Saturday, November 27, 2021

බුවනෙකබාහු රජු ක්‍රිස්තියානි ආගමට එකතුවීම

 

ඇන්තනි බැරටෝ

1547 වසරේ අන්තෝනියෝ මොනිස් බැරටෝ නමැති පෘතුගීසි නිලධාරියා සියයක් භට පිරිස් සමග ලංකාවේ එකල තිබූ දේශපාලන විරුද්ධවාදිකම් වලින් යම් ප්‍රයෝජනයක් ගැනීමට හැකියාව විමසා බැලීමට කොළඹට පැමිණියේය. 

එසේ පැමිණියේ එකල කෝට්ටේ සීතාවක හෝ කන්ද උඩරට කුමන රාජධානියකට පෘතුගීසි සහයෝගය ලබාදිය යුතුදැයි ීක්ෂාකර එසේ ඔවුන්ට වඩාත්ම ප්‍රයෝජන ලැබෙන රාජ්‍යයට සහයෝගය ලබාදීම පිණිසය.

ඔහු මුලින්ම කෝට්ටේ බුවනෙකබාහු රජුට සහයෝගය ලබා දීමට තීරණය කළේය. කෝට්ටේ හමුදාවත් සමග ඔහුගේ හමුදාව සීතාවක මායාදුන්නේ රජුට විරුද්ධව මෙහෙයවූයේය.


සීතාවක මායාදුන්නේ රජු නගරය පෘතුගීසි සහ කෝට්ටේ හමුදාවට විවෘත කර  දැරණියගලට පලා ගියේය. ඔවුනට නගරය ලබාදෙන බවත් සියලු වස්තුව ඔවුන්ට රැගෙන යාමට හැකි බවත් දන්වා ලිපියක් ද ඔවුනට ලැබෙන්නටද සැලැස්සුවේය.


සටනකින් තොරවම සිතාවක ජයගත් පෘතුගීසි සහ කෝට්ටේ හමුදාව කන්ද උඩරටට පහරදීමට පිටත් වූහ. එහෙත් එහිදී ඔවුන්ගෙන් හොඳින් පහර කෑ එම හමුදාව පරාජයට පත්ව ආ පසු සීතාවකට පැමිණියහ. පෘතුගීසි හමුදාවෙන් අඩක් එම සටනේදී මිය ගියහ.


ආපසු සීතාවකට පැමිණි පෘතුගීසි සහ කෝට්ටේ හමුදාවට සියලු පහසුකම් ලබාදුන් mayadunne ඔවුනට ආපසු කොළඹ බලා යාමට බෝට්ටු ඇතුළු සියලු පහසුකම් සැලසුවේය.


කොළඹට පැමිණි පසු මෙතෙක් කල් පෘතුගීසින්ට තමන් ක්‍රිස්තියානිය ආගමට හැරෙන බවට පොරොන්දු දෙමින් සිටි කෝට්ටේ බුවනෙකබාහු රජුට ඉක්මනින් එලෙස ක්‍රිස්තියානි ආගමට හැරෙන ලෙසට බැරටෝ පණිවුඩ යැවීය.


එහෙත් එසේ නොවන බව දුටු barreto කොළඹ සිට කෝට්ටේ අගනුවරට ගොස් රජු හමුවී එසේ ආගම මාරු නොකළහොත් රජුට මරණයෙන් පසු අපායේ ගත කරන්නට සිදුවන දඬුවම් පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.


මේ විස්තරය අසා සිටි රජු මේ තරම් හොදට අපාය ගැන දැනගැනීමට මේ සෙන්පතියා දැනටමත් අපායට ගොස් එහි දඩුවම් විද ඇද්දැයි ඔහුගෙන් විමසීය. 


එකල යුරෝපයේ බොහෝ ආගමට බර ෘතුගීසි රාජ්‍ය නිලධාරියකු වු බැරටෝ මෙයින් බොහෝ කෝපයට පත් විය. ඔහු තමන් රජු ඉදිරියේ සිටිනා බවත් අමතක වී, තමන්ගේ තොප්පිය ගලවා පොළොවේ ගසා එතනින් පිටත් වී කොළඹට ගියේය.


රජු ඔහුගේ සිත සැනසීමට ොළඹට යැවූ ත්‍යාග ද බාර නොගත් මේ සෙන්පතියා වහාම කොළඹින් පිටත් වී ආපසු ඕවා බලා ගියේ, රජුට තමන් රටින් පිටවන බවත් නොදන්වා ය.


Sunday, November 14, 2021

ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණෙයි ද?

