Sunday, July 3, 2022

සිංගප්පූරුවේ වැසියෝ 16

 

https://lakshmanillangakoon.blogspot.com/2022/07/blog-post.html?m=1


මේ නිලධාරියා මාත් සමග මා අණදුන් නෞකාවේ මට මතක හැටියට මාස හයක පමණ කාලයක් අතිරේක නිලධාරියකු ලෙස සේවය කළේය. නාවික හමුදාවේ අතිරේක නිලධාරියෙකු කියන්නේ extra කියන එක නොවේ, additional කියන එකය. 

ඒ ුද නැවක තිබෙන සාමාන්‍ය standard නිලයන්ට අමතරව ැවේ සිටින නිලධාරීන් ද සාමාන්‍යයෙන් භාවිත වන යෙදුමයි.

ඔහු රාජකීය නාවික හමුදාවේ සේවය කරද්දී විනෝදාංශයට දඩයම් කර ඇති අතර එම කතා ඇතුළු වෙනත් බොහෝ කතා අප සතුටු සාමීචියේ යෙදී සිටියදී මා සමග කියන්නට පුරුදුව සිටියේය. 

මට මතක හැටියට බ්‍රිතාන්‍ය නාවිකයන් ්‍රිකුණාමලය නාවික තටාකාංගනය ලක් රජයට භාරදෙන විට ඔහු සේවය කර ඇත්තේ තටාකාංගනයේ යුද්ධායුධ ගබඩාවේය.  royal ceylon navy කාලයේ එහි සිදු වූ බොහෝ සිත්ගන්නා කතාවන් ඔහු මට කීවේය.

ඔහුගේ අර මා මුලින් කියූ කතාව මෙලෙසය. 


එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක එකල ඩී එස් සේනානායක අගමැතිවරයා යටතේ පළාත් පාලන ඇමතිවරයා විය. මට ඔහු කිවූ වසර මතක නැති උනත්, බොහෝ විට පනස් ගණන්වල මුල් කාලයේ . 

ඇමතිවරයා යම් වැඩකට තමන්ගේ රාජකාරි රථයෙන් ්‍රිකුණාමලයට පැමිණියේය. මෙහිදී ඔහුට නාවික හමුදා තටාංගනය තුළට යාමට සිතුනි.

ඔහු අවශ්‍ය පුද්ගලයන්ට දන්වා තටාකාංගණය වෙත ගියේය. 

තටාංගනය ගේට්ටුව අසලදී ඔහු පිළිගත් ඒ ගේට්ටුවෙ රාජකාරි කළ යම් නිලධාරියෙකු, ඔහුට ඇතුලට යාමට ඉඩ දුන් පසු, එම වාහනයේ යම් ධජයක්, දැක තටාකාංගණය බ්‍රිතාන්‍ය ාජ්‍ය කොටසක් නිසා මෙසේ වෙනත් ධජයක් සවිකර ගෙන ගෙන ඇතුලට යාමට නොහැකි බව ඔහුට දන්වා ඇත. ඔහුට ඇතුලට යාමට අවශ්‍ය නම් එම ධජය ගලවා ඇතුළට ගිය හැකි බවද පවසා ඇත.

මෙයින් කෝපයට පත් වූ ඇමතිවරයා තටාකාංගණය ඇතුලට නොයා ආපසු ගොස් ඇත. මෙම සිද්ධිය සිතේ තබාගෙන සිටි අප බණ්ඩාරනායක සිරිමතානෝ පනස් හය වසරේ අගමැති වූ වහාම බ්‍රි‍රිතාන්‍යට ත්‍රිකුණාමලයේ නාවික කදවුර සහ කටුනායක ගුවන් කදවුර ආපසු භාර දී රටින් පිටවන ලෙස ඉල්ලා සිටියේල.


සංසන්දනාත්මකව සිංගප්පූරුවේ ද මෙවැනි තත්ත්වයක් ඇති විය. සිංගප්පූරුවට  එංගලන්තයෙන් නිදහස ලැබුනේ  1959 වුවද ැලේසියාවෙනුත් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූයේ 1965 දීය.  යුද්ධයෙන් විශාල ආර්ථික අහේනියකට පත්ව සිටී එංගලන්තයට හැකි ඉක්මනින් රටෙන් පිට හමුදා කඳවුරු ඉවත් කරගෙන මුදල් ඉතිරිකර ගැනීමට ඕනෑ විය. 

එහෙත් එහි තිබුණු නාවික කදවුර සහ අනෙකුත් හමුදා පහසුකම් ඉවත් කරගෙන යනවට ස්වාධීන වූ රාජ්‍යයේ අගමැති වූ lee kuan yew තදින්ම අකමැති විය. එයට හේතු වූයේ එයින් ලැබෙන ආරක්ෂාවක් එසේම ආදායමත් කරුණු කොට ගෙන ය. 


ඔහු කීප වරක් එංගලන්තයට ගියේය. ඒ රාජ්‍ය නායකයන් මුණගැසී සාකච්ඡා කළේය. ඒ සියල්ලෙන් ම උත්සාහ කළේ හැකි තරම් කාලයක් බ්‍රිතාන්‍ය හමුදාවන් සිංගප්පූරුවේ තබා ගැනීම සඳහාය. 


එහෙත් තමන්ගේ අධිරාජ්‍ය වකවානුව දැන් අවසන් වී ඇති බව සහ ලෝකයේ අධිරාජයන් පවත්වා ගැනීමේ කාලය අවසන් වී ඇති බව අව

බෝධ කරගත් බ්‍රිතාන්‍ය එයට කෙලෙසකවත් කැමති වූයේ නැත.



සිංගප්පූරු රජය වහාම එම නාවික කදවුර සහ එහි තිබූ පහසුකම් Sembawang Shipyard Pte Ltd, ලෙස ්‍යාපාරයක් ආරම්භ කළ අතර එය කළමනාකරනය කිරීමට පත් කරන ලද්දේ ද ඒ සඳහා පුරුද්ද තිබූ බ්‍රිතාන්‍ය සමාගමකි.

සෙම්බ්කෝප් මැරීන් සමාගමය යනුවෙන් අද හැඳින්වෙන එම ්‍යාපාරය දැන් ඉන්දුනීසියාවේ ඉන්දියාවේ බ්‍රසීලයේ වැනි රටවල පවා තටාකාංගන පවත්වාගෙන යන සිංගප්පූරු රජයට අයිති සමාගමකි.

අප බ්‍රිතාන්‍යයන්ගෙන් ්‍රිකණාමලේ නාවික පහසුකම් ලබාගෙන දැන් අවුරුදු හැත්තෑවක් පමණ වෙයි, අපි තවමත් ඒ ආශ්‍රිතව සුද්දන් සෑදූ ගබඩා සංකීර්ණයට කුමක් කරන්නේදැයි පොරකමින් සිටින්නෙමු.


අප රටවල් දෙකේ වෙනස පටන් ගැනුණේ ඒ ආකාරයටය.








2 comments:

  1. එහි නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන යමක් ලියන්න

    ReplyDelete
    Replies
    1. ඉවර කරනවා ද කියලා කල්පනා කර කර හිටියේ දැන් මේක ලියන්න ම්

      Delete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...