Thursday, October 11, 2018

ජපාන සංචාරය 10

හි සිට 




කියොතෝ නගරය ඇති විශාල නගරයක් වූ අතර සංචාරකයන් පැමිණෙන ස්ථාන අසල තිබෙන වාහන නැවතුමක් සොයාගැනීම තරමක් අපහසු විය. පන්සල හෝ මාලිගය කිට්ටු වනවිට නැවතුමේ ගාස්තුවද වැඩි වන අතර කිට්ටුවටම යන විට පැය කිහිපයකට යෙන් 3000 ක් පමණ අය කෙරේ. පන්සලට දුරින් අඩු ගාස්තුවකට නවතා පයින් යන්නට පුළුවන. ගාස්තුව පන්සලට පයින් ඇවිදින්නට තිබෙන දුරට අනුලෝමව සමානුපාතික වන්නේය. අපි වාහනය නවතා එයින් බැස්ස ගමන්ම කුඩා වැහිපොදක් පතිත විය. අප සමග සිටි මිතුරෙකු වහා කුඩා විකිනීමට තිබු කඩයක් තුලට ගොස් කලබලයට  අප කණ්ඩායමටම ඕනවටත් වඩා  මිලදී ගත්තද  ඉන්පසු වැස්සක් පැත්තකටවත් ආවේ නැත. ගමනේ ඉතිරි කොටසට ඔහුගේ කුඩා මිලදී ගැනීම අපගේ හාස්‍ය මුසු කතා  සඳහා බොහෝ ලෙස උපයෝගී විය.

මෙම වාහන නැවතුම් වල කළමනාකරුවෙකු නොසිටිය අතර ආපසු පැමිණ තමන්ගේ ගාස්තුව මිටරයෙන් පරික්ෂාකර මුදල් ගෙවූ විට වාහනය යට ඇති අගුලුව ඇරී  නිදහස් වෙයි. අපි මුලින්ම බලන්නට ගියේ කියෝමිසු දෙරා විහාරය වෙතය. UNESCO ලෝක උරුමයක් වන මෙම විහාරය ගොඩනඟා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 778 වන අතර එය පිහිට ඇති කඳු සහ වනයද විහාරය තරම්ම පැමිනේනන්ගේ මනදොල පුරවයි.

මෙම විහාරයේ එක කෙළවරක කණු මෑත සැදු දිග වැරෑන්ඩා එකක් ඇත. යම් පිහිටක්  බලාපොරොත්තුවෙන් මෙම තට්ටුවේ සිට පහලට පැනීමේ විශ්වාසයක් පෙර කල තිබී ඇත. දැනටත් ‘ කියෝමිසු වේදිකාවේ සිට පැනීම’ නමින් ජපනුන් අතර කතාවක් තිබේ : දැන් ඉංග්‍රීසියෙන් taking the plunge හා සමාන තේරුමක් සඳහාය. ඒ යම් අතිශය දුෂ්කර කාර්යයක් කරන්නට උත්සාහ කිරීමට උදාහරණයක් ලෙසය. ඇත අතීතයේ මෙලෙස 234 දෙනෙකු  මෙම අඩි 45 හේ පිම්ම පැන  ඇති අතර එයින් 85.4 % යක් ජීවිතය බේරාගෙන තිබේ. ඉල්ලා සිටි දේවල් ලැබුනාද යන්න පැහැදිලි නැත. එලෙස පැනීම දැන් තහනම් කර ඇත.

මෙම විහාරය අසල පැරණි ජපානයේ කිමෝනා වැනි ඇඳුම් ඇඳගෙන පැරණි කරත්ත වලින් ගනකිරිම යනාදිය යම් මුදලක් ගෙවා කරන්නට පුළුවන. බොහෝ තරුණ තරුණියන් ; බටහිර රටවලින් පැමිණි ඇය පවා මෙලෙස එම ඇඳුම් වලින් සැරසී විහාරය වෙත හෙමින් අඩිය තියමින් ගමන් කිරීම සුලභ දසුනකි.

මෙම විහාරය නැරඹීමෙන් පසු අපි දවාලට ආහාර ගත්තේ ඒ අසල තිබු ආපන ශාලාවකිනි. චීස් බර්ගර් එකට ජපන් බාශාවෙන් කියන්නේ ‘චිසුබාගා’ බව මම දැක්කේ එහිදීය.

