Sunday, August 27, 2017

ස්කිනර් සහ කලුබන්ඩා- 7





http://lakshmanillangakoon.blogspot.com/2017/08/6.html


හි ඊළඟ කොටස



දෙදෙන කිසි කතාවක් නොමැතිව නැග්මේ යෙදෙති. සරම කැස පොට කවාගෙන අඩි දෙක තුනක් ඉදිරියෙන් යන ආරච්චිලද ඔහුට අඩි දෙක තුනක් පිටි පස්සෙන් සරමේ යට අග අත් දෙකින්ම උඩට අල්ලා ගෙන නයිදේද ක්‍රමයෙන් පහත් බිම් කැලැවේ සිට කොට ඝන තැනින් තැන දියසෙවල බැඳී ඇති කඳ සහිත උස් බිම් කැලෑවට ඇතුළු වුහ. දැන් කැලෑවේ ඉහල කොළ වියනේ ඝනත්වය අඩුවී ඒ හා සමගම පෙර තිබු අඳුරු  ගතියද අඩු වන්නට පටන් ගත්තේය.

ගමන් කරන විලාශයෙන් සහ අඩිය තබන වේගයෙන් ආරච්චිල ගේ පියවර හා සමාන්තරව සිටීමට නයිදේ තරමක වෙහෙසක් ගන්නා බව පිටතින් සිට නිරීක්ෂණය කරන කෙනෙකුට පැහැදිලිව පෙනේ.

සමනල කන්ද කුඩා කදු ගැට 6 ක් නැගුනු පසු හමුවන ප්‍රධාන කදු මුදුනයි. එහෙත් කඳු මුදුන් එක ගොන්නක් සේ තිබෙන නිසා එය එක් වරම පෙනෙන්නේ නැත.  හතරවෙනි කදු මුදුන පසු කරන ඔවුනට දැන් හැරමිටි පාන අම්බලම පෙනුනි. මේ වන විට ඔවුන් කිලෝ මීටර් 6.5 ක් කන්දේ පැමිණ තිබුන අතර නයිදෙට ආරච්චිල මුදුනට ගොස් එන තෙක් හැරමිටි පාන අම්බලමේ නවතින්නට සිතක් පහල වුනි. ඔහු එය ආරච්චිලට කියන්නට ලැස්ති වන විටම ආරච්චිල කතා කළේය.

“අපි මෙතන ඩින්ගිත්තක් ඉදලා යන්” ඔහු අම්බලමේ පිලේ ඉදගත්තේය. මෙතනට අනෙක් සුළු කදු මුදුන් වලින් ඉහලට රාජකීය ලෙස හිස ඔසවන සමනල කන්දද අම්බලමට කිට්ටුවෙන් ගල් වංගෙඩියේ හන්දියද මනාව දර්ශනය වුනි.

“මේන් මෙතන තමයි මේ නැගිල්ලේ මං කැමතිම තැන, මෙතන මට දවසක් හරි ඉදගෙන ඉන්ට පුළුවන්.” නයිදේ තව ටිකක් හරි බැරි ගැසී ආරච්චිලට කීවේය. ආරච්චිල නැගිට අසල තිබු ගසකින් සැරයටියක් සේ පාවිච්චි කල හැකි පොල්ලක් ඉනේ ගසාගෙන සිටි පිහියක් එලියට ගෙන කපා ගත්තේය.

“එහෙනම් උඹ මෙතන හති ඇරපන්. මම උඩට ගිහිල්ලා එනකම්.”

“නෑ මං ආඩියා මල තැන්න අම්බලමට එනකම් එන්නම්, මහගිරිදඹේ මගේ දනිස් වලට ඩින්කක් අමාරුයි වගේ.” ඔහු එසේ පවසන විට ආරච්චිල තමා කැපු පොලු දෙකෙන් එකක් නයිදේට දී නැවත ගමන් ඇරඹුවේය. කළුගල් පඩි පෙළක් ඉහලට ගිය ඔහු කිලෝ මීටරයක් පමණ එසේ ගිය පසු හමු වූ අම්බලම අසලදී වෙන් වුහ. ආරච්චිල තනියවම මීටර් 800 කින් මීටර් 290 ක් ඉහලට නගින මහගිරිදඹය මුදුනට නැග තම අත තිබු සුදු රෙද්ද සිරිපතුල මත එලා දන ගසා වැන්දේය. නැගිට අත තිබු කාසිය ඉදිරියෙන් තිබු පැදුරු පෙට්ටියට දමා සමන් දෙවියන් සිහි කළේය. ආපසු හැරී පහලට ගමන ආරම්භ කළේය.

ආඩියා මල   තැන්න අම්බලම ලගදි නැවත නයිදේ සමග එකතු වී පහලට බහින්නට පටන් ගත්තේය.

“ නිලමෙ මම මේ අම්බලමේ ඉඳගෙන ඉද්දි කල්පනා  කල්පනා කොරේ , තමුන්නැහැ ට සුද්ද පරද්දන්ට බැරිවුනත් මිනිහට හොඳ තරඟයක් දෙන්ට පුළුවන් කියල. අපිත් එක්ක බලනකොට තමුන්නැහෙගෙ ජවේ ඩිංගක් වත් අඩුවෙලා නෑ “ මඟදී නයිදේ ප්‍රකාශ කළේය.

“ උඹේ කියමනේ ඇත්තක් තියෙනවා, ඇත්තම කියනව නම් මට හිතෙනවා සුද්ද පරද්දන්ටම පුළුවන් කියල”

එසේ පිළිතුරු දුන්නේ තමන් විහිලුවට ලක් කිරීමටදැයි නිශ්චය කර ගැනීමට නයිදේ හොඳින් ආරච්චිලාගේ මුහුණ දෙස බලාසිටියද ඔහුට නිශ්චිත හැඟීමක් අල්ලා ගැනීමට නොහැකි විය.

“දැන් අපි අයෙත් එන්නේ කවද්ද ?” නයිදේ ආරච්චිල ගෙන් ඇසුවේය.

“ හෙට ගිමන් ඇරල අනිද්දට එමු, අර සුද්දත් එක්ක අන්තිමට නැඟපු කොලු ගැටයත් එකතු කොරගෙන වරෙන්, එතකොට අපිට පුළුවන් අපේ වේගේ කොහොමද කියල බලාගන්ට”

“හොඳමයි, ආයේ එනකොට අග්ගලා ටිකකුත් හදල දෙන්ට කියල ලොකු මැණිකේට කියන්ට ඕනෑ “

“උඹ කියල බලපන් , මම කියන්ට ගියොත් ඕක කෙරෙන්නේ නෑ “ කියූ ආරච්චිල එක්වරම කැලයෙන් මතුවුණු ගෙරවීමක් වැනි ශබ්දයකට ප්‍රවේශමෙන් කන් දුන්නේය. දෙදෙනම නැවතී ඒ හඬ දෙසට  සාවධානයෙන්  කන් යොමු කළහ.

“ නිලමේ අර රීදී කාසිය සමන් දෙයි  හාමුදුරුවන්ට පේ කෙරුව නේද?”

Saturday, August 26, 2017

ස්කිනර් සහ කළුබණ්ඩා - 6



http://lakshmanillangakoon.blogspot.com/2017/08/5.html
සිට 

නයිදේ, ආරච්ච්ගේ නිවසට එන විට ආරච්චි ගමනක් යන්නට ලැහැස්තිවී සිටියේය. සිහින් දුඹුරු ඉරි සහිත සුදු සරමක්ද ,කිහිලි අසල දැල් රෙද්දක් මැසු බෙල්ලටම රවුම් කරකින් අවසන් වූ සුදු අත් දිග බැනියමක්ද ඇඳ  ඉන වටා අඟල් හතරක් පමණ පළල ලා දුඹුරු පැහැති බොත්තම් තද කර වැසිය  හැකි හම්  පටියකින් ඔහුගේ ඇදුම සම්පුර්ණ විය. ඝන රතු පැහැ ලොකු කළු ඉරක් මැදින් ගිය මෆ්ලරයක් ඔහු කරේ දමාගෙන සිටියේය.

" උඹෙන් මම අහන්ටමයි හිටියේ, මට ඕක මතක් වුනේ ඊයේ උදලු තලාගෙන ආපුහාම, උඹ පහුගිය කන්නෙ බඩල් පංගුව ලොකු මැණිකෙ ගෙන් ඉල්ල ගත්තද ?" ආරච්චිල, නයිදේ කළුගල් පඩිපෙළින් උඩට නඟිනවා දුටු  විගසම ඇසුවේය.

" ආරච්චි මහත්තයෝ ගිය කන්නේ බඩල් පංගුව ගත්ත විතරක් නෙමෙයි , ඊට පස්සෙ දෙවිඩක් යලේ බඩල් පන්ගුවෙනුත් අත්තිකාරම් ඉල්ලා ගත්ත, නිලමෙලාගෙන් ඉල්ලා ගන්නේ නැතුව අපි වෙන කාගෙන් ඉල්ල ගන්ටද?" නයිදේ මුවගට සිනාවක් නංවා ගනිමින් පිළිතුරු දුන්නේය.

" එහෙනං ලොකු මැණිකෙ ගෙන් සුදු රෙදි යාර හතරකුයි , රීදී කාසියකුයි ඉල්ලගෙන හනිකට වරෙන් , අපිට ගමනක් යන්ට තියෙනවා, මම කොහොමටත් උඹට පණිවුඩයක් යවන්ටයි හිටියෙ" ආරච්චි මෆ්ලරය කර වටා ඔතාගනිමින් පැවසුවේය.

"මට ගමන ගැන නං ආරංචියක් ලැබුනා, ඒ වුනාට මං  නම් ලොකු නිලමේ කොරන්ට යන වැඩේට මනාපයක් නෑ " නයිදේ අමනාපය මුහුනෙහිද සනිටුහන් කර පෙන්විය, " නිලමෙයි මමයි එක පලෝලේ, නිලමෙ කසාද නොගත්තට මම කලින්ම ගෑනියෙක් ගත්ත , දැන් මගේ මුනුබුරත් මගෙත් එක්ක හරි හරියට කම්මලේ වැඩ කොරනවා, අපි දැන් ඉලංදාරි නෙවෙයි අපේ නිලමෙ, ඒ කාලේ කොරපු කෙලි  දැන් අපිට බෑ " ඔහු ආරච්චිල කෙසේ හෝ තරඟයෙන් ඉවතට ගැනීමට උත්සාහ කළේය. 

