Friday, July 1, 2022

සිංගප්පූරුවේ වැසියෝ 15 හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් දැනේ

 https://lakshmanillangakoon.blogspot.com/2022/06/he-news.html?m=1

මම මේ ලඟදි සිංගප්පූරුවේ සති දෙකක් ගත කළෙමි. ඒ පිළිබඳව බ්ලොග් දුසිමක් පමණ ලිව්වෙමි. සිංගප්පූරුව සහ ලංකාව බොහෝවිට සංසන්දනය කරනු අප දැක ඇත්තෙමු.

සිංගප්පූරුව ලංකාව  තරමටම දියුණු රටක් බවට පත් කිරීමට එරට පාලකයන් හැට ගණන් වල උත්සාහ කළ බවත් අවුරුදු විස්සකට පමණ පසුව ලංකාව සිංගප්පූරුවේ තත්වයට ගෙන ඒමට අප නායකයන් උත්සාහ කළ බවත් අප අසා ඇත්තෙමු. 

මේ තරමටම සිංගප්පූරුව අප පසුකරගෙන දියුණු වන්නට ප්‍රධාන හේතු මොනවාද මම බොහෝ විට කල්පනා කරන්නෙමි.

හැට ගණන් වල අප වගේ වෙන්නට සිතූ සිංගප්පූරුව දැන් වන විට ලෝකයේ දෙවනියට පොහොසත් රට බවට පත්වූයේ කෙසේද?

ඔවුනට 1965 වසරේ නිදහස ලැබෙන විට, සිංගප්පූරුවට ලෝකේ රටකට තිබිය හැකි හැම ප්‍රශ්නයක්ම වාගේ තිබුණි. නොයෙකුත් රටවල බොහෝ දැන උගත් දේශපාලන විචාරකයන් සිංගප්පූරුවට වැඩිකාලයක් ස්වාධීන රාජ්‍යයක් ලෙස ජීවත්වීමට නොව ඉඩ නොලැබෙන බවට කැට තැබූහ. 

කොමියුනිස්ට් වෘත්තීය සමිති, ඒවාට උදව් කරන මාඕ සේතුංගේ මුළු ආසියාවම කොමියුනිස්ට් වියයුතුයැයි සිතූ චීන රාජ්‍යය, කොයි මොහොතේ හෝඇවිලෙන්නට බලා සිටී චීන මැලේ සහ දකුණු ඉන්දියානු ජන කොට්ඨාස, අපරාධ කල්ලි වලින් අනූන වූ චීන මාෆියා කණ්ඩායම්, මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ තදින්ම ක්‍රියාකාරී වූ කොමියුනිස්ට් විප්ලවීය කණ්ඩායම් සිංගප්පූරුවට එකල තිබූ ප්‍රශ්න වලින් කිහිපයක් විය. ඔවුනට කියන්නට තරම් අපට මෙන් තේ පොල් රබර් වැනි ආර්ථිකයක් තිබුණේත් නැත.


නමුත් ඔවුන් පටන් ගන්නා විටම අප පටන් ගන්නා විට කළ දෙයක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත කළේය. ඒ ඒ වන විට රටේ සිටී බ්‍රිතාන්‍යය යුද හා නාවික හමුදා පිළිබඳවය.


ලංකාව නිදහස ලබා ගෙන අවුරුදු දහයක් පමණ යන විට බ්‍රිතාන්‍යය හමුදාවන්, ලංකාවෙන් පිටත් කර හැරියේය. ත්‍රීකුණාමලේ සහ කටුනායක තිබුණා බ්‍රිතාන්‍ය හමුදාවන් මෙසේ පිටත්කර හරින ලද්දේ, පනස් හයේ බණ්ඩාරනායක රජය විසිනි. 


මේ සඳහා හේතුව කුමක් විය හැකිද?


දැන් අවුරුදු විස්සකට පමණ පෙර නාවික හමුදාව නොයෙකුත් මෙහෙයුම් කිරීමට නිලධාරීන් මදි නිසා ිශ්‍රාම ගෙන සිටි නිලධාරීන් පිරිසක් නැවත සේවයට කැඳවන ලදී. මම මේ කාලයේ ඉන්දියාවේ සිට ලංකාවට කොටි බෝට්ටු පැමිණීම වළක්වා ලීමට ආරම්භ කරන ලද කොටි පොල්ල නැමැති මෙහෙයුමේ යොදවා තිබුණු පැරණි වෙළඳ නෞකාවක අණභාර නිලධාරියා වශයෙන් සිටියෙමි. මගේ නෞකාවට ද, මෙලෙස විශ්‍රාම ගත් නිලධාරියෙකු අනුයුක්ත කරන ලදී. 

ඔහු ාවිකයෙකු වශයෙන් රෝයල් සිලෝන්  නාවික හමුදාවට බැඳී කාලයක් ගත වූ පසු ලුතිනන්වරයකු බවට පත්ව විශ්‍රාම ගෙන සිටියේය.

මේ සම්බන්ධයෙන් ඔහු මට ලස්සන කතාවක් කීවේය.......... ඉතිරි කොටස හෙට

No comments:

Post a Comment

රොබට් නොක්ස්

  එළදැත්තේ රොබට් නොක්ස් නැවතී ගොවිතැන්කළ  නිවස අසල පිහිටුවා ඇති ගල් කණුව HEREABOUTS DWELT ROBERT KNOX STEPHEN RUTLAND 1670–1679 AND WITH THE...