Monday, August 8, 2016

10+1 නොසෑදුනු ටෙලි නාට්‍ය 2 කොටස; ගමට යාම






ක්‍රිකට් පිටියේ අලුත් පුහුණුකරු සහ එක ක්‍රීඩකයෙකු පමණක් සිටි.

පුහුණුකරු Mr කබ්රාල්
Where are the other players..?
සිසුවා
I‘m not sure sir. They went home after the school.
කබ්රාල්
So they are protesting?
සිසුවා පිළිතුරු නොදී ක්‍රීඩා පිටිය දෙස බලයි .
OK. I will take this up with principal.
ඔහු පිටත් වෙයි .
-       7  -
                                  කොලින් ගොඩමුන්න මහතා ගේ කාර්යාලය .

                                 
ඔහු ඉදගෙන සිටී. වීරසේකර කාර්යාලයේ සිටගෙන සිටී.
විදුහල්පති, කොලින් ගොඩමුන්න මහතා
මටත් හරිම කනගාටුයි . නමුත් අපි යථාර්තය තේරුම් ගන්ට ඕනෑ. උඩුගම්බලා පිනන්ට බැහැ කියලා තියනවානේ. ඒ ඉස්කෝලේ  ක්‍රිකට් කණ්ඩායමුත් නැහැනේ. ඒ නිසා වීරසේකරට ආය මේ වගේ කරදර එන්නේ නැහැ. තමන්ගේ රැකියාවේ දියුණුවට මොකක් හරි විභාගයක් කරගන්න බලන්න.
වීරසේකර යමක් කීමට සැරසී නවත්වා ගනී.

විදුහල්පති, කොලින් ගොඩමුන්න මහතා
එහෙනම් all the best. Mr.වීරසේකර. College එකෙන් යන එක college එකට ලොකු පාඩුවක්. ඒ වුනාට ගමේ ඉස්කෝල වලටත් හොද ගුරුවරු ඕනනේ.

-       8  -



ගමක කුඩා විද්‍යාලයක්:
ජාතික ඇදුමින් සැරසුණු විදුහල්පති, වීරසේකර සමග කතා කරමින් සිටි.

විදුහල්පති, සමරකෝන් මහතා
මහත්මයා අපේ ඉස්කෝලෙට ආපු එක ලොකු දෙයක්. අපිට ඉංග්‍රීසි ගුරුවරයෙක් නැති එක ලොකු අඩුවක් වෙලා තිබුනේ. මහත්මයා නවතින්න තැනක් සොයා ගත්තද? සොයා ගත්තේ නැති නම් මට හොද තැනක් හොයලා දෙන්න පුලුවන්.
වීරසේකර
අපේ නෑ වෙන කෙනෙක් මට තැනක් හොයලා දුන්නා. මම ටික දවසක් එහෙ ඉදලා බලලා සර්ට කියන්නම් තැනක් ඕන වුනොත්.

විදුහල්පති, සමරකෝන් මහතා
හොදයි එහෙනම් කාලසටහන බලලා වැඩ පටන් ගන්න. මොනවා හරී ප්‍රශ්නයක් තියෙනවා නම් මට කථා කරන්න.
වීරසේකර කාර්යාලයෙන් පිටව staff room එකට යයි. එහි සිටින ගුරුවරු සමග කථා කරයි.

-       9  -
සවස් වරුවක්
ගමක තරමක නිවසක්,
වීරසේකර සරමක් සහ කමිසයක් ඇද, නිවසේ මිදුලට වී ගලක් උඩ වාඩි වී පොතක් කියවමින් සිටී. පහලින් ඇති කුඹුරු යායේ ළමුන් පිරිසක් ක්‍රිකට්‌ ගසති.
                                                                                     
වීරසේකරගේ පොත කෙරහි අවධානය ගිලිහි, ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව වෙත යොමුවෙයි.  ඔහු පොත ගෙන නිවස ඇතුලට යයි . ටික වෙලාවකින් කොට කයිසමක්  සහ .අත් කොට කමිසයකින් සැරසී කුඹුරට ගොස් ළමයිගේ ක්‍රිකට් ක්‍රීඩාවට එක්වෙයි.මද වෙලාවකින් වීරසේකරට බැට් කරන්න ලැබෙයි. පලමු බෝලයෙන්ම ඔහුගේ කඩුල්ල කැඩෙයි .ක්‍රීඩාව අවසන් වී  නිවසට පැමිණෙන අතර, ඔහුට යම් අදහසක් පැමිණ, ඉතා සතුටට පත්වන බව පෙනේ