" යමූ  නැගලම බලමු, අපිට නගිනකොට තේරුනොත් මේක කොරන්ට බෑ කියල..."

"තරගෙන් අයින් වෙලා නිකා ඉමු , නේද නිලමේ " නයිදේ සතුටින් ආරච්චිල ගේ කතාවට බාධා කළේය.

 "නෑ,  පුළුවන් වෙනකන් උඩහට පල්ලහට යන්, උඹට දැන් කම්මලේ වැඩටික කොරන්ටත් මුනුබුරෙක් ඉන්නවනෙ , වැඩ පාඩුවක් වෙන එකකුත් නෑනෙ " කියමින් ආරච්චි මහ දොරෙන් වම් පැත්තේ අයිනකින් තිබෙන  පහලට බසින ගල් පඩිපෙළ වෙත හෙමින් පියවර මැන්නේය.

"ඉස්සර වාගේම තමයි, තිබ්බ අඩිය ආපස්සට ගන්නේ නෑ, මම දැනගෙන හිටිය මේක වෙයි කියල, හොඳයි යන් , දෙකෙන් එකක් වෙන්නැතෑ" කියූ නයිදේ වටෙන් පිටුපස දොරෙන් ගෙට ඇතුළු විය.

ලොකු මැණිකේ ගෙන් රෙදි කැබැල්ල සහ කාසිය ඉල්ලා ගෙන කඩමණ්ඩිය පැත්තට වේගයෙන් ආ නයිදේට ආරච්චිල මුණගැසුනේ කඩමණ්ඩිය පසුකර ටික දුරක් ගිය පසුවය. " ඇසල මාසෙ හින්ද වැස්සත් අඩුවෙච්චි , කන්ද නගින්ට හොඳම කාලෙ " ආරච්චි  ඔහු තමන් අසලට පැමිණි විට පැවසීය.

"එහෙමයි , අපි දැන්මම පටන්ගත්තොත් ඉර මුදුන් වෙලා දෙපැයක් යන කොට වාගේ ආපහු පල්ලම් බහින්ට පුළුවන් වෙයි, නේද නිලමේ?" ඔහු පිළිතුරු දුන්නේය.

" හ්ම් ඉස්සර වෙලා නැගල බලමුකෝ ..."

උස ගස් සහ අතු වියනින් වැසුණු කැලෑ පාරෙන් ගමන ආරම්භ කල ඔවුහු පැරණි කළුගල් වලින් නිමවුණු අඩි හතරට අඩියක අනුපාතයට  උස්වන පඩිපෙළ දිගේ ගමන් ඇරඹුහ. කිලෝ මීටර එක හමාරක් ගිය පසු හමුවුන කුඩා අම්බලමේ විනාඩි පහක් පමණ ඉඳගෙන ගිමන් ඇරියහ.

ඊළඟ කොටසට

http://lakshmanillangakoon.blogspot.com/2017/08/7.html 




Friday, August 25, 2017

ස්කිනර් සහ කිරි බණ්ඩා -5




http://lakshmanillangakoon.blogspot.com/2017/08/4.html

හි ඊළඟ කොටස 

" මොකද්ද බණ්ඩා උඹට වෙලා තියෙන්නෙ, ඊයේ රෑට බත් කාලත් නෑ, අර මනුස්සයා අස්පයත් එක්ක කොහේ හරි පල්ලකට වැටිලා ඉන්නවද දන්නෙත් නෑ, බොන කොට සීමාවක් ඇතුව බොන්ට ඕනෑ   නේද ?" මිදුලේ තිබු දිග ගලක තම පිහිය ගාමින් සිටි ආරච්චිල ගෙන් ඔහුගේ සොහොයුරිය විමසා සිටියාය.

"හීන් අක්කා, මං රෑට බත් කෑවේ නැත්තේ හැන්දෑවේ හැඳි ගාපු කොස් ඩිංගක් කාපු හින්ද මිසක්ක බීපු හින්ද එහෙම නෙවෙයි, මිණිපිරී ඇහැරලද ?" ඔහු අහක බලාගෙන දකුණු අතේ තිබු පිහියේ කැපුම් පැත්ත  වම්  අතේ  අල්ලේ, වමට දකුණට ගෙන යමින් එහි කැපුම් බැලුවේය. 

" උඹ මගෙන් මොකොවත් අහගන්ට එපා බණ්ඩා, දැන් අවුරුදු 30 ක් උඹ හැදුනේ මං ළඟ , ඇයි උඹ අහක බලාගෙන කතා කරන්නේ, උඹට මතකද උඹ වෙරි මර ගාතේ මොනවද කරන්ට පොරොන්දු වුනෙ කියල, මේ ගමේ මිනිස්සු ලව්වා අපිට හිනස්සන්ටද ලැස්ති වෙන්නේ , උඹ හිතාන ඉන්නේ තාමත් උඹ ඉලන්දාරියෙක් කියලද?" ඇය අතේ තිබුණු ලොකු  කෝපි කෝප්පය බාග බිත්තිය උඩින් තිබ්බාය.

ආරච්චිල එතනට පැමිණ අත් දෙකෙන්ම කෝප්පය ගත්තේය. කාටත් ඇසෙන්නට  ශබ්දයක් පිටකරමින් කෝපි බොන්නට පටන් ගත්තේය. " මේ පාර කෝපි ටික නම් පංකාදුයි, තම්බිට දෙන කොට ටිකක් වැඩිපුර ගෙදර තියාගත්ත නම් හොඳයි" තම සොහොයුරිය නිවන්නට මෙය හොඳටම ප්‍රමාණවත් බව ආරච්චිල දනියි.

" මම කියන්නේ නෑ උඹට, ආන් හීන් කෙල්ල , හීල්  බතුයි නිලි හොද්දකුයි  හදල තියෙනව ගිහිල්ල කාපන් " කියූ ඇය නිවස ඇතුලට ගියාය.

තම ආරච්චිල සුදු මහත්තයත් සමඟ සමනල කන්ද මුදුනට ගොස් ආපසු බැසීමට ලැහැස්ති වන බවත් තව මසකින් පමණ තරඟය පැවැත්වෙන බවත් ප්‍රදේශය පුරා ගැමියන් ගේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය. 

" දැන් රා බොන එකත් නවත්තලාලු , සුරුට්ටු බොන්නෙත් නෑලු , උන්නැහේ දන්නවා ඉස්සර වාගේ නෙවයි, දැන් වයස හින්ද ලේසි වෙන්නේ නෑ කියල" කඩයේ පිලේ ඉඳගෙන දාම් අදිමින් සිටි වයසක මිනිසෙකු කීවේ තවකෙකු මේ පිලිබඳ කල ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි.

" උන්නැහ අවුරුදු ගණනකින් සිරිපා කරුනාකරේ නෑ මයේ හිතේ , සුද්ද සුමානෙකට දෙපාරක්වත් පහුගිය ටිකේ කන්ද නැඟල දැන් හොඳ පුරුද්දක් තියෙනවා, හැබැයි, අපේ නිලමෙ ගේ හිත හයියයි , මට හිතෙනව උන්නැහ කොහොමහරි සුද්දව පරදයි කියල" කඩේ අයිතිකරුවූ සිල්වා මුදලාලි සාකච්චාවට එකතුවෙමින්  තම පහලට එල්ලී තිබුණු දිග රැවුල අත ගෑවේය, " දෙකෙන් කොකා හරි වෙන්ට පුළුවන් , දැන් තියෙන්නෙ හරියට මේන් මේ තරාදිය වාගේ , ඕනෑ පැත්තක් කොයි වේලේ හරි පල්ලහට යන්ට පුළුවන් " ඔහු තම විශ්ලේෂණ හැකියාව ගොවියන් වන අනෙක් ගම්මුන්ට වඩා වැඩි බව පෙන්වීමට දෝ එකතු කළේය. 

කඩයේ අනික් පිලේ ඉදගෙන බුලත් විටක් හපමින් මේ සියලු සාකච්චාවන් අසා සිටි නයිඳේ හුන් තැනින් නැගිට ඉන හරහා බැද සිටි සුදු පැහැති  රෙදි පටිය බුරුල් කර නැවත ගැට ගසා ගෙන යමක් කියන්නට සුදානම් වී, එහෙත් එය නොකියා කඩයෙන් කරත්ත පාරට බැස හනිකට ආරච්චිල නිවස දෙසට ගමන් කළේය. 

ඊළඟ කොටස 

http://lakshmanillangakoon.blogspot.com/2017/08/6.html  


Thursday, August 24, 2017

ස්කිනර් සහ කළුබණ්ඩා -4





http://lakshmanillangakoon.blogspot.com/2017/08/3_23.html


හි සිට " ස්කිනර් උන්නැහේ , දැන් මේ මට කියන්නෙ , අපි තරඟෙට , කන්ද නඟිමු කියලද ?' ඔහු සැක දුරු කර ගැනීමට ඇසුවේය. මේ තමන් අසන්නේ තමන් කිසි සේත් ඇසියයුතු ප්‍රශ්නයක් නොවන බව ඔහු හොඳින් දැන සිටිය නමුත් ප්‍රශ්නය එක්වරම ඔහුගේ මූවින් පිට වුයේ ඔහු එය පාලනය කරගන්නට පෙරය.

"නෑ ආරච්චිල, මම එහෙම කිව්වේ නැහැ, හැබැයි මම අහල තියෙන විදිහට නම් නිලමෙ බොහොම දක්ෂයෙක්, මම අන්තිමට පාර නගින එක බලාගෙන හිටපු විදානෙ මට කිව්ව ගිලිමලේ ආරච්චි ඇරෙන්ට මේ තුන් පත්තුවේම තමුන්නැහේ පරද්දන්ට කවුරුත් නෑ කියල, මමත් බොහොම සතුටුයි ඒ කියපු එක ඇත්තද බලන්ට , ඒ වුනාට තමුන්නැහෙම දැන් ඩිංගකට ඉස්සර කිව්වනෙ මේ රටේ මිනිස්සු තරඟ කරන්ට කැමති නැහැ කියල, අනික නිලමෙට දැන් වයසයි, මට කැමති නෑ තරඟයට නගින්ට,ඕන් ඔය කාරනා හින්ද " ස්කිනර් වචන හොඳින් තෝරා ගනිමින් හෙමින් පිළිතුරු දුන්නේය.

"ස්කිනර් උන්නැහේ  මෙහෙ කෑම්ප් එක ගහල කොච්චර කල්ද?" නැවත ඉඳ ගනිමින් කළුබණ්ඩා ආරච්චි ස්කිනර් ගෙන් ඇසුවේය.