ඉන්පසු අපි කින්කකු ජී නමැති ජපානයේ වඩාත්ම ජනප්‍රිය ගොඩනැගිල්ල ලෙස සැලකෙන විහාර සංකීර්ණය වෙත ගියෙමු. මෙම විහාරයේ ප්‍රධාන දෙවි වරයා අවලොකෙශ්වර වෙයි. චීනයේ නම් මෙම අවලොකෙශ්වර බෝධිසත්ව වරයෙකු ලෙස පුදපුජා කරන බව දුටු අතර ජපානයටද බුදු දහම පැමිණ ඇත්තේ චීනයේ සිට නිසා මෙහිත් තත්වය එලෙසම වියයුතුය. මෙම විහාරයට ඇතුළුවීමට යෙන් 500 ක් පමණ ඇය කරන අතර එහි විදෙශිඅකයන් හෝ දේශීය සංචාරකයන් යයි වෙනසක් නැත. ටිකට් එක මිලදී ගෙන එම සංකීර්ණයට ඇතුළු වූ පසු නැවත ආපසු හැරීමක් නැත. 

වෙන්කර ඇති පාරේම ගමන් කර සම්පුර්ණ වටයම නරඹා  එලියට යා යුතුය. ජපනුන්ගේ විනය සහ හැදියාව ගැන බලනවිට එසේ නීතියක් තිබුනේ නැති වුවද ඔවුන් එසේ ආපසු මගදී හරි නොයනු ඇති මට සිතුනි.

මෙම විහාර සංකීර්ණය විශාල ප්‍රදේශයක විසිරි ඇති අතර වසර දහසකට පමණ පෙරැ එය පාවිච්චි වී ඇත්තේ බලවත් සහ  ධනවත් පවුලක වාසය සඳහාය. පසුව එය මිලදීගත් සෙන්පතියෙකු එය ඔහු මියගිය පසු විහාරයක් බවට පත්කරන ලෙස ඉල්ලු නිසා ඔහුගේ පුතා විසින් එලෙස කර ඇත. ඒ කාලයේ තිබු පරිදීම එම සංකීර්ණයේ තිබු නොයෙකුත් ස්ථාන දැනටත් ඒ අයුරින්ම පවත්වාගෙන ඒවායේ නොයෙකුත් ව්‍යාපාරද කරගෙන යන ආකාරය අනර්ගය. පැරණි tea ceremony පවත්වන  tea house පවා ඒ අකාරයෙන්ම පවත්වාගෙන යයි.

මෙම සංකීරණයේ ජලාශයක් මැද තට්ටු තුනේ ගොඩනැගිල්ලේ ඉහල තට්ටු දෙක සහ වහලය රන් තහඩු සවිකර ඇති  විහාර ශාලාව එහි ඇති ප්‍රධාන ගොඩනැගිල්ල වන අතර මෙම ගොඩනැගිල්ල 1950 වසරේ තරුණ මහණෙකු විසින් ගිනි තබන ලද අතර එය අලුත්වැඩියා කර නැවත ප්‍රදර්ශනය සඳහා විවෘත කර ඇත්තේ 1955 වසරේය. එම සිද්ධිය temple of the golden pavilion නමින් යුකියෝ මිශිමා ගෙ  ජනප්‍රිය පොතකට මුලික විය.   

1 comment:

  1. මාත් යුරෝපයේ නගර අතර සංචාරය කිරීමට රටවල් හතක දී පමණ සීඝ්‍රගාමී දුම්රිය භාවිතා කර තිබෙනවා. kmph දෙසීයක් තුන්සියයක් පමණ වේගයෙන් දිවයතත් මං හිතන්නේ ාමාන්‍ය දුම්රියකින් ගියා නම් ඊට වඩා පරිසරය රස විඳින්නට ඉඩ තිබුණු බවයි

    ReplyDelete

අලි මිනිස් ගැටුම විසඳීමට යෝජනාවක් ඉදිරිපත් කළෙමි

 ශ්‍රී ලංකාවේ වල් අලි සහ මිනිසුන් අතර ඝට්ටනය ඉතා සීඝ්‍ර වශයෙන් තීර්ව වන බව පෙනේ. මේ පිළිබඳව හොඳින්ම පෙන්නා දෙන දර්ශකය නම් දෙපැත්තෙන් කොපමණ ප...