Friday, August 6, 2021

රිවිරැස චිත්‍ර කථාව සහ මැතිල්ඩා

 


මා කුඩා කල අපට ඉරිදා පත්තර ගෙනත් දුන්නේ මහත් ආශ්වාදයකි. ඉරිදා වෙනතුරු බලා සිටියේ මේ පුවත්පත් කියවීමට. විශේෂයෙන්ම ඒවාගේ තිබූ පිටුවක් පුරා දිවයන ග්‍රැෆික් එහෙමත් නැත්නම් චිත්‍ර කතා කියවන්නට අපි බොහෝ කැමැත්තක් දැක්වූ වෙමු. 

මේ සමහර කතා කොටස් වශයෙන් පළ වූ අතර සමහර ඒවා එදිනම අවසන් විය.

ගෙදර සාලේ බිම එලාගෙන ඒ පුවත්පත් කියවූ හැටි, තවමත් මතකයේ තිබේ.

ඒ කතා මම කියෙව්වේ වයස දහයටත් අඩු වයසක වුවද සමහර කතා, මට තාමත් මතක තිබීම පුදුම සහගතය.

එයින් එක් කතාවක වාහනයකින් පවුලක් ගමකට එයි. දෙමව්පියන් දෙදෙනෙකු සහ ජැන්ඩි පහට සැරසුණු තරුණයෙකු එයින් බැස ගෙදරකට යති. 

සාමාන්‍ය දුප්පත් ගෙදරක වයසක අම්මා කෙනෙක් සහ පුතෙකු මිදුලේ සිටිති. 

මුල් සිද්ධිය දෙස බලා සිටින අම්මා තම පුතාට ඒ පවුල පෙන්වා මෙසේ කියයි.

"අර දෙමව්පියෝ දෙන්නා ඔය ඇවිල්ලා ඉන්නේ හදාගත්ත ළමයෙකුත් එක්ක, අර තරුණයා පොඩි කාලේ හදාගන්න ගත්තේ ඔය ගෙදරින්, ඒ මිනිස්සුන්ට ඒ ළමයා දීපු මිනිහා මුලින් ආවෙ අපේ ගෙදරට, ඔයා එතකොට බොහොම පොඩියි, ඇවිල්ල මගෙන් ඇහුවා ඔයා හදාගන්න දෙන්න කැමතිද කියලා, මම බැහැයි කිව්වා, මම එහෙම කළා නම් අද අපි දෙන්න මෙතන මෙහෙම ඉන්නේ නැහැ" 


තරුණයා ටික වේලාවක් අමුත්තන් දෙස බලා සිට මෙසේ පිළිතුරක් දුන්නේය

"අපරාදේ අම්මට ඒ දවස් වල මම එහෙම ඉල්ලනකොට දෙන්නයි තිබුනේ" 

😣


මම පොඩි කාලේ ඒ කතාව කියවද්දිත් අම්මා ඒ කතාව තරුණයාට ඒ වෙලාවේ කීම හොඳ නැති බව සිතුනි, දැනුත් සිතේ. නමුත් අම්මලා බොහෝ සංවේදී කණ්ඩායමකි, දරිද්‍රතාවෙන් පෙළුණත් තම දරුවන්ට එක සේ ආදරේ කරති. වැඩියෙන් ආදරේ කරන්නේ දුප්පත් දරුවන්ටය.


මට මේ කතාව බොහෝ කාලයකට පසු මතක් උනේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගය සඳහා පෙනී සිටි, මැතිල්ඩා පිළිබඳ කතාව ඇසීමෙනි. ඇයත් එලෙස මහනුවර ඉපිද කුඩා කලම, හදා ගැනීමට දුන් බිලිඳියක බව කියනු ලැබේ. ඇය දැන් ලෝකයේ ඉතාමත් ධනවත්, සුළු පිරිසක් පමණක් කරන අශ්වයන් සම්බන්ධ ක්‍රීඩාවක ඔලිම්පික් යාමට තරම් තත්වයක සිටි.


ඇයට ඔලිම්පික් යාමට ඉඩ ඇහිරීමට තැත් කළ නොයෙකුත් සංවිධාන වලට විරුද්ධව බොහෝ අධික මුදලක් වියදම් කර ඇය නඩු මගට පවා බැස ඇත. 


මෙම සිද්ධිය දකින අප බොහෝ දෙනෙකුටත් අප කුඩා කාලයේ මෙලෙස හදාගන්නට දුන්නා නම් අගනේ යැයි සිතුණොත්, එහි වැරැද්දක් තිබිය හැකිද?මා කුඩා කල අපට ඉරිදා පත්තර ගෙනත් දුන්නේ මහත් ආශ්වාදයකි. ඉරිදා වෙනතුරු බලා සිටියේ මේ පුවත්පත් කියවීමට. විශේෂයෙන්ම ඒවාගේ තිබූ පිටුවක් පුරා දිවයන ග්‍රැෆික් එහෙමත් නැත්නම් චිත්‍ර කතා කියවන්නට අපි බොහෝ කැමැත්තක් දැක්වූ වෙමු. 

මේ සමහර කතා කොටස් වශයෙන් පළ වූ අතර සමහර ඒවා එදිනම අවසන් විය.

ගෙදර සාලේ බිම එලාගෙන ඒ පුවත්පත් කියවූ හැටි, තවමත් මතකයේ තිබේ.

ඒ කතා මම කියෙව්වේ වයස දහයටත් අඩු වයසක වුවද සමහර කතා, මට තාමත් මතක තිබීම පුදුම සහගතය.

එයින් එක් කතාවක වාහනයකින් පවුලක් ගමකට එයි. දෙමව්පියන් දෙදෙනෙකු සහ ජැන්ඩි පහට සැරසුණු තරුණයෙකු එයින් බැස ගෙදරකට යති. 

සාමාන්‍ය දුප්පත් ගෙදරක වයසක අම්මා කෙනෙක් සහ පුතෙකු මිදුලේ සිටිති. 

මුල් සිද්ධිය දෙස බලා සිටින අම්මා තම පුතාට ඒ පවුල පෙන්වා මෙසේ කියයි.

"අර දෙමව්පියෝ දෙන්නා ඔය ඇවිල්ලා ඉන්නේ හදාගත්ත ළමයෙකුත් එක්ක, අර තරුණයා පොඩි කාලේ හදාගන්න ගත්තේ ඔය ගෙදරින්, ඒ මිනිස්සුන්ට ඒ ළමයා දීපු මිනිහා මුලින් ආවෙ අපේ ගෙදරට, ඔයා එතකොට බොහොම පොඩියි, ඇවිල්ල මගෙන් ඇහුවා ඔයා හදාගන්න දෙන්න කැමතිද කියලා, මම බැහැයි කිව්වා, මම එහෙම කළා නම් අද අපි දෙන්න මෙතන මෙහෙම ඉන්නේ නැහැ" 


තරුණයා ටික වේලාවක් අමුත්තන් දෙස බලා සිට මෙසේ පිළිතුරක් දුන්නේය

"අපරාදේ අම්මට ඒ දවස් වල මම එහෙම ඉල්ලනකොට දෙන්නයි තිබුනේ" 

😣


මම පොඩි කාලේ ඒ කතාව කියවද්දිත් අම්මා ඒ කතාව තරුණයාට ඒ වෙලාවේ කීම හොඳ නැති බව සිතුනි, දැනුත් සිතේ. නමුත් අම්මලා බොහෝ සංවේදී කණ්ඩායමකි, දරිද්‍රතාවෙන් පෙළුණත් තම දරුවන්ට එක සේ ආදරේ කරති. වැඩියෙන් ආදරේ කරන්නේ දුප්පත් දරුවන්ටය.


