Thursday, January 28, 2021

3 මහාවංශය 3

 




මේ අතර සිංහයා ආපසු ලෙනට පැමිණ, ඔහුගේ පවුලේ සාමාජිකයින් නොමැති බව දැක, බලවත් ශෝකයට පත්විය. කෑම බීම ප්‍රතික්ෂේප කලේය. ඌගේ දරුවන් සොයා, අසල ගම්මාන වලට පැමිණෙන්නට පටන් ගත්තේය. මෙම ගම්මාන වල වැසියන් භීතියට පත්ව, රජුට මේ පිලිබඳව දන්වා සිටියහ.

 

මහ රජුනි, සිංහයෙකු ඔබගේ රාජ්‍ය  විනාශ කරයි. එයින් අපව වහාම බේරා දෙනු මැනව.” ඔවූහූ පැවසූහ.

 

 එහෙත් රජුට සිංහයා එලවා දැමීමට, හැකි පුද්ගලයෙකු සොයා ගැනීමට නොහැකි වූ නිසා, සඳහා යැවීමට, පුද්ගලයෙකු සොයා ගැනීමට, අලියෙකුගේ පිටේ මසුරන්  දහසක් තබා,

 

 සිංහයා අල්ලා රැගෙන එන කෙනෙකුට, මෙම මසුරන්  දහස ත්‍යාග  වනු ඇත.”

යනුවෙන් ප්‍රසිද්ධ කලේය.

 

 කිසිවෙකු ඉදිරිපත් නොවුනු නිසා රජු තෑගි මුදල 2000 සහ 3000 දක්වා ක්‍රමයෙන් වැඩි කලේය. සිංහබාහු මේ සඳහා ඉදිරිපත් වීමට උත්සාහ කලද ඔහුගේ මව මුල් දෙවතාවේදී ඔහුට ඉදිරිපත් වීමට ඉඩ දුන්නේ නැත. තෙවැනි වර ඔහු මවට නොදන්වා ඉදිරිපත් වී තමන්ගේම පියා මරා දැමීමට පොරොන්දු වී, රන් කහවනු 3000 ලබා ගත්තේය.

 

රාජ පුරුෂයෝ තරුණයා රජු බැහැ දැකීමට රැගෙන ගියහ.

 

ඔබ සිංහයා විනාශ කලහොත් මම ඔබට මගේ රාජH දෙන්නෙමි,” රජු ඔහුට පොරොන්දු විය[1].

 

සිංහබාහු දුනු ඊතල ගෙන ගල් ගුහාව වෙත ගියේය. ඔහු දැක සිංහයා ඔහුට ඇති ආදරය නිසා ඔහු වෙතට පැමිණෙන්නට පටන් ගත්තේය. කුමරු සිංහයා වෙත ඊතලයක් විද්දේය. හාස්කම් කිහිපයකින් පසු  විදින ලද ඊතලය සිංහයාගේ ශරීරය පසාරු කරගෙන ගොස් මරණයට පත් කලේය. සිංහබාහු කේශර සහිත සිංහ ඔලුව රැගෙන ආපසු අගනුවරට පැමිණියේය. ඔහු ආපසු අගනුවරට පැමිණෙන විට මහ රජු මියගොස් සත් දිනක් ගතවී තිබිණ.

 

 සිංහබාහුගේ වීර ක්‍රියාව නිසා සහ ඔහු මියගිය රජුගේ මුනුබුරා බවත් දැනගත් පසු මහ රජුට පිරිමි දරුවන් නොසිටි බැවින්, ඇමති මංඩලය සිංහබාහු ගෙන්  වගු රටෙහි රජකම බාර ගන්නා ලෙස ඉල්ලා සිටියහ.

