මිට පෙර කොටස
නිම්බින් යනු වියට්නාමයේ උතුරේ රතු ගංගාවේ ඩෙල්ටාවේ
පිහිටි ප්‍රදේශයකි. සංචාරකයන් අතර ප්‍රසිද්ධ මෙම ප්‍රදේශය විශේෂයෙන් දුර්ලභ
ලන්ගුර් වඳුරන් සහ පැන්ගොලීන් (කබල්ලෑව ?) සඳහාද ප්‍රසිද්ධය.
මෙහි අප වැනි සංචාරකයන් ප්‍රධාන වශයෙන්
යන්නේ ජලයෙන් යට වී ඇති ස්වාභාවික ගල් උමග සහිත ප්‍රදේශයක බෝට්ටු සංචාර සඳහායි.
කුඩා නගරයක් වැනි ස්ථානයක සිට පදින්නා හැරෙන්නට සංචාරකයන් දෙදෙනෙකු රැගෙන ජල මාර්ගයේ
කිලෝ මීටර් පහක් පමණ කඳු සහ කැලෑ මැදින්
ගමන් කරන මෙම බෝට්ටු පදින අයගෙන්ද; වියට්නාමයේ අනෙක් හැම වාදක මෙන්ම 80% ක් පමණ කාන්තාවන්ය. පටන්ගෙන ටික දුරක් ගිය
පසු ඔවුන් අතින් පදින හබල් කකුලෙන් පදින්නට පටන් ගනිති. ඔවුන් එය කොතරම් දක්ෂ ලෙස
කරනවාද කිවහොත් එයම මනස්කාන්ත දර්ශනයක් යැයි කියන්නට පුළුවන.
අතරමගදී වී වගාවන් ජලයෙන්ම මතු වී තිබෙන
ආකාරය චමත්කාර ජනකය. ඉදහිට නිවෙස් දෙක තුනක්ද පසුකර ගෙන ගිය අපි අවසාන උමගයෙන්
එළියට පැමිණි විට භයානක ඇම්බුෂ් එකකට අසුවුනෙමු.
ඒ අපගේ වැනිම බෝට්ටු කිහිපයක නැග
ගත් කාන්තාවන් කිහිප දෙනෙකු අපට පලතුරු, රස කැවිලි සහ බිම වර්ග (බියර්ද ඇතුළුව)
විකිණීමට තැත් කිරීමයි. අපි ලක්ෂ හයක පමණ පලතුරු මිලදී ගත්තෙමු. එහෙත් ප්‍රශ්නය
එතනින් අවසන් වුයේ නැත. අහිංසක පදවන්නන්ටද යම් බීමක් අවශ්‍ය වන්නේ යයි කියා
වෙළෙන්දිය ඔවුනටද යමක් දුන් අතර ඒවාටද අපට
ලක්ෂ තුනක් ගෙවන්නට සිදු විය. එවෙලේම එතනට පැමිණි අපගේ තවත් බෝට්ටුවක දෙදෙනා ඔවුනට
කිසි දෙයක් මිලදී ගත්තේ නැති වුවද පදවන්නාට ලක්ෂ තුනක් දී රසකැවිලි මිලදී ගෙන දීමට
සිදුවිය.
සියලු දෙනා ලාභ බෙදා ගන්නා පොඩි මිත්‍රශීලි
රැකට් එකක් මෙතන ක්‍රියාත්මක වන්නේ දැයි අපට කුතුහලයක් ඇතිවිය. එසේ වුවත් ඒ ඉතා
සුළු ගණනකටය.අප තදින් සිටියේ නම් අපට කිසිවක් මිලදී නොගෙන ඉන්නටත් ඕනෑ තරම් ඉඩ
තිබුණි.
ආපසු ගොඩට පැමිණි අප ඒ අසල තිබූ ආපන
ශාලාවකින් දහවල් ආහාර ගත්තෙමු.
ඉන්පසු ටික දුරක් වාහනයේ පැමිණ ඒ අසල තිබූ පෞරාණික
රජ මාලිගා සංකීර්ණයකට ගියෙමු.
දහවන සියවසේ වියට්නාමයේ අගනුවර වී තිබී ඇත්තේ මෙම ප්‍රදේශයේය.
එම මාලිගා පරිශ්‍රයේ කුඩා මාලිගාවක්, බෞද්ධ පන්සලක් සහ වෙනත් ගොඩනැගිලි කිහිපයක්
විශාල ප්‍රදේශයක විසිරි තිබෙන අතර අප මුලින්ම ගියේ බෞද්ධ විහාරයටයි. විහාරයේ ඉදිරිපිට
මිදුලේ දෙතුන් දෙනෙකු කුඩා යන්ත්‍රයකින් දේශීය බෙහෙත් වර්ගයක් සාදමින් සිටියේය. ඒ
අවටින් සැර වැලමි සුවඳක් දැනුනු අතර බොහෝවිට අපගේ මෙන් වැලමි යනාදිය යොදාගෙන සාදන
ලද ආයුර්වේද වැනි බෙහෙත් වර්ග විය යුතුය.