මට මේ කතාව බොහෝ කාලයකට පසු මතක් උනේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගය සඳහා පෙනී සිටි, මැතිල්ඩා පිළිබඳ කතාව ඇසීමෙනි. ඇයත් එලෙස මහනුවර ඉපිද කුඩා කලම, හදා ගැනීමට දුන් බිලිඳියක බව කියනු ලැබේ. ඇය දැන් ලෝකයේ ඉතාමත් ධනවත්, සුළු පිරිසක් පමණක් කරන අශ්වයන් සම්බන්ධ ක්‍රීඩාවක ඔලිම්පික් යාමට තරම් තත්වයක සිටි.


ඇයට ඔලිම්පික් යාමට ඉඩ ඇහිරීමට තැත් කළ නොයෙකුත් සංවිධාන වලට විරුද්ධව බොහෝ අධික මුදලක් වියදම් කර ඇය නඩු මගට පවා බැස ඇත. 


මෙම සිද්ධිය දකින අප බොහෝ දෙනෙකුටත් අප කුඩා කාලයේ මෙලෙස හදාගන්නට දුන්නා නම් අගනේ යැයි සිතුණොත්, එහි වැරැද්දක් තිබිය හැකිද? 

Thursday, August 5, 2021

ලක්ෂ්මන් ඉලංගකෝන්ගේ කෘෂි උපදේශ 2

 



අපේ ගෙවත්තේ පොල් ගස් හතළිහක් පමණ තිබේ. ඒ අතර මගේ ලොකු අත්තා, මගේ මව සහ මා සිටවූ ඵල දරණ ගස් ඇත. 

අපේ ගෙදර කඳු මුදුනක පිහිටා ඇති නිසා පොල් ගස්වලින් පහළට වැටුණු ගෙඩිවලින් පොල්ගස් කිහිපයක් ද ඇල්ල පල්ලේ පැලවී නැත්තේද නොවේ.

අප මේවට කවදාවත් පොහොර යොදන්නේ නැත. නමුත් ගෙදරින් ඉවත් වන දෑ අපගේ ගෙවත්තට එකතුවී මේවායේ පෝෂ්‍ය මල්ලිපදාර්ථ බවට පත්වෙයි. ගෙවත්තක පොල් ගස් තිබෙන විට ඒවායින් ලොකු ප්‍රයෝජනයක් තිබුණද ඒවායින් ඇතිවන කරදර කිහිපයක් ද විඳ දරා ගැනීමට සිදුවෙයි. පොල් ගහෙන් අත්තක් හෝ ගෙඩියක් හදිසියේ ඇගට කඩා වැටීම එක් අනතුරකි. පොල් ගස වටා බිම වෙනත් යමක් පැලකිරීමට නොහැකි වීම තවත් පාඩුවක් වෙයි. පාරකට කිට්ටුව කන්ද මුදුනේ නිවස තිබේනම් කන්ද අයිනට තිබෙන පොල් ගස් වල ගෙඩි පාරට වැටී මේ අනතුරුදායක තත්ත්වයක් ද ඇත.


ලඟකදී මම මෙවැනි ගසක් කපා ඉවත් කළෙමි.


තවත් අපේ එක් ගසක් ගබඩා මඩුවේ වහලයට කිට්ටු වී එයට පොල් ගෙඩි සහ අතු වැටීමෙන් මඩුවේ වහල කීප වතාවක් පිළිසකර කිරීමට සිදුවිය.

මම ම ඒ ගස කපන්නට අදහස් කළ ද මගේ බිරිඳ එයට තදින්ම විරුද්ධ වූයේ මේ ගස අපේ වත්තේ තිබෙන හොඳම පොල් ගස් වලින් එකක් බව කියමිනි.


දන්න අපට ඉතුරු වී ඇති එකම option එක පොල් ගස වහලෙන් පිටතට ඇද ගැටගැසීමයි. මේ සඳහා සතියකට දෙකකට වරක් ලොකු බැනර් එකකුත් දාගෙන ලවුඩ්ස්පීකර් එකින් ගස් බදිනවා කියමින් යන අයගේ සේවය ලබා ගැනීමට අපි තීරණය කළෙමු. දෙතුන් වරක් එය අල්ලා ගැනීමට උත්සහ කළද, එසේ ඔවුන් නවතා ගැනීමට අපි අපොහොසත් වූයෙමු. 

ඉන්පසු අපේ ගේ ළඟ පහල කඩයට දුරකථන ඇමතුමක් දී මේ වාහනය නැවත දුටුවොත් අප නිවසට එවන ලෙසට ඉල්ලා සිටියෙමු. ඊයේ කඩයෙන් දුරකථන ඇමතුමක් දී ඔවුන් පැමිණ ඇති බව පවසා ඔවුන් අප නිවසට එවීය. 

මම ඔහුට කරන්නට තිබෙන වැඩ ප්‍රධාන කර්තව්‍යය පෙන්නා එයට කුමන මුදලක් අවශ්‍ය දැයි ඇසුවෙමි. ගස ගැටගැසීමට සුදුසු තවත් පොල් ගසක් සොයා අතරඩියකට රුපියල් 250 බැගින් අවශ්‍ය බව ඔවුහු පැවසූහ. එවිට අවසානයේ කුමන මුදලක් ඔවුන් කිව්වත් මට ගෙවන්නට සිදුවන නිසා මම ඒ පොල් ගස් දෙක අතර දුර මැන බලන්නට කීවෙමි. එය අඩි 25 ක් විය. පයිතගරස් නියමය අනුව  බලන විට මෙයට කම්බි අඩි 40ක් වත් යන බව මට පෙනුණි. ඒ කියන්නේ රුපියල් දහදාහක පමණ මුදලකි. 

පොල් ගසින් මාස දෙකකට ගෙඩි දහයක් කැඩුනොත්, ඒ අවුරුද්දකට රුපියල් තුන්දාහකි. ඒ හා සසඳන කළ රුපියල් දහදාහක් පමණ ගෙවා පොල් ගසක් කෙලින් කර ගැනීමේ ඒ තරම් ප්‍රයෝජනයක් නැතැයි සිතූ මම එය නොකර ඉන්නට සිතුවෙමි. මම ඔවුනට ද එය කියා පැහැදිලි කළෙමි.