 ප්‍රංශයේ සහ ජර්මනියේ ්‍යාපාරික කටයුත්තක් සඳහා තවත් නිලධාරීන් දෙදෙනෙකු සමග ගිය මම ෙරදා රාත්‍රියේ ලංකාවට සැපත් වූයේමි. 


අප පැමිණි ගුවන් යානය ඩුබායි හරහා මාල දිවයිනට පැමිණ ඉන්පසු කොළඹට අප රැගෙන ආවේය. 


එම ගුවන් යානයේ සිටි සියලුම සංචාරකයින් පාහේ මාලදිවයිනේ බැස ගත්හ. ලංකාවට පැමිණියේ ඉතාමත් සුළු පිරිසකි. ඩොලර් නොමැති නිසා ඉතාමත් අපහසු තත්ත්වයකට වැටී සිටින අප ආර්ථිකය ට ඉක්මනින් ඩොලර් ටිකක් පහසුවෙන්ම සොයා ගැනීමට තිබෙන්නේ ංචාරක ව්‍යාපාරයෙන් බව කියන්නටත් අවශ්‍ය නැත. එසේ තිබියදී මෙලෙස සංචාරකයන් අප රට අතහැර මාලදිවයිනට යාම ඉතාමත් කනගාටුදායක තත්ත්වයකි. 


අනෙක් පැත්තෙන් මාලදිවයිනේ තිබෙන වෙරළ සඳහා පැමිණෙන සංචාරකයින්ට වෙරළත් සමඟ තවත් බොහෝ සිත්ගන්නාසුලු සංචාරක ්ථානයන් ඇති ශ්‍රී ලංකාව අතහැර මාලදිවයිනට යන්නේ කුමන හේතුවක් දැයි මම කල්පනා කළෙමි. 


මේ සඳහා ්‍රධාන හේතුව ලෙස මගේ සිතට ආවේ අප මේ ්‍යාපාරය කරන්නේ කිසිම ඕනෑකමක් නොමැතිව බවය. 

මෙයට හොඳම උදාහරණයක් අපේ ගමනේ අප අද්දැකීම් අතරට එකතු වූයේ ජර්මනියේ හැම්බර්ග් ගුවන්තොටුපළේ දී ය. 


අප තිදෙනා එහි පැමිණ check-in කිරීමට කවුන්ටරයට ගියවිට අප තිදෙනාගේ අනෙකුත් සියළුම ලියකියවිලි සම්පූර්ණ වී තිබුණත් අප ඔන්ලයින් ගොස් health declaration පෝරමය පුරවා නොමැති බව කවුන්ටරයේ සිටි තරුණ කාන්තාව අපට කීවාය. ඇත්තෙන්ම මෙවැන්නක් තිබෙන බව අප දැන සිටියේ නැත.

පෝලිමේ අපට පිටිපස්සෙන් සිටි මගීන්ට ඉදිරියට යන්නට හැර අප තිදෙනා ගුවන් තොටුපලේ වයිෆයි පාවිච්චි කර ඔන්ලයින් ගොස් කොළඹ ගුවන්තොටුපලේ health declaration පෝරමය පුරවන්න ට උත්සාහ කළෙමු.


අහෝ ඛේදයකි එම කොටස temporary out of order යනුවෙන් සඳහන් වී තිබිණ. 


අපි දැන් තරමක් කලබලයට පත් වුණෙමු. මම කොළඹ ගුවන්තොටුපළට කතා කළෙමි . මට පිළිතුරු දුන් නිලධාරිනියට අපට සිදුවී ඇති අකරතැබ්බය පැහැදිලි කළෙමි. ඒ අසා සිටි ඇය මම තවත් නිලධාරිනියක වෙතට සම්බන්ධ කළාය. ඇයටත් මම මේ ප්‍රශ්නය පැහැදිලි කළෙමි. 

ඔවුනට එයට කළ හැකි කිසිවක් නොමැති බවත් කොළඹට පැමිණ එම declaration පෝරම පුරවා භාර දීමට හැකි බවත් ඇය කීවාය. එහෙත් ඒ පිළිබඳව එමිරේට් කවුන්ටරයේ කාන්තාවට පැහැදිලි කළත් ඇය කිව්වේ ඔවුන්ට කොළඹින් ලැබී ඇති උපදෙස් වලට පිටින් කටයුතු කිරීමට නොහැකි බවයි. 


