හි සිට
මින්පසු අපි ජපානයේ අනුරාධපුරය වැනි කියෝතෝ
නගරයට යන්නට සැලසුම් කළෙමු. මට ඊට කලින් පුජියාමා කන්ද බලන්නට යන්නට සිතුවද එහි
බලන්නට ඇත්තේ කන්ද පමණක් බව අන්තර්ජාලයෙන් දැනගත්
නිසා එම ගමනේ දුර සලකා බැලුවිට එයට වන වෙහෙස තරමට වැඩක් නොමැති බව පෙනුන
නිසා එම ගමන අතහැර දැම්මෙමි. කන්දක ජිවත්වන කඳු වල ගොවිතැන් කරන ලඟම නගරයේ නමත්
කන්ද (kandy) ; ප්රුතුගිසිනේ කැණ්ඩියා , වන මම කන්දක් බලන්නට දවසක් ගත කරන්නේ කීම
දැයි මට සිතුනි.
ලංකාවේ අපේ ගමේම කෙළවරක වාගේ ලංකාවේ නිවාස
ඇති මිතුරෙකු සිය පවුලත් සමගින් නගොයා
නගරයේ ජිවත් වෙයි. නගොයා සිට කියතෝ වෙත යාමටත් පහසු නිසා අප ඔවුන්ගේ නිවසට ගොස්
එහි රාත්‍රියේ නවාතැන් ගෙන පසුදින කියෝතෝ වෙත ඔවුනුත් සමගම යාමට සැලසුම් කෙරුවෙමු.
බුලට් ට්‍රේන් එකේ අයෙකුට රුපියල් 15000 ක්
පමණ ගෙවා අප හරියටම පැය 3 විනාඩි 44 ක් ගතකර නගෝයා වෙත පැමිණෙනවිට අප මිතුරා අප රැගෙන
යාමට දුම්රිය ස්ථානයට පැමිණ සිටියේය. අපි ඔහුගේ වාහනයෙන් නගොයා නගරය තුලම පිහිටා
තිබු ඔවුන්ගේ නිවාස වෙත ගියෙමු.
ජපන් කාන්තාවක් විවාහ කරගෙන ඇති ලාංකික පිරීමෙන්
ජපානයේ සැහෙන දෙනෙකු වෙති. ඔවුන් බොහෝවිට ලාංකිකයන්ගෙන් වඩාත්ම ජපාන සමාජයට අනුවර්තනය
වී ඇති ලාංකිකයන් ඔවුන් විය යුතුය. තවත්
බොහෝ ජපානයේ වෙසෙන ලාංකිකයන් ජපානයේ ජීවත්වුවද ඔවුන්ගේ සිතුම් පැතුම් තිබෙන්නේ
ලංකාවේය. ජපානයේ සමාජය තුලට ඇතුළු වන්නේ නැත. ඇතුළුවීමට ලොකු වෙරක් දරන්නෙත් නැත. එරටම
පිටස්තරයන් කණ්ඩායමක් ලෙස ජීවත්වෙති. මෙය ජාපනයට පමණක් නොව වෙනත් බොහෝ රටවල ජිවත්වන
ආසියාතිකයනට ; විශේෂයෙන් දකුණු ආසියාතිකයන් අතර දකින්නට ලැබෙන දෙයකි. අළුත් සමාජයට
‘බ්ලෙන්ඩ්’ වෙන්නේ ඉතා සුළු වශයෙනි. සමහර විට ඔවුන්ගේ දරුවන් කුඩාකල සිට එම සමාජවල
හැදී වැඩෙන නිසා ඔවුන්ගේ තත්වය වෙනස් වනු ඇත.
මට මෙම නිරීක්ෂණය ලියන්නට සිතුනේ නගොයා හි
අප බලාගත් ලාංකික පවුල මතක්විමෙනි. ඔවුහු තනිකර සිංහලයන් වුවද ජපන්නු ලෙසටම ජපාන ජිවිතයට අනුවර්තනය වී ඇත.
ගෙදර සියලු දෙන ආයාසයෙන් නොව පුරුද්දකට මෙන් ජපන් බස කතාකරති. 2 පන්තියේ සිටින
කුඩා දියණිය චතුර ලෙස ජපන් භාෂාව කතාකරයි. ඇය ඉගෙනගන්නා ජාත්‍යාන්තර පාසලේ ඇය ජපන්
සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම අධ්‍යාපනය ලබන බව මම කතාවේදී දැනගත්තෙමි. එහෙත් ඇය එම
භාෂා තුනෙන්ම වඩාත් ප්‍රියකරන්නේ සිංහල භාෂාවට බව මා අසද්දී කිවේ අවන්කවම බවද මට වැටහුණි. අයගේ මව ජපන් භාෂාව ඉගෙන ගන්නා සිංහලයන්ට
උදව්වට පොත් දෙකක්ද පළකර ඇත. අප එහි දින දෙකක් නැවතී සිට ආපසු එන දින උදය ආහාරය
තනිකරම ජපන් කෑම වේලක් විය.