ඉන් පස්සේ ඔවුන් හතර දෙනකු ත්‍රීවීලයක පිළිමතලාවේ සිට පැමිණ යම් ආදායමක් ලබාගන්නට නොහැකි වූ නිසා මගේ ගෙදර මිදුලේ තිබුණු ඇද වී ඇති dragon පෘට් ගසක් කෙලින් කර දෙන්නට කියා පැවසුවෙමි. ඔවුන්ගේ උපකරණ යොදා ගෙන එය කෙළින් කර ගල් කිහිපයක් දමා සවි කළ අතර මම දැන් ඔවුන්ට රුපියල් දාහක් දී  යවන්නට සිතා ගත්තෙමි. 

ඒ වැඩේ අවසන් කළ එම කණ්ඩායමේ නායකයා, මගෙන් ලොකු පොල් ගස බැඳ තබන්නට රුපියල් හය දාහක් ඉල්ලා සිටියේය. 

මම වැඩ දෙකටම රුපියල් 6000 කට අකමැත්තෙන් වුවද කැමති බව කියා සිටියෙමි.

වචන පන්සීයේ සීමාව පනින නිසා අවසාන කොටස හෙටට තබා ගනිමි.

Monday, August 2, 2021

රාජ්‍ය සේවා සඳහා වැටුප් සමීකරණයක්

 රාජ්‍ය සේවා වැටුප් සමීකරණය


සමීකරණයක් යනු සත්‍යය සම්බන්ධතාවයක් සංකේත මගින් පෙන්වා දීමයි. සමීකරණයක් මගින් පෙන්වා දෙන තුරු එම සම්බන්ධතාවය ගැන හැඟීමක් කෙනෙකුට තිබිය හැකි නමුත් එය විවෘතව පෙන්වා දීමට අපහසු වෙයි. එසේම හරියටම කොපමණ ප්‍රමාණයකින් එම සම්බන්ධය තිබෙනවාදැයි ෙනෙකුට විශේෂයෙන් අධ්‍යයනයක් නොකර දැනගන්නටත් යම් සම්බන්ධයක සමීකරණයක් තිබෙන්නේ නම් පුළුවන් වෙයි.


ඒ වාගේම යම් සම්බන්ධතාවයක් පිළිබඳව සමීකරණයක් තිබේනම් එම සම්බන්ධතාවය පිළිබඳව කෙනෙකුට අපව රවට්ටන්නට පුළුවන්කමක් නැත. මක්නිසාද අපට සමීකරණය වෙත ගොස් ඒ සමීකරණය සංකේතවලට නියමිත අගයන් යොදා සම්බන්ධතාවය හා පවතින අගයන් සත්‍ය දැයි අපට සොයාගැනීමට පුළුවන් නිසාය. 


රජයේ වැටුප් පිළිබඳව බොහෝ ගැටළු සහගත තැන් දැන් ඇතිවී තිබේ. හෙදියන්ගේ වැටුප් වැඩි කරන විට ෛද්‍යවරු විරුද්ධ වන බවක් පෙනේ. එලෙසම රජයේ බොහෝ ආයතන සහ දෙපාර්තමේන්තුවල සේවය කරන්නන් ගේ වැටුප් කොහෙන් හෝ වෙනස් වූ විට වෙනස් නොවුනු පිරිස් මේ පිළිබඳව කලබලයට පත්වන බව පෙනේ. 

සමහරවිට එකම සුදුසුකම්වලින් රැකියා වලට එකතු වන පිරිස් තමන් හා සමාන සුදුසුකම් ඇති ව තවත් ආයතනයක වෙනත් රැකියාවකට බැඳුණු කෙනෙකුට වැඩිපුර වැටුපක් ලැබීම පිළිබඳව අසතුටට පත් වෙයි. තමන් වැඩ කරන පැය ගණන වැඩි වූ විට ඊට වඩා අඩුවෙන් පැය ගණනක් වැඩ කරන සමාන සුදුසුකම් වලින් රැකියාවට බැඳුණු පිරිස් තමා හා සමාන වැටුපක් ගත්තොතින් සමහරුන් අසතුටට පත් වෙති. මෙලෙස නොයෙකුත් හේතූන් නිසා තමන්ට ලැබෙන වැටුප පිළිබඳව අසතුටට පත් වන රජයේ සේවකයන් බොහෝ අංශවල සිටිති. ඔවුහු සමහරවිට තමන්ටත් එලෙස වැඩි වැටුපක් හිමි විය යුතු යැයි සිතා අරගල කරති. 

රජයටත් මේ පිළිබඳව හරි තීරණයකට එන්නට අපහසු බව පෙනේ. එසේ අපහසු වන්නේ  වැටුප් වැඩි කිරීමක් සිදු කළ විට, තවත් ආයතනයක තවත් ස්ථානයක එසේ නැත්නම් එම ආයතනයේ කොහේ හෝ තැනක කෙනෙකුට ඒ පිළිබඳව අසතුටක් ඇති වීමට බොහෝ ඉඩකඩ තිබෙන නිසාය.

මට පෙනෙන විදියට නම් මේ පිළිබඳව ක්‍රියාත්මක කළ හැකි හොඳම රජයේ රැකියාවන් වල වැටුප් තීරණය කිරීම සඳහා සමීකරණයක් නිර්මාණය කිරීමයි.

මේ සමීකරණයේ කුමන සංඝටක තිබිය යුතුද? 

පළමුවන්න සංඝටකය බවට මට සිතෙන්නේ කුමන සුදුසුකම් සහිතව රැකියාවට බැඳුණේ ද යන බවයි, Q


දෙවන සංඝටකය විය යුත්තේ රැකියාවේ සතියකට එසේත් නැත්නම් දවසකට පැය කීයක් ඔහු හෝ ඇය සිටිය යුතුද යන්නයි, H 


තුන්වැන්න, රැකියාවේ ඔහුගේ සේවා කාලය විය යුතුය Y


හතරවැන්න මා හිතන විදිහට විය යුත්තේ රැකියාවට විශේෂිත වූ අවදානමයි R 


රැකියාව අතරතුර ලබාගන්නා පුහුණු සහ වෙනත් සුදුසුකම් පස්වන සංඝටක විය යුතුය. E 


රාත්‍රී සේවාවන් කරන්නට සිදුවීම හයවන සංඝටකය විය යුතුය, N


විශේෂ දීමනාවක් නොලබා යම් අමතර රාජකාරි කරන්නට සිදුවීමද සංඝටකයක් විය යුතුය, A


x=2 y+3Z+A 


දැන් අපි මෙවැනි සමීකරණයක් දෙස බලමු. මෙහි x යන අගය වැඩිවන්නට y z හෝ A වැඩි විය යුතුය. මෙහි x හි අගය වැඩිවීමට වැඩියෙන්ම බලපෑ හැකි වැඩිවීම z වෙයි. Z  එකකින් වැඩි වුවහොත් X තුනකින් පමණ වැඩි වෙයි.

එහෙත් A සමග X  ඒ තරම් වේගයෙන් වැඩි නොවේ. එහි අගය එකකින් වැඩි වන විට x හි අගය ද වැඩි වන්නේ එකකින් පමණි. ඒ කියන්නේ A හට සමීකරණයේ x වැඩිකරන්නට බලපාන්නට හැකි වන්නේය තරමක් අඩුවෙන් බව ය.