මම ඇයට මට ඇයගේ කළමනාකාර වරයා මුණ ගැසීමට අවශ්‍ය බව පැහැදිලි කළෙමි. ඇය මා ඔහු වෙත රැගෙන ගියාය. ඔහුට මේ පිළිබඳව තීරණයක් ගැනීමට අපහසු බව කියා ඔහු මම ඔහුගේ ජේෂ්ඨ නිලධාරිනියක වෙත යොමු කළේය.


ඇයට මම මේ ප්‍රශ්නය පැහැදිලි කළ පසු ඇය කියා සිටියේ අප ශ්‍රී ලාංකිකයින් නම් පමණක් ඇයට අපට ගුවන් යානයට ගොඩ වීමට ඉඩදිය හැකි බවයි. ඇය එසේ කියා සිටියේ ද මම විනාඩි පහළොවක් පමණ ඇයට මේ පිළිබඳව ආයාචනා කරමින් පැහැදිලි කළ නිසාය.


මේ සිදුවීම ම විදේශිකයෙකුට සංචාරකයෙකුට සිදුවූයේ නම් ඔවුනට එම ගුවන් යානයට නැගීමට නොහැකි වනු ඇත. 


සංචාරකයින් රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් මීට වඩා සංවිධානාත්මක ලෙස එය කළ යුතු බව මේ සිද්ධියෙන් මා හොඳින් පෙනේ. 


Saturday, November 6, 2021

2 පැරිසියට යාම 2

 


ගුවන් ගමන් වල කෑම බීම යනාදිය සැපයීම covid වසංගතයෙන් කිසිම විදිහකින් වෙනස් වී නොමැති බව පෙනුණි. 


අප හවස පැරිසියේ ඩිගෝල් ගුවන්තොටුපල වෙත පැමිණි අතර, එහිදී අපගේ ගමන්මලු සොයා ගැනීම සඳහා තරමක් අසීරු එලෙසම දුර ගමනක් ගුවන්තොටුපල තුළම යාමට සිදුවීම හැරෙන්නට, සියල්ල සාමාන්‍ය ආකාරයෙන් සිදු විය.

එහෙත් ගුවන් ගමන් දෙකේදීම, covid කාලෙට වඩා යම් වෙනසක් මට දක්නට ලැබුණි. ඒ ගුවන් සේවිකාවන් සියලු දෙනාම පාහේ නැගෙනහිර යුරෝපයේ රටවලින් පැමිණි අයවලුන් බවය. සාමාන්‍යයෙන් පෙර එමිරේට්ස් ගුවන් සේවයේ දක්නට ලැබුනු තරම් ආසියාතික යුවතියන් මෙවර දක්නට නොලැබුණි. ඒ වෙනුවට ශක්තිමත් උස මහත කඩිසර තරුණ ගුවන් සේවිකාවන් නැගෙනහිර යුරෝපයෙන් පැමිණ ඇති බව හොඳින් පෙනුණි. මෙය සමහර විට ඉදිරියේදී trend එකක් වන්නටත් පුළුවන් විය හැක.


ගුවන්තොටුපලින් පිටතට පැමිණි පසු කුලී රථයක් ලබා ගැනීමට!  විශේෂයෙන්ම අප තිදෙනාගේ ම ගමන්මලු තිබුණ නිසා, යම් වෙහෙසක් දරන්නට සිදු වේ යැයි අප සිතුවද, කුලී රථ සම්පූර්ණයෙන්ම එක් ස්ථානයකින් පාලනය කරන ලද බව පෙනුන නිසා එතැන සිටි ලංකාවේ පෙනුමැති තරුණ කාන්තාව මුණගැසී අපගේ ප්‍රශ්නය කීවෙමු. 

ඇය අප ගියේ ගමන්මලු දෙස බලා එයට ගැලපෙන වාහනයක් වහාම ගෙන්වා දුන්නාය. හෝටලයට පැමිණීම සදහා අපට යුරෝ 36ක් වැය විය.


පසුදා සිටම නොයෙකුත් ව්‍යාපාරික කටයුතු වල යෙදුණු අපි ට, අපගේ යම් ඇඳුනුම් කම් වලින් හි ජීවත් වන ශ්‍රී ලාංකික මිතුරන් දෙදෙනකු බොහෝ පිහිට විය. අපගේ ව්‍යාපාරික කටයුතු සඳහා ඔවුන් තිදෙනාම ඔවුන්ගෙ සම්බන්ධතා හරහා ප්‍රංශ සමාගම් අපට හඳුන්වා දුන් අතර එයට අමතරව ඔවුන්ගේ නිවෙස් වල ට, අපව රැගෙන ගොස්  සංග්‍රහ කිරීම ද බොහෝ කෙරුණි. 

