Sunday, October 11, 2026

මනෝ පුබ්බංග මාධම්මා

 



ටික දවසකට පෙර මේ ගස හොඳින් වැඩී මේ වර්ගයේ මල් එන්නට පටන් ගත් විට දැනගන්නට ලැබුණේ මෙය පිරිමි ගසක් බවත් ගෙඩි එන්නේ නැති බවත්ය. 

කවුදෝ දුන් උපදෙසක් අනුව ඇනයක් ගසා බැලුවෙමි. ප්‍රතිඵලයක් නැත. 


දැන් කපා දැමීම ප්‍රායෝගික ක්‍රියා මාර්ගය වුවද, උපතින් ගසට ලැබුණු පිරිමිකම නිසා එය විනාශ කිරීම සිතට කණගාටුවක් ගෙන දුන්නේය. 


මම බෞද්ධාගමේ කෙනෙකි. මට පාසලේ දී ඉගනගත්  මනෝ පුබ්බංග මාදම්මා ගාථාව මතක් විය. 


සියලු දේටම මුල් වන්නේ සිතයි. මම මේ ගස සිතින් මල්ගස් කැටගරියට දැම්මෙමි. 


දැන් හැමදාම උදේට මේ මල්ගස දකින විට මගේ සිත පහන් වෙයි. සිත පහන් වෙනවාට වඩා වෙන මොනවාද?

No comments:

Post a Comment

මනෝ පුබ්බංග මාධම්මා

  ටික දවසකට පෙර මේ ගස හොඳින් වැඩී මේ වර්ගයේ මල් එන්නට පටන් ගත් විට දැනගන්නට ලැබුණේ මෙය පිරිමි ගසක් බවත් ගෙඩි එන්නේ නැති බවත්ය.  කවුදෝ දුන් උ...