දැන් අපි මේ  ගුණාංගයද මතක තබාගෙන රාජ්‍ය වැටුප් පලයන් සඳහා සමීකරණයක් නිර්මාණය කළ යුතුය.

එය මූලික වශයෙන් පහත සඳහන් ආකාර වෙයි.


Salary = Q+H+Y+R+E+N+A 


මෙම සාධක කුමන ලෙසට අගය කළ යුතු දැයි තීරණය කරන්නට දැන් වේලාව පැමිණ තිබේ. උදාහරණයකට බැඳීමේදී සුදුසුකම් ඉතාමත් ඉහළ වටිනාකමක් ගත යුතු නම් එය 3Q වැනි වටිනාකමකින් සමීකරණයට ඇතුළුවන්නට පුළුවන. ඒ ආකාරයෙන්ම සමහර සාධක සඳහා ලොකු වටිනාකමක් නොතිබෙන්නට පුළුවන. උදාහරණයක් වශයෙන් රාත්‍රියේ වැඩ කරන්නට සිදු වීම  සඳහා එතරම් වටිනාකමක් දෙන්නට අවශ්‍ය නැත්නම් එය N/3 වැනි අගයකින් සමීකරණයට පැමිණිය හැක්කේ ය. මෙලෙස සංඝටක සියල්ල කුමන ආකාරයෙන් වැටුපට බලපෑමක් ඇති කළ යුත්තේ දැයි සොයා බලා සියල්ලන්ගේම අනුදැනුම ඇතිව මෙම සමීකරණය සම්පූර්ණ කර ගන්නට පුළුවන. 

ඉන්පසු ඕනෑම කෙනෙකුට තමන් රැකියාවක් තෝරා ගනිද්දී තමන් කුමන ආකාරයේ රැකියාවක් තෝරාගත යුත්තේ දැයි යන්න මෙම සමීකරණය දෙස බලා තීරණය කරන්නට පුළුවන. ඉන්පසු තමන් වැඩි කලක් සේවය කරන බව හෝ  රාත්‍රියට වැඩ කරන බව හෝ තමන් ගෞරවයක් තිබෙන රාජකාරියක් කරන බව හෝ කියමින් කාටවත් අරගල කරන්නට හෝ පැමිණිලි කරන්නට පුළුවන්කමක් නැත. 


දැන් අපි මේ සංකේතයන්ට ගැලපෙන වටිනාකම් ආදේශ කළ යුතුය. 




Sunday, August 1, 2021

තමන් අනුන්ට උදව් කලත් අනුන් තමන්ට අවශ්‍ය වෙලාවට උදව් නොකරති

 


පාසල අවසන් වූ පසු මම ආපහු මම නිවසට ගමන් කළ යුත්තේ පාසලෙනි නැගෙනහිර පැත්තට වුවද මම බොහෝ දිනවල ගමන්කළේ පාසැලෙන් බස්නාහිර පැත්තටය.
ඒ මිතුරන් සමග කතා කරමින් මහනුවර නගරයට ගොස් මාකට් එකේ උඩ තට්ටුවෙ වැඩිය සෙනග නැති පඩිපෙලක ස්ටෙයා කේස් එකට වී සිගරට් එකක් ද පානයකර නගරයේ බස්ටෑන්ඩ් එකෙන් බසයක් ගෙන ගෙදරට යාමටය. 
මෙලෙස නගරයට ඇවිදගෙන යන විට, වැව රවුමේ බැම්ම දිගේ යද්දි සාස්තර කරුවන් සහ තෙල් බෙහෙත් විකුණන්නන් කිහිපදෙනකු පසුකර යාමට සිදුවෙයි.
මෙලෙස සැතපුමක් පමණ පාසලේ සිට මහනුවර නගරය දක්වා කිසිම හේතුවක් නැතුව ඇවිදගෙන යාම එකල තරමක විහිළුවක් සේ පෙනුනද, ඇත්තෙන්ම දැන් බලන විට එය ව්‍යායාමයක් වශයෙනුත් ප්‍රයෝජනයක් නොලැබුණා නොවේ. 
මෙලෙස ඇවිදගෙන යද්දි මා පෙර කියූ පරිදි හොඳ තෙල් බෙහෙත් කාරයෙකු අසල වෘත්තාකාර ලෙස සෙනඟ පිරී සිටියොත්, විනාඩි 5ක් 10ක් ඒ කුමක් සිදුවන්නේදැයි බලන්නට නැවතී සිටීම ද නිතර සිදුවිය.
මෙතන එක් ප්‍රසිද්ධ තෙල් බෙහෙත් වෙළෙන්දෙකු පාසල් සිසුන් එම වෘත්තයේ නැවතුනොත් කෝප වී ඔවුන් එළවා දමන්නට උත්සාහ කරයි. එහෙත් අප ඒ ලෙවල් කරන කාලයේ, තරමක වැඩිහිටි පෙනුමක් තිබූ නිසා, එසේම අප කිහිප දෙනකු සිටින සිටි නිසාත්, අපව කෙලින්ම එළවා දැමීමට තරම් එඩිතර කමක් ඔහු තුළ නොවීය.

ඔහුගේ ඒ ඇල්හේනේ තුවාල තෙල, විකුණන, වැඩි පිරිසක් පැමිණ සිටින්නේ විකුණද්දි, ඔහු විසින් බොහෝ රසවත් කතා; බොහොමයක් දෙපිට කැපෙන වචන යොදාගෙන කියන නිසා වූ අතර සමහර විට පාසැල් සිසුන් එතන සිටිද්දී එවැනි දෙපිට කැපෙන වචන පැවසීම හොඳ නැතැයි ඔහු සිතුවා වන්නටත් පුළුවන. එසේත් නැත්නම් පාසල් සිසුන් එතන රොද ගැසුනොත් පොලිසියෙන් පැමිණ ඔහු එලවෙලා දමන්නට ඉඩ තිබෙන බව ඔහු සිතුවා වන්නටත් පුළුවන.
මට මේ කතාව අද මෙතන ලියන්නට සිතුනේ මම ඊයේ මුහුණුපොතේ දැක්ක FB post එකක් නිසාවෙනි. ඒ පෝස්ට් එකෙන් කියවුනේ තමන් හොඳ නිසා තමන් අනුන්ට උදව් කරන නිසා තමන් අනුන් ඕනෑවට වඩා විශ්වාස කරන නිසා යමෙකුට ලොකු පාඩුවක් වෙන්නට පුළුවන් බවය.
වැව රවුමේ ඒ කාලයේ සාස්තර කියන මිනිසුන්ද තමන්ට සාස්තර කියන්නට කෙනෙකු අල්ලා ගන්නේ එවැනි ප්‍රකාශයක් කිරීමෙනි.
සාමාන්‍යයෙන් රැවටෙන්නට ඉඩ තිබෙන වාගේ පෙනුමක් තිබෙන කෙනෙකු, මාලිගාව පැත්තේ සිට පහළට හෝ අනෙක් පැත්තට යනවා දුටු විට, මේ සාස්තරකාරයන් මෙසේ කියයි

"තමන්ට වෙන කෙනෙකුගේ දුකක් දැක්කහම හිත උණු වෙනවා අතේ තියන සතපහ හරි දීලා දානවා නමුත් තමන්ට කරදරයක් උනහම කවුරුත් නෑ හරි නේද මං කියන එක, 
තමන් ඕනෑ කෙනෙක් කියන එකත් විශ්වාස කරනවා, නමුත් තමන් කියන දේ කවුරුත් විශ්වාස කරන්නෙ නෑ හරි නේද මං කියන එක.