" බදුලු පාර පටන්ගත්තෙ දැන් මාස හයකට ඉස්සර, මම මෙහෙට ඇවිල්ල මාස තුනයි , ඇයි නිලමේ එහෙම ඇහැව්වේ ?" ස්කිනර් තරමක කුතුහලයකින් ඇසීය.

" අහල තියෙනවද තමුන්නැහේ , ගිලීමලෙත් ඇත දත සුද්දෝ කියල කතාවක් ?"

" බොහොම ලස්සන කතාවක් නිලමේ, මට සතියකට වාගෙ ඉස්සර විදානෙ ඔය  කථාව තේරුමත් එක්කම කියල පැහැදිලි කොරලම දුන්න, අනික ලස්සන  විදානෙ ඕක පැහැදිලි කොරන කොට උදාහරණෙට ගත්තෙ කවුද, අපේ නිලමෙ  මයි   " කියූ ස්කිනර් පිළිතුරට තවත් කොටසක් පසුව එකතු කළේය. " මම නිලමෙ ඔහොම මෙහෙදී අහන ලස්සන කතා පොතක ලියාගන්නව , දැන් කතා 25 ක් විතර විස්තරත් එක්කම ලියල තියෙනවා"

" බොහොම හොඳයි, තමුන්නැහැලගේ ලිය කියවිලි වැඩ නම් පංකාදු පහයි, තව ටික කාලයක් යනකොට හැම දෙයක් ගැනම ලියවිලා තියෙයි, කිසි දෙයක් කාගෙන් හරි අහන්ට හරි එහෙමත් නැත්නම් ගොහිල්ල බලන්න හරි ඕනෑකමක් නැතිවෙයි, මයෙ හිතේ?" ආරච්චිල පොඩි විහිළුවකින් පටන්ගත්තේය. "ගිලිමලේ කතාවේ වගේ මම දත සුද්දෙක් තමයි, සුරුට්ටු ඔලට ඩිංගක් අව පාට වෙලා තිබ්බට, ඒ වුනාට මම ගිලිමලේ කථාව ගැන ඇහුවේ නම් එකට නෙවෙයි, අපේ මිනිස්සු තරඟ ඔලට කැමති නැති වුනාට , මම ඩිංගක් වෙනස් කියන්ට, මම කැමැතියි තමුන්නැහේ එක්ක සමර්ථ කම් බලන්ට, කවුද මුදුනට ගිහිල්ල මුලින්ම පහලට එන්නේ කියල." ආරච්චි දීර්ග පිළිතුරකින් සියලු ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ, ස්කිනර් ගේ සියලු කුකුස සන්සිඳු වමිනි.

"මට හිතුන ආරච්චිල මෙහෙම උත්තරයක් දෙයි කියල , නිලමෙට තරඟයක් දැක්කහම පැත්තකට වෙල ඉන්ට පුළුවන් මිනිහෙක් නෙවෙයි, තව සති දෙකකින් විතර අපි මේක ලැහැස්ති කර ගමු." ඔහු බෝතලයේ ඉතිරි ටික විදුරු දෙකට සමානව බෙදුවේය, ආරච්චිලාගේ විදුර ඔහු අතට දී තමන්ගේ විදුර ඉහලට එසෙව්වේය. " අපේ තරඟෙට " යයි පවසා ආරච්චිලාගේ විදුරට වද්දා , විදුරේ තිබූ සියල්ල පානය කළේය.

කළුබණ්ඩා මේ නුපුරුදු ක්‍රියාවෙන් තරමක් සබකෝලයට පත්වුනද , ස්කිනර් අනුගමනය කරමින් සම්පුර්ණ විදුරම මුවේ හලා ගත්තේය. 
ඊළඟ කොටසට ලින්ක් එක 
http://lakshmanillangakoon.blogspot.com/2017/08/4.html

Wednesday, August 23, 2017

ස්කිනර් සහ කිරිබණ්ඩා - 3





http://lakshmanillangakoon.blogspot.com/2017/08/2_23.html

සිට එන කතාව
" මම කීප දෙනෙක් ගෙන්ම ඇහුව සමනල කන්ද මුදුනට මගෙත් එක්ක තරඟෙට නගින්න පුළුවන් කෙනෙක් මේ පැත්තේ ඉන්නවද කියල, කාටවත් එහෙම කෙනෙක් ගැන හිතන්ට බැහැ , හැම දෙනාම කියන්නෙ ගිලිමලේ ආරච්චි තමයි ඕකට සමතා , ඒ වුනාට උන්නැහේට දැන් ඕකට හයියක් නැතුව ඇති කියල" ස්කිනර් තව ජින් අඟලක් විදුරට දා ගන්න ගමන් ප්‍රකාශ කලේය.

"ස්කිනර් උන්නැහැ, මේ පාර මනින්ට ආපු දවස් වල ඉඳලම අපි දෙන්න බොහොම කිට්ටුවෙන් ආශ්‍රය කළා. මම නොදන්නා බොහෝ දේවල් තමුන් මට කියල දුන්න, ඒරොප්පේ වැඩ කරන විදිහ මම බොහොම ආසාවෙන් අහගෙන හිටිය, තමුන්ගෙ ඔය ජවයයි  තකහනියක් අරමුණක  එල්බ ගෙන වැඩ කරන එකයි බලාගෙන ඉන්න එකත් කෙනෙක්ගෙ හිතට  අප්‍රමාන සංතෝෂයක්, විඩක් වෙලාවට මට හිතිලා තියෙනව මටත් මෙහෙම කොල්ලෙක් හිටිය නම් කියල, හැබැයි මට පොඩි කුකුසක් තියෙනව, ඇයි  තමුන් මේ තරම් තරග කොරන්ට දඟලන්නෙ ? සමනොළ ගල නැන්ග එකෙන් සන්තෝෂ වෙලා මේක අහවර කොරන්ට බැරිද?" කිරිබණ්ඩා ආරච්චිල කෙලින්ම පන්දුව ස්කිනර් පැත්තට දමා ගැසුවේය.

"මමත් එහෙමයි ආරච්චිල , තමුන්ට මම බොහොම කැමැතියි, මුලින්ම මට මහ කැලේ දඩයම් මං පෙන්නපු දා ඉඳල මේ වෙනකං මම දැක්කෙම තමුන් ගේ හොඳ ගතිගුණ මයි, මේකයි කාරණේ අපි ඉංග්‍රීසි කාරයො , අපිට තරඟ කොරන්ට ඕනෑ , දකින හැම දෙයින්ම තරඟයක් හදා ගෙන ඒකෙන් දිනන්ට ඕනෑ, නැත්නං අපි ඉන්දියා වෙළඳාමට මෙච්චර දුර එයිද,දැන් ප්‍රංශ ,ඕලන්ද , පෘතුගීසි ජාතිකයෝ එහෙ වෙළඳාම දැනටමත්  කරනවනේ කියල , එංගලන්තෙට වෙලා සීතලේ වෙව්ල වෙව්ල ඉන්ට තිබ්බ, අපි එහෙම හිටියෙ නෑ , නැව් නැඟල ආව තරඟ  කොරන්ට , අන්න  එකයි ආරච්චි අපේ ඇඟේ තියෙන්නෙ " ස්කිනර්, ආරච්චිට පැහැදිලි කළේය. 

එහෙත් බොහෝවිට දීර්ග පැහැදිලි කිරීම් කරන්නට ගිය විට හුඟ දෙනෙකුට  වන්නාක් මෙන් මේ පැහැදිලි කිරීම කරන්නට ගොස්  තමා ආරච්ච්ගේ  හිත යම් ලෙසකින් රිදෙව්වා දැයි කුකුසක් ස්කිනර් ගේ හිතේ කොනක ඇතිවිය.ඔහු එවැනි හැඟීමක් ආරච්චිගේ සිතේ ඇතිවුයේ දැයි නිරීක්ෂණය කිරීමට හැකි වන අයුරින් ඔහුගේ මුහුණ දෙස ඉතාමත් ඕනෑකමින් බලාසිටියේය.

ආරච්චිල ටික වේලාවක් බටහිර අහස දෙස බලාගෙන ස්කිනර් කියූ දෙය පිළිබඳව මෙනෙහි කළේය. බටහිර අහසේ බිම්මල් වැනි රටා මවන පින්බර මෝසම් වලාකුළු ඔහු සිත කුල්මත් කළේය. හොඳ ගොවියෙකුට මෙයට වඩා සිත පිරෙන තවත් දර්ශනයක් වේ දැයි සිතුවේය.

" ස්කිනර් උන්නැහේ, තමුන්ගේ කථාව සම්පුර්ණයෙන්ම ඇත්ත, මම මහා බ්‍රිතාන්නයේ මිනිස්සු ගැන කවදාවත් ඔය  පැත්තෙන් කල්පනා කොරල නෑ , ඒ කියපු එකේ ලොකු ඇත්තක් තියෙනව, ගමු අපේ ක්‍රීඩා, අපි එක එකා තරඟ කරන්නේ නැහැ, පොර පොල් ගහනකොට කට්ට හයිය පොල් ගෙඩියයි දිනන්නේ, අන්   අදිනකොට කෙක්කෙ හයිය තමයි මුලට එන්නෙ , අපේ ක්‍රීඩා වුනත් තියෙන්නේ දේව පුජාවට මිසක්ක තරඟ කොරන්ට නෙවෙයි තමා. තමුන් නැහැ කියාපු එකේ ඇත්තක් නැත්තේම නැහැ " ආරච්චි හාන්සි පුටුවෙන් නැගිට්ටේය,ඔලුව ගසා දමා කොණ්ඩය ගලවා පිට මැදට හෙලා නැවත ගැට ගසා ගත්තේය. 

උගුලකට අසු වීමට කැමැත්තෙන්ම යන වල් සතෙකුට ඒ අවස්ථාවේ ඇතිවන හැඟීම් මෙවැනි ආකාර වියයුතු යයි සිතුවේය. 

ඊළඟ කොටසට 
http://lakshmanillangakoon.blogspot.com/2017/08/4.html  



ස්කිනර් සහ කිරිබණ්ඩා - 2




http://lakshmanillangakoon.blogspot.com/2017/08/1_22.html
 හි දෙවැනි කොටස "ස්කිනර් මහත්තය රෑට කෑම ඩිංගක් කාලම යනවා නේද?" ඇය ස්කිනර් ට කෑමට ආරාධනා කළාය.

