https://lakshmanillangakoon.blogspot.com/2018/10/11.html
සිට
අපි නැවත ටෝමිසතෝ වෙත පැමිණ එම ප්‍රදේශයේම
තවත් ටිකක් ඇවිද්දෙමු. මා නැවතී සිටි නිවසේ සිටි මිතුරාගේ දන්නා හඳුනන ජපන්
ජාතිකයන් කිහිප දෙනෙකු මුණගැසීමට යාමට ඒ දිනවල ඔහුට අවශ්‍යතාවයන් ඇති වූ නිසා ඔහු
එම නිවෙස් වලට යනවිට මමත් ඔහු සමග ගියෙමි. ඒ සෑම
ගෙදරක්ම වාගේ ගොවි නිවසක් විය.
ජපානයේ ගොවිපලක සාමාන්‍ය වර්ග ප්‍රමාණය
හෙක්ටෙයාර් 26 ක් පමණ වෙයි. ඒ කියන්නේ අපිට තවමත් හුරු අක්කර වලින් නම් 65 ක් පමණ
වෙයි. මෙම ප්‍රමාණය අපිට ඉතා විශාල ප්‍රමාණයක් බව එක්වරම සිතුනද එය ඇමෙරිකාවේ
සාමාන්‍ය සහ සසඳන විට 1/6 ක් පමණ වෙයි.
අප මා ඉහත කියූ පරිදි ගොවි නිවෙස් වලට ගිය
හැමවිටකම ඒ නිවෙස් අසල මඩු වල කාර් දෙක තුනක්, දිරාගිය වාහන කිහිපයක්, ට්‍රැක්ටර්
එකක්, බැකෝ යන්ත්‍රයක් සහ තවත් නා නා විද කෘෂිකාර්මික උපකරණ දකින්නට ලැබුණි. ඒ සෑම ගෙදරකම පාහේ සිටියේ වයස 70 පමණ වූ ගොවි පවුලකි. එහි ගොවිතැනේ යෙදෙන තරුණ තරුණියන්
ඇත්තෙම නැති සැටිය. අපි ඇවිදින්නට යනවිට හෝ මෙසේ නිවෙස් වලට ගිය අවස්ථාවන්හි මම එම
ගොවිපලවල දැක්කේ තරුණයන් තිදෙනෙකු පමණි. ඔවුන්ගෙන්ද දෙදෙනෙකු මන්ද මානසික රෝග
වලින් පෙලෙන්නන් බව පෙනුණු අතර එක් තරුණයෙකු තම දෙමව්පියන් සමග පාර අයිනේ තිබු තම ගොවිපලේම කුඩා මඩුවක; බොහෝ විට අස්වනු වාරයේ
පමණක් විය හැක, කොමඩු ගෙඩි පිටින් විකුණමින් සිටියේය. මෙතන අපිද නවතා ගෙඩි මිලදී
ගත්තෙමු. එහි ලොකු ගෙඩි දෙක තුනේ මලු තිබුණු අතර මට අවශ්‍ය වුයේ කකා යාමට එක
ගෙඩියක් මිලදී ගැනීමටය.
මම අමාරුවෙන් මෙය සන්නිවේදනය කල පසු පුතා එක
ගෙඩියක් කිරා මවට ජපන් භාෂාවෙන් එය කිලෝ එකක් බර යයි පවසා කීයක් ඇය කලයුතු දැයි
ඇගෙන් ඇසුවේය. මගේ මිතුරාට ජපන් භාෂාව පුළුවන් බව ඔවුන් දැන සිටියේ නැත. ඇය පුතාට
කිලෝ එකක් නිසා යෙන් 800 ක් අය කල යුතු බවද එහෙත් අපෙන් 500 ක් ගැනීම
යෙහෙකි බවද කියූ බව මගේ මිතුරා පසුව මට කීවේය. සමහර විට අපේ දුප්පත් පෙනුම නිසා
එසේත් නැත්නම් අපේ චවි වර්ණයෙන් යනාදිය හේතුවෙන් අපට අනුකම්පා කර විය හැක. එසේත්
නැත්නම් හොඳ කමම පමණක් විය හැක්කේය.
සිට
අපි නැවත ටෝමිසතෝ වෙත පැමිණ එම ප්‍රදේශයේම
තවත් ටිකක් ඇවිද්දෙමු. මා නැවතී සිටි නිවසේ සිටි මිතුරාගේ දන්නා හඳුනන ජපන්
ජාතිකයන් කිහිප දෙනෙකු මුණගැසීමට යාමට ඒ දිනවල ඔහුට අවශ්‍යතාවයන් ඇති වූ නිසා ඔහු
එම නිවෙස් වලට යනවිට මමත් ඔහු සමග ගියෙමි. ඒ සෑම
ගෙදරක්ම වාගේ ගොවි නිවසක් විය.