මුලින්ම හමු වුන මිතුරා වුරුදු 35ක් පමණ ප්‍රංශ ජීවත් වී ඇති අතර විවාහව සිටින්නේද ප්‍රංශ කාන්තාවක සමඟය. 

ලංකාවට ඇති බැඳීම් තබාගැනීමට බොහෝ මහන්සි වන ඔහු එක් දරුවෙකුට යම් තරමකට ලංකාවේ අධ්‍යාපනයක් ලබා දීමට පවා පෙළඹී ඇත. එම දරුවන් ද බටහිර සංස්කෘතියට වඩා අපේ ජීවන රටාවන් අනුගමනය කරමින් ජීවත් වන බවක්ද පෙනෙන්නට තිබීම අපට බලවත් සතුටක් ගෙන දුන්නේය.

එහෙත් එම දරුවන්ට ද්විත්ව පුරවැසි භාවය ලබා ගැනීමට උත්සාහ කළ විට   ඒ සම්බන්ධව බොහෝ ප්‍රශ්න ඇති කරන බවක් අපට දැනගන්නට ලැබුණි.


මෙය ඉතාමත් කණගාටුදායකය. ප්‍රංශයේ පුරවැසිභාවය තිබෙන ්‍රී ලාංකික පියෙකුගේ දරුවන් දෙදෙනෙකුට එම පියාගේ බලවත් ඕනෑකම නිසා තරමක  ගාස්තුවක් ද ගෙවා තමන්ගේ මව්රට ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට අපහසු කරන්නට නීති හෝ රතු පටි තිබේනම් කොතරම් කණගාටුදායක තත්ත්වයක් ද?

Sunday, October 31, 2021

පැරීසියට යාම

 පසුගිය බදාදා, මම අප සමාගමේ ව්‍යාපාරික කටයුත්තකට තවත් දෙදෙනෙකු සමග පැරිස් නුවර බලා පිටත් වීමි. emirates සමාගමේ ගුවන් යානය පිටත් වීමට තිබුණේ උදය දහයයි පහටය. කලින් දවසේ කොළඹ ගොස් ,PCR පරීක්ෂාව කරගෙන, ගමන් බලපත්‍රයත් එකතු කරගෙන ආපසු නුවර ගියෙමි. 


මම නිවසින් උදේ 5:00 ට යාමට බලාපොරොත්තු ව සිටිය ද, කතා කළ කිහිප දෙනකුම ඒ වෙලාව මදි යැයි කිවූ නිසා උදේ හතරට නිවසින් පිට වීමි.  උදේ 6:00 වනවිට ගුවන් තොටුපළට පැමිණියෙමි. හරියටම ඒ වේලාවට මගේ කොළඹ ජීවත්වන මිතුරන් දෙදෙනාට ගුවන්තොටුපළට පැමිණියහ.

වෙනදා පැය දෙකක් පමණ තබා ගුවන් තොටුපලට පැමිණෙන අපි, මෙදින , පැය හතරක් කලින් පැමිණියේ, covid වසංගතය නිසා කලින් පැමිණිය යුතු යැයි බොහෝ දෙනා කිව් නිසා ය.

ඒත් අපි පැමිණි පසු වෙනදාටත් වඩා බොහෝ ඉක්මනින් check in counter වලට පැමිණියද, ඒවායේ වැඩ කරන නිලධාරීන්ගේ ඉතාමත් සෙමෙන් වැඩ කිරීම නිසා, අප ගුවන් යානය ළඟට ගියේ වීමට මොහොතකට පෙරය. 


මෙයට තවත් හේතුවක් වූයේ online checkin කරගෙන පැමිණීමට අපට අමතක වූ නිසාය.


වසන්ගත යෙන් පසු, ගුවන් ගමන් පටන්ගෙන කාලයක් ගත වී නොමැති නිසා මම හිතුවේ ගුවන් යානය ඇතුළත ද පෙර පරිදි නොව යම් සමාජ දුරකින් මගින් වාඩි කරවන බවය. එහෙත් මගින් වාඩි කිරීම  පෙර පරිදිම සෑම ආසන එකටම එක මගියෙකු බැගින් බව දුටුවෙමි. මට සිතුණේ මේ පරීක්ෂණයක අපි guinea pig වරුන් බව ද කියාය. ගුවන් ගමන් වසංගතේ ට පෙර තිබුණු පරිදිම නැවත, පටන් ගෙන ඇත.


mask දාගෙන හිටියද නිතරම කෑම ගැනීමට යමක් පානය කිරීමට mask ගලවා තබන නිසා, එවැනි සංවෘත අවකාශයක එක් අයෙකුට හෝ රෝගය තිබුණේ නම් බොහෝ දෙනෙකුට බෝ වෙන්න ඉඩ තිබුණි.

