Wednesday, September 22, 2021

රවි ජයවර්ධන සහ M16 අවි මිලට ගැනීම

 https://lakshmanillangakoon.blogspot.com/2021/08/blog-post_24.html?m=1

මෙතැන් සිට

මම මීට පෙර දවසක මගේ පරණ මිතුරෙකු ගැන කතාවක් ලිව්වෙමි. ඔහු අවුරුදු දහයක් පමණ නාවික හමුදාවේ සේවයකර, ඉන්පසු ස්වකැමැත්තෙන් සේවයෙන් ඉවත් වී එංගලන්ත සමාගමක වෙළඳ නෞකා වල සේවය කර, ඉන්පසු දේපල වෙළඳාමට පිවිසුණු කෙනෙකි.


වීර ක්‍රියා වලට මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ ඔහු, ඒ වීරත්වය සඳහා ීර වික්‍රම විභූෂණය සම්මානයෙන්ද පුද ලැබීය. 


මේ ළඟදී ඔහුත් සමඟ කතා කරමින් සිටියදී, ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ පුතා වූ රවී ජයවර්ධන, පිළිබඳව සිත් ගන්නා වූ කතාවක් අහන්නට ලැබුණි. මෙම කතාවේ ඇති සිත්ගන්නාසුලු ගතිය නිසාම මට මෙලෙස මෙය ලියා තබන්නට සිතුනි. 

මගේ මිත්‍රයා ඔහුගේ යුද බිමේ දක්ෂතාවයන් නිසාම නාවික හමුදාවේ  ගොඩ සටන් සඳහා පිහිටුවනු ලැබූ; බොහෝවිට ඇමරිකාවේ us marines ගැන සිතා විය යුතුය, නාවික සෙබළ අංශයේ ්‍රධානියා ලෙස පත්විය. එසේ පත්කරද්දී, මෙම අංශය එක්සත් රාජදානියේ SBS ලෙසට කොමාන්ඩෝ කණ්ඩායමක් ලෙස ස්ථාපිත කරන්නට ඔහුට ඕනෑකම තිබුණද නාවික හමුදාව එයට කැමති වී නැත.


මෙම නාවික සෙබල අංශය මුලින්ම පුහුණු කරන ලද්දේ ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දියතලාව පුහුණු කඳවුරේදී ය. මෙයින් ටික කාලෙකට පසුව මගේ මෙම මිත්‍රයා ශ්‍රී ලංකාවේ හමුදාවල පාවිච්චිය සඳහා අලුත් ආයුධයක් හඳුන්වාදීමට පරික්ෂා කිරීම සඳහා නාවික හමුදා මූලස්ථානය පනාගොඩ කදවුර වෙත යැවින. ඔහු පනාගොඩ වෙඩි පිටිය වෙත ගිය විට එතැනට ඒ සඳහා යුද හමුදාවෙන් සහ ගුවන් හමුදාවෙන් ද නියෝජිතයන් ලෙස නිලධාරීන් දෙදෙනකු පැමිණ සිටියහ.


ටික වේලාවකින් එකල ජනාධිපතිවරයා වූ ජේ ආර් ජයවර්ධන මහතාගේ පුත් ravi jayawardena මගේ මිතුරාට අනුව පරණ ford cortina රථයක්, ඔහුම පදවාගෙන එම ස්ථානයට පැමිණියේය.

ඔහු පැමිණ පැත්තේ ඇමරිකාවෙන් එකල මිලදී ගන්නට සැලසුම් කළා M 16 අවියකුත් සමගය. මේ නිලධාරිනුත් සමග ඔහු එම අවිය වෙඩි තබා පරික්ෂා කළේය. ශ්‍රී ලංකාව වෙඩිතැබීමේ තරඟවලින් ඔලිම්පික් තරඟ නියෝජනය කළ ආයුධ සම්බන්ධ හොඳ දැනුමක් සහ අත්දැකීම් තිබූ ඔහු එම ආයුධය මා මිතුර ඇතුළු අනෙකුත් නිලධාරීන් සමඟ ගලවා පරීක්ෂාකර, අප දැනට පාවිච්චි කරන අවිය තරම්; ඒ කියන්නේ අප ටී56 ලෙස හඳුන්වන චීන අවිය, ඇමරිකානු අවිය, රළු පාවිච්චියට නුසුදුසු බවත්, ඒවායේ නඩත්තු තරමක් අපහසු බව පෙනෙන බවත් කියා පැමිණ සිටි නිලධාරීන්ගෙන් ඔවුන්ගේ අදහස් විමසා සිටියේය.


නිලධාරීන් ද එයට එකඟ විය. 


කවුරුන් හෝ විශාල මුදලකට ලංකාවේ හමුදාවලට ඇමරිකානු එම් 16 අවිය ,ඒ වනවිටත් පාවිච්චියේ තිබුණු T 56  කවිය වෙනුවට මිලදී ගැනීමට, ගත් උත්සාහය එතකින් වැලැක් වුණු බව පෙනේ.

2 comments:

  1. ඒ උනත් නාවික හමුදාව එම් 16 අවි යම් ප්‍රමාණයක් මිලයට ගත්තා නේද? ඒ කාලයේම යුද හමුදාව බෙල්ජියමේ FN සමාගමේ නිපදවූ FNC අවියත්, ගුවන් හමුදාව ජර්මනියේ හෙක්ලර් සහ කොක් සමාගමේ G 41 අවියත් මිලයට ගත්තා. එහෙත් අන්තිමට සියල්ලන්ම නැවතුනේ T 56 අවිය සමගයි. හේතුව T 56 මිල අනිත් ඒවායින් තුනෙන් එකක් පමණ වීමයි.

    ReplyDelete
  2. බොහොම සුළු ප්‍රමාණයක් මං හිතන්නේ මිලට ගන්න ඇති, නමුත් අපෙ හැම හමුදාවක ම ප්‍රධානව විය වුණේ ටී 56. මමත් අහල තියනවා ඇමරිකානුවා අවියට, නඩත්තු කටයුතු හරියට පිළිවෙලට කෙරෙන්න ඕන කියලා, ඒකයි චීන විය මිල අඩුකමයි, බලපාන්න ඇති

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...