ජපානයේ ගොවිපලක සාමාන්‍ය වර්ග ප්‍රමාණය
හෙක්ටෙයාර් 26 ක් පමණ වෙයි. ඒ කියන්නේ අපිට තවමත් හුරු අක්කර වලින් නම් 65 ක් පමණ
වෙයි. මෙම ප්‍රමාණය අපිට ඉතා විශාල ප්‍රමාණයක් බව එක්වරම සිතුනද එය ඇමෙරිකාවේ
සාමාන්‍ය සහ සසඳන විට 1/6 ක් පමණ වෙයි.
අපටද අපේ ගොවිපල මේ තත්වයට ගෙන ඒමට එක රුවන්මය
අවස්තාවක් ලැබුණි. ඒ මහවැලි ව්‍යාපාරය පටන්ගත් අවස්ථාවේය. එහි ජලය ලබාදුන්
කෘෂිකර්ම ඉඩම් අඩුතරමේ අක්කර 50 වැනි කට්ටි වලට කඩා බෙදා දුන්නේ නම් මෙවැනි ගොවි
පරපුරක් අප රටේද ඇතිකරගන්නට අවස්තාවක් තිබුන බව මට සිතුනි.
සංසන්දනාත්මකව ලංකාවේ මෙතරම් ඉඩමක් තිබෙන
ගොවියන් 1000 කට වඩා නොමැත්තේ යයි මම සිතමි.
මෙලෙස ගොවි ඉඩම් විශාල වන විට ගොවියන්ට තමන් කරන වගාවක් හොඳින් කළමනාකරණය කර
කරන්නට පුළුවන. බයක් නැතිව තමනට වාරික වලින් ගෙවන්නට කෘෂි උපකරණ මිලදී ගන්නට පුළුවන. හරක් පට්ටි ඌරු කොටු යනාදිය
ගොඩනගන්නට ආයෝජනයන් බැංකු වලින් ණයට ගෙන යොදවන්නට පුළුවන.
/මහවැලි ව්‍යාපාරය පටන්ගත් අවස්ථාවේය. එහි ජලය ලබාදුන් කෘෂිකර්ම ඉඩම් අඩුතරමේ අක්කර 50 වැනි කට්ටි වලට කඩා බෙදා දුන්නේ නම් මෙවැනි ගොවි පරපුරක් අප රටේද ඇතිකරගන්නට අවස්තාවක් තිබුන බව මට සිතුනි./ ඇත්ත අඩුම තරමින් එක අයකුට අක්කර 25ක් වත් දුන්නනම්, ජපානයේ ගොවිපලවල් එසේ රජයෙන් බෙදාදුන් ඉඩම් නොවෙන්න ඇති. උඩවලවේ ජනපදකරණය අරම්බයට පෙර එහි තැනින් තැන ගොවි පවුල් කිහිපයක් එක්වී තනාගත් වාඩිය නමින් හැඳින්වූ විශාල හේන් ගොවිපලවල් බොහෝ තිබුනාලු, ඔවුන්ට ඉඩම් බලපත්‍ර නොතිබූ නිසා ඒවා පවරාගෙන එක පවුල කට හෙක්ටයාරය බැගින් දුන්නලු, කල යුතුව තිබුනේ ඔවුන්ට බලපත්‍ර ලබා දී බදු අය කර ගැනීමයි.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteඇත්ත අපේ කෘෂිකාර්මය යම් තරමකින් හෝ ගොඩගැනීමට නම්
ReplyDeletelakshmanillangakoon.blogspot.com/2016/12/blog-post_20.html?m=1
ReplyDeleteSorry pra jay by mistake i had removed contents of your comment
ReplyDeleteහරිම සතුටුයි! ඔබට සාමාන්‍ය සංචාරයකට වඩා වෙනස් සංචාරයකට අවස්ථාවක් ලැබුණ බවක් තමා පෙනෙන්නට තිබෙන්නේ.
ReplyDeleteබෙහෙවින්ම ස්තුතියි ඔබගේ අත්දැකීම් අපත් සමග බෙදා හදා ගන්නවාට.
