Sunday, February 7, 2021

අප රඟපානවා වත්ද ?


 


මම ළඟකදි බැලූ චිත්‍රපට දෙකක් පිළිබඳව මට බ්ලොග් එකක් ලියන්නට සිතුනි. මම මීට පෙරත් චිත්‍රපට කිහිපයක් පිළිබඳව බ්ලොග් ලියා ඇති නමුත් චිත්‍රපට දෙකක් පිළිබඳව එකවර බ්ලොග් එකක් ලියා නොමැත්තේය. ඇත්තෙන්ම මේ චිත්‍රපට දෙක එකවර මට බලන්නට ලැබුනේ, ඒ කියන්නේ පිටපිටම බලන්නට සිදුවුණේ අහම්බෙනි. 

මම සාමාන්‍යයෙන් බලන්නට හොඳ චිත්‍රපටයක් සොයාගන්නේ අන්තර්ජාලයෙ චිත්‍රපට පිළිබඳ පරීක්ෂා කිරීමෙනි. එහෙත් මෙවර එසේ සොයාගත් චිත්‍රපටය netflix එකේ නොතිබුණු නිසා චිත්‍රපටයක් බලන්නට ඕනෑකම තිබුණු නිසාත්, netflix එකේ චිත්‍රපටයක් සොයන විට චිත්‍රපටයේ නම අමුතු නිසා තරමක් පරීක්ෂාකර බලන විට එහි ප්‍රධාන නළුවා වශයෙන් රඟපාන්නේ ටොම් හෑන්ක්ස් බව දුටිමි. tom hanks මගේ ප්‍රියතම නළුවෙකි. මේ නිසා මම මේ චිත්‍රපටය ටික වේලාවක් බැලුවද ඒ තරම් ගතියක් නොතිබුණු නිසා එය ඉවත් කරන්නට කල්පනා කරමින් සිටින විට මේ චිත්‍රපටය තරමක් අමුතු බව පෙනෙන්නට තිබුණු නිසා තව ටිකක් දුරට බැලුවෙමි.
අප කුඩා කාලයේ බොහෝ චිත්‍රපට බැලුවෙමු. ඒ පාසල් කාලයේ මහනුවර odeon  සහ රීගල් සිනමා හල්වල දීය. මෙම චිත්‍රපට ශාලාවල එකල බොහෝ දුරට ප්‍රදර්ශනය කළේ ඉංග්‍රීසි  චිත්‍රපට වන අතර එයිනුත් බටහිර ගොපළු කොළුවන්ගෙ චිත්‍රපට ප්‍රධාන තැනක් ගත්තේය. මට මේ චිත්‍රපට බැලීම ගැන මතක් උනේ නරඹන්නට චිත්‍රපටයක් සොයා ගන්නට දැන් අප වන වෙහෙස කල්පනා කර බලන විට ය. එකල ලැබෙන ඕනෑම චිත්‍රපටයක් අපි බලන්නට පුරුදුව සිටියෙමු. ඉහත සිනමා ශාලා දෙකේ කුමන චිත්‍රපට තිබෙන්නේ දැයි අපි බලාගත්තේ දැන් මහනුවර ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලය තිබෙන තැන වලේ තිබුණු billboard පේළියෙනි. සමහර චිත්‍රපට ශාලාවල billboard වල ඒ බෝඩ් එකේ තරමටම ලොකු පෝස්ටර් තිබුණු අතර සමහර විට ලොකු බෝඩ් එකේ අතින් ලියූ කුඩා පෝස්ටරයක් අලවා තිබුණි.

අප පාසල ඇරී එනවිට සමහරවිට මහනුවර දුම්රිය ස්ථානය අසල odeon සිනමාහලට චිත්‍රපට . රීල් ගෙනියන කරත්තය නවතා තිබුණු දුටුවහොත් අප එතනට ගොස් කරත්තකාරයා ගෙන් මෙවර පැමිණෙන්නේ කුමන චිත්‍රපටයක්ද යන්න දැන ගැනීමට ද උත්සාහ කළ අවස්ථා නැතුවා නොමැති බව අද සිහියට නැගෙන්නේ හාස්‍ය කුත් සමගය.