පසුදින උදෑසනම අපි ඔවුන් මිලදී ගෙන තිබු අලුත්ම සුඛෝපභෝගී රථයෙන් කියෝටෝ බලා පිටත්වුනෙමු. කියෝටෝ නගරය
අවුරුදු දහසක් පමණ ජපානයේ අගනුවර ව තිබී ඇති අතර අගනුවර ටෝකොයෝ වෙත ගෙන එන්නේ 19
වන ශත වර්ශයේය. කියෝටෝ වලට අගනුවර ඒමට පෙර රාජ්‍ය අගනුවර වී තිබී ඇත්තේ වෙනත්
නුවරකි. නමුත් එම අගනුවර සිටි බලවත් බෞද්ධ පුජකයන් රාජ්‍ය පරිපාලනයට ඇඟිලි ගහන්නට
වූ නිසා කන්මුකොස් අධිරාජයා තම අගනුවර උඩා නම් ගමට ( වර්තමානයේ කියෝටෝ ) වෙතට
රැගෙන ගොස් පෙර අධිරාජයේ ආකාරයටම නුවරක් තනවා එයට ‘ශාන්තභාවයේ සහ සාමයේ අගනුවර ‘
යයි නම් තබා එහි පදිංචි විය. ඒ 8 වන ශත වර්ෂයේය. ජපාන පාලකයන් ඒ කාලයේ වුවද ප්‍රශ්න
වලට විසඳුම් සොයාගන්නේ අමුතු ආකාරයකට බව පෙනේ.
පසු දින කියෝටෝ වෙත අප හයි වේ එකෙන් ගමන්
කරද්දී එහි තේ බිමට ඇති ස්ථානයක
නවත්වුවෙමු. එහිදී ආපනශාලාවක කේක් යනාදිය තබා තිබු කබඩ් එකක තම්බාපු බතලද
විකුණන්නට තබා තිබෙන වා දැක මිලදී ගත්තෙමු. මෙහෙදී ඉඳහිට උදයට තම්බා පොල් සමග කන
බතල, රසවත් කේක් කැල්ලක් මෙන් ආහාරයට ගත්තෙමු. අප මෙසේ ගමන් කරද්දී අපේ නගොයා
මිතුරාට අවශ්‍යනම් වල් උරු මස් ලබාදෙන්නට හැකි යයි ඔහු දන්නා ලාංකිකයෙකු ගෙන් දුර කතන ඇමතුමක් ලැබුණි. අපේ අනෙක් මිතුරාට මෙය
හරියට ඇහුනේ නැති නිසා අපි ඔහු ඒ පිළිබඳව ඇසු
විට ඒ කිට්ටුව කැලයක වල් උරන් සිටින බවත් අපි කැමති නම් ගොස් ඔවුන් දඩයම්
කර රැගෙන ගිය හැකි බවත් කීවෙමු. ඔහු එයට එතරම් කැමැත්තක් නොදැක්වූ අතර ඔහුගේ
ලංකාවේ ගමේ වල් උරන් දඩයම් කල දෙදෙනෙකුට සිදුවූ අකල් මරණ පිලිබඳ කතාවක්ද අපට කියා
අප අධෛර්යමත් කරන්නට උත්සාහ කළේය.
කියෝටෝ දැන් විශාල නගරයක් වන අතර බොහෝ
සංචාරකයන් පැමිණෙන නිසා එය සංචාරක ව්‍යාපාරය දියුණුම නගරයක් ලෙස හැඳින්විය හැක.
++++++++++++++
ReplyDeleteBeen there. +++++++++
ReplyDeleteදෙමව්පියන්ට රාජකාරිමය තත්වයන් යටතේමිස වෙනත් සමාජමය තත්වයන් යටතේ බ්ලෙන්ඩ් වීම තරමක් අසීරු නමුත් දරුවන් බ්ලෙන්ඩ් වෙන් වීම මිස වෙන දෙයක් නොදන්නවා වීමට ඉඩ ඇත.
ReplyDelete