මහවැලියට පෙර, හතලිස් ගනන් වල “ගල්ඔය ව්‍යාපෘතිය” යටතේද ලංකාවේ බොහෝ පැතිවලින් ගෙන්වා පදිංචි කරවුවන්ගෙන් සාර්ථක ගොවි-ජනාවාස ඇතිවුවා නේද? මට මතකයි අසූ ගනන් වල (80 / 81 වගේ) ඉරිදා දිවයින පුවත් පතේ එම කොලනි ඇසුරින් ගොඩනැගුණ අලුත් සංස්කෘතිය අලලා කොටස් වශයෙන් පළවූ විශේෂාංගයක් (නව කතාවක්) පලවුවා. ඒ ගැන තොරතුරු සොයන විට පහත ලංකාදීප පුවත දකින්නට ලැබුණ. (එය පසුව කියවීමට බලාපොරොත්තු වන අතර රසවත් යැයි සිතුන නිසා සබැදිය මෙහි සටහන් කරමි.)
Lankadeepa News (ගල්ඔය ගොවි ජනපදය ගැන පැරැන්නන් කියන කතා
);
http://www.lankadeepa.lk/features/%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%94%E0%B6%BA-%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AF%E0%B6%BA-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F/2-1612
1929දී ඇමෙරිකාවේ ඇතිවූ “මහා ආර්ථික අවපාත” සමයේ; එවකට ජනාදිපති වූ ෆ්‍රැන්ක්ලින් රුස්වෙල්ට් මහතා විසින් ඇලස්කාවේ “පාමර්" (Palmer) කියන පෙදෙසේ සාර්ථක ගොවි ජනපදයක් පිහිටුවා ඇත. 1935 දී ඇමෙරිකාවේ “Midwest” හී ප්‍රාන්ත කිහිපයකින් තෝරාගන්නලද පවුල් දෙසිය ගණනකට මුලික අවශ්‍යතා සමග අක්කර 40 බැගින් ලබාදී මෙම කොලනි පිහිටුවා ඇත.
ග්ලැසියර දියවීමෙන් ඇතිවී තිබු පාමර් නිම්නයේ පස ඉතා සාරවත් වුවද වගාවට සුදුසු පරිසර තත්වයක් පවතින්නේ, වසන්තය උදාවත් සමග ලැබෙන ඉතාමත්ම කෙටී කාලයකි. එහෙත් මෙම කෙටී කාලය තුල, දවසේ වැඩි කාලයක් හිරු එලිය ලැබෙන දින ගණන වැඩි හෙයින් සරු අස්වැන්නක් ලැබෙන බව කියවේ.
අර්තාපල්, ගෝවා, කැරට්, බීට්, සලාද, වට්ටක්කා කුලයේ බෝග මෙන්ම ඕත්, පීස් වැනි ධන්‍යත් හොදින් වැවෙන අතර ගව, බැටළු, කුකුළු, පිනි මුවන්, Musk Ox නමැති ගව විශේෂය, වැනි සතුන්ගෙන් සමන්විත සත්ව පාලනයත් ඉතා සාර්ථකව සිදුවේ. මේ සියල්ල වර්තමානයේ ඉතා ජනප්‍රිය සංචාරක ආකර්ෂණද වේ.
මේ ගැන රසවත් තොරතුරු පහත links වලින් කියවිය හැක.
http://www.palmerhistoricalsociety.org/wp-content/uploads/2016/07/The-New-Deal-in-the-Matanuska-Colony.pdf
ගොවි මහතෙකුගේ ළිපිය;
http://www.palmerhistoricalsociety.org/wp-content/uploads/2017/05/Harold-Johnson-Letter-March-12-1936-Transcription.pdf
History Bits & Pics (පැරණි සිතුවම්-පට කිහිපයක්);
http://www.palmerhistoricalsociety.org/bits-of-history/
https://www.reindeerfarm.com/
https://www.muskoxfarm.org/
ස්තුතියි.
Thanks ටිකක් වෙලා අරං කියවන්න ඕනැ, ඇමෙරිකාවේ ජනපද ඇතිකරල තියෙන්නෙත් අක්කර 50 ගානෙ නේද , අපෙ ඉඩම් ලමයින්ට බෙදල දෙන ක්‍රමය නිසා පරම්පරා දෙකෙන් දෙන එකත් ආපහු බෙදෙනව, ඇමෙරිකාවේ ජපානෙ වගේ එහෙම වෙන්නෙ නැහැ
Deleteමට සිත්ගත්තේ කොමඩු ගෙඩියේ කතාව. ලංකාවේ උනානං කෝමද? “පුතේ කිලෝ එක පනහයි. ඒත් ඕකුං සුද්දෝ නිසා ගෙඩියට දෙසීයක් ඉල්ලහං“ කියාවි
ReplyDeleteමටත් ඕක හිතුන
ReplyDeleteබුදු අම්මෝ කොමඩු කිලෝ එකක් රුපියල් හත්සිය පනහක් .එකත් ඩිස්කවුන්ට් දීලා
ReplyDelete