එකම වාසිය සියලු දෙනාම පැය 48ක් ඇතුළත pcr ආර් පරීක්ෂණ කර තිබීමය. 


අපගේ මුල් අදියරේ ගුවන් ගමන තිබුණේ කොළඹ සිට ඩුබායි දක්වාය. මෙහිදී මම හොද චිත්‍රපටයක් තෝරා ගැනීමට පරික්ෂා කරද්දී , රිඩ්ලි ස්කොට් ගේ නම දුටු නිසා එම චිත්‍රපටය පරික්ෂා කර බැලුවෙමි. last mile stone නම් වූ එම චිත්‍රපටය, කෙන්යාවේ නම කීමටත් අපහසු තවමත් ලෝකයේ මැරතන් සඳහා වාර්තාව තිබෙන ්‍රීඩකයෙකුගේ මැරතන් තරගයක් පැය දෙකකට අඩුවෙන් දුවන්නට කරන උත්සාහයක් වටා ගෙතී තිබුණි.


මෙම සැතපුම් 26 පැය දෙකකට අඩුවෙන් දුවන්නට කරන ලද උත්සාහය සාර්ථක වුවත්, එහිදී ඔහුට වඩා වේගයෙන් දුවන්නට, නොයෙකුත් උදව් කිරීම් නිර්මාණය කර තිබූ නිසා එය ලෝක වාර්තාවක් ලෙස පිළි නොගැනේ. 

නමුත් චිත්‍රපටය මනාවට සදා තිබුණි. එය කොතරම් සිත් ඇදගන්නා සුළු ද යත්, මගේ දෙපසින් සිටි දෙදෙනාම අවසානයේ ඒ චිත්‍රපටය බලන්නට පටන්ගත්හ.....


Tuesday, October 26, 2021

බල්ලාගේ හුණුවටයේ කතාව

 



දැන් මාස කිහිපයකට පෙර මාතලේ සිටින මගේ මිතුරෙකුගේ බල්ලෙකු නැතිවුනි. අලුත් අවුරුද්දට රතිඤ්ඤා පත්තු කරන සද්දයට බියවී ගෙදරින් පලා ගොස් නැවත ආපසු පැමිණියේ නැත.


සති දෙකකට පමණ පෙර එවැනි බල්ලෙකු තමන් වෙත රැගෙන විත් එන්නත් ලබා ගත් බවට ඒ බල්ලා මීට පෙර බැලූ පශු වෛද්‍යවරයා වෙනත් බල්ලෙකු ප්‍රතිකාර කිරීම සඳහා රැගෙන ගිය අසල්වැසියකු අතේ පණිවිඩයක් එවා තිබිණ.


ඒ හෝඩුවාව පස්සේ සොයාගෙන ගිය මගේ මිතුරාගේ මෙවැනි ක්‍රියාන්විතයන් ට දක්ෂ වෙනත් මිතුරෙකු, බල්ලා සිටිනවා යයි, සැකකරන නිවාසය අසලට ගියේය. 


ඒ අසල කුඩා නිවාසයක දවස් පඩියට වැඩ කරන... කෙනකු මුණගැසී මේ පිළිබඳව විමසන විට, අවුරුදු දිනවල ඔහුට එවැනි බල්ලකු මුණගැසුණු බවත් මේ බල්ලා තුවාල සහ සීරීම් වලින් යුක්ත වූ බවත්, තමාට හදාගැනීමට, අපහසු පොහොසත් බල්ලෙකු බව සිතී එසේ හදා ගත හැකි යැයි සිතන නිවසකට බාර දුන් බව ඔහු කීය.


ඉන්පසු ඔහු පෙන්වූ නිවසට ගිය මිතුරා ඒ පිළිබඳව විමසූ විට ඒ නිවසේ වැසියන් ඔහුට බල්ලා පෙන්වා සිටියේය. 

ප්‍රථමයෙන් මේ බල්ලා සෙවීමට ෂර්ලොක් හෝම්ස් වැඩේ කලේ බළලාගේ අයිතිකරුවන්ට උදව් වීමට ඉදිරිපත් වූ මගේ මිතුරෙකු විසිනි. ඔහු වහාම බල්ලගේ නියම අයිතිකරුවන්ගේ නිවසේ කාන්තාවට මේ පිළිබඳව දුරකතනයෙන් දන්වා සිටියේය. ඇයද වාහනය රැගෙන පැමිණියේ ය. 

