මේ මගේ කාර්සල් එකට( my house is my castle යන අර්ථයෙන්)ප්‍රවිශ්ට මාර්ගයයි. එහි එක් කෙළවරක් ද්විත්වාකාලයේ කඩාගෙන වැටුණි.
සතියකට පමණ පෙර එතනට බැම්මක් ගසන්නට පටන් ගත්තෙමි.
ඝනකම අඟල් හතරට ොන්ක්‍රීට් බැම්මක් දැමීමට කතාකරගෙන වර්ග අඩියකට රුපියල් 300 ගණනේ පෙදරේරු මහතෙකුට කොන්ත්‍රාත් දුන්නෙමි.
මෙවැනි වැඩක අමාරුම ස්ටේජ් එකට මුහුණ දිය යුතු වන්නේ දැන්ය. ඒ හරියටම මේ වැඩේට වැය වන අමුද්‍රව්‍ය ප්‍රමාණය දැන ගැනීමය. අඩුවෙන් ම ඉල්ලුවොත් නැවත ගෙන්වා ගැනීමට transport වැඩිපුර ගෙවන්නට සිදුවේ, වැඩියෙන් ගෙන්වා ගත්තොත් බොහෝ කාලයක් නොයෙකුත් ස්ථානයන්හි රැඳී ම් දකින්න දකින විට අපගේ ගණන් හැදීමේ හැකියාවට විහිළු කරයි.
මේ නිසා මම මෙවර ක් අලුත්ම වැඩක් කලෙමි. හදන්න තිබෙන්න බැමි කොටස ක් දිග පළල මැන වර්ග ප්‍රමාණය සොයාගෙන එය තුනෙන් බෙදා බැම්මේ මුළු ඝන අඩි ගණන සොයා ගත්තෙමි.
මෙම කොන්ක්‍රීට් ඝන අඩි ගණනට 1:2:4 ලෙසට සිමෙන්ති වැලි සහ metal කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ ද යන්න ගූගල් ජෙමිනායි ගෙන් ඇසුවෙමි.
හරියටම ඒ ප්‍රමාණය ලැයිස්තු ගතකර whatsapp මගින් උඩපිටිය hardware එකට යැව්වෙමි.
වැඩය පටන් ගෙන අවසාන දිනට පෙර දින පෙදරේරු පැමිණ න්නේ යම් ප්‍රමාණයක් මදිවෙන බව පවසා සිටියේය. ඉතිරි ප්‍රමාණය සහ කොන්ක්‍රීට් දමන්නට තිබෙන ඉඩ ප්‍රමාණය මැන මම නැවත වරක් ජෙමිනායි ගෙන් ඇසුවෙමි. ඔහු කීවේ කිසිම අඩුපාඩුවක් නොමැති බවය. දැන් වැඩේ කරගෙන යයි. අද හවසට ජෙබිනායිගේ හරි වැරදි මට බලාගත හැක.

ඒකත් හොඳ වැඩක් නේද? වැඩිදෙනෙක් වැඩේ පටන්ගත්තට පස්සෙනෙ ඕනැ දෙවල් කියන්නේ.
ReplyDelete