-       10  -

විදුහල්පතිගේ කාර්යාලය ,
දෙබසක මැද
විදුහල්පති, සමරකෝන් මහතා
ඕක කරන්න පුලුවන්ද මහත්තයෝ .මේ ඉස්කෝලේ ඉන්නේ ගොඩක් දුප්පත් ළමයි .ක්‍රිකට් කණ්ඩායමකට බඩු ගන්න කොච්චර සල්ලි යනවද .මෙහෙ දෙමවුපියන්ට හරියට ඇදුමක් අරන් දෙන්න සල්ලි නැහැ .
වීරසේකර
අපි කොහොමහරි ඒවා හොයා ගමු .මට මුලින්ම මුලික දේවල් යාලුවන්ගෙන් එහෙම ඉල්ලා ගන්න පුලුවන්. මෙහෙ ඉන්න යමක් කමක් තියෙන කට්ටියගෙන් උදවු ගන්න පුළුවන්නේ .

විදුහල්පති, සමරකෝන් මහතා
හොදයි , එහෙනම් කරලා බලමු .මමත් මට පුළුවන් උදවුවක් කරන්නම් .හැබැයි මහත්තයෝ මගදී අතාරින්න බැහැ .පටන් ගත්තොත් ජාතික තරඟ දිනන  කම්ම යන්න ඕන
.ඔහු ඔච්චමට වගේ හිනාවෙයි .
වීරසේකර
ඔබතුමා විහිළුවට වගේ කිව්වට මගේ හිතේ එකම තමා තියෙන්නේ. තව අපිට අවුරුද්දක් තියෙනවා, උත්සාහ කරලා බලමු .
                                                                                          
විදුහල්පති, සමරකෝන් මහතා
එහෙනම් මහත්තයෝ  හාමුදුරුවන්ට කියලා පන්සල් වත්ත පිට්ටනිය ඉල්ලා ගනිමු .ලොකු හාමුදුරුවොත් උදවු කරයි .මහණ  වෙන්න ඉස්සර අපි එක  පන්තියේ ඉගෙන ගත්තේ .ඒ දවස්වල ඔට්ටපාල බෝලෙන් හයේ පාරක් ගන්න පුළුවන් උන්වහන්සේට විතරයි .
වීරසේකර

හොදයි ,එහෙනම් මම හෙටම පටන් ගන්නම් .





7 comments:

  1. Lakshman....if this is a script for a teledrama as you said at the start, publish the script of each episode.. the post today is about 6 minutes telecast time and an episode shall be at least 22 to 26 minutes long. that will gradually help the reader to enter into the plot and to enjoy the script by imagination of the visuals...
    just a thought...!

    ReplyDelete
  2. I was uploading about 500 words , but as you suggest i should increase the size of each episode by considerable amount , i was not going by the size of the would be teledrama episode

    ReplyDelete
  3. Chef-architect කියන කථාව ඇත්ත.තිර පිටපතක් විදිහටම ඉදිරිපත් කරන නිසා අකුරු ගානට වඩා මැවෙන රූපත් එක්ක ගණුදෙනු කරන එක පාඨක අපට පහසුයි.
    ජයවේවා..!!

    ReplyDelete
  4. තව වැඩක් තියනවා කරන්න පුළුවන් නම්. කීප දෙනෙක් යොදවලා ගන්න මීට ගැලපෙන පින්තූර ටිකක්. ඒ පින්තූරත් කතාව අස්සට දාන්න එතකොට ලස්සන පින්තූර කතාවක් හැදෙනවා. ආකර්ෂණය වැඩිවෙනවා.

    ReplyDelete
  5. Nice දිගටමලියන්ඩ ..

    ReplyDelete
  6. Nice දිගටමලියන්ඩ ..

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...