"නැහැ ලොකු මැණිකේ අද මම හැන්දෑවට දඩයමේ යන්ට දාගත්ත , මම ආයේ ආපුහාම නොවරදවාම ඉන්නව " ඔහු ඔලුව පැත්තකට නමා පිළිතුරු දුන්නේය.

"ලොකු නිලමේ එහෙම නම් මං හෙට හැන්දෑවට උකුනුගස් ටික මිට ගහල ගේන්නම්,මඩුවෙත් ටිකක් තිබ්බා" 

"හොඳයි නයිදෙ , උදලු ටිකත් තලල කැපුම් තියල ගන්ටත් කාලේ හරි වගේ, දැන් වටෙන් කලුකරන විදිහෙන් මේ පාර යලත් අපිට පාඩුවක් කොරන්නේ නැ වගෙයි " ආරච්චිල බටහිර අහස දෙස බලමින් සතුටු සිනහවක් මුවඟට නංවා ගත්තේය.

"සුදු මහත්තය දැන්මම යනවද අපේ නිලමෙ" මුල් නිරීක්ෂණයට පිළිතුරක් ආරච්චිල බලාපොරොත්තු නොවන බව දන්නා නයිදේ ඇසුවේය.

" ඇයි උන්නැහැ පරක්කු වෙනවානං   යනකං  උබට අශ්පයා පදින්ට පුරුදු වෙන්ටද ?

" අපිට මොන අශ්වයෝද නිලමෙ, අනික ගිය මිහිදු පෙරහැරටත් අශ්වයෝ පැද්දේ නැතුවය, පිදුරු අශ්වයෝ උනත්,මේ කොල්ලට මනාපයිලු , සුදු මහත්තය අශ්වය උඩට නඟිනව බලන්න" නයිදේත් අත හැරියේ නැත.

" මුන්නැහැ යන්ට තව ඩින්ගිත්තක් පරක්කු වෙයි, කොල්ලට ඕනෑම නම් පැත්තකට වෙලා ඉන්ට කියපං, නැත්තං වෙන වෙලාවක ඕක බලාගන්ට බැරි යැයි" කියූ ආරච්චිල නැවත අවධානය ස්කිනර් වෙතට  යොමු කළේය.


" ඉතින් තමුන්නැහේ කී පාරක් සමනලේ මුදුනට නැන්ගද? හත් අට පාරක් ඔය කියන විදිහට ?" ඔහු ස්කිනර් ගෙන් විමසුවේය. 

" හත් අට පාරක් නෙවෙයි ආරච්චිල,  තිස් හතලිස් පාරක්, මම එක දවසට දෙපාර නැගපු දවසුත් තියෙනව, නැගිල්ල පටන්ගන්න කාලෙ මම අපේ මැලේ රෙජිමේන්තුවේ සොල්දාදුවෝ තිස් දෙනාගෙන් 17 දෙනෙකුට පරදිනව, දහවෙනි පාර නගිද්දී මට කලින් බැස්සේ අපෙ සාජන් විතරයි. පහළොස් වෙනි පාර නගිද්දී මම සාජන්ට පැය 2 කට කලින් පල්ලහට ආව " ඔහු තමන්ගේ සමනල කන්ද නැගීමේ සම්පුර්ණ වාර්තාව ආරච්චිලට මහත් ආඩම්බරයෙන් ඉදිරිපත් කළේය.

" මේජර් උන්නැහේ මෙහෙ අපේ ගමේ කවුරුත් එකතු කරගෙන ගියේ නැද්ද සිරිපා  කරුණ කොරද්දී ?" කිරිබණ්ඩා ආරච්චිල ඇසුවේය. කොට බිත්ති බැම්ම උඩ කුඩා පිත්තල භාජනයක තබා තිබූ සුරුට්ටු බාගයක් පමණ පිච්චී අවසන් වි තිබුණු තම සුරුට්ටුව නැවත පත්තුකර ගත්තේය.

" පාරේ රාජකාරි වලට ආපු මිනිස්සු කියපු නගින්ට දක්ෂයෝ තුන් දෙනෙක් ඇර ගෙන ගියා සාජනුත් එක්ක, දවස් දෙකේම දෙන්න ආවෙ මමයි සාජනුයි මැද්දෙන්, මගේ කිට්ටුවටවත් එන්ට බැරිවුනා" ඔහු ආඩම්බරයෙන් සිනාසුනේය. " මට රෙස්පෙක්ට් කරන්ට පහු වෙනවද කියල සැකේට මම අන්තිමට කිව්ව, මම පහුකරගෙන දිනුවොත් පාරේ රාජකාරියෙනුත් නිදහස් කොරල තඹ සත පනහකුත් දෙනවා කිව්වා, ඒත් වැඩි වෙනසක් වුනේ නැහැ , කළු උස ඉලන්දාරියා මුදුනට නගිද්දී මගෙත් එක්ක හරි හරියට ආව , ඒත් පහලට එද්දී මට පැයක් පරක්කුයි."

"ඔය කියන ඉලංදාරි දෙන්නගේ හැඩ හුරුකම් මතකද? එකෙක් කලුයි හින්දැරියි , අනික පාටයි, ඒ වුනාට කොටයි , එහෙම නේද ස්කිනර් උන්නැහේ ? " ආරච්චිල ඇත අහස දෙස බලාගෙන ඇසුවේය. 

ඊලඟ කොටස 

http://lakshmanillangakoon.blogspot.com/2017/08/3_23.html   








Tuesday, August 22, 2017

ස්කිනර් සහ කිරිබණ්ඩා - 1






"තමුන්නැහැ හිතනවද බුට් සපත්තු දැම්මහම වැඩි වේගයකින් දුවන්ට පුළුවන් කියල?" ගිලිමලේ කිරිබණ්ඩා ආරච්චිල  සිනාසෙමින් ඇසුවේය.

"මේ ඕල්ඩ් ටොම් ජින් බෝතලේ අපි දෙන්නටම මැලේරියා හැදෙන එක නවත්තනවා විශ්වාෂයි වාගේම ආරච්චි එකත් මට විශ්වාෂයි". කිරිබණ්ඩා ආරච්චිල සමඟ අමුතු හැඩයකින් යුත් බෝතලයකින් ඕල්ඩ් ටොම් නමැති  ජින්, පානය කරමින් සිටි ආරච්චිල ගේ වයසින් භාගයක් පමණ පෙනුමකින්වූ යුතුවූ  සුදු ජාතිකයා පිළිතුරු දුන්නේ තවත් ආරච්චිල 
දෙසට තම පුටුව ඇද කිට්ටු වෙමිනි.

ආරච්චිල හාන්සි පුටුවේ දිග ඇදී වාඩිවී එක කකුලක් දිගු කරන ලද අත් රඳනය මතට දමා ගෙන අනික් අත් රදනයේ තිබු තම හිස් විදුර දෙස බලාගෙන කල්පනාවට  වැටුනේය.

"පොඩි  සන්දියේ ඉඳල සපත්තු දාපු කෙනෙකුට නම් ඒ කියමන හරි ඇති, ඒ වුනාට අපි වාගේ ජීවිතේට සපත්තුවක් නොදාපු යටි  පල්ල හයි වෙච්චි කෙනෙකුට  නම් මයේ හිතේ සපත්තු නැතුව දුවන එක ලේසියි." ආරච්චිල සිනාසෙමින් කිවේය.

"නිලමේට දැන් වයස කියක් වෙනවද ? " මේජර් ස්කිනර් ඇසුවේ දිග පිළිතුරක් බලාපොරොත්තු වෙමිනි.මක්නිසාද , ලංකාවේ බොහෝ දෙනෙකු එකල තම වයස වෙනත් යම් විශේෂ සිද්දියකට ඈදා කියන්නට පුරුදුව සිටි නිසාය.

"මේ එන වෙසක් පෝයට මට පනස් දෙකයි, තමුන්නාන්සේට කියද ? " ආරච්චිල උත්තරය තවත් ප්‍රශ්නයක් කළේය.
"මට විසි හතයි,  නිලමේගේ වයසෙන් භාගෙකට එකක් එකතු කරා වාගේ."  ස්කිනර් පිළිතුරට කුඩා ගණිත අලංකාරයක් එකතු කළේය. 

"මම අහල තියෙනව නිලමේ මේ පැත්තටම හිටපු ශක්තිවන්තම මනුස්සයා කියල", කියා අවසන් කරද්දීම වාගේ  කිසිවක් මතක් වූ ලෙස ස්කිනර්   "ඉලංදාරි  කාලේ "  යනුවෙන් පොඩි සුදුසුකමක් එකතු  කළේය. 

"කවුද තමුන්නැහේට කිව්වේ" කිරිබණ්ඩා ආරච්ච්ල තම පසුපසට කුඩාවට ගැට ගසා තිබුණු කොණ්ඩය ගලවා නැවත ගැට ගැසුවේය. කොන්ඩයෙන් භාගයක් පමණ සුදු පහ ගැන්වී ඇති අයුරු ස්කිනර් නිරීක්ෂණය කළේය.

"ඕක කොච්චර ප්‍රසිද්ද කතාවක්ද කිව්වොත් නුවර රෙසිඩන්සිත් දන්නවා"මේජර් ස්කිනර් පොඩි විහිළුවක් කළේය. "අර ගිය සතියේ බීපු සුරුට්ටු නිලමේ ගාව ඉතුරු නැද්ද " 

 "මගෙ ගාව තිබ්බ පේදුරු තුඩුවෙ චෙට්ටියාර් ගිට මාසෙ එවපු  සුරුට්ටු නං ඉවරයි, මං තිබ්බ යාපනේ සුරුට්ටු හතරක් දවසක් මඩේ ඔබල තියල ගත්ත , එහෙම තියල හෙවනේ වේලලා ගත්තහම පංකාදු පහයි, චෙට්ටියාර් ගෙ එව්වට දෙවෙනි නැ " නිලමේ මෙහෙකරුවෙකුට   අඬගසා සුරුට්ටු දෙකක් ගෙන්වා ගෙන එකක් ස්කිනර්ට දී තමනුත් එකක් පත්තු කර ගත්තේය.  
ස්කිනර් තම සුරුට්ටුව නහයට තබා ඉඹ බැලුවේය. නැවත වරක් නහයට තබා පරික්ෂා කර පෙඩියා  අතතිබු ගිනි පෙනෙල්ලෙන් පත්තු කර ගත්තේය.