නැවත ටොම් හෑන්ක්ස් ගේ චිත්‍රපටිය වෙතට යමු. ඒ චිත්‍රපටයේ නම it is a beautiful day in the neighborhood යන්නයි. තමන්ගේ සහෝදරියගේ විවාහ මංගල්‍ය උත්සවය දවසේ බීමත්ව සිටින තම පියා හා රණ්ඩුවක පැටලෙන පුතෙකු ගේ කතාවකින් චිත්‍රපටය පටන් ගැනෙයි. තම මව තමා කුඩා කාලයෙ මිය යන විට ඇය තම පියා විසින් නොසලකා හැරිය බව සිතන පුතා ඒ පිළිබඳව පියා සමඟ තරහින් සිටින අතර, මුළු සමාජය සමඟ ම පාහේ යම් තරහකින් සිටිනු අපිට දකින්නට පුළුවන.
මේ අතරතුර ඔහු වැඩ කරන මාසික සඟරාව විසින් ළමා රූපවාහිනි නිෂ්පාදකවරයෙකු හා සම්මුඛ සාකච්ඡාවක් කිරීමට ඔහු යවනු ලැබෙයි. සම්මුඛ සාකච්ඡාව වචන හාරසීයකට නොවැඩි විය යුතු බවට කතුවරිය ඔහුට කියයි. මෙම රූපවාහිනී කලාකරුවා ඉතාමත් හොඳ එමෙන්ම බොහෝ සතුටින් ජීවත් වන පුද්ගලයෙකි. ඔහු මෙම තරුණයාගේ ප්‍රශ්නය දැක එයින් ගැලවීමට ඔහුට  උදව් කරන ආකාරය මෙම චිත්‍රපටයෙන් කියවේ. සම්මුඛ පරීක්ෂණය අතරතුරම තරුණයාගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන ආකාරයෙන්ම ඔහුගේ පවුලේ ප්‍රශ්නය කතා කර ඔහු හා පියා අතර ඇති ගැටලුවද විසඳා දී අවසානයේ මුළු පවුලම සතුටින් ජීවත් වන්නට සලස් වීම මෙම චිත්‍රපටයේ ඉතාමත් අලංකාර ලෙස පෙන්වා දෙයි. 

හොඳ කොතරම් පහසුවෙන් තවත් පුද්ගලයන්ට බෙදා දීමට හැකිදැයි මේ චිත්‍රපටයෙන් අලංකාර ලෙස පෙන්වයි. tom hanks ගේ රඟපෑම හැමදාම ඔහුගේ චිත්‍රපට ජීවිතයේ ම දක්නට ලැබුණු ආකාරයෙන්ම ඉතාමත් අනගි එලෙස කරනා අතර ඔහුගේ ළමා රූපවාහිනී දර්ශන ගන්නා අතරම ඒ තුලින්ම මෙම කතාව ගලාගෙන යාම මෙම චිත්‍රපටයේ තවත් විශේෂ ලක්ෂණයකි. සමහරවිට නරඹන්නන් ට චිත්‍රපටය කුමක්දැයි චිත්‍රපටය තුළ තිබෙන ළමා රූපවාහිනී දර්ශන මොනවාදැයි වෙන් ව තෝරා ගැනීමටත් අපහසු තරම්ය..