එහෙත් බල්ලා දෙගිඩියාවකට පත් ව සිටින බවක් පෙනුණි. ඔහු වාහනය වටේ රවුමක් ගොස් ආපසු තමන්ගේ අලුත් නිවාසය ඇතුළට ගියේය. 

පරම අයිතිකරුවන් සහ අලුත් අයිතිකරුවන් ද  එකසේ දෙගිඩියාවට පත්වූහ. දැන් බල්ලාට නම් දෙකකි, අයිතිකරුවන් කණ්ඩායම්ද දෙකකි. 


හරියටම හුණුවටයේ කතාවේ කුමාරයා වැනිය. 


අලුත් අයිතිකරුවන් බොහෝ කණගාටුවෙන් සහ ශෝකයෙන් බල්ලා ආපසු දීමට කැමති වූහ. පරන අයිතිකරුවන් ද බල්ලා ආපසු ගෙනි යනවාදැයි දෙගිඩියාවෙන් පසු වූහ.


ටික වේලාවක් මෙසේ සාකච්ඡා කිරීමෙන් පසු අලුත් අයිතිකරුවන් බල්ලා ආපසු ගෙන යන ලෙසට පරණ අයිතිකරුවන්ගෙන් ඉල්ලා සිටියහ. බල්ලා ද ඉතා අකමැත්තෙන් මෙන් පරණ අයිතිකරුවන්ගේ වාහනයට නැග ගත්තේය. 


මෙසේ මේ බල්ලා තමන්ට හමුවූ පසු, ඔවුහු හමුවීම පිළිබඳව ඔහුගේ අයිතිකරුවන් සොයා මේ පිළිබඳව දෙවන අයිතිකරුවන්, මුහුණු පොතේ දැන්වීමක්ද පළ කර ඇති බව ඔවුනට දැනගන්නට ලැබුණි. 


එහෙත් මේ අය අප බොහෝ දෙනෙකු මෙන් මුහුණු පොතේ සමාන්තර විශ්ව යන්ගේ ජීවත් වන නිසා ඒ බල්ලගේ found දැන්වීම දැක නැත.


පරණ අයිතිකරුවන් අලුත් අයිතිකරුවන්ට යම් මුදලක් ත්යාගයක් වශයෙන් දීමට උත්සාහ කළ ද, ඔවුන් එය පිළිගත්තේ නැත. නිවසේ ස්වාමි දුව ඇඬු කඳුළෙන් ඉහළ මාලයට නගිනවා පරන් අයිතිකරුවන් දුටහ.


පරන් අයිතිකරුවන් බල්ලා පශු වෛද්‍යවරයා ළඟට ගෙන යන විට ඒ කාලේ ඔහු රැගෙන ගොස් ඇත්තේ ඔවුන්ගේ කාර් එකේ නොව ්‍රීවීලර් එකක ය. ඒ පහසුව සඳහා ය. එහෙත් දැන් ඒ බල්ලා, වාහනයකට නැග හොඳින් ගමන් කිරීමට අලුත් නවාතැනේ ඉගෙනගෙන ඇති බව, හොඳින් පෙනුණි. 


සමහරවිට බල්ලාට දැන් ඔහුගේ දෙවන නිවසේ සාමාජිකයින් සිහිනෙන් පෙනෙනවා වෙන්නටත් පුළුවන.

Saturday, October 23, 2021

2005 වසරේ ජනාධිපතිවරණය සහ ඡන්ද ඔට්ටු

මගේ මිත්‍ර බද්දේගම ආනන්ද ලැනරෝල්, ලංකාව සහ ලෝක දේශපාලනය පිළිබඳව විශේෂයෙන්ම ඒවා ගේ ඉතිහාසය පිළිබඳව හසල දැනුමක් ඇත්තෙකි. 


ඔහුට දැනුමටත් වඩා ඉතාමත් පොහොසත් අත්දැකීම් සම්භාරයක් ඇත්තේය. ඒ කෙසේද යත්, ඔහු ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකින්ම එම ප්‍රදේශයේ, ප්‍රාදේශීය සභා සභාපති වරයා වශයෙන් කටයුතු කර ඇත්තේය.


කන්ද උඩරට සහ දකුණේ යන ප්‍රදේශ දෙකේම, බොහෝ කාලයක් දේශපාලනය කර ඇති ඔහු ජාතික දේශපාලනයේ ද, හැකි සෑම විටකම ්‍රායෝගිකව කටයුතු කර ඇත්තේය.