“ඇත්තම තමයි නිලමෙ, පංකාදු පහටත් වැඩියි, හියුමිඩේටර්  ඒකක තියල ගත්ත වගෙයි, මේ සුරුට්ටු මඬේ දාන එකට  නිලමේට පේටන්ට් එකක් ගන්න පුළුවන් "
ඔහුගේ වාක්‍යයේ අවසාන කොටස ආරච්චිලට ඇහුනේ නැත. ඒ උඩුකය නිරාවරණය කරගත් තැනැත්තෙකු ගල් පඩි පෙලෙන් උඩට නැග කරේ තිබු තුවාය අතට ගෙන ඔලුව නමා ආචාර කරනු දැක ඒ දෙස  බලනවිට ඔහුගේ අවධානය බිඳී ගිය නිසාය. 
" ආම්පන්න ටික කැපුම් කරගෙන ආව අපේ නිලමෙ" යයි ඔහු කියද්දීම ඔහුත් සමග පැමිණි ඔහුගේ ගෝලයා ඔහුගේ කරේ තිබුණු දැකැති මිටිය  බිමින් තැබුවේය.
" හොඳයි, හීන් අක්කා... අපි හපුගස්වෙලේ ගොයම් කපන්ට යොදා ගත්තේ අනිද්දට නේද " 
ඒ ඇසුණු කිරිබන්ඩාගේ  වයසේම එහෙත් ඔහුට වඩා පැහැපත් කාන්තාවක සාලයට පැමිණියාය. 
"ඉන්අනිද්දට බණ්ඩා , ඔය ඩිංගට ඕකත් අමතක උනාද" ඇසු ඇ ස්කිනර් දෙසට හැරුණාය. 
ඊළඟ කොටසට ලින්ක් එක 

http://lakshmanillangakoon.blogspot.com/2017/08/2_23.html







Monday, August 21, 2017

ටයර් යුද්දය - අවසාන කොටස

http://lakshmanillangakoon.blogspot.com/2017/08/3.html පසු ඊළඟ සහ අවසාන කොටස 

පෝයට දින තුනක් තිබියදී රණසිංහගේ බසයක් නුවර සිට ආපසු එද්දී , ඔහුගේ  බස් රථ වලින් පැරණිම බසය , මාලිගාවට වන්දනාවේ පැමිණි බසයක් නවතා තබා ආපසු හරවා ගැනීමේදී වැදී තරමක අලාභහානි සිදුවිය. අවුරුදු ගණනාවකට පෙර ,රණසිංහගේ බිරිඳ කටාර් හි ගෘහ සේවිකාවක් ලෙස සේවයට ගොස් එවූ මුදල් එකතුකර , මුලික ගෙවීම් කර මිලදී ගත් මෙම  රථය ඔවුන්ට වාසනාව ගෙන ආ බසය ලෙස පවුලේ සුරතලා බවට පත්ව සිටි හෙයින් මෙම අනතුර ඔවුන්ට බොහෝ කනගාටු ගෙන දුන්නේය. විශේෂයෙන්ම ඔවුන්ට සිත්මෙ වේදනා ගෙන දුන්නේ මෙම  බස් රථය දැන් අවුරුදු 10 ක් පමණ කිසිම අනතුරකට ලක් නොවී තිබී මෙලෙස සිදුවීමය.

අභයරත්නගේ බිරිඳ තවත් දෙදෙනෙකු සමග දන්ගොල්ලේ සාස්තර කියන ගෙදරකදී දකින ලද්දේයයි රණසිංහගේ බිරිඳට මේ අතර අසල්වැසි කාන්තාවකගෙන් පන්සලේදී අසන්නට  ලැබුනි. ඇයද තම සහෝදරියක ගෙන් දැනගත් මන්තර වැඩ කරන නවයාලතන්නේ නිවසකට් තම ලොකු පුතා සමග ගියේ මේ සඳහා ආරක්ෂාවක් කරගතයුතු දැයි පරික්ෂාකර බලා ගැනීමටය. ඈ සිතුවා හරියට හරිය. යම් සතුරෙකු විසින් ඔවුනට හුනියමක් කර ඇති අතර එයි ආරක්ෂා වීමට ශාන්ති කර්මයක් කලයුතු බවත් ඒ සඳහා රුපියල් 20000 ක් වියදම් වන බවත් කපු මහතා කියා සිටි අතර වෙනදා මෙවැනි මුදල් ප්‍රමාණයකට තීරණයක් ගන්න විට තම ස්වාමි පුරුෂයාගෙන් විමසා සිටින ඇය මෙදින ඔහුගෙන් විමසන්නේවත් නැතිව මේ සඳහා එකඟතාවය පල කළාය.

පෝය දිනයට දවස් දෙකකට පෙර අසල්වැසි ඥාතියෙකුගේ නිවසක තිබු කොටහළු මඟුලකදී තම මිතුරන් කිහිපදෙනෙකු සමාඟ බිමත්වූ අභයරත්න ඔහුගේ බිරින්දෑ සහ දරුවන් නවත්වද්දීත් ඒ අසල තිබුණු රණසිංහගේ නිවස අසලට ගොස් ඔහුගේ නිවස අසල පාරේ සිට ඔහුට තර්ජනය කරමින් බැනවදුනේය. රණසිංහ ඔහුගේ බස් එකක් හෝදමින්  සිටි දෙදෙනෙකුද සමඟ පැමිණ ඔවුන් එලවා දැමීමට තැත් කරද්දී කලබලයක් ඇතිවී බිමට වැටී ඔලුව තුවාල වී අභයරත්නද පිහියා ඇනුමකින් සුළු තුවාල ලැබූ රණසිංහගේ සහෝදරයකුද රෝහල් ගත කරන ලද අතර සක පිට 6 දෙනෙකු පොලිසිය විසින් රිමාන්ඩ් ගත කරන ලදී.

පොහොය පසුවී සතියකට පසුව ප්‍රශ්නයට මුල් වූ පුද්ගලයින් එය මුල් අධියරේදීම සමතයකට පත් කරගත්තහ. මෙතරම් දරුණු ලෙස කෝපයෙන් වේලි සිටි මොවුන් එක්වරම වැස්සක් වැස  පැවූ ආකාරයෙන් සාමාදානයට  පත්වී මෙම විරසකය අවසන් කර ගැනීම ගැන සියලු දෙන පුදුමයට පත්වූ අතර අභයරත්න සැම අවුරුද්දකම ගමේ උපාසක අම්මලා සඳහා නොමිලේ සංවිධානය කරන අනුරාධපුර චාරිකාවේ අභයරත්න සහ රණසිංහ පවුල් දෙකද එක්ව ඉතාමත් සතුටින් සහභාගී වුහ. 

මෙතෙක් කල් මාස තුනක් පමණ වරින් වර උණුසුමට පත්වූ බස් අයිතිකරුවන්ගේ  ප්‍රශ්නය කෙසේ මෙලෙස හිටිවනම අවසන්වුයේදැයි දන ගැනීමට මමද මහත් උනන්දුවක් දක්වුයෙමි. මේ සඳහා මට ළඟකදී හොඳ අවස්තාවක් ලැබිණ. ඒ රණසිංහ ඉංග්‍රීසියෙන් ලේඛනයක් සකසා ගැනීමට  අප නිවසට පැමිණීමයි.  මම ඔහුගේ වැඩය කරදී ඔහුගෙන් මේ  ගැන විමසුවෙමි. 

"අනේ සර් , මේක කවුරුත් දන්නේ නැහැ, සර් කාටවත් කියන්නේ නැත්නම් මම සර්ට විතරක් කියන්නම් , අභයරත්නට වත් කියන්න එපා මම මේක කිව්වයි කියල " කියමින් ඔහු ලැජ්ජා සහගත  ලෙස සිනාසුනේය.
මෙය මොහුගෙන් අසාගෙන අනවශ්‍ය වගකීමක් පැටව ගන්නවා නේදැයි සිතුනද මට මගේ කුතුහලය පාලනය කර ගැනීමට නොහැකි විය.
" පිස්සුද රණසිංහ? මම කාට කියන්නද , " මා  තීරණය ගන්නටත් පෙර වචන මගේ කටින් එලියට පැන්නේය. 
"සර් ට තේරුනාද දැන් ළඟකදී ඉඳල අපේ බස් මේ හන්දියෙන් යද්දී ඉස්සර වගේ එයාර් හෝන් ගහන්නේ නැහැ "

" හ්ම්ම්ම් මට තේරුනේ නම් නැහැ , නමුත් රණසිංහ කිව්වට පස්සෙ නම් එහෙම හිතෙනවා" මම පිළිතුරු දුන්නෙමි.
"එහෙනම් සර් මේ ලියුම කියවලා බලන්ට" ඔහු සාක්කුවෙන් ලියුමක් ගෙන මට දුන්නේ මගේ ඇස් දෙස කෙලින් නොබලමිනි.

ප්‍රිය මහත්මයාණනි

මම මේ ලිපිය ලියන්නේ ඔබලාගේ ප්‍රශ්නය තව දුරටත් දුර දිග ගියහොත් මිනි මැරුමක් දක්වා ඉදිරියට යෑමට ඉඩ තිබෙන නිසාය. 
මම ඔබ බස් රථ වලින් කිසිම හේතුවක් නැතිව කරන එයාර් හොන් හැඩ වීමෙන් මහත් කරදරයට පත් වුනු කෙනක්මි. මම ඔබලාට , පළාත් සභාවට ,පොලිසියට යනාදී වශයෙන් වගකිවයුතු සියලුම තැන වලට ලිපි ලීවෙමි. මාස ගණනක් බලා සිටියෙමි. කිසිදු ප්‍රතිපලයක් නොමැති නිසා නිතිය මගේ අතට ගෙන මෙය නවත්වාලීමට තීරණය කලෙමි. 
මේ සිද්දි වලදී බසය පෙරලීම සහ හැප්පීම ඇරෙන්නට අනෙකුත් සියල්ල මා විසින් සිදුකරන ලද්දේය. නමුත් දැන්  මෙය දරුණු අතට හැරෙමින් තිබෙන නිසා මම මෙලෙස ඔබට දන්වන්නට තීරණය කලෙමි. ඇත්තෙන්ම මම තව බොහෝ දේවල් සැලසුම් කර සිටියෙමි. එහෙත් ඒවා කලකට නවත්වන්නට තීරණය කලෙමි. ඔබ දෙදෙනා එකතුව දැන්වත් අපව ශබ්දයෙන් අපහරණය නොකර සිටින්නේ යයි බලාපොරොත්තු වෙමි.
මෙයට විශ්වාශි 
පුරවැසියෙක් 

මම කියවා ඉවර වී ඔහු දෙස බැලුවෙමි.