කුඩා විහාරයේ කිසිවෙකු නොසිටි අතර බුදු ගෙයට
ඇතුළුවන ස්ථානයේ දෙපැත්තේ සැර පරුෂ පෙනුමක් ඇති දෙවි වරු දෙදෙනෙකු සඳහා පුජාසන
පනවා තිබුණි. ඔවුනට පුජාකර තිබූ නොයෙකුත් භාණ්ඩ අතර බියර් කෑන් කිහිපයක්ද තිබෙනවා දැක අපි පුදුමයට පත් වුනෙමු.
එහෙත් අපි ඊළඟ පුදසුන දෙස පරීක්ෂාවෙන් බැලූ විට අපි විශ්මයට පත්වුනෙමු. ඒ ඒ පුදසුනේ
බියර් වලට අමතරව වොඩ්කා බෝතලද තිබීම
නිසාය.
ඒ තරමටම වියට්නාමයේ ජන ජිවිතයේ මධ්‍යසාර
අරක්ගෙන ඇති සැටි සේය.
වියට්නාමය, චීනය, පවා අල්ලාගෙන ජපානයටද පහර
දුන් මොන්ගෝලියානු අධිරාජ්‍යයා වූ ගෙන්ගීස් කාන්, (මෙම අධිරාජ්‍යය වර්ග කිලෝ මීටර්
මිලියන 24 කින් සමන්විතව ලෝකයේ මෙතෙක් බිහි වූ දෙවෙනියට විශාල අධිරාජ්‍යය බවට
සලකණු ලැබේ.) ඉන්පසු චීනය, විසිවන සියවසේ ප්‍රංශය සහ හැත්තෑ ගණන්වල ඇමරිකාව, ආක්‍රමණයන්
පරාජය කිරීමට එක් හේතුවක් මෙය වන්නටද පුළුවන. යුද්ධ වලදී ‘ඩච් කරේජ්’ යැයි කියන්නේ
මධ්‍යසාර පානය කිරීමෙන් ලැබෙන එඩිතරකමටය.
මෙයින් පසු අපි ආපසු හෝටලයට පැමිණියෙමු.
එහිදී කහට තේ එකක් බිමට තිබූ ආශාව නිසා හෝටලයේ බාර් එකෙන් තේ දෙකක් ඇණවුම් කළෙමු.
තේ එකේ අමුතු රසක් එන නිසා කෝප්පය ඇතුලේ බලන විට තරමක රම්පෙ කොළ කෑල්ල බැගින් තිබෙන
බව දුටුවෙමු. ලංකාවටම ගොස් තේ කෝප්පයක් රස විදින්නෙමු යැයි සිතා ගත් අපි හෝටලයේ
නිදා ගත්තෙමු. පසු දින උදේ වරුවේ නැවත සිංගප්පූරුව හරහා ලංකාවට පැමිණියෙමු.
//ඒ ඒ පුදසුනේ බියර් වලට අමතරව වොඩ්කා බෝතලද තිබීම// අපට දැන් දෙයියෙක් බේතකට වත් සොයාගන්න අපහසු වීමේ රහස මේකයි එහෙනම්.
ReplyDeleteබොලේ හැබෑට
Deleteලංකාවේ දෙවියන්ගෙනුත් වැඩි සැලකිලි ගන්න තිබ්බ ඔය බෝතලයක් දෙකක් පුජා කළා නම් හෙහ් හෙහ්..
ReplyDeleteඅපිත් ඔය දෙවියන්ට බුදුන්ට මත්පැන් පුජා කරන්න ක්‍රමයක් හදාගන්න ඕන
ReplyDeleteඔහොම ප්‍රසිද්ධියේ පුජා කලේ නැති උනාට ගිලන් පසට විස්කි පොඩ්ඩක් ගන්නා හාමුදුරුවරු ලංකාවේ ඉන්නවා. හොඳ උපාසකයෙක් වගේම හොඳට කන බොන මිනිහෙක් වන මගේ මාමන්ඩියාට මා ලංකාවට ගිය වරක හොඳ විස්කි බෝතලයක් දුන්නා. ලෝබ නැතුව Glenfiddich 15yo එකක ලීටරයක්ම දුන්නේ එයින් බාගයක්ම මටත් ලැබෙන නිසයි. ඇත්තටම මම 12yo එක මිසක් 15 කවදාවත්ම බීලා තිබුනෙත් නැහැ. පුතා , මම මේක අපේ xxx හාමුදුරුවන්ට දෙන්නද ?? කියලා ඇහුවා. මම 'හා' කියලා පින් අනුමෝදන් කර ගත්තා. .
ReplyDelete