Monday, June 4, 2018

නාම් සංචාරය 5


මිට පෙර කොටසට ලින්ක් ඒක 




     ගමන පටන්ගත් වේලේ සිට, හෝටලයේ සිට හයි වේ එකට වැටෙන තුරු, අප මෙතරම් වාහන තිබෙන පාරේ එතරම් ; විශේෂයෙන් අප රටේ මෙන් , එතරම් කලබලයක් හෝ හැල හැප්පිමකින් තොරව රථවාහන ගලාගෙන යන්නේ කෙසේ දැයි අපට මහත් ගැටළුවක් විය.අප බොහෝ නිරීක්ෂණ සහ සාකච්චා වලින් පසුව පැමිණි නිගමනය නම් මෙහි රියදුරන්ට සහ ධාවකයන්ට ලොකු කලබලයක් නොමැතිවීම එයට හේතුව බවයි. වමෙන් දකුණෙන් ඉස්සර කරන්නන් එම ප්‍රවාහයේ සිටියේ කලාතුරකිනි. එවිට ප්‍රවාහය ගලන වේගයත් වැඩිය, අනවශ්‍ය ප්‍රශ්නත් ප්‍රතිලෝමව අඩුවෙයි. සමහරවිට කැමරා යොදා ප්‍රවාහය කඩන්නන්ට දැඩි දඬුවම් දීම මෙයට හේතුවක් වන්නට පුළුවන.
වියට්නාමයේ නගර ආශ්‍රිතව ගමන් කරන්නෙකුට නිරීක්ෂණය වන තවත් විශේෂ දර්ශනයක් අපටද මෙලෙස ගමන් කරද්දී පෙනුනි. ඒ වියට්නාමයේ නිවාස ගොඩනැගීමේ ආකෘතියයි. එහි බලන බලන අත පෙනෙන නිවාස,විශේෂයෙන්ම නගරාශ්‍රිතව, පාරට පෙනෙන පැත්ත ඉතා පටුය. එසේම වර්ණවත්ය.එම කුඩා මුහුණතේ අලංකාර පෞරාණික පෙනුමකින් යුත් කැටයම්ද යොදා තිබීම මෙම නිවාස හැඩය තවත් අමුතු කරයි.

මෙලෙස නිවාස වල පාරට මුහුණ දෙන කොටස මෙතරම් කෙට්ටු වන ලෙස සාදන්නේ කුමන හේතුවක් නිසාදැයි සොයාබලන්නට සිත්වි අප අපේ මාර්ගපොදේශක ගෙන් ඇසුවෙමු. ඔහු කිවේ නගර ආශ්‍රිතව ඉඩම් අධික වටිනාමක් ගන්නා නිසා පාරට මුහුණ දෙන ප්‍රමාණය අඩුකරගන්නට මෙලෙස සිහින් නිවාස හදන බවයි. මෙම නිවාස පාරට මුහුණ දෙන පැත්ත කොතරම් කුඩාද කිවහොත් නිවෙසක් පළලින් මීටර 3ක් සහ දිගින් මීටර 70 ක් වීම පුදුමයක් නොවේ. ඇත්තෙන්ම මෙම පුරුද්ද ඇතිවී ඇත්තේ 19 වන ශතවර්ෂයේ තිබූ බදු ක්‍රමයක් නිසාය.ප්‍රංශ යටත්විජිත පාලකයන් විසින් පනවා තිබූ මෙම බදු ක්‍රමයෙන් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන වලට බඩු ගසා ඇත්තේ එම ගොඩනැගිල්ලේ පාරට මුහුණ දී ඇති පැත්තේ පළල මතය.ඒ නිසා පුරවැසියෝ බඩු අඩුකරගැනීමට පාරට මුහුණදෙන පැත්තේ පළල අඩුකර ගොඩනැගිලි තනන්නට පටන්ගත්හ. පසුව මෙය ජාතියේ ජාන වලට ඇතුලත් වී ඇති සැටියා සේය. දැන් ඉඩම් මිල අධික වීමද මෙම පුරුද්ද තවත් සමාජගත වීමට හේතුවී ඇති බව පෙනේ.