"මෙහෙම ලියුම් දෙකක්  අපි දෙන්නට එවල තිබුන, ලැබුනහම අපි කියවල මුණගැහිලා තීරණය කරා එයාර් හෝන් ගලවල දාන්න, ඒ අතරෙම අපිට කව්ද සැක කියලත් කතාකරා, මෙහෙම වැඩක් ලස්සනට කරන්ට බොහොම පිළිවෙලට වැඩ කරන එඩිතර මනුස්සයෙක් වෙන්ට ඕනෑ කියල අපි දෙන්නම එකඟ වුණා." 
ඔහු එසේ කියා ලිපියත් මගෙන් ඉල්ලා ගෙන මට ස්තුති කර පිටව ගියේය.






.

Sunday, August 20, 2017

ටයර් යුද්ධය - 3



http://lakshmanillangakoon.blogspot.com/2017/08/2.html හි ඊළඟ කොටස 


යම් කෙනෙකු විසින් කරන ලද ක්‍රියාවක්, ක්‍රියා දාමයකට මුල පුරන ලද්දේ නම්  ඊ ලග සිද්ධියෙන්  පසුව බොහෝ විට මුල පුරන ලද තැනැත්තාටද ක්‍රියාදාමය මත පාලනයක් නොමැති වෙයි. ඔහුට ඉන්පසු මේ සිද්ධි සමුහය නවතා ලන්නට ඔහුට අවශ්‍ය වුවත් ඒ වන විටත් එම සිද්ධි සහ ඒවා එකින් එක ඇතිවීමට බලපෑ හේතු ඔහුගේ පාලනයෙන් ඔබ්බට ගොස් තිබෙන්නට පුළුවන. ඔහුට පාලනය කරන්නට ඕනෑ වුවත් හරියට ලෝකය පෙරලන ක්‍රියාදාමය පටන් ගත් හාවා මෙන් බලා ඉන්නවා මිස අන් කල හැකි දෙයක් නොමැති වන්නට පුළුවන. 

මී ලගට සිදු වූ සිද්ධිය එවැනි සීමාවෙන් ඔබ්බට ගිය එකක් දැයි ඒ සිද්ධිය පිළිබද පරීක්ෂා කීරීමේදී කෙනෙකුට සිතෙන්නට පුළුවන. ඒ  මේ සිද්ධිය කෙනෙකු විසින් කරන ලද්දක් හෝ ස්වභාවිකව සිදුවිය හැක්කක් යන දෙවර්ගයට පහසුවෙන් අයිතිවිය හැකි වීමයි. මේ සිද්ධියට විෂය වී තිබුනේ ගල උඩහා පන්සලට යන පාරේ රාත්‍රියට නවතා තිබු අභයරත්න ටුවර්ස් සහ ට්‍රවලස් බස් රථයකි .එය  උදේ 6 ට නුවර බලා ධාවනය කිරීමට ගල උඩහ පාර දිගේ පහලට එන විට පාරේ වම් පැත්තේ අලි කොන්දක් වැනි ගල පාරක් කිරීමට දමා තිබු කොන්ක්‍රීට් පතුරක් ගැලවී බසය පෞරාණික අම්බලම උඩට කඩා වැටිනි. 


අම්බලම උඩට කියා කීවත් ඇත්තෙන්ම බස් එක කකුල් කෙලින් තබා ගෙන නිදා සිටින බල්ලෙකු මෙන් හරහට වැටී අම්බල සහ ගල අතර සිර වී තිබුණි. මෙලෙස දෙබලක හිරවී සිටියා වැනි තැන්පත් වීම නිසා  බස් එක වැටෙන විට සිදුවූවාට වඩා ලොකු අලාභයක් බසය ආපසු ගනිද්දී සිදුවිය.

මුලින් පන්සලට යෑමට තිබු මේ පාර කිලෝ මීටර දෙකක් පමණ එක දිගටම තනි ගලකි. එය හැඩ වී තිබුනේ අලියෙකුගේ පිටක් ලෙසය . පසු කලෙක බොහෝ නිවාස ඇති වීම නිසා ත්‍රි වීල් වලට යාමය හැකි වන පරිධි දෙපැත්තට කොන්ක්‍රීට් දමා පළල කරන ලදී. ටික කලකට පසුව වෙනත් වාහන යාමටද පාර කොන්ක්‍රීට් දමා තවත්  චුට්ටක් පළල්  කරන ලද අතර පළල බසයක් යනවිට පාර පහල සිට බලා සිටින්නෙකුට බසය කොයි වේලේ ගලේ කොන්දේ සිර වේදැයි බියක් ඇති වෙයි.

බසය කෙසේ දෙබෝක්කට වැටුනේ දැයි ඕනෑම කෙනෙකුට පැහැදිලිය. ඒ වම්පස රෝදයේ බර පැටවෙන කොන්ක්‍රීට් කොටස බුරුල් වී ගැලවී බසය පැත්තකට ඇල වී ඉන්පසු ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රය ආපසු පැමිණිය නොහැකි ආකාරයට  වම්  පැත්තට ගමන් කිරීමෙන් බවය. 

එහෙත් මෙතරම් කලක් කිසිදු ප්‍රශ්නයක් නොවී තිබුණු සිමෙන්ති කැල්ල හරියට අභයරත්නගේ බසයක් යනවිටම ගැලවුනේ කෙසේද?එයට යම් විශේෂ හේතුවක් තිබුනේද? යම් පුද්ගලයෙකු පාන්දරින්ම රහසේ මෙතනට පැමිණ මේ කොන්ක්‍රීට් කොටස බුරුල් කරන ලද්දේද? මේ වෙලාවට හන්දියේ එක කඩයක්වත් විවුර්ත කර නොතිබීම නිසා කෙනෙකුට අවශ්‍යනම් මෙවැනි දෙයක් කරන්නට ඉඩ තිබුන බව ඕනෑම කෙනෙකුට සිතේ.එහෙත් මෙවැනි දෙයක් විවුර්ත තැනක කරන්නට; මෙය යමෙකු සිදු කලේ නම් , ඔහු කිසිවකට බිය නැති තද හිතක් ඇති ගණන් කාරයකු විය යුතුය.  යනුවෙන් බොහෝදෙනා කල්පනා කළහ, තැන තැන කථා කළහ.

දංගොල්ල ප්‍රදේශයේ සාස්තර කියන කාන්තාවක් වෙතට ගිය අභයරත්න මහත්මියට එම කාන්තාව විසින් කියන ලද්දේ ඇය පැමිණ ඇත්තේ යම් පාඩුවක් පිළිබඳව බවත් එම පාඩුව කර ඇත්තේ ඔවුන් හොඳින් දන්නා හඳුනන කෙනෙකු බවත් ඊළඟ පෝයට පෙර එය කවුරුන් විසින් කරන ලද්දේ දැයි හෙළිවන බවත්ය. පෝයට ඇත්තේ හරියටම දින දහයකි.  

  

Saturday, August 19, 2017

ටයර් යුද්ධය -2 දෙවෙනි කොටස





පළමුවන කොටසේ ලින්ක් එක   http://lakshmanillangakoon.blogspot.com/2017/08/1.html  
සතියක් ගතවිය. ටයර් කැපීම පිළිබඳව කිසිම හෝඩුවාවක් දැන  ගැනීමට නොහැකි වුනු අතර සමහරවිට මෙම ක්‍රියාව  උන්මන්තකයෙකුගේ වැඩක්, කරත්ත යුගයට රට ආපසු ගෙනයාමට වෙර දරන කෙනෙකු ගේ වැඩක්  හෝ එසේත් නැත්නම් අහඹු සිද්ධියක්  වෙන්නට පුළුවන් බව නිගමනය කර එය තවත් බොහෝ අපරාධ මෙන් කාලයේ වැලි තලාවෙන් වැසී යන්නට ඉඩ තිබුනත් එය එසේ නොවුයේ වෙනත් තැනකදී සිදුවූ මෙවැනිම තවත් සිද්ධියක් නිසාය.

මෙම පාරේ ධාවනය වන බස් 20 න් 12ක් අයත් වන්නේ එක බස් ව්‍යාපාරිකයෙකුට  වන අතර බස් 7ක් සහ 1 ක් තවත් ව්‍යාපාරිකයන්  දෙදෙනෙකුට අයත් වෙයි.  මුලින්ම ටයරය කැපීමට භාජනය වුයේ බස් වැඩියෙන්ම අයිති අභයරත්න නැමැත්තෙකුටය. 
දෙවන සිදුවීම බස් 7ක් අයිති රණසිංහ නමැති අනෙක් ව්‍යාපාරිකයාගේ  බස් රථයක් මුල් සිදුවීම් සිදුවුණා ස්ථානයට කිලෝ මීටර් දෙකක් පමණ දුරක රාත්‍රියට  නවතා තිබියදී මෙවැනිම අලාභහානියක් සිදුවීමය. ඇත්තෙන්ම කියනවානම් මෙවර අලාභය  මුල් එකට වඩා වැඩිය, අපරාධකරුවා විසින් වාහනයේ ටයර දෙකක් ම මුල් වරටත් වඩා විනාශකාරී ලෙස කපා දමා තිබිණ. 
මෙම වාහනය ගාල් කර තිබුනේ ලංගම බස් හා පුද්ගලික බස් පොදුවේ රාත්‍රියට   නවතා තබන බස් පාක් එකේ දීය. එතන නවතා තිබෙන සියලුම බස් බලාගන්නට පොදු මුරකරුවෙකු පත්කර සිටියද ඔහු සැම දිනකම පාහේ බිමත්ව බස් එකකට වී නිදා ගන්නා බව සියලු දෙන දැන  සිටියහ. මේ වනතෙක් රාත්‍රියට   නවතා තිබෙන බස් රථ වලට කිසිම තර්ජනයක් නොතිබුණු නිසා එවැනි ආරක්ෂක අඩු පාඩු කවුරුත් ගණන් ගත්තේ නැත.

