Monday, June 4, 2018

නාම් සංචාරය 4



මිට පෙර කොටසට ලින්ක් එක 



මෙම පපට් දර්ශනය ඉතාමත් පිළිවෙලකට සහ අලංකාර ලෙස ගොඩනගා තිබූ ශාලාවක ප්‍රදර්ශනය කෙරුණි. 11 ස් වෙනි සියවසේ පමණ පටන් ගෙන ඇති මෙම ජල පපට් සංදර්ශන උතුරු වියට්නාමයේ කුඹුරු ජලයෙන් යට වූ කාලයේ ජලයේ සෑදු ලී වෙහෙරක් තුල සැඟවුණු රූකඩ නටවන්නන් දිග උණ බම්බු වලට සවිකර ගත් රූකඩ නැටවිමෙන් පටන් ගත් මෙය ක්‍රමයෙන් දියුණු වී මේ තත්වයට පැමිණ තිබේ. සමහර විට අප රටේ පොර පොල් ගැසීම සහ අං ඇදීම වැනි ක්‍රීඩාවක් විය යුතුය.    
දැන් මීටර් 4x4 ජල තටාකයක් වේදිකාව තුල සාදා එම ජලය මත රූකඩ නැටවීම කරනු ලැබේ.

                                  රූකඩ නටවන්නන් දර්ශනය අවසානයේ 
වේදිකාව දෙපස කුඩා සංගීත කණ්ඩායම් දෙකක් මෙම දර්ශනයට සංගීතය සැපයුහ. මෙම සංගීතය එරට පාරම්පරික සංගීතයන් වූ අතර චීන සංගීතයට බොහෝ දුරට සමාන විය. මෙම දර්ශනයක් නැරඹීමට ප්‍රවේශ පත්‍රය රුපියල් 2000 ක් පමණ විය. නම ඇසු විට ඉතාමත් කම්මැලි සංදර්ශනයක් විය යුතු යැයි අප සිතුවද; විශේෂයෙන්ම සංස්කෘතික සංදර්ශනයක් නිසා, මෙම දර්ශනය නැරඹු පසු මෙය නැරඹීමට ලැබීම පිළිබඳව අප සියලුදෙනා සතුටට පත්වීමු.
ඉන්පසු හෝටලය බලා ගිය අපි රාත්‍රී ආහාරය සඳහා බුෆේ එකක් වෙත රැගෙන යන ලදහ. සමහර විට මම වියට්නාමයේ දුටු වැඩියෙන්ම පුදුම උපදවන දර්ශනයන් අතරින් මෙය එකක් විය යුතුයි. මෙයත් සමග තරග කල හැකි අනෙක් පුදුමය වන ‘හා ලොන්ග්’ බොක්කය, ඇත්තෙන්ම එය ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙස තේරි පත්වී ඇත. මෙම සෙන්; සෙන් බුද්ධාගමෙන් නම්කර ඇති සේ පෙනේ,  බුෆේ ශාලාව තුල ලෝකයේ ඕනෑම ප්‍රධාන ආහාර වර්ග වෙන් වෙන් වශයෙන් ලබා දෙන අතර ආසියානු හෝ බටහිර ආහාර වර්ග ඕනෑම එකක් පාහේ කිසිම සීමාවක් නොමැතිව ආහාරයට ගන්නට පුළුවන.
තට්ටු තුනකින් යුත් මෙම අවන්හලේ ආහාර බෙදා ගැනීමට ගොස් කෙනෙකුට ආපසු තමන්ගේ මේසේ සොයා ගැනීමට බැරිවන තරම් විශාල වන අතර නොයෙකුත් ආහාර වර්ග එවෙලේම සාදා දෙන සුපවේදීන් විශාල ගණනක්ද තැනින් තැන ආහාර පිළියෙළ කරමින් සිටියහ. ග්‍රිල් කල ලොග්ස්ටස්, ශුෂි, අමු සැමන් සහ අමු බෙල්ලන් වැනි ආහාර වර්ග ඕනෑ තරම් බෙදා ගැනීමට තිබිණ. මම මිට කලින් විශාලතම සහ වඩාත් සිත් ගන්නා බුෆේ එක දැක ඇත්තේ සින්ගප්පුරුවේ ඔරියන්ට් හෝටලයේ බුෆේ එකයි. 



වියට්නාමයේ සෙන් බුෆේ එක එයට වඩා කිහිප ගුනයකින් සිත්ගන්නා  බව කිව යුත්තේය. මෙහි ඇති වඩාත්ම වටිනාකම එහි ගාස්තුවයි. එහි මිල දහවල්/රාත්‍රී ආහාරය එසේත් නැත්නම් සතියේ /සති අන්ත අනුව මිල ගණන් වෙනස් වෙන්නට පුළුවන. නමුත් එය $ 10 ට වඩා අඩු වන්නේ හෝ $ 20 ට වඩා වැඩි වන්නේත් නැත. එතරම් සාධාරණ මිලකට මෙවන් ආහාර වේලක් ගැනීමට සිතන්නට වත් නුපුළුවන.  වියට්නාම් ජාතිකයින් සහ විදේශිකයන්ගෙන්  ගෙන්  මෙය පිරි පවතින්නේ මේ නිසා විය යුතුය. මෙතරම් පොහොසත් ආහාර වේලක් මෙතරම් සාධාරණ මිලකට ලබාදීමට මෙහි රජයේ සහනාධාරයක් වත් අඩංගු වන්නේ දැයි මට සිතුනි.
අපි ආපසු හෝටලයට ගොස් නිදාගත්තේ පසුදා හා ලොන්ග් බොක්ක වෙත යාමට සැලසුම් කරගෙනය. අප උදේ ආහාරයට හෝටලයේ බුෆේ එකට ගියවිට අප දැක්කේ එහි සිටින විදෙශිඅකයන් අතර බොහෝ ඉන්දියානුවන් සිටින බවය.වියට්නාමය අලුත් ගමනාන්තයක් වන අතර තවම ගාස්තු ඉතාමත් සාධාරණ තිබෙන නිසා මෙලෙස බොහෝ ඉන්දියානුවන් එහි පැමිණෙනවා ඇතැයි මට සිතුනි. උදය ආහාරයද චීනයේ  හොටලයන්හි මෙන් ඔවුන්ගේ අපට නුහුරු ආහාර නොව ඕනෑම දෙනෙකුට පාහේ රසවිඳිය හැකි අන්තර්ජාතික කරන ලද චීන ආහාර යයි කිව හැකි තත්වයේ තිබුණි.
අප උදය ආහාර ගෙන හා ලොන්ග් වෙත පුරුදු  බසයේම ගමන් ඇරඹුවෙමු.රට ඇතුලට වෙන්නට පිහිටා ඇති හැනෝයි නගරයේ සිට මුහුද අයිනේ ඇති  හා ලොන්ග් බොක්ක දක්වා දුර කිලෝ මීටර 185 ක් වෙයි.සුපොඛභෝගී ලිමොසින් රථයක මෙම ගමන යන්නේ නම් එහි ගාස්තුව රුපියල් 8000 ක් පමණ වෙයි.

ඊළඟට හා ලොන්ග් බොක්ක 

1 comment:

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...