දැන් සාස්තරකරු ඒ අහිංසක මිනිසා ගේ අතින් අල්ලා ගනියි, මිනිසාත් දෙගිඩියාවෙන් අත බලන්නට සාස්තරකරුට ඉඩ දෙයි, දැන් මේ සාස්තර කීම පිළිබඳව ගිවිසුමට එළැඹී හමාරය. පැය භාගයක් පමණ තව බොරු කිහිපයක් කියා, රුපියල් දෙකක් පමණ අහිංසක මිනිසා ගෙන් ලබාගන්නා සාස්තරකරු ඔහුව යන්නට හරියි. සාස්තරකරු වෙතින් එතනින් ඒ රුපියල් දෙක ගෙන පහළට බැස බාර් එකට යයි. 
ආපසු තව ටිකකින් පැමිණ නැවත තවත් බොහෝ විට උසාවියට හෝ රෝහලට දුර පළාතකින් පැමිණ, ඒ කරදර වලින් බේරීමට පිහිට පතන්නට දේවාලයකට හෝ මාලිගාවට පැමිණි තවත් මිනිසෙකු අල්ලාගනී.
මෙලෙස සාස්තර කරුවන් දැන් මා දන්නා විදිහට, වැව රවුමේ නැත.

Saturday, July 31, 2021

රජෙන්ද්රම් රාජමහෙන්ද්රම්

 


මම බොහොකලක සිට සිරස රුපවාහිනිය නරඹා ඇත්තෙමි. එහි මුල් කාලයේ තිබු සුපර් ස්ටාර්ස් වැඩ සටහන සහ දැන් ප්‍රචාරය වන ලක්ෂපතිය එහි මගේ ප්‍රියතම වැඩසටහන් විය. මම බොහෝවිට ප්‍රවෘති බැලීමට පුරුදුව සිටින්නේද සිරස චනලයේය. එහෙත් මම කවදාවත් එහි අයිතිකරුවා වන රාජමහෙන්ද්‍රන් මහතා ගැන කිසිවක් අසා තිබුනෙවත් දැක තිබුනෙවත් නැත. එහෙත් ඔහු මියගිය පසු ඔහුගේ බොහෝ ගුණයහපත්කම් සහ සමාජයට සේවය කිරීම් ගැන අහන්න ලැබුණි. 

පසුව මට දැනගන්නට ලැබුනේ ඔහු ප්‍රසිද්ධියක් පිලිබඳ බලාපොරොත්තුවක් නොමැතිව තමන්ට හොඳ යයි සිතන ආකාරයට සමාජයට සේවය කල දැන් අප සමාජයේ කලාතුරකින් දක්නට ලැබෙන වර්ගයේ පුද්ගලයකු බවයි. පහත විස්තරය එයට කදිම උදාහරණයකි.

මා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකව සිටියදී හඳුනා ගත් ප්‍රේමලාල් විජේරත්න මහතා ඉන්පසුවත් බොහෝ කලක් යනතුරුත් ලඟින් ආශ්‍රය කලෙමි. මහා රාජ සභාපතිතුමා ලඟදි මියගිය පසු ප්‍රේමලාල් මට සභාපතිවරයා ගැන බොහෝ කෘතඥාතාවයකින් දුරකතනයෙන් ඉතාමත් සංවේදීව විස්තර කළේය. ඒවා මා  කිසි දිනෙක අසා නැති තරමේ යහපත් ක්‍රියාවන් නිසාත්, ප්‍රේමලාල්ගේ ශෝකය තුනී කර ගැනීම සඳහාත්, ඔහු මෙය ලියා ප්‍රසිද්ධ කරන්නේ නම් යහපත් බව මම කීවෙමි. ඔහු එය පිටු හතරක අතින්ම ලියා  වට්ස්ඇප් අංකයකින් ඡායාරුප කර මා වෙත එවීය. මේ ඒ ලිපියයි.   

පසුගිය 26 දා උදේ කණකොකා මගේ නිවස අසලින් ඉගිල ගියේ කිසියම් දුක්බර පණිවිඩයක සේයාවක් ඉඟිකරමින්ය. කණකොක් හඬේ සෝබර කථාවල පැරණි කියමන් අදටත් වලංගු බව වැටහුනේ තවත් හෝරා කිහිපයක් පසු කරද්දීය. ඒ අසුභ ආරංචිය මගේ කනට වැටුනේ සිරස මාධ්‍ය ජාලයේ නාලිකා ප්‍රධානියෙකු වූ මා මිත්‍ර මාධ්‍යවේදී සුසාර දිනාල්ගේ දුරකථන පණිවිඩයෙනි.

ඒ දුක්බර පණිවිඩයත් සමග මගේ හදවත තුල ගැලු කදුළු තවමත් වියලී  නැති සේය. එදා සිට මා අදටත් හදවතින් හඬා වැටෙන්නෙමි. කැපිටල් මහා රාජා සංවිධානයේ සභාපති රාජේන්ද්‍රන් රාජ මහේන්ද්‍රන් මහතා පෞද්ගලික රෝහලකදී මෙලොවින් සඳහටම සමු ගැනීම ඒ දුක්බර පණිවිඩයට මුල පිරුවේය. ඒ දුක්බර පණිවිඩය මගේ හඳවතේ වේදනාවෙන් වියැකී ගියේය. රාජ මහේන්ද්‍රන් නමැති මේ අපුරු මාධ්‍ය ප්‍රධානියා වසර 16 ක් තිස්සේ අප ප්‍රධානියා වශයෙන් කටයුතු කලේ  මගේ පියාටත් වඩා නොදෙවෙනි පිය සෙනෙහසකිනි. මා සිරස මාධ්‍ය ජාලයේ සිරස ගුවන් විදුලියේ ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරක වශයෙන් සේවය කරද්දී ඒ හිත හොඳ අපුර්ව මිනිසාගේ හඳවතින් පෙරී යන ගුණ සුවඳ හඳුනා ගත්තෙමි.

