අකිහබරා
අපි එක් දිනක අකිහබරා ඉලෙක්ට්‍රොනික් විදිය
වෙත ගියෙමු. එය ටෝකියෝ නගරයේ එක දිස්ත්‍රික්කයක් වන අතර ජපානයට ගියොත් එය බැලිය
යුතුම ඒවාගෙන් එකක් බව මගේ ඉලෙක්ට්‍රොනික දේවල් ගැන මහත් උනන්දුවක් දක්වන මාතර ප්‍රදේශයේ
මිතුරකු මා ජපානයට යන බව දැනගත්විට මට කීම මෙම ගමනට ප්‍රධාන හේතුවක් විය.
ඇත්තෙන්ම පසුව පරික්ෂාකර බලන විට ජපානයට
පැමිණෙන විදේශ සංචාරකයන් වැඩියෙන්ම පැමිණෙන ස්ථාන වලින් අකිහබරා 3 වන ස්ථානය ගන්නා
බව දුටිමි. මෙම ස්ථානයට මෙම ලස්සන නම ලැබී ඇත්තේ ඒමේ ප්‍රදේශයේ පෙර තිබු ආගමික
ස්ථානයක් නිසාය. විශාල ප්‍රධාන විදියක් සහ තවත් අතුරු විදි කිහිපයකින් යුක්ත මෙම ප්‍රදේශය
ජනයාගෙන් පිරි පවතී. ඔවුන්ගෙන් 90% ක් පමණම ජපන් ජාතිකයන්ය. විදේශ සංචාරකයන් අප
ගිය දිනයේ නම් සිටියේ කුඩා කොටසකි. මෙම අකිහබරා හි ප්‍රධාන විදිය දහවල් 1300 පැයේ සිට 1800 පැය දක්වා වාහන ගමනයට වසා තැබීම මෙම ප්‍රදේශයේ ඇවිදීම පහසු කරයි.
අප ටොමි සටෝ ප්‍රදේශයේ සිට අකිහබරා වෙත ගියේ
දුම්රියේය. අප වාහනයේ දුම්රිය ස්ථානය අසලට ගොස් වාහනය ඒ අසල තිබු වාහන නැවතුමක
නවත්වුවෙමු. මෙලෙස නවතායන වාහනය දවස් ගණනකට පසු හෝ ආපසු පැමිණ නියමිත මුදල ගෙවා ආපසු
නිවාස බලා එලවාගෙන යාමට පුළුවන. අප සිටි ප්‍රදේශයේ දුම්රිය ස්ථානය වෙතට ගොස් එහි
සිට සැම දුම්රිය ස්ථානයකම නවත්වන දුම්රියක නැග නරිටා ගුවන් තොටුපලේ දුම්රිය ස්ථානය
වෙත ගියෙමු. මෙම දුම්රිය ස්ථානයේ උමං වේදිකා තුනක් තිබෙන අතර ඒ තුන පිහිටා
තිබෙන්නේ ගුවන් තොටුපලේ ටර්මිනල් 1,2 සහ 3 යටිනි. ගුවන් තොටුපලේ කුමන ටර්මිනල් එකේ
හෝ සිට ටෝකියෝ නගරය වෙත යාම පහසු කිරීම සඳහාය. මෙම වේදිකාවලින් පටන්ගන්නා වේග
දුම්රියන් යෙන් 3000 ක් වැනි මුදලකට ගුවනෙන් නරිටා වෙත පැමිණෙන්නන් ටෝකියෝ වෙත
කිසිම අපහසුවක් නොමැතිව ගෙන යයි.
මෙම දුම්රියේ තවත් විශේෂත්වයක් තිබේ. ඒ තවත්
අමතර යෙන් 2000 ක් පමණ ගෙවීමෙන් අනෙක් පෙට්ටි වල ඇතුවාට වඩා සල පහසුකම් ඇතිව ;
ගුවන් යානයකට බොහෝ කිට්ටු ආසන සහිත පෙට්ටියක් තිබීමයි. එහි යාම සඳහා කලින් ටිකට්
ගැනීමට අවශ්‍ය නැති අතර අප එහි ඉඩ තිබේනම් ඉඳගෙන සිටිනවිට ටික වෙලාවකින් සේවිකාවක
පැමිණ මුදල් අයකර ටිකට් පතක් ලබාදීමට කටයුතු කරයි.