 

ඔහු රජකම බාරගෙන එය තමන්ගේ මවගේ ස්වාමියාට ලබා දී, සිංහසීවලී සොහොයුරියද රැගෙන තමන් උපන් වනයට ගියේය. ඔහු එහි සිංහපුර නමින් නගරයක් ඉදිකලේය. එම නගරය වටා යොදුන් සියයක දුරට ජනාවාස ඇති කලේය. එම ලාල රටෙහි පිහිටි සිංහපුර නගරයෙහි සිට තම රට පාලනය කල සිංහබාහු, සිංහසීවලී ඔහුගේ මෙහෙසිය කර ගත්තේය. ඔහුගේ මෙහෙසිය 16 වරක් නිවුන් පිරිමි දරුවන් බිහි කලාය. වැඩිමලා විජය ලෙසද, දෙවනියා සුමිත්ත ලෙසද, නම් කරන ලදි. නිසි වයසට පැමිණි පසු මහ රජු, විජය කුමරු යුව රජ බවට පත් කලේය.

 

විජය කුමරු ඉතා නොහික්මුනු දාමරික ගති ඇති  පුද්ගලයෙකු විය. ඔහු, ඔහුගේ අනුගාමිකයන් සමඟ රටේ ජනයාට නොයෙකුත් කරදර කලේය. කෝපයට පත් ජනයා රජු වෙත පැමිණ මේ පිලිබඳව රජුට පැමිණිලි කලහ. රජතුමා පිරිස සන්සුන් කර යවා විජය හා අනුගාමිකයන්ට තදින් අවවාද කලේය. මෙලෙස තෙවරක් අවවාද කලද විජය කුමරු නැවත නැවතත් පරණ පුරුදු ලෙසටම නොකටයුතුකම් කරනු ඉවසනු බැරි ජනයා රජු වෙත හතරවෙනි වරටත් පැමිණ,

 

ඔහු දුසිරිතෙන් මිදෙන්නේ නැත. ඔහු ජීවිතක්ෂයට පත් කරනු මැනවි” යනුවෙන් රජුගෙන් ඉල්ලා සිටියහ.

 

රජු, විජය සහ ඔහුගේ අනුගාමිකයන් හත්සීය දෙනෙකු හිස අඩක් මුඩු කොට[2] නැවකට නංවා මුහුදට යැවීය. එලෙසම එම පිරිසේ බිරින්දෑවරුන් එක් නැවකටද, දරුවන් තවත් නැවකටද දමා පා කර හැරියේය. දරුවන් සිටි නැව හා බිරින්දෑවරුන් සිටි නැව වෙන වෙනම දූපත් දෙකකට සේන්දු වූ අතර, දරුවන් පැමිණි දූපත පසුව නග්නද්වීප යනුවෙන්ද, කාන්තාවන් පැමිණි දිවයින මහිලා ද්වීප යනුවෙන්ද ප්‍රසිද්ධ විය. විජය කුමරු රැගත් නැව සුප්පාරක වරායට[3] පැමිණියද, එහිදීද ඔහුගේ අනුගාමිකයන්ගේ නොමනා හැසිරීම නිසා එම ස්ථානයෙන්ද නැවත නැව් නැඟ පිටවිමට සිදුවිය.

 

 

 

 

විජය කුමරු තම අනුගාමිකයන් සමඟ බුදු රජුන් සල් ගස් දෙක මැද පරිනිර්වාන සිදු වූ දිනයේ, ශ්‍රී  ලංකාවේ තම්බපන්නී නම ස්ථානයට ගොඩ බැස්සේය[4].

 

 


                                             

                 

 

 

 



[1] රජයට විරුද්ධව කැරැල්ලක් ඇති වූවේදැයි සැක සිතන්නටද  පුලුවන. 

[2] මෙයින් අදහස් වන්නේ නිදහස නැති බවයි, වහලෙකු හා සමාන බවයි.

[3] වර්තමාන මුම්බායි නගරයට උතුරින් පිහිටි ඉන්දියාවේ තාන දිස්ත්‍රික්කයේ දැන් සෝපාර නම් වන එකල සුප්පාරක වරාය. 

[4]  ඉන්දියානු අර්ධද්වීපයේ දකුණු කෙලවර පසුකරනතෙක් දකුණට පැමිණ ආපසු ඊසාන දෙසට හැරී  මන්නාරම පැත්තට ගමන් කිරීමෙන් මෙය අහඹු ගමනකට වඩා සැලසුම් කල ගමනක් ලෙස පෙනේ.


1 comment:

  1. යා යා අපේ රැහේ එවුන්
    හොරකමට

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...