යුරෝපයේ මධ්‍යතන යුගයේ medival period බොහෝ අය වෙනත් මූලික ලෝහ වර්ග වලින් රත්තරන් සෑදිය හැකි යැයි උමතුවකින් පෙළුණහ.
මේ මධ්‍යතන යුගය ලෙස හැඳින්වෙන්නේ රෝම අධිරාජයේ කඩාවැටීමේ සිට renaissance යුගය දක්වා ය.
මේ සඳහා මූලික ලෝහ වර්ග හයක් යොදාගැනීමට උත්සාහ කළහ. රසායන විද්‍යාවේ පටන්ගැන්ම මෙම විකාරය බව කියනු ලැබේ.
රත්තරන් හැදීමට අමතරව මෙලෙස එකල පරීක්ෂණ පැවැත්වූ මෙම රසායනික ිද්‍යාඥයන් යැයි කිව හැකි පිරිස තවත් දෙයක් සොයා ගැනීමට උත්සාහ කළහ. ඒ සැමදා ජීවත් වීමට එසේත් නැත්නම් බොහෝ කාලයක් ජීවත් වීමට උපකාරී වන යම් ඖෂධයකි. Elixir නමින් හැඳින්වෙන මෙම ඖෂධය ඉන්දියාවේ තිබෙන බව සැක කළ ඉන්දියාව ආක්‍රමණය කළ මහා ඇලෙක්සැන්ඩර් පවා ඔහු ගිය සෑම තැනකම මෙය සෙවූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.
2000 වසර ලබන විට, අප පසුකර පැමිණි පසුගිය අවුරුදු දහසේ මිනිසා ලෙස ටයිම් සඟරාව නම් කළ ගෙන්ගිස් කාන් නැමැති මොංගෝලියානු අධිරාජයා මේ ඖෂධය සොයා ගැනීමට බොහෝ උත්සාහ ගත් බව කියනු ලැබේ. ඔහු මේ සඳහා චීනයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකු ගෙන්වාගෙන උත්සාහ කළ බවත් ඉතිහාසයේ සඳහන් වෙයි.
ය.
ලෝකයේ වෙනත් කලාප වල මෙලෙස අමරණීයත්වය ලබා දෙන ඖෂධය බොහෝ බලගතු පුද්ගලයන් විසින් සොයා ගන්නට උත්සාහ කළ ද පැරණි ශිෂ්ටාචාරයක් වන ඉන්දියාවේ මේ සඳහා එතරම් උනන්දුවක් ඇතිවූයේ නැත. මේ බොහෝ විට ේ ප්‍රදේශයේ ආගම් පුනරුත්පත්තිය තදින් විශ්වාස කළ නිසා විය හැක. එසේම නැවත ඉපදී අලුත් ජීවිතයක් ආරම්භ කළ හැකි යැයි ඔබ විශ්වාස කරනවා නම් ේ ජීවිතයේ ම ඉන්න තිබෙන අවශ්‍යතාවය කුමක්ද? වැඩිපුර පින් ටිකක් කරගෙන, දෙවියන්ට ස්තෝත්‍ර කියා, එසේත් නැත්නම් ආගමික ස්ථාන ගොඩ නංවා, බණ භාවනාවන් කරගෙන, රැස් කරගත් පින් වලින් ඊළඟ ආත්මය අවුරුදු කෝටි ගන්නත් ඇසූපිරූ සැප ඇති ිව්‍යලෝක ජීවත්වීමට පුලුවන්නම්, මේ පෘථිවිය මත දුක්ඛිත ජීවිතය තව තවත් දීර්ඝ කර ගන්නේ ඇයි?
ඉතිහාසය පුරා ඉන්දියාවත් සමග ජීවත් වූ ආගම් භාෂාව යනාදී සියල්ල ඉන්දියාවෙන් ලබාගත් අපේ සංස්කෘතියටත් මේ අදහස් ඇතුළු වන්නට ඇත.
මට මේ අදහස් සියල්ල ඔළුවට ආවේ මේ දිනවල දකින රසදිය පාවිච්චි කර න්ධන හදා ගැනීමේ යම් පරීක්ෂණයක් නිසාය.
සමහරවිට, කාර්මික යුගය පටන් ගන්නා විට අතහැර දමන ලද, රසදියෙන් රත්‍රං හදාගැනීම පිළිබඳව මේ පරීක්ෂකයාට කියවන්නට හෝ කෙනෙකුගෙන් හට ලැබී තිබෙන්නට පුළුවන.