 

ඒ අවදියේ මා හට හදිසි හදවත් සැත්කමක් සිදු කරන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබුණි. ඒ සිද්ධියේදී මේ අපුර්ව මිනිසාගේ හඳවතින් පෙරුණ කරුණා ගුණය මම හඳුනා ගත්තෙමි. එම අවස්ථාවේ මේ අපුර්ව මිනිසා එසේත් නොමැතිනම් මේ දෙවියන් අතර දෙවියා, එය දැනගත් විගස පැය 24 ක් ඇතුලත මා නවලෝක රෝහලට ඇතුලත් කර සැත්කමට යන සියලු බර පැන ආයතනය සතු කර ගනිමින් මගේ ජිවිත සටනට උර දුන්නේය. මේ අවස්ථාවේ මගේ දරුවන් දෙදෙනා විදේශ ගතව සිටි නිසා හදවත් සැත්කම සිදුවන අවස්ථාවේ රෝහලේ සිටි මගේ බිරිඳ හා ඥාතියාට ශල්‍යකර්මය අවසන් වී මා හඳවත් ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවට යනතෙක් සියලු පහසුකම් ලබා දුන්නේද, මේ ගුණගරුක මිනිසාය.

2018 වසර දක්වා දිවයන ඒ අතීත සිද්ධිය නිසාම මම අද ජීවතුන් අතර සිටින්නේ ඒ මහඟු මිනිසාට පින්සිදු වන්නටය. හදවත් සැත්කමෙන් පසු දින 19 ක් රෝහලේ ගතකර නිවසට පැමිණි පසුවද, ඔහු මගේ දුක සැප සොයා බැලුවේය.

දිනක් උදේ 8 ට පමණ මා පදිංචිව සිටි පන්නිපිටියේ නිවසේ ගේට්ටුව ඇරගෙන අමුත්තෙක් ඇතුළු වුනි. ඒ අමුත්තා අන් කවරෙකුවත් නොව මේ මම කියන දෙවියන් මෙන් අදහන රාජ මහේන්ද්‍රන් සභාපතිතුමාය. ඔහු එදින මා නිවසට පැමිණියේද මාධ්‍යවේදී සුසාර දිනාල් සමඟය. නිවසට පැමිණි ඔහු මා හිඳගෙන සිටින තැනට පුටුවක් ඇදගෙන ඉඳගත්තේය. මගේ බිරිඳට කියා අඩු සීනි ප්ලේන්ටි එකක් බි මගේ දුකසැප විමසමින්, අවශ්‍ය ඕනෑම දෙයක් තිබේනම් එවකට සිරස මාධ්‍ය ජාලයේ සේවය කල විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති මිත්‍ර ආරියසිංහ මහතා අමතන ලෙසට බිරිඳට උපදෙස් දුන්නේය.

මගේ නිවසේ පැය කිහිපයක් රැදී සිටි ඒ අපුරු  මිනිසා, ආපසු පිටව යෑමට පෙර,මගේ බිරිඳට උපදෙස් දුන්නේ මා හට හරියට සුවවන තුරු මාස හතරක් හෝ නිවසේ රදවා ගන්නා ලෙසයි.

වසර 48 ක මාධ්‍ය ජීවිතය තුල කිසිදිනක දැක නැති මේ අපුර්ව කාරුණික මාධ්‍ය ප්‍රධානියා දිනක් මා සේවය කරමින් සිටි දෙපානම සිරස මැදිරි සංකීර්ණයට පැමිණියේය. ඔහු එලෙස පැමිණෙන  අවස්ථාවල  මම ඔහු සමීපයට ගොස් රටේ තොරතුරු බිඳක් පැවසීම සිරිතක්ව තිබුණි. ඒ අවස්ථාවේ ඔහු මගෙන් විමසා සිටියේ එකල ඇමරිකාවේ පදිංචිව සිටි මගේ දියණියගේ සැපදුක් ගැනය. ඔවුනට කුඩා දරුවෙකු  සිටින බව ඔහුට පැවසු විට ඒ බිලිඳා සියැසින් දැක ඇත්දැයි ඔහු මගෙන් පෙරලා විමසුවේය. ඒ ප්‍රශ්නය හමුවේ මා නිහඬ වූ අවස්ථාවේ ඉවතට හැරුණු මේ අපුරු මිනිසා, ඔහු සමඟ පැමිණි සිටි අධ්‍යක්ෂක මනෝ වික්‍රමනායක මහතාට පවසා සිටියේ මට ගුවන් ටිකට් පතක් හා මාසයක නිවාඩුවක්ද ලබා දී, ඇමරිකාවේ මගේ මුනුබුරා බැලීමට යවන ලෙසයි. මා ඒ විදේශ ගමන ගොස් ආපසු පැමිණ දරුවාගේ ඡායාරුපයද සමග සභාපතිවරයාට ස්තුතිපුර්වකව මල් කලබක් පිළිගැන්වූ  අවස්ථාවේ ඔහු ඒ මගේ මුණුබුරාගේ ඡායාරුපය කාර්යාලයේ මේසය මත තබාගෙන, සතුටු වූ ආකාරයද මට සැමදා මතකයට නැගේ. මගේ මාධ්‍ය ජීවිතය තුල මා පොලිසිය ත්‍රිවිධ හමුදාව පිලිබඳ ප්‍රවෘත්ති සංස්කරණය කිරීම නිසාවෙන් ඔහු මා හට ‘පොලිස් මෑන්’ යන නමක්ද පටබැඳ  තිබුනේ පවුලක පියෙකු ලෙසටය.

ප්‍රවෘත්තියක් ප්‍රසිද්ධියට පත් කිරීමට පෙර එය ‘චෙක් ඩබල් චෙක් ට්‍රිපල් චෙක්’ යන සිද්ධාන්තයේ පිහිටා ඒවායේ නිවැරදිභාවය සොයන ආකාරය ගැන මාධ්‍යවේදීන් නියම මඟ යවන ලද ප්‍රධාන නියමුවා වුයේ ඔහුය. ‘ඇත්ත කියන්නයි බිම හිඳ ගන්නයි’ බිය විය යුතු නොවන්නේ යයි කියන අභීත අධිෂ්ටානයේ සෙවනැල්ල සිරස ජාලයේ පදනම කරන ලද්දේ  ඔහු විසිනි. ඒ සිද්ධාන්තයේ සිට සිරස මාධ්‍ය ජාලය මෙහෙය වූ අභීත සෙන්පතියාද අපටද රටටද  අහිම විය. එවැනි නිර්ව්‍යාජ  මාධ්‍ය හිමි කරුවෙකු කිසි දිනෙක යලි ශ්‍රී ලංකාවට  හිමි වෙතැයි සිතිය නොහැක.

16 වසරක් සිරස මාධ්‍ය ජාලයේ සේවය කරමින් සිටි මා යලිත් අලුතින් පිටවන පුවත්පතකට සම්බන්ධ වීමට ආශාවෙන් සේවයන් ඉවත්වීමට ලිපියක් ලියා සභාපතිවරයා මුණගැසී  සමුගැන්මට ගිය අවස්ථාව, අද දිනයේදේ මතක් වනවිට මා හද සොවින් පිරෙයි. මගේ ඉල්ලා අස්වීම දැනගත්තේද ඔහු එම මොහොතේය. ඒ මොහොතේ ඔහු මගෙන් විමසු වදන් වැල මගේ හඳවතින් කදුළු වැල් කඩා හැලෙන්නාක් මෙන් විය.

