Tuesday, January 19, 2021

යහපත් නාවිකයන් සහ කොවිඩ් වසංගතය

 මම 2013 නාවික හමුදාවෙන් විශ්‍රාම ගත් දා සිටම ඇවන්ගාඩ් මැරිටයිම්  සමාගමේ සේවය කරමි. මම එහි සේවය කිරීමෙන් වැඩියෙන්ම සතුටක් ලබන්නේ සමාගමේ නව ව්‍යාපාරයන් සඳහා දක්වන උනන්දුවත්, ඒ ව්‍යාපාර පටන් ගැන්ම සහ වැඩි දියුණුව සඳහා දරන ඉතා වේගවත් එමෙන්ම  කිසිම බාධකයක් ගණන් නොගන්නා වූ වේගවත් ගමන් කිරීමයි.


මාගේ සේවය අවශ්‍ය වූ විට පමණක් කොළඹට පැමිණෙන මට, මෙවර එහි සභාපති වරයාගේ ඇමතීම ලැබුණේ විශේෂ වූ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා සාකච්ඡා වට කිහිපයකට පැමිණෙන ලෙසටය. මම සෙනසුරාදා උදේ නමයට ගෙදරින් පිටත් වූ අතර 12.30 වන විට සභාපතිවරයාගේ නිවසට පැමිණියෙමි. එදින සාකච්ඡා අවසන් වන විට 2300 පැය වූ අතර, මෙවර අත ගසන්නට තීරණය කර ඇති ව්‍යාපාරය ලෝකයේ කොතැනකවත් කවරදාකවත් නොකෙරුණු ව්‍යාපාරයක් වන අතර, ඒ නිසාම මට ඒ පිළිබඳ ලියන්නට සිත් විය.


මේ පිළිබඳ අදහස අප මිත්‍ර ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට ඔළුවට වැටී ඇත්තේ සිද්ධි දෙකක් නිසාය. එයින් පළමුවැන්න එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සැසිවාරයේදී පසුගිය දෙසැම්බර් විසි එක් වන දින ගන්නා ලද තීරණයක් කියවන්නට ලැබීමය. යුධ හමුදා නිලධාරියකු වුවද මහ සයුර සහ එහි සිදුවන දෑ පිළිබඳව ඉතාමත් විමසිල්ලෙන් පසුවන නිස්සංක, මේ සැසිවාර යෝජනාව හොඳින් හදාරා සිහියේ තබා ගත්තේය. ඒ යෝජනාවෙන් කියවුනේ වෙළඳ නෞකාවල සේවය කරන නාවිකයන් අත්‍යවශ්‍ය සේවාවක් සේ සලකා, සෑම සාමාජික රාජ්‍යයක්ම මේ කෝවිඩ් වසංගතය කාලයේ ඔවුනට උදව් කළ යුතු බවය. මෙවැනි යෝජනාවකට ප්‍රධානතම හේතුව වූයේ නාවික වෙළඳාම පෘථිවියේ ජීවත්වන සියල්ලන්ටම ඉතාමත් වැදගත් කාරණයක් නිසාය. ලෝකයේ සිදුවන වෙළඳාම් වලින් සියයට හැත්තෑවක් සිදුවන්නේ මහා සාගරය හරහා යැයි කීමෙන්ම, නාවික ගමනාගමනය ලෝකයට කොතරම් වැදගත් දැයි අපට සිතාගත හැකිය.


මේ නව ව්‍යාපාරයට තුඩුදුන් අනික් කාරණය වන්නේ කෝවිඩ් වසංගතය පැතිරීමෙන් පසු, ලෝකයේ නොයෙකුත් රාජ්‍යවලින් වෙළඳ නෞකාවලට සහ එහි සේවය කරන්නන්ට පනවා ඇති නොයෙකුත් සීමාවන්ය. යම්  නැවක කෝවිඩ් සෑදුනු නාවිකයෙකු සිටින බව දැනගන්නට ලැබුණු විට, එම නෞකාවට වරායකට ඇතුළු වීමට ඉඩ නොදීම මෙම සීමාවන්ගෙන් එකකි. මේ දිනවල මෙවැනි නෞකාවක් කරගන්නට දෙයක් නොමැතිව මහමුහුදේ ඉබාගාතේ හැසිරෙන බවට නිශ්ශංකට දැනගන්නට ලැබිණ. ඒ මෙම නව ව්‍යාපාරය පටන් ගැනීමට උත්සුක වීමට තුඩුදුන් දෙවැනි කාරණයයි.


මේ මෙම කරදරයට පත් වුණ පළමුවැනි නැව වුවද, තවත් බොහෝ නැව් අනාගතයේදී මෙලෙස යාමට වරායක් නොමැතිව මහ මුහුදේ අතරමං වන තත්වයට ඒමට පුළුවන් බව පැහැදිලිය. යහපත් නාවිකයකු ලෙස මෙලෙස සහෝදර නැවියන් කරගන්නට දෙයක් නොමැතිව මහා මුහුදේ අතරමං වී සිටීම බලා සිටීමට නොහැකි කාරණයකි. එලෙසින්ම අප රටද මහා සාගරයේ නැගෙනහිර බටහිර යාකරණ ප්‍රධාන මුහුදු මාර්ගයක වැදගත් සන්ධිස්ථානයක පිහිටි රටකි. මේ නිසා මෙවැනි අසීරු අවස්ථාවකදී නාවික වෙළඳාම සහ ගමනාගමනය කරදරයකින් බේරා ගැනීමට ඉදිරිපත් වීම එක්සත් ජාතීන්ගේ සාමාජිකයෙකු ලෙස පමණක් නොව, භූගෝලීය වශයෙන් ලෝකයේ ප්‍රධාන මුහුදු මාර්ගයක වැදගත් සන්ධිස්ථානයක සිටින අප රටට ඇති අතිශය වැදගත් වගකීමකි.