මේ සිද්ධියට මුල් එකට තරම් ප්‍රසිද්ධියක්  නොලැබුණේ එය දෙවෙනි එක නිසා නවතාවයක් නොතිබීම නිසා පමණක්ම  නොවේ. රණසිංහට අභයරත්නට තරම් සමාජ බලයක් නොතිබීමත් එයට හේතුවක් වුවා විය හැක. එතනට පොලිස් සුනඛයන් ගෙනාවෙත් නැත, පොලිස් නිලධාරින් බොහෝ වේලාවක් එතන පොටෝ ගනිමින් සටහන් පොත්වල ලියාගනිමින් කාලය ගත කලෙත් නැත.

මේ සියල්ල සාමාන්‍ය  දෑ වුවද මිට පෙර සිද්ධිය හා සසඳන කල තමාගේ ප්‍රශ්නයේදී  ලැබුනේ  කුඩම්මාගේ සැලකිලි යයි සිතු  රණසිංහට යම් කුකුසක් ඇතිවිය. තමන්ට මේ විදිහට සලකන්නට තමන් ඇත පල්ලෙන් වැටුනකු නොවේ. තමන්ගේ පියා මේ ගමේ පරණ ආරච්චි නොවෙයිද? තම සහෝදරයා ප්‍රාදේශීය  සභාවේ ප්‍රධාන  ලිපිකරු බව ඔවුන් දන්නේ නැද්ද? මතුපිටින් පෙනවාට වඩා මේ සිද්ධියෙන් යම් අදිසි හස්තයක්  ගම්‍ය  වනවාද ? වැනි ප්‍රශ්න  ඔලුවට පැමිණ ඔහුගේ නින්දටද බාධා කළේය. වෙනදා කාලකුත් අරික්කාලක් හවසට වන  ඔහුගේ දිනපතා  අරක්කු සලාකය භාගය දක්වාද සමහර දිනවල ඊටත් ටිකක් වැඩි වන්නටද වැඩි විය.

අභයරත්න ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස්   බස් වලට කලින් යන රණසිංහගේ බස් අවසාන මොහොතේ පිටව හිතා මතාම හෙමින් ධාවනය කරමින් තමන්ගේ බස් වලට කරදර කරන බවට මේ අතර අභයරත්නගේ රියදුරන් හා ගෝලයන් නිතර ඔහුට කියන්නට පටන් ගත්හ.  මේ දිනවල හවසට ආදායම අඩුවී ඇත්තේ ඒ නිසා බව ඔවුහු මුදල් භාරදෙනවිට විශේෂයෙන් කිවුහ.

නගරයේ එකම පාසලට එකම වැන් එකේ අවුරුදු කිහිපයක් එකට ගිය ඔවුන්ගේ පුතුන් දෙදෙනා තමන්ට අනිකා කතානොකර අහක බලා ගන්නා බවට තම පියවරුන්ට කියා සිටියේ ගෙදර කතා බහ වලදී කතාකෙරන මාතෘකාවන්ට  එයත් නිතැතින්ම ගැලපෙන නිසාය.

to be continued ..
http://lakshmanillangakoon.blogspot.com/2017/08/3.html ඊලග කොටසට ලින්ක් එක

ටයර් යුද්ධය - මගේ මුල්ම කෙටි කථාව - 1





මේ මා විසින් ලියාගෙන යන මගේ මුල්ම කෙටි කතාවයි, කොටස් හතරකින් එය අවසන් කරන්නට බලාපොරොත්තු වෙමි. 


ටයර් යුද්ධය 

මෙවැනි සිදුවීමක්, ඇත්තෙන්ම සිදුවීම් වැලක්, මෙයට පෙර ලංකාවේ එසේත් නැත්නම් ලෝකයේ කිසිම තැනක, වී ඇත්දැයි  සැක සහිතය.  මෙයට තරමක් සමානකාරි යැයි සිතිය හැකි ගණන්කාර පවුල් අතර ආරවුල්, මිනී මැරුම් කිහිපයක් දක්වා දුර දිග යන අවස්ථා අපි අසා  ඇත්තෙමු. 

මුලින් යම් ප්‍රශ්නයක්  නිසා අපරාධ කරුවෙකු යම් කෙනෙකු අතින් ජීවිතක්ෂයට පත්වෙයි. එයින් කෝපයට පත්වන පවුලේ අය සහ නෑදෑයන්  එකතු වී මීනීමරුවා හෝ, රිමාන්ඩ් කර සිටීම හෝ වෙනත් හේතුවක් නිසා ඔහු අල්ලා ගැනීමට අපහසු නම්, ඔහුගේ පවුලේ වෙනත් සාමාජිකයෙකු මරා  දමන්නට පෙළඹෙති. හරියට අලුත් බෝංචි වැලක ශාඛා අතු එක් පැත්තකට එක බැගින් වමෙන් සහ දකුණෙන් එකක් හැර එකක් ඇති වන්නා සේ පවුල් දෙකේ සාමාජිකයෝ එකිනෙකා මරා ගනිති.  

මේ කතාවේ ඒ  ක්‍රියා  දාමයම  සිද්ධ වෙයි, එහෙත් ඒ මිනිසුනට නොවේ. ඒත් එක්කම මේ කතාවේ මුලදී වින්දිතයන් සම්පුර්ණයෙන් අකර්මන්යප වන්නේත් නැත. අලාභ හානියේ ප්‍රමාණය  වැඩිවන්නේ ක්‍රමයෙන්ය. මෙහි සිදුවූ සිදුවීම් වැලේ මුල්ම  සිද්ධිය  සිදුවුයේ  පොදු ප්‍රවාහන  සේවයේ මහනුවර දක්වා ධාවනය වන බස් රථයක පසු පස දකුණු පැත්තේ ටයරයක් තියුණු ආයුධයකින් දරුණු ලෙස කපා විනාශ කර තිබීමයි. 
මේ පිළිබඳව විභාග කල පොලිස්  නිලධාරීන්ට අපරාධය සම්බන්ධව පහත කරුණු පැහැදිලිව පෙනී හියේය.

1. ලේලන්ඩ් වර්ගයට අයත් ආසන 70 කින් යුතු මේ බසය රුපියල් ලක්ෂ 70ක් වටිනා බව.
2. කල් බදු ක්‍රමයට  අයිති කරු මේ බසය මිලදී ගෙන දැන් මසකට රුපියල් 40000ක් ගෙවන බව
3. මේ මාර්ගයේ දැනට බස් රථ 20ක් දුවන අතර සතියකට දවස් දෙකක් බස් රථ අධික කම නිසා මාර්ගයෙන් ඉවත්ව සිටීමට සිදුවන බව 
4. අයිතිකරුගේ නිවසට බසයට යෑමට පාරක් නොමැති නිසා රාත්‍රියට  බසය නවතා තබන්නේ සාස්තර කියන ගෙදර ඉදිරිපිට පාරේ ඉඩ තිබෙන ස්ථානයක බව.
5. මෙදින රාත්‍රියේ  පාන්දර 2 දක්වා සාස්තර කියන ගෙදර පුජාවක් තිබි ඇති  බව.
6. බසයේ සැම රාත්‍රියකටම  එහි ගෝලයා සහ තවත් කෙනෙකු නිදාගත්තද එදින ගෝලයා මුදලාලිටද නොදන්වා තම බිරිඳගේ අසනීපයක් නිසා රැයේ තම නිවසට  ගොස් ඇති බව.
7. ටයරය කපා ඇත්තේ ඉතාම තියුණු ආයුධයකින් බව සහ බසයේ නිදාගෙන සිටි පුද්ගලයාද ඇහැරවන්නේ නැතිව මෙය කර ඇති නිසා මෙය  කර ඇත්තේ වුර්තිය අපරාධ කරුවෙකු විය හැකි බව.
8. මෙලෙස ටයරය කපා දැමීම සඳහා කිසිම හේතුවක් හෝ අභිප්‍රායක්  සිතාගැනීමට නොහැකි බව.

බසය අයිතිකාර මුදලාලි බස් කිහිපයක අයිතිකරුවෙකු වූ නිසාත් බලයේ තිබෙන දේශපාලන පක්ශයේ ආසන සංවිධායක වරයාගේ මිතුරෙකුත් නිසා නිල පොලිස් සුනඛයන් ද පරීක්ෂණය සඳහා රැගෙන ආවද ඔවුන් ටික වෙලාවක් ඉව කරමින් සිට පාරක් අසා ගැනීමට ත්‍රිවිල්  කාරයෙකු සොයන කෙනෙකු මෙන් අතරමන් වූ ආකාරයක් පෙන්වූ නිසා ආපසු රැගෙන යන ලද්දේය. 

ඇත්තෙන්ම මෙවැනි පොලිස් සුනඛයන් යොදාගෙන  අපරාධ කිසිවක් හෙලිකරගන්නට  කිසිදිනෙක පොලිසියට නුපුළුවන් වී ඇති බවටත් ගමේ මිනිසුන් කියන්නට පටන් ගත්හ. ගමේ ජීවත්වූ විශ්‍රාම ගත  පොලිස් සාජන් වරයකු එය එසේ නොවන බවත් බොහෝ මිනීමැරුම් වැනි දරුණු අපරාධ පොලිස් බල්ලන් විසින් විසඳා ඇති බවට තර්ක කලද ඔහු පැන්ෂන් ගත්  පොලිස් කාරයකු නිසා පෙර සේවය කරන කාලයේ මෙන් ඔහු කියන දෑ පිළිගන්නට කවුරුත් කැමති වුයේ නැත.

අවසානයේ අයිතිකරු විසින් රුපියල්   40000 ක් ගෙවා රිබිල්ට් කරන ලද ටයරයක් නුවරින් ගෙන්වා බසයට සවිකරගෙන බසය රැගෙන ගියේ මේ අපරාධය කරන ලද රස්තියාදුකාරයා පොලිසියට අල්ලා ගැනීමට බැරි වුවද තමන් කෙසේ හෝ අල්ලා ගන්නා බවට ශපත කරමිනි.

ඔහු බසය පෙර මෙන් පාර අයිනේ  නැවත්විමද නතර කරන ලද අතර මෙම ටයරය විනාශ කිරීමේ සැකය එදින රාත්‍රියේ  බසයේ නොනිදා තම නිවසට ගිය  බසයේ ගෝලයා වෙත යොමුවී ඇති බවට කතාවක් ගමේ පැතිරෙන්නට පටන් ගත්තේය. ටයරය කැපුමට පෙරදින හැන්දෑවේ බසයේ දෛනික මුදල් එකතුව  බාරදීමේදී එදින මුදල් අසාමාන්‍ය  ලෙස අඩුවී තිබීම පිළිබඳව යම් බහින් බස් වීමක් ඇතිවී මුදලාලි මේ ගෝලයාටම කම්මුල් පාරක් ගසා තිබීම මේ සැකය තවත් තිර්ව කළේය.

http://lakshmanillangakoon.blogspot.com/2017/08/2.html

to be continued  

Wednesday, August 16, 2017

The times we grew up - 6








Going back to Lake club, the club those days was on the lake road, not at the නනනනනනroad as at present. I think it was somewhere near present Kings hotel next to Suisse hotel on the lake road. The club had a a Saturday tombola show in addition to their regular activities. They would have had casino and other games of chance but  since we went only on Saturdays I have no idea what entertaintments they have for their customers.