“ඇයි ප්‍රේමලාල් ඔයා මාව දාල යන්නේ” කියන වචන ටික ඇසුණු විට ඉල්ලා අස්වීම ආපසු ගැනීමට පවා මට සිත්විය. මා එසේ සමු ගනිද්දී වචනයෙන් ප්‍රකාශ නොකලද ඔහු ඉතා දුක්බර වූ බව මට වැටහුණි. ඔහු මාත් සමගම කාමරයෙන් පිටතට පැමිණ මා විදුලි සෝපානය වෙත එකතු කරගෙන ගොස් මා සෝපානයට ගොඩවන තුරු එහි දොර අසල රැදී සිටි ආකාරය සිහියට එනවිට දැනෙන වේදනාව අපමණය. සිරස මාධ්‍ය ජාලයේ ඒ අපූරු මිනිසා මට මුණ ගැස්වුයේ එවකට අප  අධ්‍යක්ෂකව සිටි මගේ කල්‍යාන මිත්‍ර ටිරෝන් ඩි වොටා මහතාය.    

Wednesday, July 28, 2021

නමක් නොමැති ශාන්තුවරයාගේ කතාව

 


අපූරු චිත්‍රපටියක් බැලුවෙමි. මේ චිත්‍රපටිය නරඹන්නට මූලික හේතුව වූයේ ඒ කුමන ආකාරයේ එකක්ද ගූගල් වලින් පරීක්ෂාකර බලන විට එහි rotten tomatoes අගය සියයට අනු තුනක් තිබුණ නිසාය. අනෙක් කාරණය වූයේ මෙම චිත්‍රපටය මොරොක්කෝ රටේ නිෂ්පාදනයක් නිසා විය. මම මීට කලින් මොරොක්කෝ චිත්‍රපට බලා නොතිබූ නිසා එහි චිත්‍රපට කුමන වර්ගයේ ඒවාදැයි බලන්නට මට සිත් විය. 

චිත්‍රපටයේ නම the unknown saint වීම සහ එය ඉස්ලාමීය රටක නිපදවා තිබීම යම්තාක් දුරකට  කුතුහලය දනවන්නක් ද විය.


චිත්‍රපටය පටන් ගන්නේ තරුණ හොරෙකු ඔහු විසින් සොරකම් කරන ලද ිශාල මුදල් ප්‍රමාණයක් රැගෙන පලා යන ජවනිකාවකි නි. ඔහු කාන්තාරයක් මැද මෙසේ යන විට මාර්ගය අසල තිබෙන විශාල වැලිකන්දක් දැක මුදල් බහාලූ පෙට්ටිය ද රැගෙන ඒ වැලි කන්ද මුදුනට ගොස් එය කන්ද මුදුනේ කුඩා වළක් හාරා සඟවයි. එසේ මුදල් සැඟ වූ තැන පසුව පැමිණ සොයා ගැනීමට පහසු කරනු පිණිස ඔහු එතන මිනියක් වළලු ආකාරයට ගල් කිහිපයකින් වටකර සලකුණක් තබයි.


මුදල් සඟවා තමන්ගේ වාහනය වෙතට පැමිණි විගසම පොලිස් වාහන කිහිපයක් පැමිණ ඔහු අත්අඩංගුවට ගනී. ඉන්පසු අප දකින්නේ සිරගෙදරින් නිදහස් වී එළියට එන සොරා ය. ඔහු ඕනෑම හොරෙකු මෙන් සිරගෙදරින් නිදහස් වූ වහාම තමන් මුදල් සැඟ වූ තැනට පැමිණෙයි. එතනට පැමිණි පසු ඔහු අති මහත් පුදුමයට පත්වෙයි. 

ඒ ඔහු මුදල් සැඟ වූ ස්ථානය මත, තරමක දේවාලයක්  සාදා ඇති බව දැකීමෙනි. ඒ දේවාලයේ නම නොදන්නා ශාන්තුවරයාගේ දේවාලය යන්නයි. දැන් ඒ ඒ වටා පහත් භූමියෙහි තරම ක ගමක් ද ගොඩනැගී ඇත. දැන් මිනිසුන් තමන්ගේ ප්‍රශ්න සහ රෝග සුව කර ගැනීමට යන්නේ මේ දේවාලය වෙතටය.


ගමට අලුතෙන් පැමිණෙන වෛද්‍යවරයෙකු හා සම්බන්ධව ද, වෙනත් එහි ජීවත්වන්නන් පිළිබඳවද නොයෙකුත් ාස්‍ය ගත සිදුවීම් සිදුවන අතර ඒ හොරා සහ ඔහුගේ තවත් සගයකු දේවාලය ඇතුලේ සැඟවී තිබෙන ුන්ගේ මුදල් ලබා ගැනීමට කරන උත්සාහය චිත්‍රපට ප්‍රධාන කතාව වෙයි.

මේ අතර ගමේ වාසය කරන ගොවියෙකු සහ ඔහුගේ පුතෙක් වර්ෂාව නොමැති වීම නිසා ගොවිතැන් කර ගැනීමට නොහැකිව දෙවියන්ට කොතරම් කන්නලව් කළ ද ඒ නොලැබීම හේතුවෙන් බොහෝ දුක් විඳ පියා මියයයි.


ගොවියා ගේ පුතා මේ සම්බන්ධව දේවාලය සමඟ කෝප වී, ඒ කාලයෙ  ගමේ පාරක් සෑදීමට ගෙනැවිත් තිබෙන ෙඩිබෙහෙත් යොදා රාත්‍රියේ හොරෙන්ම දේවාලය පුපුරවා හරියි.

මෙලෙස දේවාලය පුපුර වන විට හොරා ද තමන්ගේ මුදල් ආපසු ගැනීමට දේවාලයට ඇතුළු වීමට පිළියෙල කරමින් සිටි නිසා ඔහු ද පිපුරුමට අසුවෙයි. 


ගොවියගෙ පුතාට මුදල් හමුවන අතර පසුව ඔහු එම මුදලින් කොටසක් යොදවා නැවත දේවාලයක් ගොඩ නංවයි. ඒ දේවාලයේ නම ibrahim ශාන්තුවරයාගේ දේවාලයයි. ibrahim යනු ඔහුගේ පියාය.

නමක් නොමැති දෙවියකුට වඩා තමා හොඳින් දන්නා තමාගේ පියා ශාන්තුවරයකු කිරීම තරුණයා ගේ තීරණයෙන් අවසන් වන චිත්‍රපටය ඉතාමත් අපූරු එමෙන්ම එඩිතර නිර්මාණයක් වෙයි. 

විශේෂයෙන්ම ආගම් සම්බන්ධව නිදහසේ කතා කිරීමටත් ඉඩනොදෙන ඉස්ලාම් ආගම තිබෙන රටක මෙවැනි ිත්‍රපටයක් සෑදීම ද පුදුම සහගත ය. 

Sunday, July 25, 2021

ලක්ෂ්මන් ඉලංගකෝන්ගේ කෘෂි උපදේශ




අපේ ගෙදර ගෙවත්තේ  'වැටේ මුරුංගා' ගස් දහයක් පමණ තිබේ.  නමුත් මෙයින් හොඳට කරල් එන්නෙ මිදුලේ තියෙන පැරැණිම ගසෙනි. මේ ගස සාමාන්‍යයෙන් සියවස් භාගයක් පමණ පැරණි ගසකි. 