ටොම් හෑන්ස්ගෙ මේ චිත්‍රපටය නැරඹීමෙන් පසු හුගේ ම තවත් චිත්‍රපටයක් බලන්නට සිතුණු නිසා  මෙතෙක් මා නරඹා නොමැති එවැන්නක් සොයාගෙන නරඹන්නට ගත්තෙමි. ඒත් circle නැමැති චිත්‍රපටයයි. මේ චිත්‍රපටය තරමක් ගූගල් ආයතනයට පහරදීමට සෑදූ චිත්‍රපටයක් දැයි සිතන තරමට මට මුල් කොටස බලද්දී ගූගල් ආයතනය මතක් විය.
 ඔහුගේ මනරම්  ලෙස මෙම රඟපාන දර්ශනයකින් පටන් ගත්තේ වුවද, චිත්‍රපටය ටිකක් දුරට යන විට එහි බොරු සෝබන ඇති බවට මට සිතුනි. ඉන්පසු මම එම චිත්‍රපටයේ බැලීම නවතා දමා පසුදින වෙනත් චිත්‍රපටයක් සෙව්වෙමි.
පසුදින මට හමුවූයේ Jim Carrey ගේ the Truman show නැමැති චිත්‍රපටය යි. මේ චිත්‍රපටය බැලීමටද මා යොමු වූයේ එහි Jim Carrey, මා ඉතාමත් කැමති හාස්‍ය නළුවකු, රඟපාන හෙයිනි. මෙම චිත්‍රපටයද මා සිතුවාට වඩා බොහෝ ඉහළ තත්වයේ චිත්‍රපටයක් බවට පත්වුණි. එහි කතාව විශේෂයෙන්ම චිත්‍රපටයක කවදාවත් වගේ මට දක්නට ලැබුණු පන්නයෙ එකක් නොවේ. 

කුඩා ළමයෙකු ඉපදුන දවසේ සිට ඔවුහු නගරයක් වැනි කුඩා දූපතක සිරකර, ඔහුත් සමග ඔහුගේ ජීවිතයට සම්බන්ධ වන සියලු දෙනාම නළුවන් වන මෙම චිත්‍රපටයේ ඔහු හිතාගෙන ඉන්නේ තමන් මේ ගත කරන්නේ ඇත්තම ජීවිතයක් බවයි. එහෙත් ඔහු සමග ජීවත්වෙන සියලු දෙනාම නළුවන් වෙති. ඔහු ජීවත් වන මුළු කාලයම 24 *7 කැමරා දහස් ගණනකින් වීඩියෝවට වීඩියෝවට නැගෙන අතර, මුළු ලෝකය ම එය නරඹති. නරඹන්නන් මේ පිළිබඳව මුසපත්ව සිටිති. වයස තිස් ගණනක් වන Truman අවසානයේ මෙම ඔහු සිර කර ඇති ලෝකෙන් පැන යන අතර මුළු ලෝකෙම විසිල් ගසති.

මෙම චිත්‍රපටය බලා අවසන් වන විට ඇත්තෙන්ම අපේ ජීවිතත් මෙයට යම් සමානකමක් තිබෙන බව මට සිතුනි. shakespeare කවියා ද මේ පිළිබඳව as you like it වේදිකා නාට්‍යයේ all the world is a stage කියන්නට ඇත්තේ ද මේ නිසාය

4 comments:

  1. ටෲමන් ෂෝ මට මතකයි. ඇත්තට අපි මේ ගත කරන සංදර්ශන ජීවිතයත් ගොඩක් දුරට ඔය වගේ තමයි. වෙනස තියෙනනෙ අපට ඒකෙන් ගැළවෙන්න උවමනාවක් නැතිකම විතරයි.

    ReplyDelete
  2. Truman show වගේම සිංහල චිත්‍රපටයක් මා නරඹා තියෙනවා සිඩ්නිවල දී, නම නිනෝ ලයිව්. ටෲමන් ෂෝ ගැන අසා මිස නරඹා නැති නිසා මං මුලින් හිතුවේ සිංහල චිත්‍රපට කොපියක් හෝ රී මේක් එකක් කියායි, නමුත් එසේ නොවේ. කොටින්ම ටෲමන් ෂෝ එක ගැනත් නිනෝ ලයිව් එකේ සඳහන් වෙනවා!

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...