දැන් ලංකාවේ ඉන්ධන රත්තරන් හා සමාන කිරීමට කෙනෙකු සිතට නැගීමේ වරදක් නැත. මක්නිසාද රටේ ඉන්ධන ඒතරමටම දුර්ලභ වී ඇත්තේය.
මගේ යාළුවෙක් මිය ගිය ආරංචිය ලැබී, ඔහුට අවසාන ගෞරවය පුද කරන්නට යාමට මම ඊයේ සිට, ඉන්ධන ටිකක් හෝ කුලී රථයක් සෙව්වෙමි. තවමත් සොයාගැනීමට නොහැකි වුනු අතර, මම බොහෝ කණගාටුවෙන් සිටිද්දී, වෙන වැඩකට දුරකතනෙන් කතා කළ මිතුරෙකු අද හවස මා සමග යාමට පොරොන්දු විය.
මේ පරීක්ෂනයට අපි උසුළු විසුළු කරන්නට හොඳ නැත. කරන්නටම නොහැකි යයි අපි හොඳින්ම දන්නා දෙයක් වුවත් වෙන කරන්නට දෙයක් නැත්නම් උත්සාහ කර බලන එකේ වරදක් නැත.
මක්නිසාද 1895 බ්‍රිතාන්‍ය රාජකීය විද්‍යා සංගමයේ සභාපති වරයා වූ ඉංග්‍රිසි ජාතික ෞතික විද්‍යාඥ සහ ගණිතඥ lord විලියම් thomson කෙල්වින් මෙසේ කියා ඇත්තේ ය.
"වාතයට වඩා බර, කිසිම යන්ත්‍රයකට ගුවනේ ගමන් කරන්නට නොහැක"
1903 වසරේ ාසල් අධ්‍යාපනය වත් හරියට නිමා නොකළ රයිට් සහෝදරයන් වාතයට වඩා බර යන්ත්‍රයක් ගුවන් ගත කළා පමණක් නොව අඩි 120 ක ගුවන් ගමනක් ද කළහ.
🤓
ReplyDeleteස්කන්ධ සංස්ථිතිය, බලය සංස්ථිතිය වැනි සියළු භෞතික විද්‍යා නියම සමතික්‍රමණය කරන මේ නිර්මාණය කළ මේ තරුණයාට දිනක් නෝබෙල් තෑග්ග හිමිවීමට නියමිතයි.
රසදිය වාෂ්ප නිසා අන්තුරක් සිදුවීමට පෙර එය සිදුවුණොත් යහපති. 😉
☹️
ReplyDeleteඑක් ශක්ති ප්‍රභවයක් තවත් ශක්තියකට පරිවර්තනය කිරීමේ දී ශක්ති විනාශවීමක් අනිවාර්යෙන්ම සිදුවෙන බව ඕනෑම පොඩි ළමයෙකුට තේරෙනවා. කොටින්ම දර ලිපක් ළඟට ගියත් පත්තු වෙන බල්බ් එකක් අතින් ඇල්ලුවා එය තේරුම් යා යුතුයි.
එසේ තිබියදී රසදිය උපයෝගී කරගෙන කිසිදිනක ක්ෂය නොවෙන ලෙස විදුලිය ඉපදවිය හැකි බවත්, කිලෝවොට් හතක මෝටරයක් කරකවා, ගියර් පද්ධතියක් හරහා යවා, ටර්බයිනයක් කරකවා මේගාවොට් 50 ක් උත්පාදනය කළ හැකි බවත් යමෙකු පවසන විට එය ප්‍රශ්න නොකර විශ්වාස කරන මාජ්ජ-වේදීන් දැකීම පුදුමයක්
😀
ReplyDeleteමාජ්ජ-වේදීන් පමණක් නොව එක් ඉංජිනේරුවෙකු බව ඔය රසදිය එන්ජිම දැක රීති ප්‍රමෝදයට පත් වී සිටි බව යමෙකු පවසා තිබුණා මගේ පිළිතුර වූයේ මෙයයි.
ගෝඨාභයට කඩේ ගිය ඉංජිනේරුවන් පවා සිටි රටක එවැනි මෝඩයෙකු තවත් ඉතුරු වී සිටින බව දැනගැනීම නම් පුදුමයට කාරණයක් නොවේ.
http://bit.ly/PE2019Rasikology
🤣
DeleteIf memory serves me right, in late 1990s, some Jonny claimed to have manufactured a car that is powered by water and the Prime Minister at that time visited this man and said that the government will support him. We have a gift to fall for this sort of claims
ReplyDelete