග පැවැත්වීම. දැන් මෙම විභාග වලට සිසුන් පිලියෙල කිරිම සදහා පුද්ගලික ටියුෂන් පන්තිද ඇතිවී තිබේ. ඕනෑම කෙනෙකුට ලියාපදිංචි වෙන්නට ඉඩ දී විභාග අසමත් වන්නන් ඉවත් කිරීම නොවේද කල යුත්තේ? විවෟතවිශ්ව විද්‍යාල ඇතිකිරීමේ පරමාර්ථයම කෙනෙකු ඕනෑම වෙලාවක ලියාපදිංචි වී තමන්ගේ වේලාවන්ට ගැලපෙන ආකාරයට අධ්‍යාපනයක් ලබා ගැනීම නොවේද?
11.සමාජවාදයේ දෙමව්පියන් වැනි   චීනය වැනි රටවලද, මුදල් ගෙවා ඉගෙන ගන්නා විශ්ව විද්‍යාල වලට මුදල් ගෙවා අපේ දරුවන් යද්දී,  අපි ඒවා නොකර සිටීම.  

අධ්‍යාපන හබ් එක වීමට පෙර මේ මූලික වැරදි ටිකවත් හදා ගත්තා නම් හොදයි නේද?  

8 comments:

  1. ඔයි ඔක්කොමට වඩා බලපාන්නේ මූලික සුදුසුකම් නැති ආචාර්ය මන්ඩලයක් සිටීම සහ ඔවුන් සුදුසුකම් ඇති උදවිය කපා හැරීමයි...

    හොඳම උදාහරනය තමා මේ සින්හල බාසාව බහුතරයක ගේ බාසාව වන රටේ පලමු විස්සවිජ්ජාලය වන කොලඹ විස්සවිජ්ජාලේ සින්හල අන්සේ මහාචාර්ය කියා ගන්නා හරක් විජේසූරියට ට ආචාර්ය උපාදියක් නොමැති වීමයි!

    ReplyDelete
    Replies
    1. අපි දන්නවනේ ඉතින් මරාට වැදුන එකට කළුආරච්චි මහත්තයට රිදෙන බව.

      Delete
  2. ලියනවානම් තව සියගනනක්කරුනු තිබේ, නුසුදුස්සන් පත්කිරීම ඉන් ප්‍රධාන එකකි

    ReplyDelete
  3. මගේ බැච් එකේ අප්‍රිකානුවන් අතර ලංකාවේන් ගිය ගුරුවරුන්ගෙන් විද්‍යාව ගණිතය ඉගෙනගත් අය 4ක් හිටියා රටවල් 3කින්. ඔවුන් එම වයසක ගුරුවරුන්ට ගොඩක් ආදරය කලා, ඒ ගුරුවරු සියල්ල දෙමළ අය බවයි නම් වලින් තේරුනේ, ඔවුන් සියල්ල ඒ රටවල ස්ථීරව පදිංචි බවත් ඔවුන්ගේ දරුවන් බටහිර රටවල පදිංචියට ගොස් ඇතිබවත් බව කියවුනා.

    ReplyDelete
  4. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අනුව ලමයා කටපාඩම් කරල ඉගෙන ගන්නවා.තමන් හිතල ඉගෙන ගන්න ඉඩ අඩුයි. ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රමයත් මේකට බලපානවා. ලංකාවේ ඉස්සර නම් පුහුනු ගුරුවරු කියලා කොටසක් හිටියා දැන් ඉන්නවද මන්දා.ලමයා කියන්නේ මොනවගේ කෙනෙක්ද කියලා ඔය පුහුනුවෙදි කියල දෙනවනේ.එතකොට උගන්නන්නෙ කොහොමද කියලත් කියල දෙනවා.ඔය මුකුත් නැතුව ගුරු පත්වීම් ගන්න අය උගන්නන්නෙ කොහොමද? එතකොට වෙන්නේ පොඩිකාලෙම ලමයා නාස්ති වෙන එක. බටහිර රටවල නම් ගුරුවරයෙක් වෙන්න මූලික උපාධියට අමතරව අධ්‍යාපන ඩිප්ලෝමා එකක් ඕනෑ.

    ReplyDelete

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...