http://lakshmanillangakoon.blogspot.com/2018/06/7.html
මෙයට පෙර කොටස
රාත්‍රී ආහාරයෙන් පසු නැවේ කාර්ය මණ්ඩලය
සහ මගීන් සුහද හමුවක් පැවැත්වුණු අතර නැවේ කාර්ය මණ්ඩලය විශේෂයෙන්ම අලංකාර ගැයිම්
සහ නර්තන වලින් මගීන් කුල්මත් කළහ.
මේ සියලුම කටයුතු වලට එනම් ඉවුම්
පිහුම්, නොයෙකුත් ස්ථාන වලට රැගෙන යාම්, කෑම ශාලාවේ වැඩ කටයුතු හත් අට දෙනෙකුගෙන්
යුත් එකම කණ්ඩායමක් වීම ඔවුන්ගේ කාර්යක්ෂමතාවයට අපට පුදුමය ගෙන දුන්නේය.
පසු දින උදයේ අපව මුතු බෙල්ලන් ඇති කරන ගොවිපලකට
අපව රැගෙන ගියහ. නැව ඒ අසබඩ නැංගුරම් වූ පසු හබල් ගසන කුඩා යාත්‍රා වලින් අප මේ
ගොවිපල වෙත රැගෙන ගියේ තවත් සිත් ගන්නා අපූරු ස්වාභාවික ස්ථාන කිහිපයක් හරහාය. ලී
වලින් සෑදු විශාල ජෙටියක් වැනි මෙහි කෘතිමව වෙනස් කරන ලද අවදි කිහිපයක මුතු
බෙල්ලන් ජලයෙන් ගොඩට ගෙන පෙන්නා විස්තර කරන ලද අතර ඉන්පසු නැවත එවැනිම යාත්‍රා
වලින් නව වෙත රැගෙන යන ලදහ. මෙම ලී වේදිකාව මතද මුතු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන
විකිනීමට තිබු ඉතා අනර්ඝ ප්‍රදර්ශන ශාලාවක්ද තිබුණි.
අපි නැවට ආපසු පැමිණ දහය හමාරට පමණ බ්‍රන්ච්
brekfast/lunch එකක් ගත්තෙමු. මේ උදේ ලබා දුන් පොහොසත් උදේ ආහාර වේලට අමතරවය. අපි
ආහාර ගනිද්දීම නැව ගොඩ ජෙටියට කිට්ටු වී ඇන්කර් එක දමා ගත්තේ අපි බස්සවා අලුත්
මගීන් පිරිසක් ගොඩ නංවා ගැනීමටය. අපි ගොඩට පැමිණෙන විටම අපගේ වාහන පැමිණ තිබුණි.
මේ සියලු මාරු වීම් සහ අනෙකුත් සම්බන්ධිකරණයන් ඔර්ලෝසුවක් ලෙස ක්‍රියාත්මක වුනි.
මෙතනදී හැමොක් විකුණන කාන්තාවකගෙන් ලංකාවේ මුදලින් රුපියල් තුන්සිය පනහකට හුරු
බුහුටි හැමොක් එකක් මිලදී ගත්තෙමි. දැන් සතියක් පමණ ගත් වී ඇතත් මේ සංවර්ධන වරුෂාව
නිසා හැමොක් එක එල්ලා ගැනීමට නම් නොහැකි විය.
හවස් වනවිට අපි හැනෝයිහි පෙර විසු හෝටලයටම ගියෙමු. යන අතර මගදී සංචාරකයන්
නොව දේශීය පිරිස් ගමන් වෙහෙස නිවා ගන්නා විශාල අවන්හල් සංකීර්ණයක් වෙත ගියෙමු. අප
නැවතී සිටි හෝටලයේ black tea කාමරයේ නොතිබුණු හෙයින් අප එම සංකීර්ණයේ තිබු විශාල
සුපර්මාර්කට් එකකින් මිලදී ගන්නට උත්සාහ කලද එහිත් නොතිබින. black tea වියට්නාමයේ
පාවිච්චි කරන්නේම නැති තරම්ය. මේ වෙළඳපොලේ රෙඩ් ලේබල් විස්කි බෝතලයක් දැක ඒවායේ
මිල සංසන්දනය කර බැලු විට කොළඹ ඩියුටි ෆ්‍රී මිල හා කිට්ටුවෙන් යන බව පෙනුනි.
