Sunday, August 21, 2016

පරිනාමය පහසුවෙන් තේරුම් ගැනීම; හරි ප්‍රශ්නය ඇසීම






පරිනාමය පහසුවෙන් තේරුම් ගැනීම; හරි ප්‍රශ්නය ඇසීම
මෙම පරිච්ඡේදය මා විසින් මේ දිනවල පරිවර්තනය කරගෙන යන පොතකිනි. එහි කතාව කියන්නේ වයස දහසයක පමණ Autism රෝගය වැලදීම නිසා සාමාන්‍ය සමාජීය සම්බන්ධකම් කරගැනීමට අපහසු, එහෙත් ඉතාම බුද්ධිමත් සිසුවෙකු කියන ආකාරයටය. මා මීට පෙරද මෙහි පරිච්ඡේද දෙකක් වෙන වෙනම මේ බ්ලොග් එකේ දැම්මෙමි.

199

මිනිසුන් දෙවියන් පිළිබඳව විශ්වාස කරන්නේ ලෝකය  ඉතාම සංකීර්ණ නිසාය. දඬු  ලේනෙකු, මිනිස්  ඇසක් හෝ මිනිස් මොලය වැනි සංකීර්ණ දේවල්, නිකන්ම හැදෙන්නේට විදිහක් නැතැයි ඔවුහු කල්පනා කරති. නමුත් මිනිසුන් තර්කානුකූලව සිතිය යුතුය. ඔවුන් එසේ සිතන්නේ නම් ඔවුනට මේ ප්‍රශ්නය අසන්නට පුළුවන් වන්නේ, ඒ සතුන් හෝ අවයව දැනටමත් මේ ලෝකයේ තිබෙන හෝ සිටින නිසා බව ඔවුන්ට පෙනෙනු ඇත.
විශ්වයේ බිලියන ගණනක් ග්‍රහ ලෝක මත ජීවින් නොමැති අතර, මේ බව නිරීක්ෂණය කරන්නට එම ග්‍රහ ලෝක වල මොලයක් ඇති කෙනෙකුද නොමැත්තේය. ලෝකයේ සියලු දෙනාම කාසි උඩ දමමින් සිටින විට, එක පුද්ගලයෙකුට ඔළුවම (head) 5698 වරක් එක දිගටම වැටුනා යයි සිතමු. එවිට ඔහු මෙය විශේෂ සිද්ධියක් යයි සිතනු ඇත. එහෙත් එය විශේෂ සිද්ධියක් නොවන්නේ ඔළුවම (head) 5698 වරක් නොලැබුණු පුද්ගලයන් මිලියන ගණනක් ලොව සිටින නිසාය.
ලෝකයේ ජිවය ඇතිවී ඇත්තේ අහම්භකයක් (accident) නිසාය.එහෙත් සුවිශේෂ අහම්භකයකි.මෙවැනි අහම්භකයක් මේ ආකාරයට සුවිශේෂී ලෙස සිදුවන්නට කොන්දේසි 3ක් සම්පුර්ණ විය යුතුය. ඒවා නම්
1. ජීවීන්ට පිටපත් සාදා ගන්නට පුළුවන් විය යුතුය. (Replication)
2. ඔවුන් මෙය කරද්දී කුඩා වැරදීම් සිදු විය යුතුය. (Mutation)
3. මේ වැරදීම් පිටපත් වලද ඇති විය යුතුය. (Heritavility)
මෙම කොන්දේසි ඉතාමත් දුර්ලබය නමුත් විය හැක්කන්ය. එවිට ජීවින් ඇති වේ. ඒ එසේ සිදු වේ. නමුත් ඒ ක්‍රියාවලිය රයිනෝසිරස් කෙනෙකු, මිනිසෙකු හෝ තල්මසෙකු ලෙස අවසන්වන්නට අවශ්‍ය නැත. එහි කෙලවර ඕනෑම දෙයක් වෙන්නට පුලුවන.

උදාහරණයක් වශයෙන් සමහර මිනිසුන් සමහරුන්  ඇස එලෙස අහම්බයකින් ඇති විය හැකි දැයි ප්‍රශ්න කරති. මක්නිසාද ඇහැක් පරිණාමය විය හැක්කේ තවත් ඇහැ වැනිම ඉන්ද්‍රියකින් මිස ජාන අහම්බයකින් නොවන නිසාය? එලෙස පරිනාමයේ මුල් කාලයේ ඇහැකින් භාගයක් වැනි නොදියුනු ප්‍රාථමික ඇහැක්  තිබුනා නම්  එවැනි ඉන්ද්‍රියකින් ප්‍රයෝජනයක් ගන්නට සතෙකුට හැකියාවක් තිබුනේද?  නමුත් ඇස් භාගයකුත් ඉතාම ප්‍රයෝජනවත් විය හැක්කේ. එවිට ඒ සතාට තමා කන්නට එන සතෙකුගේ භාගයක් පෙනෙන නිසා ඔහුට ජීවිතය බේරාගත හැකි නිසාය. එසේම ඇසේ භාගයක් ඇති සතාට ඇසකින් තුනෙන් එකක් හෝ ඇසකින් සියයට හතලිස් නමයක් ඇති සතා ආහාරයට ගත හැක්කේ ඌට තමා කන්නට එන සතා නිරීක්ෂණය කිරීමට ටිකක් පමා වන නිසා පැන යාමට නොහැකි නිසාය. එලෙස ආහාරය පත් වූ සතාට පැටවූ හදන්නට බැරි වන්නේ ඌ මිය ගොස් ඇති නිසාය. ඇසකින් සියයට එකක් අන්ධ  වනවාට වඩා ප්‍රයෝජනවත්ය.


දෙවියන් විශ්වාස කරන මිනිසුන් සිතන්නේ දෙවියන් මිනිසා මේ පෘතුවිය මත මවා ඇත්තේ ඔහු හොදම සතා වන නිසා බවය. නමුත් ඇත්තෙන්ම මිනිසාත් පසුව වෙන සතෙකු බවට පරිනාමය වෙයි. ඒ සතා අපට වඩා බුද්ධිමත් නිසා, අප චිම්පන්සියන් සහ ගෝරිල්ලන් සත්ව උද්‍යානයට දැම්මා සේ අපිවද කූඩුවලට දමනු ඇත. එසේත් නැත්නම් මිනිසුන් යම් වසංගත රෝගයක් සෑදී වද වී යනු හෝ අධික ලෙස පරිසරය විනාශ කර සංහතියම විනාශ කරගනු ඇත. ඉන්පසු පෘතුවිය මත කෘමින් පමණක් ජීවත් වන අතර එවිට ඔවුන් හොදම සතුන් යැයි පිළිගැනෙනු ඇත.



3 comments:

  1. සමාජ සම්බන්ධතා වැඩි වුනාමත් කරුප්ට් වෙනවා, හෙවත් වැරදි දේ සාධාරණය කර ගෙන ලිං මැඩියෙක් වෙනවා, ලිං මැඩියෝ විවේචනය කලදාට ඉබේම සමාජ සම්බන්ධතා අඩුවෙනවා, බුද්ධිමත් නමුත් අභාවයට යන සතෙක් වෙනවා.

    ReplyDelete

The Gentleman in the Cave

Every afternoon, when the shadows of the tea bushes lengthened across the road, the planter walked his dog past Dingiri’s house. The planter...