මුරුංගා ගස් හැදෙන්නේ සාමාන්‍යයෙන් වියළි කාලගුණයක ජලය රඳා පැවතීම අඩු භූමියකය.  අපේ ගෙවත්තේ හොඳින් වැවෙන ගසට ඒ අවශ්‍ය දේවල් අවැසි අයුරෙන්ම තිබෙනවා වන්නට පුලුවන. මක්නිසාද මේ ගස තිබෙන්නේ අපේ ගෙදර තිබෙන කන්දේ බටහිර පැත්තට වන්නට ඇල්ල පල්ලේ සාමාන්‍යයෙන් ඉක්මනට වියළි බවට පත්වෙන කෙළවරක ය.


මේ ගසේ හැම වාරයකටම සාමාන්‍යයෙන් මුරුන්ගා කිලෝ තුන හතරක් කඩා ගන්නට පුළුවන. ගිය සතියේ මම කුණ්ඩසාලේ ෆුඩ් සිටි වෙළඳසැලට ගියවිට දුටුවේ මේ දවස් වල මුරුන්ගා කිලෝ එකක් රුපියල් දාහකට පමණ මිල වී ඇති බවය. 


මම දැනට අවුරුද්දකට පමණ පෙර මාතලේ යාලුවෙකුට කියා මහ ඉලුක්පල්ලම ගොවිපළෙන් මුරුන්ගා පැල 50ක් ගෙන්වා ගත්තෙමි. එයින් භාගයක් තවත් මිතුරෙකුට දී ඉතිරි භාගය මගේ ගෙවත්තේ තැන් තැන් වල ද මැල්සිරිපුර ඉඩමක ද පැළ කළෙමි. එයින් ද මැල්සිරිපුර ඉඩමේ හිටවපු පැළ සියල්ල මැරී ගිය අතර ගෙදර වත්තේ සිටවූ පැළ වලින් 5ක් පමණ; ඉඩ වරයට අසුවූ විට පැළවලට වතුර දැමූ නිසා වන්නට පුළුවන, හොඳින් වැඩුණි.  එහෙත් එම ගස් ඉතා සරුවට වැවුණු නමුදු ඒවායේ කරල් එන බවක් පෙනෙන්නට තිබුණේ නැත. 


මේ අතර දැන් මුරුංගා ලෝකයම පිළිගත් ,විශේෂයෙන් බටහිර රටවල පවා පිළිගැනීමට ලක් වූ වයස්ගත වීමේ වේගය අඩු කරන ඖෂධයක්  ලෙස පිළිගැනීමට ලක් වෙමින් පවතින බව කිහිප තැනක කියෙව්වෙමි.

මේ මුරුන්ගා කරල් නොව කොළ බව මම දැනගත්තෙමි. 

බොහෝ විට මෙම ඖෂධ හදන්නට මුරුංගා කොළ යොදා ගන්නේ ඉන්දියාවේ වවන මුරුංගාවලිනි.

ඉන්දියාවේ අක්කර දස දහස් ගණනක් මුරුංගා වවා ඒවායේ කොළ කපා වේලා බටහිර රටවලට මෙම ඖෂධ සෑදීමට යවන බව මම දුටුවෙමි. 

සමහර විට අපට ලැබුණු මුරුංගා පැල එලෙස මුරුංගා කොළ සඳහා වවන මුරුන්ගා වර්ගයක් ද යන්න මට පැහැදිලි නැත. ඒවගෙනුත් ප්‍රයෝජනයක් ලබාගත යුතු නිසා මම ඒ ගස් හොඳින් වැවුණු විට අතු පිටින්ම කපා කොල වෙලා දැන් දවසක් හැර දවසක් තේ කෝප්පයක් ලෙස පානය කරන්නට පුරුදු වුණෙමි. නිකං ලැබෙනවා නම් දෙමළ පුවත්පතක් වුණත් කියවන්නට පුරුදු විය යුතුය. 

දිනපතාම බොන්න සිතුනත් එසේ නොකරන්නේ ඒ අවස්ථාවේ The Curious Case of Benjamin Button චිත්‍රපටය මතක් වූ නිසාය.



 අපේ ගෙදර තිබෙන හොඳින් කරල් එන මුරුංගා ගසෙහි අතු ඉතා උසට වැවේ. කරල් කඩා ගන්නට යන විට බොහෝ කරදර වන්නට සිදුවේ. මේ අතර ලඟකදී ඒ මුරුංගා ගස ළඟ තිබූ පොල් ගසක අත්තක් වැටීමෙන් උසට තිබුණු මුරුංගා අත්තක් පහතට නැමුණි. එහි කෙළවර හොඳ මල් කිනිත්තක් ද තිබුණු නිසා මෙය තවත් අකරතැබ්බයක් සිදුවී සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්නට හැකි නිසා ත් මම ඒ අත්ත ලඟින් තිබූ star fruit ගසකට ගැට ගැසුවෙමි. එය දැන් දුන්නක් ඇද්දා සේ ඡායාරූපයෙ හැටියට තිබේ. 

මෙලෙස සති දෙකක් පමණ ගත වන විට අපූරු යමක් සිදු විය. ඒ එම නැමී ඇති අත්ත පුරාම සිරස් අතට කුඩා අතු දහයක් පමණ ඇතිවීමයි.

තවත් සති දෙකක්  පමණ යන විට ඒ අපූර්වත්වය උත්කෘෂ්ටයට පැමිණියේය. ඒ කෙසේද යත් ඒ හැම කුඩා සිරසට වැවුණු අත්තකම ලොකු මල් කිනිත්තක් ඇතිවීමයි. දැන් මුරුංගා එක අත්තකින් අතු දහයක පමණ අස්වැන්න ලබා ගැනීමට පුළුවන.

මම මේ දැක තවත් මුරුංගා අතු කිහිපයකට මේ වැඩේම කළෙමි. ඒවායේ ප්‍රතිඵල තව කීප දවසකින් මට දැනගන්නට පුළුවන් වනු ඇත.


තමන්ගේ ගෙවත්තේ මුරුංගා ගස් තිබෙන ඕනෑම කෙනෙකුට එසේත් නැත්නම් වාණිජව මුරුන්ගා වවන අප ගොවියන්ට මේ ක්‍රමයට ගස් පුරුදු කර ගැනීමෙන් හත් අට ගුණයක අස්වැන්නක් ලබා ගන්නට පුළුවන් යැයි මට සිතේ.

නිවිති වලින් යකඩ උරා ගැනීම

 ඊයේ පෙරේදා මම නිවිති පැළයක් පිළිබඳව පෝස්ට් දෙකක් දැම්මෙමි. එහිදී නිමිතිවල ඇති යකඩ පිළිබඳව සාකච්ඡාවක් ඇතිවූ අතර මෙතුළ මා මිත්‍ර වෛද්‍යවරයෙක්...