මෙලෙස අපි පාර දිගේ යද්දී දුටු තවත් විශේෂ දෙයක් නම් එහි සෑම කඩ සාප්පුවකම නම් සහ විස්තර ලියා තිබුනේ ඉංග්‍රීසි අකුරුවලින් වීමයි. මේගැන සොයා බැලීමේදී දන ගන්න ලැබුනේ වියට්නාම භාෂාවේ හෝඩියක් නොමැති බවයි. මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ භාෂාවන්ට හෝඩියක් නැති බව මම කලින් දන සිටියෙමි, එහෙත් වියට්නාමයේ ඉංග්‍රීසි හෝඩිය පාවිච්චි කිරීම දැනගත්තේ එහිදීය.ඇත්තෙන්ම ඔවුන්ගේ හෝඩිය ප්‍රංශ අකුරු යොදා (අකුරු  ඉංග්‍රීසියට බොහෝ සමානය) ලියනු ලැබේ. ඔවුන් කරන්නේ ඔවුන්ගේ භාෂාවේ ශබ්දයට සරිලන සේ ඉංග්‍රීසි අකුරෙන් ලිවීමයි.


ගමනේ මැද හරියේදී වාගේ අපට විවේක ගැනීමට වාහන නැවතුම් පොලක් වැන්නකට ගියෙමු. එය අක්කර ගණනක් පුරා විසිරි ගිය භූමියක පිහිටා තිබුණු අතර එම ප්‍රදේශයේ ස්වාභාවිකව පවතින ගල් වර්ගයකින් සාදන ප්‍රතිමා යනාදිය දහස් ගණනක් එහි ප්‍රදර්ශනය කර තිබුණු අතර ඒවා මිලදී ගන්නේ නම් නොයෙකුත් රටවල නිවසටම ගෙන්වා ගැනීමට යන මුදලද ඇතුල්වන තැන ප්‍රදර්ශනය කර තිබුණි
ඉතාමත් පිරිසිදු වොෂ් රුම් ගණනාවකින් යුක්ත වූ මෙම නැවතුම තුල සිය ගණනක් කාර්‍ය මණ්ඩලයක් සේවය කළහ. ගොඩනැගිල්ල හරහා වෙළඳ පොළ තුලින් අනික් පැත්තට ගිය විට විශාල ආපන ශාලාවක් තිබුණි.නොයෙකුත් පලතුරු සහ බිම බියර් වැනි සියලු දෙයක්ම තිබුණු මෙහි ගෙඩි පිටින් කුරුම්බා ද විකිනීමට තිබුණි. පොල් ගස් එතරම් නොමැති නිසා කුරුම්බා ගෙඩියක් රුපියල් 300 ක් පමණ විය.පලතුරු වියලා සාදන රසකැවිලි බොහෝ නිෂ්පාදනයන් විකිනීමට තිබුණි. මම රුපියල් 250 කට පමණ දුරියන් සහ පොල් යොදා තනා මනාව පැකට් කල ටොෆි පැකට් එකක් මිලදී ගත් අතර මෙහෙට පැමිණිය පසුද දින කිහිපය රස වින්දෙමි.අප රටෙහි මෙන් තෙලෙන් බදින ලද සහ පේස්ට්‍රි වැනි කෑම එහි තිබුනෙම නැති තරම්ය.




ඊළඟට මුතු බෙල්ලන් වැවීම .....

8 comments:

  1. ඉතාම ආසාවෙන් දිගටම කියවනවා .

    ReplyDelete
  2. ලංකාවේ අපි වෙනස්ම ජාතියක් බව ඔය රට රට වල් වල ගිහිල්ල බැලුවම පේනවා තමා.. හැක්

    ReplyDelete
  3. The Vietnamese Alphabet (Chữ Cái của Quốc Ngữ)

    https://www.youtube.com/watch?v=_NPmHJzBPOo

    ReplyDelete

Diary of a German traveller of his travels in Sri Lanka

 The spirit of Henry Miller is with me... Sometimes he drives into me, is a part of me, I feel like Henry Miller, I feel his feeling back th...