Since this club was a members only club; any club where alcohol is served would have to be a members only club I suppose. When we were in the university , there was a club at Wijerama junction , on the left side when you turn to university road , called eleven stars sports club ( eleven, for number of players in a cricket team). After a probably couple of months into university some of us became members of the club to go and have a drink when we come into some money. I still remember in the membership card with our mug shot pasted on the inside.

The club had its tag line on the cover page of the membership card. It said ‘  කියවීම සහ මිනිසුන් ඇසුරු කිරීම මිනිසා මිනිසෙකු කරයි ‘ expanding on the Sir Francis Bacons “  reading maketh a full man , conference a ready man, writing an exact man” I suppose. These clubs, I know because I later became the president of Kandy Garden Tennis club, has to submit a report covering the sports activities they conducted during the year under review. And this club too organized a cricket tournament , two three matches being played just to justify their being called sports clubs because without some sports activities they will lose the license to sell alcohol. 

This was like a poor club with only basic stuff and when we had more money from tuition etc we promoted ourselves to Golden arrows club at Delkanda junction because it had more bites and a larger space space. Going by the names , eleven stars for a cricket club, golden arrows would have been an archery  club I suppose, except that we didn’t have archery as a recognized sport in the country. Those days.
Coming back to lake club in kandy, some of us became members there just to go to to see the musical show on Saturday night. For the musical show all the popular singers in the country came , about 3 / 4 singers. Sometimes music groups. Jothipala, Victor, Miltons, Sanath, three sisters and many others came. They performed in the hall during the breaks of  the tombola game ; about three breaks and three sessions of music in between.

Parents would never allow their children to go to club and I don’t think they even in their wildest dreams anticipated that we would go to Lake club, not even if Latha Mangeshkar came and performed in tombola breaks. So going to the club had to be kept top secret

Tuesday, August 15, 2017

Times we grew up -5




                     suspension bridge is on the other side slightly below the new motor-able bridge



Only the bakery received flour, other than the cooperative shop that  distributed flour on ration card. Bakeries received  flour in bulk, may be four or five gunny bags a week  to make bakery products , mostly plain bread because  other products like buns were sort of luxuries.

 Every family was given a ration card , you have to produce it at the bakery to  buy bread, a quarter pound bread for a person. We had five members in the family and our quota was one loaf of and a quarter, a half cut across into two. Like most of the middle class families those days we also had a servant, a Tamil boy from a rubber estate in Rathnapura. His name was Mari Muththu Kolandi Welu, unfortunately  because he didn’t have a rice book he was not entitle for that quarter of bread at the bakery. 

First day he has asked from the owner whether we could get one and half because there are six including him at our house, but  he has been told that unless he get his ration book transferred to our cooperative he is not eligible for the privilege.
Well , after the bakery in the same block there was a grocery like shop run by a Muslim trader and next to that was a radio repair work shop. Down the Lewella road next business was a small tea shop next to the lewella ambalama, the  ancient ‘travelers in’ near the bridge at a slightly lower plane to ambalama,. 

The owner of that shop was the member of the ‘Gamsaba’ the predecessor to present day pradeshiya sabas. Dark short and fat guy with a jovial face  ,he was also the chairman of the gamsaba for several years. His shop had only few snacks like pittu and he himself made tea from a copper color boiler that was burning coconut shell charcoal from morning to evening. Like the burning boiler, two three men sitting on the long bench either reading newspapers or playing draughts was also a regular scene in his shop.
He must also had a side business of making charcoal because I have seen him drying coconut  shell charcoal sometimes on a mat or two. I have heard that when gamsaba elections are nearing,  he would  give his pittu and coconut milk curry, free of charge to his potential voters and after an election that he lost he has grumbled  that the voters had cheated him by not voting to him even after eating his free pittu.

And this is the end of Sirimalwatta lewella road , so to speak, here is the Lewella suspension bridge connecting Dumbara with Kandy city. Though little less known than the  similar bridge at Haloluwa,  Lewella bridge probably facilitated more commuters than any other hanging  bridges in the country for buses from two highly populated roads with many school children terminated at  Dumbara side of the river. The busiest bus route in Kandy and suburbs, 655 Lewella had its bus stand on the Kandy side of the bridge.   


We , the students living closer to bridge were at advantage because there was no need for us  to travel by a bus to Lewella bridge, we walked, but there was one essential requirement, that’s we had to cross the bridge before the 7 o clock bus discharges its load at the bridge, for if bus is there before us the queue  on the other side would be at least 500 meters long for the Lewella bus. 

Times we grew up -4 - The Lake Club







Lake club
The earliest memories I have in connection with  the Kandy Lake Club was a  businessman from our village called Banda mudalali, he had the biggest shop this side of Lewella bridge. From our house to Lewella bridge ; it was a suspended bridge until 2000,  there must have been only about 5/6 shops on that road. At sirimalwatta junction there was Silvas shop , which was a grocery and a tea kiosk  and a shop that hung on to survival barely selling firewood and few things that the owner could find from his own garden and probably little bit more  from couple of nighbours.

There was also the cooperative shop that became center of the village life during the ration raj ; during the seventies when then government experimented self sufficiency and cooperative communities. Naturally the experimented failed abysmally , like everywhere else in the world but it gave the village cooperative shops their moment in the lime light for almost a decade.

Then down the Lewella road there was a barber saloon which had few years back replaced a shop run by a mentally handicapped young man who had many colorful drawings of circles with many patterns in bright colors so bright  and neat that they bring tears to your eyes if you keep looking at them for sometimes. And irony in that  is if you go and look at them the drawings you don’t feel like taking your eyes off them and after few minuts you feel little dizzy and light headed.

The barber in the salon was a Tamil guy who couldn’t talk like everybody else  but could only push words  from inside the throat in a very low tone. He had two chairs in the salon, one cushioned chair for grownups  and  small tall chair for the kids. Tall one of course, without cushions. When the kid is sat on the tall chair he would wait for a moment when the chaperon looks away and whispers to the ear of the kid who is anyway freshened in this strange atmosphere , that he will cut the neck with his sharp knife  if he doesn’t stay completely steady on the chair. Having seen him sharpening his straight razor on a strip of rubber tire , this gives whisper gives a scarce that will keep him on the seat like a stone statue even after the barber has  finished his job.


After this salon, it is the village bakery , that competed fiercely with cooperative shop for top spot for  influence and power during the ration raj.  The bakery owners  were strong and vocal supporters of the reigning government  and the ration and queue system was a tailor made  for village bakeries, especially if they happen to be the village level supporters of the party. There was a ban on transporting rice between provinces. The flour distribution was strictly regulated, perhaps because the flour used to come from USA and country didn’t have enough foreign exchange to buy them or determined to become self sufficient government was gradually reducing the flour imports. First reason would have been more likely I would think.

to be continued 

Monday, August 14, 2017

Times we grew up -3






                     just a random photo from the school days



Bus stopped for tea somewhere at Hunnasgiriya for about half an hour and then started again to reach mahiyanganaya in the middle of the afternoon. We had in our possession two bottles of arrack that was bought in Kandy with the each guy investing equal shares. Unlike our friend the teacher, we had no intention of making a profit but partake the two bottles in equal shares. Now everybody was eager to open the bottles and when we arrived at 

Mahiyanganaya our friend came to receive us and take us to his place of living. but after seeing the river and being mindful of the bottles in the bag , we decided to have bath after couple of drinks despite vehement protests by our host for the trip.
We went upstream a little to be sufficiently away from the temple area because our host insisted  and started drinking and swimming  until it was late in the evening. We went to our friends boarding house probably by hiring a car. When we arrived at the house we could see they were upset and even angry, because we were not only late but have come visibly drunk.

Next day morning we saw they are fairly well to do people in the area, with many agricultural implements including couple of tractors parked in the yard. But the breakfast disappointed us enormously for it was rice and one vegetable watery cooked . The lunch also was same except the vegetable was different and there was dry fish.

We thought they are taking revenge from us because we misbehaved on the day of the arrival. But our friend assured us it is not the case and this is the way they eat, rice a seasonal vegetable from their own garden and dry fish.

In the evening , we may have walked around the area and come back, we decided to drink the balance arrack because we were planning to go back next day. We Started drinking in friends room and singing started. It was mostly songs of  Jothipala , Victor and Milton Perera. One of us had few song books which were  sold at movie theaters  those days for about 50 cents. Guy who owned the song book had the privilege of leading the song because if somebody else does it he wouldn’t give his book  to anybody else to sing from it; remember wizard of  id’s  golden rule, whoever has the gold rules the world.


Those days there was a popular song starting with a word similar to " Raamya"  with a beautiful tune  but I cant find the song in the net because I feel though it became tremendously  popular in seventies it was not an English song ; like Despacito by Puato Rican , pop singer Luis Fonsi and rapper Daddy Yankee. 

found it https://youtu.be/By3cwKFXbVQ


With the level of the bottle going down the volume of the singing increased.  Words became replaced by words that shouldn’t be spoken loudly, one guy replaced some words in the Raamya like song with phrases like “we are suffering from stomach pains after eating snake gourd “ (පතෝල කාලා බඩ දනවා. ල ල ල් ල ල ල් ල ල ලා ) . after couple of hours, probably early in the morning, the land lords asked us to leave the house. We bade  farewell to our friend and was walking out when our friend also joined us carrying his suitcase.

“They asked me also to leave the boarding place “ he said meekly to us. 

to be continued 

අලි මිනිස් ගැටුම විසඳීමට යෝජනාවක් ඉදිරිපත් කළෙමි

 ශ්‍රී ලංකාවේ වල් අලි සහ මිනිසුන් අතර ඝට්ටනය ඉතා සීඝ්‍ර වශයෙන් තීර්ව වන බව පෙනේ. මේ පිළිබඳව හොඳින්ම පෙන්නා දෙන දර්ශකය නම් දෙපැත්තෙන් කොපමණ ප...