මෙවැනි වගකීමක් පැහැර හැරියා යයි පසු කලෙක කිසි කෙනෙකුට අපට වරදක් පටවන්නට නොහැකිය. නමුත් එවැනි අවස්ථාවක් තිබියදීත් අප එය නොකළ සිටි බව නිසා අපට පසුතැවීමෙන් වැළකී සිටීමටද නොහැකිය. ඒ අතරම මෙවැනි අවස්ථාවක නව චින්තනයකින් සහ එඩිතරකමකින් යුක්තව මෙවැනි ප්‍රශ්නයකට විසඳීමට උදව් කිරීමට ඉදිරිපත් වුවහොත්, එය අපේ රටට අන්තර්ජාතික සාගරික මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීමට ලැබෙන බලවත් රුකුලක් වෙන්නට පුළුවන, එසේ වීම අනිවාර්යය.




දැන් ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම පටන්ගැනීමට සැලසුම් කරන්නේ එවැනි ව්‍යාපෘතියකි.


මෙලෙස නැවක කොවිඩ් පරීක්ෂාවෙන් positive වූ රෝගියකු සිටින බව දැනගත් විට, එම නැවට වරායකට යාමට නොහැකි නිසා රෝගියා නැවෙන් ඉවත් කර නැවත තමන්ගේ පැමිණි කාර්යය ඉටුකර ගැනීමට හා එම රෝගියාට ප්‍රතිකාර ලබා දීමට ක්‍රමයක් නැත්තේය.

එම රෝගියා නැවෙන් ඉවත් කර නැවේ ඔහු සමග සිටි අනෙකුත් කාර්ය මණ්ඩලයට රෝගය තිබෙනවා දැයි පරික්ශා කර, එසේ රෝගය ඇති කෙනෙකු සිටින්නේ නම් ඔවුන්ද ඉවත් කර, නෞකාව විෂ බීජ හරනයකට පාත්‍ර කර අඩු වූ කාර්ය මණ්ඩලයට සුදුසුකම්ලත් වෙනත් අය යොදවා නෞකාවට නැවත ගමන් ආරම්භ කිරීමට ඉඩ සලසා දීමට හැකියාවක් ලබා දීමට නම්, ඒ සඳහා ඉතාමත් සංකීර්ණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතුය.


මේ සඳහා සියලු පහසුකම් වලින් යුත් පාවෙන ආරෝග්‍ය ශාලාවක් ඇති කළ යුතුය. ඒ මෙලෙස සොයා ගන්නා කොවිඩ් රෝගීන් ගොඩබිමට ගෙන ඒම කළ නොහැකි නිසාය .එය නෞකා වලදී හඳුනාගන්නා කොවිඩ්  රෝගයෙන් පෙළෙන වෙළඳ  නාවිකයන්   නවතාගෙන ප්‍රතිකාර කිරීමට ය . මෙම නෞකාවේ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සිටිය යුතුය . සමහර විට අප කුඩා කාලයේ අසා තිබූ හෝප් ආරෝග්‍යශාලා නෞකාවෙන් පසු පමණ ආරෝග්‍ය ශාලාවක් ලෝකයේ ඇතිවන ඇති වන පළමු අවස්ථාව මෙය විය යුතුය . 

එලෙසම මෙම නෞකාවේ සේවය ලබාගැනීම සඳහා වෙළඳ නෞකා වලට ඉඩ ලබාදීමට යම් රක්ෂණ ක්‍රමයක් වැනි ක්‍රමයක් ද ඇති කළ යුතුය . ඒ පිළිබඳව එම සමාගම් දැනුවත් කළ යුතුය . 

මේවා බොහෝ බොහෝවිට බොහෝවිට ලෝකේ මුල්වරට සිදුවන දේවල් නිසා සමාගම් දැනුවත් කරනවා පමණක් නොව ඔවුනට ඒ පිළිබඳව විශ්වාසයක් ද ඇති කළ යුතුය . 

මේ සියල්ල සඳහා විශාල මුදලක් වැය කළ යුතු වන්නේ ය . 

කවදාවත් නොකළ ව්‍යාපාර නිසා එවැනි ව්‍යාපාර සඳහා සැලසුම් කිරීමේදී මීට පෙර සිදු වූ දෑ අනුව වැඩ කිරීමටත් නො හැකිය . සෑම දෙයක්ම අලුතින් සිදු කළ සිදු කළ යුතු අතර සැලසුම් කළ යුත්තේ ද උදාහරණ කිසිවක් දෙස බලාගෙන නොවේ , මක් නිසාද එසේ ඉගෙන ගැනීමට මීට පෙර සිදු වූ මේ ආකාර  කිසිවක් නොමැති නිසාය .

මෙය සඳහාම සැලසුම් කළ නැව් චාර්ටර් කිරීම සඳහා වෙළඳපොලේ නැත්තේය . ඒ සඳහා අලුතෙන්ම වෙනත් කාර්යයක් සඳහා සැලසුම් කළ නැවක් ලබාගෙන එය ආරෝග්‍ය ශාලාවක් ලෙස පවත්වා ගැනීමට හැකි පරිදි වෙනස් කළ යුතුය.  

මෙහි වැදගත්ම කාරණය වන්නේ සියලු කටයුතු මාසයක් ඇතුලත පත් අඩු තරමින් අවසන් කිරීමට සිදුවීමයි . මක්නිසාද , මෙවැනි ව්‍යාපාර දීර්ඝ කාලයක් පවත්වාගෙන යා හැකි ඒවා නොවීමය.........දෙවැනි කොටස 

No comments:

Post a Comment

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...