ඒ අතරම හොඳ ගොවියෙකු වන ඔහු, දෙවන රාජසිංහ රජු කල ප්‍රංශ නාවික හමුදාව සමග ත්‍රිකුණාමලයෙන් ලංකාවට පැමිණි, තානාපතිවරයාගෙන් සහ රාජගුරු පවුලේ කුල කාන්තාවක ගෙන් පැවත එන ඉතිහාසයක් ද තිබේ.


මහනුවර නගරය අවට suduhumpola ග්‍රාමයේ නම වැටී ඇත්තේ ද, මේ ප්‍රංශ තානාපතිවරයාගේ පවුල නිසා බව කියනු ලැබේ. 

සුද්දා හුන් පොල, suduhumpola.


වරෙක ඔහු, 2005  වර්ෂයේ අග එස් බී දිසානායක සිරගතව සිටියදී අසනීප වී මර්චන්ට් වෝඩ් එකට ගියේය. මමත් ළඟදි මිතුරෙකු බැලීමට මේ මර්චන්ට් ward එකට ගිය අතර, එහි පඩි පෙළ සහ සෝපානය, ඇත්තෙන්ම තිබිය යුත්තේ කෞතුකාගාරයක බව මට එතනදී සිතුනි.


මා මිත්‍ර ananda, එස්බී සිටි කාමරේට, යන විට එහි දොර වසා තිබුණු අතර දොරට තට්ටු කරන විට දොර ඇරුණි.

ඔහු කාමරේ ඇතුලට ගිය විට එහි එස් බී සහ බන්දුල ගුණවර්ධන ඇඳ මත වාඩිවී කතා කරමින් සිටියහ. ආනන්ද එතනට ගිය විට SB බන්දුල ගුණවර්ධනට මෙසේ කීවේය.


"අන්න ඇවිල්ලා ඉන්නවා ආනන්ද ලැනරෝල්, ලංකාවේ දේශපාලන භූමියේ තත්වය හොදින් විශ්ලේෂණය කරන කෙනෙක්, අපි ඔහුගෙන් අහමු මොකක්ද වෙන්නේ කියලා" ඔහු එසේ කීවේ එකල පැවැත්වෙමින් තිබූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිබඳවය.

මේ දෙදෙනාම එකල එක්සත් ජාතික පක්ෂය රජයේ ඇමතිවරු වූ අතර ඉදිරි මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව බොහෝ උනන්දුවක් දැක්වූ දෙදෙනෙකුද වූහ.

මේ අතර ලාච්චුවේ තිබූ විස්කි බෝතලයක් එළියට ගත් SB විදුරු තුනක්ද හොයාගෙන, ිශ්‍ර කිරීමට යමක් නොතිබුණු නිසා අමුවෙන්ම glass තුනට ටික ටික වක්කර කුඩා ඩ්‍රින්ක් එකක් ද පිළියෙල කළේය.

බන්දුල ගුණවර්ධන ආනන්ද දෙසට හැරී ඡන්ද ප්‍රතිඵලය කුමක් විය හැකි දැයි විමසුවේය.


රනිල් වික්‍රමසිංහට ඡන්ද ලක්ෂ හතළිස් අටක් පමණක් මහින්ද රාජපක්ෂ ට හතළිස් හයක් පමණ ලැබෙන බව ආනන්ද තවත් විස්තර සමගින් බන්දුලට කීවේය.


"ආනන්ද ඔයා දෙමළ ඡන්ද දැම්මෙ කාටද?" එස් බී දිසානායක ඇඳේ සිට ඇසුවේය. 

"රනිල් වික්‍රමසිංහට"

"ඇයි එහෙම කලේ?"

"දෙමළ මිනුස්සුන්ට හැකි හැම වෙලාවකම සමාන ලෙස සැලකුවේ එක්සත් ජාතික පක්ෂයයි, මට ඕනෑ තරම් උදාහරණ දෙන්නට පුළුවන්, ඒකයි මම ඒ විදියට කළේ" ආනන්ද පිළිතුරු දුන්නේය.

"අන්න ඒ හේතුව නිසාම, ප්‍රභාකරන් දෙමළ මිනිසුන්ට මේ පාර රනිල්ට ඡන්දෙ නොදී ඉන්න බලකරන්න පුළුවන් බව මට හිතෙනවා" 

ආනන්ද ඒ වෙලාවේ එම අදහස පිළිගත්තේ නැත. කොළඹ සිට ආපහු බද්දේගමට යනතෙක්ම, තම රියදුරා සමග s b ට බැන්නේය. 


නමුත් අවසානයේ සිදුවූයේ එස්බී කියපු එක ය.

