Sunday, August 27, 2017

ස්කිනර් සහ කලුබන්ඩා- 7





http://lakshmanillangakoon.blogspot.com/2017/08/6.html


හි ඊළඟ කොටස



දෙදෙන කිසි කතාවක් නොමැතිව නැග්මේ යෙදෙති. සරම කැස පොට කවාගෙන අඩි දෙක තුනක් ඉදිරියෙන් යන ආරච්චිලද ඔහුට අඩි දෙක තුනක් පිටි පස්සෙන් සරමේ යට අග අත් දෙකින්ම උඩට අල්ලා ගෙන නයිදේද ක්‍රමයෙන් පහත් බිම් කැලැවේ සිට කොට ඝන තැනින් තැන දියසෙවල බැඳී ඇති කඳ සහිත උස් බිම් කැලෑවට ඇතුළු වුහ. දැන් කැලෑවේ ඉහල කොළ වියනේ ඝනත්වය අඩුවී ඒ හා සමගම පෙර තිබු අඳුරු  ගතියද අඩු වන්නට පටන් ගත්තේය.

ගමන් කරන විලාශයෙන් සහ අඩිය තබන වේගයෙන් ආරච්චිල ගේ පියවර හා සමාන්තරව සිටීමට නයිදේ තරමක වෙහෙසක් ගන්නා බව පිටතින් සිට නිරීක්ෂණය කරන කෙනෙකුට පැහැදිලිව පෙනේ.

සමනල කන්ද කුඩා කදු ගැට 6 ක් නැගුනු පසු හමුවන ප්‍රධාන කදු මුදුනයි. එහෙත් කඳු මුදුන් එක ගොන්නක් සේ තිබෙන නිසා එය එක් වරම පෙනෙන්නේ නැත.  හතරවෙනි කදු මුදුන පසු කරන ඔවුනට දැන් හැරමිටි පාන අම්බලම පෙනුනි. මේ වන විට ඔවුන් කිලෝ මීටර් 6.5 ක් කන්දේ පැමිණ තිබුන අතර නයිදෙට ආරච්චිල මුදුනට ගොස් එන තෙක් හැරමිටි පාන අම්බලමේ නවතින්නට සිතක් පහල වුනි. ඔහු එය ආරච්චිලට කියන්නට ලැස්ති වන විටම ආරච්චිල කතා කළේය.

“අපි මෙතන ඩින්ගිත්තක් ඉදලා යන්” ඔහු අම්බලමේ පිලේ ඉදගත්තේය. මෙතනට අනෙක් සුළු කදු මුදුන් වලින් ඉහලට රාජකීය ලෙස හිස ඔසවන සමනල කන්දද අම්බලමට කිට්ටුවෙන් ගල් වංගෙඩියේ හන්දියද මනාව දර්ශනය වුනි.

“මේන් මෙතන තමයි මේ නැගිල්ලේ මං කැමතිම තැන, මෙතන මට දවසක් හරි ඉදගෙන ඉන්ට පුළුවන්.” නයිදේ තව ටිකක් හරි බැරි ගැසී ආරච්චිලට කීවේය. ආරච්චිල නැගිට අසල තිබු ගසකින් සැරයටියක් සේ පාවිච්චි කල හැකි පොල්ලක් ඉනේ ගසාගෙන සිටි පිහියක් එලියට ගෙන කපා ගත්තේය.

“එහෙනම් උඹ මෙතන හති ඇරපන්. මම උඩට ගිහිල්ලා එනකම්.”

“නෑ මං ආඩියා මල තැන්න අම්බලමට එනකම් එන්නම්, මහගිරිදඹේ මගේ දනිස් වලට ඩින්කක් අමාරුයි වගේ.” ඔහු එසේ පවසන විට ආරච්චිල තමා කැපු පොලු දෙකෙන් එකක් නයිදේට දී නැවත ගමන් ඇරඹුවේය. කළුගල් පඩි පෙළක් ඉහලට ගිය ඔහු කිලෝ මීටරයක් පමණ එසේ ගිය පසු හමු වූ අම්බලම අසලදී වෙන් වුහ. ආරච්චිල තනියවම මීටර් 800 කින් මීටර් 290 ක් ඉහලට නගින මහගිරිදඹය මුදුනට නැග තම අත තිබු සුදු රෙද්ද සිරිපතුල මත එලා දන ගසා වැන්දේය. නැගිට අත තිබු කාසිය ඉදිරියෙන් තිබු පැදුරු පෙට්ටියට දමා සමන් දෙවියන් සිහි කළේය. ආපසු හැරී පහලට ගමන ආරම්භ කළේය.

ආඩියා මල   තැන්න අම්බලම ලගදි නැවත නයිදේ සමග එකතු වී පහලට බහින්නට පටන් ගත්තේය.

“ නිලමෙ මම මේ අම්බලමේ ඉඳගෙන ඉද්දි කල්පනා  කල්පනා කොරේ , තමුන්නැහැ ට සුද්ද පරද්දන්ට බැරිවුනත් මිනිහට හොඳ තරඟයක් දෙන්ට පුළුවන් කියල. අපිත් එක්ක බලනකොට තමුන්නැහෙගෙ ජවේ ඩිංගක් වත් අඩුවෙලා නෑ “ මඟදී නයිදේ ප්‍රකාශ කළේය.

“ උඹේ කියමනේ ඇත්තක් තියෙනවා, ඇත්තම කියනව නම් මට හිතෙනවා සුද්ද පරද්දන්ටම පුළුවන් කියල”

එසේ පිළිතුරු දුන්නේ තමන් විහිලුවට ලක් කිරීමටදැයි නිශ්චය කර ගැනීමට නයිදේ හොඳින් ආරච්චිලාගේ මුහුණ දෙස බලාසිටියද ඔහුට නිශ්චිත හැඟීමක් අල්ලා ගැනීමට නොහැකි විය.

“දැන් අපි අයෙත් එන්නේ කවද්ද ?” නයිදේ ආරච්චිල ගෙන් ඇසුවේය.

“ හෙට ගිමන් ඇරල අනිද්දට එමු, අර සුද්දත් එක්ක අන්තිමට නැඟපු කොලු ගැටයත් එකතු කොරගෙන වරෙන්, එතකොට අපිට පුළුවන් අපේ වේගේ කොහොමද කියල බලාගන්ට”

“හොඳමයි, ආයේ එනකොට අග්ගලා ටිකකුත් හදල දෙන්ට කියල ලොකු මැණිකේට කියන්ට ඕනෑ “

“උඹ කියල බලපන් , මම කියන්ට ගියොත් ඕක කෙරෙන්නේ නෑ “ කියූ ආරච්චිල එක්වරම කැලයෙන් මතුවුණු ගෙරවීමක් වැනි ශබ්දයකට ප්‍රවේශමෙන් කන් දුන්නේය. දෙදෙනම නැවතී ඒ හඬ දෙසට  සාවධානයෙන්  කන් යොමු කළහ.

“ නිලමේ අර රීදී කාසිය සමන් දෙයි  හාමුදුරුවන්ට පේ කෙරුව නේද?”

4 comments:

  1. නාකි උනත් වදුරා (රිලවද?) බිම නොයන කතාවක් තියෙනවනේ.
    නියමයි නියමයි

    ReplyDelete
  2. ඉතුරු ටික කවද්ද දෙන්නේ.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...