දුම්රිය ගැන කතාකරන්නට පටන්ගත් හෙයින්
ජපානයේ දුම්රියේ දුටු දෑ ගැනද යමක් මෙතැනදී ලියා ගියහොත් හොඳ යයි සිතමි. මම පෙර
ජපාන ගුවන් සමාගමේ ගුවන් යානයේ දුටුවාක් මෙන්ම මෙහිද විනය ඇත්තෙන්ම පුදුම සහගතය.
කොතරම් සිට් එක දෙපැත්තේ ඉඩ තිබුනද කිසිම
කෙනෙකු කකුලක් උඩ කකුලක් ගෙන යනවා මා දුටුවේ නැත. කිසිම කෙනෙකු දුරකතනයකින් කතා
කරන්නේ නැත. සියලු දෙන පෝන් සයිලන්ට් දමාගෙන සිටිති. කෙනෙකුට ඇමතුමක් පැමිණියොත්
දුරකථනය පරික්ෂාකර බලා එය ගතයුතුම කෝල් එකක් නම් පෙට්ටි දෙකක් අතර ඉඩකට ගොස්
එතැනදීද ඉතාමත් හෙමින් කුටු කුටු ගා කතාකරමින් පණිවුඩය ලබාගෙන ආපසු තම ආසනය වෙත
පැමිණ ඉඳගනියි.
මම පාසල් යන කාලයේ නැරඹු ජපන් චිත්‍රපටයක ;
බොහෝ විට seven nights in japan විය යුත්තේ එකල
අපට ජපන් චිත්‍රපට බලන්න ලැබුනේ ඉතා කලාතුරකින් වූ නිසාය, දුම්රිය ජවනිකාවක එම
පෙට්ටියේ ඉඳගෙන සහ හිටගෙන යන සියලු දෙනා පත්තර හෝ චිත්‍ර කතා පොත් කියවමින්
නිශ්ශබ්දව ගමන් කරනු දුටුවා මට මතකය. දැන් එක්කෙනෙක් දෙන්නෙක් හැරෙන්නට අනෙක්
සියලු දෙනාම එය කරන්නේ ස්මාර්ට් පෝන් වලින් බව පෙනේ. දුම්රියේ සිටින සියලු දෙන
පෝන් දෙස බලාගෙන යමක් කියවමින් හෝ කරමින් සිටිති.
එසේම දුම්රියෙන් නඟින්නට බසින්නට ගියත් ඒ
විනය අඩුවක් වන්නේ නැත. වේදිකාවේ සිටින මගීන් එහි ඇති කහ ඉරට පිටතින් බසින මගින්
අවසන් වනතෙක් බලා සිටිති. ඇතුලේ ඉතිරිව තිබෙන්නේ සීමාසහිත ආසන ගණනක් වුවද ඉක්මනින් අනෙකුන් තල්ලු
කරගෙන ඇතුලට නැග එම ආසන අලා ගැනීමට උත්සාහ කරන්නේ නැත.
ජපානයේ දුම්රිය ස්ථාන ගැන කියනවිට තවත්
කිවයුතු කාරණයක් වන්නේ ඒවායේ ඇති වැසිකිලි පහසුකම්ය.
Shinkansen එකේ දුම් බීමේ කාමරයකුත් තියෙනවා.
ReplyDeleteඅහන්ට ලැබුනා වගේ මතකයි
Deleteඅහන්ට ලැබුනා වගේ මතකයි
Deletehttps://www.japan-talk.com/jt/new/7-things-you-need-to-know-before-using-a-toilet-in-Japan
ReplyDeleteඉලොක්ට්‍රොනික් පිස්සුව ඇති මාතර මිතුරා ෂුවර් එකටම අපේ සරත් විමලසුරිය අයිඩියානන්ද දොස්තර මහත්තයා වෙන්නැති.
ReplyDeleteතව පින්තූර ටිකක් වැටුනානම් අගෙයි නේද.