හෝටලයට ගොස් පිරිසිදු වී රාත්‍රී ආහාරය
සඳහා වීදි දෙකක් පහල තිබු ඉන්දියානු ආපන ශාලාවකට ගොස් ආපසු පැමිණෙන විටත් වීදි
දිගේ කාන්තාවන් විසින් දුවන ලබන කුඩා කෑම බීම කඩවල් එක දිගටම දක්නට ලැබුණි. එරට
රාත්‍රියේ බොහෝ වෙලාවක් යනතෙක් මිනිසුන් නිදහසේ කාලය ගත කරමින් සිටිනවා දුටුවෙමු.
පසුදා අපි නින්බින් බෝට්ටු සංචාරය සඳහා පුරුදු බසයට නැග
ගත්තෙමු. ඒ යන අතර මගදී මාර්ගෝපදේශකයා සමඟ කතා බහකදී වියට්නාම් භාෂාව ගැන අපූරු
කරුණු කිහිපයක් අපට දැන ගන්නට ලැබුණි. එයින් අපුර්වතම කාරණය නම් එම භාෂාවේ එක්
වචනයක සියුම් උච්චාරණ වෙනස්කම් වලින් වචනයෙහි තේරුම වෙනස්වන ආකාරයයි. උදාහරණයක්
වශයෙන් ‘මා’ යන වචනයෙහි නොයෙකුත් සියුම් උච්චාරණ වෙනස්කම් අනුව තේරුමෙහි සිදුවන
වෙනසයි. ඉහත මා යන වචනයෙහි තේරුම උච්චාරණයන් අනුව
මව
ආශ්වයා
සොහොන් කොත
හොල්මන
සහල්
නමුත්
යන තේරුම් ගම්‍ය වේ. ඒ අනුව ඉතාම සුළු
උච්චාරණ වෙනසකින් අම්මාට හොල්මන යැයි කතා කරන්නට ඉඩ තිබෙන නිසා එම භාෂාව කතා
කරන්නන් ඉතාමත් ප්‍රවේශම් විය යුතු යැයි කිම අතිශෝක්තියක් නොවේ.
අපි මෙසේ හයිවේ එකේ ගමන් කරද්දී ඇති විශාල කඳු
කපා එම හුණුගල් අමු ද්‍රව්‍ය ලෙස යොදා ගෙන සිමෙන්ති නිපදවන කර්මාන්තශාලා සහිත ප්‍රදේශයක්
හරහා ගියෙමු. මෙහිදී පාර අයිනේම වාගේ අලංකාර උද්‍යානයක් සහිත ඇති විශාල රජ
මාලිගාවක් වැනි නිවසක් දැක එය කුමක්දැයි අසු විට එය සිමෙන්ති කර්මාන්තශාලාවල අයිතිකරුගේ
නිවෙස බවයි. වියට්නාමය වැනි කොමියුනිස්ට් රාජ්‍යයක බියක් සැකක් නොමැතිව මෙවැනි
නිවසක් සාදා තමන්ගේ ධනය ප්‍රදර්ශනය කරන මොහු කොතරම් බලගතු පුද්ගලයෙකු විය හැකි
දැයි අපට සිතුනි.
ඊළඟට නිම්බිම් සංචාරය
අපුරු සංචාරයක්.. ඔක්කොම ටික එක හුස්මට කියෙව්වා... ඔය Ma ශබ්ධයේ වෙනස් කම් කතාව චීන බාසාවෙත් තියෙනවා.. මම දන්නා විදියට මව සහ අශ්වයා යන දෙක චීන බාසාවෙදිත් ඒ විදියටම තියෙනවා. අනිත් තේරුම් ගැන නම් දන්නේ නෑ..
ReplyDelete