මේ ඡන්දය පිළිබඳ ලක්ෂ 25ක් ඔට්ටුවක් ඇල්ලූ ආනන්ද, එයින් ද පරාජයට පත්විය.

එහෙත් ඔහු එවැනි ඔට්ටුවක්,පසු කලෙක, 2015 වසරේ, පොලියත් සමඟ ආපසු දිනා ගත්තේය.


Thursday, October 21, 2021

උපාලි විජේවර්ධනගේ ඔර්ලෝසු වැස්ස

 අපූරූ එහෙත් සත්‍ය කතා භාණ්ඩාගාරයක් බඳු මිතුරෙකු මට සිටී. ඒ අතරම ඔහු ඓතිහාසික පුද්ගලයන් සමග ජීවත්වීමට පවුල් සබඳතා තිබූ පුද්ගලයෙකි. මේ නිසා ඔහුගේ කතාවල අපි දන්නා කෙනෙකු එසේත් නැත්නම් අසා ඇති කෙනෙකු සිටීම නිසා කතාවට යම් ආලෝකයක් එසේත් නැත්නම් වර්ණයක් ලැබේ.


සමහර කතා ලියන්නට පුළුවන් ඒවාය, සමහර ඒවා ්‍රසිද්ධ කළහොත් යම් පුද්ගලයන්ට නරක ප්‍රසිද්ධියක් ලැබෙන්නට පුළුවන.


ඔහු ඊයේ මට කියූ කතාව ලස්සන එකක් නිසා ලියා පළ කරන්නට සිතුවෙමි.


මේ කතාව සිදුවී ඇත්තේ හැත්තෑ ගණන්වල අග විය යුතුය. එකල රුහුණට විශ්වවිද්‍යාලයක් සාදන්නට සැලසුම් කරන කාලය විය. 


මේ සඳහා නායකත්වය දීමට එකල රටේ සිටි ප්‍රසිද්ධ දේශපාලඥයින් දෙදෙනෙකු අතර තරඟයක් ඇති විය.


දේශපාලඥයින් කිව්වට එයින් එක් අයකු ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ උපාලි විජේවර්ධන මහතා විය. එකල ජනාධිපතිවරයා වූ ජේ ආර් ජයවර්ධන මහතාගේ ඥාති සොහොයුරෙකු වූ ඔහු එකල ජාතික දේශපාලනයට ඇතුළුවීමට සැලසුම් කරමින් සිටියේය. 

අනෙක් පුද්ගලයා වූයේ රොනී ද මැල් මහතා ය. ඔහු මට මතක හැටියට  ජයවර්ධන ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා විය යුතුය.


උපාලි විජේවර්ධන මහතා මෙම විශ්වවිද්‍යාලය තමන් උපන් ගම තමන්ට අයිති  කඹුරුපිටියේ ඉඩමක, බිහි කරන්නට උත්සාහ කළ අතර රොනී ද මැල් මහතා එය දැන් තිබෙන ස්ථානයේ පිහිටුවන්නට මූලිකව කටයුතු කළේ ය.


මේ දෙදෙනා අතර එම තරගය ඉතාමත් උත්සන්න වූ අතර රොනී ද මැල් මහතාගේ ආධාරකරුවන් පිරිසක් විසින් උපාලි විජේවර්ධන මහතාගේ ආධාරකරුවෙකු ගේ ඔරලෝසුවක් කඩා ගැනීමක් මේ අතර සිදුවිය. 


මෙම සිද්ධිය සම්බන්ධයෙන් උපාලි විජයවර්ධන මහතා අපූරු ප්‍රතිචාරයක් දැක්විය. ඒ ඔහුගේ හෙලිකොප්ටරයක් මගින්, ප්ලාස්ටික් ඔරලෝසු විශාල ප්‍රමාණයක් රොනී ද මැල් මහතාගේ ආධාරකරුවන් සිටි ප්‍රදේශයට ගුවනින් අතහැරීමයි. රොනී ද මැල් මහතා මේ නිසා ාස්‍යජනක ලෙස අපහසුතාවයට පත් විය.


එකල දේශපාලඥයින්ගේ හැසිරීම ඒ ආකාරය.

ඩයස්පෝරාවෙන් ආයෝජන ගෙන්වා ගැනීම

 ඇමතිවරයෙක් ලංකාවට ආයෝජන ගෙන්වා ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට ගිය ගමනක පින්තූර  බොහෝ ගණනක් ෆේස්බුක් එකේ දැක්කෙමි.  මේවා දැකීමෙන් පසු මට මගේ අත්ද...